Showing 295–336 of 703 resultsSorted by average rating

Out of stock

ආදරෙයි උතුරන්න –

“අවාරක මීදුම ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න” හමා යන සුළඟකින් මගේ නම විමසන්න . තබා ගිය පණිවුඩෙන් ආදරේද පවසන්න” කර්තෘ: සමෝදි බණ්ඩාර (SAMODI BANDARA) වර්ගීකරණය: කවි එකතුවකි (A Poetry Collection) ප්‍රකාශනය: රසකත ප්‍රකාශකයෝ (RasaKatha Publishers)

රු750.00

ආකෙත් සහ රූත්

Original price was: රු975.00.Current price is: රු780.00.
195රු

ආකෙත් සහ රූත්

⭕ එහෙත්, රූත් ඔබයි අගබිසවගේ දියණිය. ඔබටයි රාජ්‍යයේ උරුමකම ඇත්තේ. සෙයුෂ් මෙන්ම මමත් උප බිසවගේ දරුවන්.

Original price was: රු975.00.Current price is: රු780.00.
Out of stock

ආකිමිඩීස් සිය දිවි

එක්වරම මහ හයියෙන් වහින්න ගත්තා තරහයි නම් තමයි ඒත් මං වහලෙ තෙමෙන තැන් දැනගත්තා

රු750.00

ආකර්ෂණ නීතිය ඔස්සේ

Original price was: රු950.00.Current price is: රු760.00.
190රු

ආකර්ෂණ නීතිය ඔස්සේ

ආකර්ෂණ නීතිය යනු, අප සිතින් මවා ගන්නා ඕනෑම අවශ්‍යතාවයක්, නිසැකවම අප වෙත ආකර්ෂණය කර ගත හැකි බව තහවුරු කරන විශ්වයේ බලපවත්වන ප්‍රබල ක්‍රියාදාමයයි. සිහින මැවීම නිෂ්ඵල සිහිනයකට සීමා නොකර, මෙම ආකර්ෂණ නීතියට අනුගත වී ක්‍රියාත්මක කළහොත් ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකි බව ලොව පුරා විද්වතුන් කළ අනන්ත පර්යේෂණ හරහා තහවුරු වී ඇත. අපට අවශ්‍ය ශරීර සුවය, හිතේ සැනසීම, අධ්‍යාපනය, ආදරය, රැකියා සාර්ථකත්වය, පෞද්ගලික දියුණුව මෙන්ම යාන වාහන, ගෙදොර, සුදුසු සහකරුවන් යනාදී සෑම ක්ෂේත්‍රයකම දෑසට පෙනෙන හෝ නොපෙනෙන ඕනෑම දෙයක් මෙම ආකර්ෂණ නීතිය හරහා ළඟා කර ගත හැකි අයුරු සවිස්තරව මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරයි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම දෙයක්ම ආකර්ෂණය කර ගනිමින් ජීවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට ගැනීමට මෙම ග්‍රන්ථය ප්‍රබල අත්වැලක් වනු ඇත.

Original price was: රු950.00.Current price is: රු760.00.
Out of stock

අහිමි සඳවතිය –

දමින්ද දේශප්‍රිය රණතුංග සහ මා එකිනෙකා හඳුනාගත්තේ ඔහු ලියූ නවකතාවකින් නොවේ. ඒ වසර ගණනාවක් අප දෙදෙනාම සේවය කළ ලක්බිම පුවත්පතේදීය. දමින්ද එකල පත්තර කන්තෝරුවේ ජනප්‍රිය චරිතයක් වූ අතර ඉන් පිටත ලෝකයේද ජනප්‍රිය පුද්ගලයෙකු වූයේය. ඒ නවකතාකරුවෙකු හැටියටය. ඔහු ලියන්නේ සිංහල නවකතාවේ ප්‍රධාන ධාරාව විසින් මල්පොත් නැතහොත් ප්‍රේමකතා හැටියට හඳුන්වනු ලබන ශානරයක නවකතාය. එහෙත් අපට පිළිනොගෙන බැරි සත්‍යය වන්නේ ප්‍රධාන ධාරාවේ නවකතාවලට වඩා වැඩි පාඨක පිරිසක් දමින්ද වැනි ලේඛකයින් ලියන ප්‍රේමකතාවලට සිටින බවය. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව නවකතාකරණයේ යෙදෙන්නට අපේ කථානායක දමින්ද දේශප්‍රිය රණතුංගට හැකිවී තිබෙන්නේ ඒ නිසාය. ඔහුගේ මේ ‘අහිමි සඳවතිය’ එයට තවත් එක් කදිම නිදසුනක් වනු නොඅනුමානය. සුන්දර නිහතමානී රුහුණගේ

