සැහැල්ලු, අර්ථවත් දිවියකට
සැහැල්ලු, අර්ථවත් දිවියකට
ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවහාරික ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොත ගැන… සිත සතුටින්, සැහැල්ලුවෙන් ජීවත්වීම සෑම මිනිස් සිතකම ප්‍රාර්ථනයයි, අභිලාෂයයි. එහෙත් සිතේ සැහැල්ලුවෙන්, සතුටින් ගත කිරීමට බොහෝ විට අවහිර ඇතිවන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ සිත නිසි ලෙස හසුරුවා ගැනීමට උනන්දු නොවීම හෝ නොදන්නාකම හේතුවෙනි. තමන්ගේ සිත දෙස කැඩපතකින් මෙන් නිරීක්ෂණය කොට සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය පවත්වා ගැනීමට ඉවහල් වන ඉතා සරල, එහෙත් ගැඹුරු සහ ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක් අන්තර්ගත ලිපි එකතුවකින් යුත් මෙම ග්‍රන්ථය සාර්ථක දිවියකට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ පළමු අදියරයි. පාසල් සිසුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා තෘප්තිමත්ව ගත කිරීමට මෙම පොත් පෙළ මඟ ආලෝකමත් කරන්නෙකි.
සැබෑ ආදරයට උණුසුම
සැබෑ ආදරයට උණුසුම
ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ඇන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොත ගැන ඉඟියක්… ආදරය දිනාගන්නේ කෙසේද? දෑවැද්ද, කුලය විවාහයකට බලපායි ද? ආදරය බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් ද? විවාහය, ආශාවන් කොටු කර තැබීමක් ද? සැකය සිදුවන්නේ කෙසේ ද? දරුවන් විවාහ විය යුත්තේ මාපිය කැමැත්ත මතමද? සොඳුරු පවුලක් ගොඩනැඟීමට මග කියාදෙන මනෝවිද්‍යාත්මක ගද්‍ය සංග්‍රහය.
සැඟවුනු කහවනු –
සැඟවුනු කහවනු –
“අමාරුවෙන් ගල ඉවත් කළ ඔබට මගෙන් තෑග්ගක්” කියලා රජතුමා ඒ කහවනු පොදිය වෙළෙන්දාට දුන්නා. පණිවිඩය මහන්සියෙන් වැඩ කළොත් ඕනෑම බාධකයක් ජයගන්න පුළුවන්.
සල්ලි නැතුව පොහොසතෙක්
සල්ලි නැතුව පොහොසතෙක්
ඔබේ අනාගතය පිරි ඇත්තේ සිහින වලින් ද? පැහැදිලි ඉලක්ක වලින් ද? අනුන්ගේ සිතුම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට කෙතරම් බලපාවි ද? ධනය බලය කොච්චර තිබුණත් හිතේ සැනසිල්ලක් නැත්නම් ඇති වැඩේ මොකක් ද? සල්ලි වලට ආශාවීම වරදක් නෙමේ, ඒත් ඒකට ඇති ගිජුකම විනාශයක්. ඔබ කොයි තරම් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් ද? සැබෑ ධනවතෙක් කියන්නේ කෙතරම් ධනය තිබුණත් සරල සාමාන්‍ය චාම් දිවියක් ගත කරන කෙනෙක්. මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
සරල දහම් දැනුම
සරල දහම් දැනුම
දහම් පාසල් තරග විභාග සඳහා සම්පාදිත පෙරට වඩා අද දහම් කරුණු පිළිබඳ වැඩි අවධානයක් මෙරට පමණක් නොව විදේශ රටවලද ජනතාව යොමු කරන බව පෙනේ. නොයෙක් පොත්වල ඇති වැදගත් දහම් කරුණු හදිසියකට සොයාගැනීම කාටත් අපහසුය. මේ බව වටහාගත් ගම්පහ අස්ගිරියේ රංජිත් විජේනායක මහත්මයා තරමක හෝ පහසුවක් ලබාදීමට තම දැනුම භාවිතයට යොදාගත් අවස්ථාවක් ලෙස සරල දහම් දැනුම පොත හඳුන්වාදිය හැක. විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මෙවැන්නක් සඳහා උත්සුක වීම මෙහි වැදගත්කම වැඩිවන්නට හේතුවක් ලෙස මට පෙනේ. දහම් ගුරුවරයෙක් සේ සේවය කිරීමෙන් ලද පුරුද්ද මෙය සකස් කිරීමට හේතුවන්නට ඇත. මෙම දහම් දැනුම පොත දහම් පාසල් සිසුන්ට, ගුරුවරුන්ට පමණක් නොව වැඩිහිටි බොහෝ දෙනාටත් ප්‍රයෝජන ගත හැකි වන ආකාරයෙන් සකස් වී ඇත. අවශ්‍යයෙන්ම දැනගතයුතු කරුණු පිළිබඳව ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඒවා සරල ලෙස ඉදිරිපත් කොට තිබීම විශේෂත්වයකි. විජේනායක මහතාගේ උත්සාහය අගය කළ යුතුය. නිවන් දැකීමට මෙයද පාරමී ධර්මයක් බවට පත් වේවායි පතමි. නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්ථවිර පන්තලූවන භික්ෂු ආයතන අධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක
සබන් බෝල සහ
සබන් බෝල සහ
⭕ කුඩා දරුවන්ට රස විදිය හැකි එමෙන්ම අකුරු ඉගෙනිය හැකි පිළිවෙලට ගොතා ඇති කුඩා කතන්දර පොතකි. වයස අවුරුදු 06 – 09 දක්වා දරුවන්ට විශේෂයි. වෛවර්ණ චිත්‍ර වලින් යුක්තය.