රු390.00
Out of stock

අහස් මේඝය –

අහස් මේඝය AHAS MEGHAYA චේතනා ද සිල්වා ජීවත්වෙන්න හුස්ම හරි හදවත හරි දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත්, හුස්ම නැතත් මැරෙයි… හදවත නැතත් මැරෙයි… ඉතින්, ඔබත් ඔහුත් අතරින් මා එක් අයෙක් තෝරාගන්නවාට වඩා, මරණය තෝරාගැනීම පහසු නොවේද?

රු2,000.00
Out of stock

අසුර ධ්‍යානවේදයේ මහා

වෙයි වූෂියන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනෙන ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව, දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බලසම්පන්න, කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනιδැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී, අසුර ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදියාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ වූ ගෞරවයම, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මියයයි! ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති; ජය පාන් බොති. වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර, මියගිය වෙයි වූෂියන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ, තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන, යළිත් මෙලොවට පැමිණෙන වෙයි වූෂියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුවාන්-ජුන් ඔහුගේ පසෙකින් හිඳියි. සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳාගැනීමට වෙයි වූෂියන් සමත් වනු ඇතිද? ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව, පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?

රු2,350.00
Out of stock

අසීමා – Aseema

සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. එක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදගෙන යන්න ආසයි නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න. ඔයාගේ දේ මගේ – මගේ දේ ඔයාගේ කියලා බෙදීම් නැති විශ්වීය ප්‍රේමයේ කිමිදෙන්න යථාර්ථය සුණු විසුණු කරන චාරිකාවක් අරඹන්න.

රු1,250.00

අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා

Original price was: රු650.00.Current price is: රු520.00.
130රු

අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා

සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 5 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොතෙන් ඔබට…. ඔබේ ජීවිතයේ අසරණම මොහොත සොභාග්‍යය පටන් ගන්නා අවස්ථාව කරගන්න. අනුන් කරන දේ වෙනුවට, නිර්මාණශීලීව හිතලා ක්‍රියාකරන්න බයවෙන්න එපා. ඔබේ සාර්ථකත්වය කෙබඳු දැයි තීරණය කිරීම අන් අයට භාර කළ යුතුද? ජයග්‍රාහී මනසක වගේම පරාජිත මනසකත් ස්වභාවය තේරුම් ගැනීමට හිතේ සතුට අවශ්‍යය. ‘ඔබ සාර්ථක පුද්ගලයෙක්ද’ ‘අසාර්ථක පුද්ගලයෙක්ද’ කියලා තීරණය කළ හැක්කේ කාටද? ජීවිතයේ අනේක විධ ප්‍රශ්න සැමටම පිළිතුරු සොයා ගත හැකියි.

Original price was: රු650.00.Current price is: රු520.00.

අවි බිමක ගිනියම

ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ “තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝප්‍රල් හින්නප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. හට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහායට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබළු බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්නප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව් රශ්මිය හට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්‍රල් හින්නප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.” “මධ්‍යමයට ආසන්නවත්ම කොකාවිල් සටනෙහි තීරණාත්මක මොහොත එළඹියේය. ලුතිනන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිද්‍රව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමඟ සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණ. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදින තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබඳ තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.”

රු1,500.00

අමුතු වලාකුළ Amuthu

Original price was: රු370.00.Current price is: රු296.00.
74රු

අමුතු වලාකුළ Amuthu

⭕ ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු රසවත් කතාවක්. වෛවර්ණ චිත්‍ර – විද්‍යාත්මක ඉගැන්වීමක් ගෙන දෙන අපූරු ළමා කතාවකි.

Original price was: රු370.00.Current price is: රු296.00.

අම්මා – Amma

Original price was: රු690.00.Current price is: රු552.00.
138රු

අම්මා – Amma

අම්මා – සෙනෙහසේ නවාතැන මවකගේ උත්තරීතර ප්‍රාර්ථනය තම දරුවාට නිරෝගී බුද්ධිමත් සුන්දර ලොවක් හිමිකර දීමයි. වර්තමානයේ සෑම මවක්ම දැඩි මානසික පීඩනයකින් යුක්තව තම දරුවන් හදා ගැනීමට වෙහෙසෙති. දරුවා මෙලොව පිළිසිඳ ගත් දින පටන් නව යොවුන් වියට පා තබන මොහොත දක්වා දෙමාපිය කාර්යභාරය ‘අම්මා – සෙනෙහසේ නවාතැන’ යන්නෙන් මනෝවිද්‍යාත්මක කාර්ය රසාස්වාදී උපදෙස් ඇතුළත් කෘතිය සෑම මවකටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ලෙස කතුවරිය වන නයනා දමයන්ති ගුණවර්ධන අපූර්ව ලෙස පෙළ ගස්වා ඇත. දරුවා හදාවඩා ගන්නා ආකාරය, නිවැරදි මඟ පෙන්වීම, යහගුණ උපදෙස්, කුසලතා, පෞරුෂ වර්ධනය හා විවිධ අභියෝග ජයගන්නා ආකාරය මනෝවිද්‍යාත්මකව මවකට ඉතා සරලව අවබෝධ කර දෙයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවය කරන කාලයේ දැනට වසර දහයකට පෙරදී මට මුණගැසෙන මෙම අපූර්ව කර්තෘවරිය, විශාරදවරිය, ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය මා හට මුණගැසුණු සමීපතමයින් අතර ඉදිරියෙන්ම සිටී. සෑම මවකටම මෙම ග්‍රන්ථය අභියෝග රැසකට පිළිතුරු සපයයි. ආචාර්ය සමන් වීරවංශ මනෝ විශ්ලේෂක වරලත් ජීව විශේෂඥ

Original price was: රු690.00.Current price is: රු552.00.
Out of stock

අම්මපයි මං කඩුව

සැඬ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැළත් පැන ගියපු රැයකට සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට “කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතුපිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්‍රදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිත ය. සමාජ රසික පිරිවරක ප්‍රතිචාර සමඟ අන්තර්ජාල වේදිකාව සක්‍රිය වෙයි. ශෂික සඳීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් ‘ග්‍රන්ථය’ නමැති බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සඳීප්ගේ කාව්‍ය රචනා, නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයයි.” – මානනීය ලේඛක, කිවියර නන්ද ප්‍රසාද් මස්බුල

රු550.00

අම්මත් එක්ක ඉංග්‍රීසි

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

අම්මත් එක්ක ඉංග්‍රීසි

LEARNING ENGLISH WITH MOTHER මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

Original price was: රු390.00.Current price is: රු312.00.

අම්මත් එක්ක ඉංග්‍රීසි

Original price was: රු490.00.Current price is: රු392.00.
98රු

අම්මත් එක්ක ඉංග්‍රීසි

LEARNING ENGLISH WITH MOTHER මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

Original price was: රු490.00.Current price is: රු392.00.

අම්මත් එක්ක ඉංග්‍රීසි

Original price was: රු490.00.Current price is: රු392.00.
98රු

අම්මත් එක්ක ඉංග්‍රීසි

කර්තෘ: මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු ඉංග්‍රීසි නාමය: LEARNING ENGLISH WITH MOTHER

Original price was: රු490.00.Current price is: රු392.00.
Out of stock

අබාසාත්ති – Abasaththi

“මට මැරෙන්න දීපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනම් දැන් මගේ බෙල්ල මිරිකපං!” “උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සේ, මිනී නොමරා!” “ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සර්වාංගෙම පිළිකුල්…” “නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්න කලින්!” කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා. “මට යන්ඩ දිහාවක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…” කාගේ හරි බයිසිකලයක් එපිටින් ගියා. ගෝපාල දැක්කේ නෑ. සිරි……ස් ගාලා සද්දේ ඇහුණා විතරයි. ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුට්ටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?

රු1,000.00

අපරාධ නීතිය Aparadha

Original price was: රු990.00.Current price is: රු792.00.
198රු

අපරාධ නීතිය Aparadha

⭕ අපරාධ නීතිය සම්බන්ධ මූලික කරුණුු කිහිපයක් මෙම කෘතියට අන්තර්ගතව ඇති අතර විභාග සඳහා සූදානම් වන විද්‍යාර්ථින්ගේ මනදොළ සපිරෙන අයුරින් නව නඩු තීරණවල සාරාංශයක්ද ඉදිරිපත් කර ඇත. එමඟින් නීතියේ සංවර්ධන ද හඳුනාගත හැකිය.. ISBN 978-624-5536-81-8

Original price was: රු990.00.Current price is: රු792.00.

අනාවැකිය – Anawekiya

Original price was: රු900.00.Current price is: රු720.00.
180රු

අනාවැකිය – Anawekiya

“මහත්තයගේ කේන්දරේ විදියට කසාද දෙකක් කෙරෙන්න තියෙනවා…” දෛවඥයා පැවසුව්ය. “මොනවා ! එහෙම වෙන්නේ කොහොමද?” “එහෙම වෙන්නේ පළවෙනි කසාදේ ගෑනු කෙනා අකාලෙ මියැදිලා මහත්තය කනවැන්දුම් වෙන හින්දා…” නිහඬතාව රජ කරන්නට විය. සුමනරත්නට හැඟුණේ තමන් සමඟ පොළොව ගිලා බසින්නක් මෙනි. “ගුරුන්නාන්සේ මම බඳින්න ඉන්නේ අවුරුදු ගණනාවක් ආදරය කරපු ගෑනු ළමයව.. එහෙම දෙයක් සිද්ධවෙන එක වළක්වගන්න විදියක් ඇත්තේ ම නැද්ද?” අනතුරුව සුමනරත්න කෙඳිරුවේ ආයාචනාත්මකව ය. “මහත්තය බඳින්න යන්නේ කොයි විදියට ද කවුද කියන එව මට අදාළ නෑ. මම කිව්වේ උප්පත්ති ග්‍රහයො අනුව වෙන්න තියෙන දේ.. මැරිල ඉපදුනොත් මිසක ඒක වළක්වගන්න විදියක් නෑ!”

Original price was: රු900.00.Current price is: රු720.00.
Out of stock

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය

මේ වන විට ශෙන් වින්චු, ලුඕ බින්හට ද්‍රෝහි වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොවසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි. කෙසේ නමුත්, ශෙන් වින්චු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඕ බින්හ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් වින්චුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් වින්චුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි. නොවෙනස්ව පැවති එකම දේ වූයේ, ලුඕ බින්හගේ කෝපය තවමත්, ශෙන් වින්චු වෙතම යොමුව පැවතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් වින්චුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත. පරිවර්තනය රවිශ්කා තරුප්‍රභා පෙරේරා

රු1,800.00

අදයි මගේ උපන්

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

අදයි මගේ උපන්

⭕ අරුම පුදුම උපන්දින තෑග්ගක් ගැන කියවෙන අපූරු කතාවකි. වයස අවුරුදු 06 – 09 දක්වා දරුවන්ට විශේෂයි. වෛවර්ණ චිත්‍ර වලින් යුක්තය

Original price was: රු390.00.Current price is: රු312.00.
Out of stock

අග්නි සිහසුන –

නූතන ලෝකයට පැරණි ඊජිප්තු දෙවිවරුන් මුදා හැරීමෙන් පසු කාටර් කේන්වත් ඔහුගේ සොහොයුරිය සාඩිටත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. ජීවයේ මන්දිරයෙන් පැවත එන්නන් වූ ඔවුන්ට දෙවිවරුන් මත බලය පැතිරවීමේ බලය ලැබී තිබුණත් නපුරු දෙවිවරුන් පාලනය කිරීමට ඔවුන් සමඟ සටන් කිරීමට සිදු වේ. මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ තවත් භයානකම සතුරකු වූ ඇපොපිස් නම් සර්පයාටය. එය වැළැක්වීමට නොහැකි වුවහොත් සතියක් ඇතුළත ලෝකය විනාශ වනු ඇත. මේ සඳහා ඔවුන්ට ඊජිප්තු හිරු දෙවියා වූ රා ව නැවත ජීවය ලබා දීමට සිදුවේ. එහෙත් රා සොයා ගැනීමටත්, ඔහුට පණ ලබා දීමටත් ඔවුන්ට රා ගේ වදන ඇතුළත් පොත සොයා ගැනීමට සිදුවේ. මේ සඳහා ඔවුන්ට නපුරු දෙවිවරුන් මෙන්ම ජීවයේ මන්දිරයේ ඉන්ද්‍රජාලිකයන් සමඟ ද සටන් කිරීමට සිදු වේ. අවසානයේ ඔවුන්ට ඇපොපිස් පරාජය කිරීමට හැකි වේද….?

රු1,950.00
Shopping Cart
Scroll to Top