සඳ සාවි –
“මේ සිහින හරි පුදුමයි.. හද වැහි වැහි උපදින හැටී සඳ තරු කියා සරසන හැටී මේ සිහින හරි පුදුමයි…” අසේනි වර්ෂා (නිසංසලා සේනාධීර)
සඳ සඳයුරු –
හරියටම අවුරුදු දහයකට පස්සේ, ශේන් මගේ ගාව මෙහෙම නිදාගෙන ඉන්නවා දකිද්දී මට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුණා. ඊටත් පස්සේ පාලනය කරගන්නම බැරි මගේ හිත එක්ක මම එයා ගාවට ගිහින් වාඩිවෙලා ඒ මූණ දිහා බැලුවා. මට එතකොට මතක් වුණේ අපි දෙන්නගේ චූටි කාලේ. ශේන්.. මගේ චූටි කාලෙම සතුටින් පුරවපු ඒ කණ්ණාඩි කොල්ලවා.. අනේ අද එයා කොයිතරම් වෙනස් වෙලාද? ශේන් කණ්ණාඩි දෙකත් දාගෙන ඔහේ වැටිලා වැටිච්ච අතට නිදාගෙන ඉන්න හැටි දකිද්දී මට හරි දුක හිතුණා. එයාගේ රැවුල ඉස්සර වගේම එක දවසට දික්වෙලාද මන්දා. අන්තිමේදී ඉවසගන්න බැරිම තැන දැනෙන්න නොදැනෙන්න මම එයාගේ කම්මුලත් හිමීට අතගෑවා. ඊටත් පස්සේ මම හරි පරිස්සමින් එයාගේ කණ්ණාඩි දෙක ගැලෙව්වා. තව, වළස් තොප්පියක් වගේ වැවිලා තියෙන කොණ්ඩෙන් චුට්ටක් අතින් ඇද්දා. ඒ එක්කම මම විදුලි වේගයෙන් මගේ අත ශේන්ගේ කොණ්ඩෙන් ඇදලා අරගත්තා. මට ඒ වෙලේ මාව වෙව්ලනවා වගේ දැනුණා. නමක් දෙන්න බැරි බැඳීමක් මගේ හිතට කියාදෙන්න මට බය හිතුණා.
සත්තු වත්තෙ ඉස්කෝලේ
සත්තු වත්තෙ ඉස්කෝලේ
⭕ අරමුණෙන් ලියවුනු මින්සර ළමා ගී පොත් පෙළකි.දරුවන්ගේ ගායන කුසලතාවන් වර්ධනයවීම මෙන්ම සෞන්දර්යය,සංස්කෘතික කි්‍රයාකාරකම් ස`දහාද යොදා ගත හැක. ඉංගී්‍රසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාස ලෙස යොදා ගත හැකි ගීත කීපයක්ද වෙයි. දරුවන්ට පමණක් නොව මාපිය, වැඩිහිටි අයට මෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන්ගේ උපකාරක අත්පොත් පෙළක් ලෙසද ඉතා සුදුසුය… ISBN 978-624-5536-44-3
සත් හිරු පව්ව
සත් හිරු පව්ව
⭕ නැට්ටිච්චි… සදුදට උඹ අහුවෙයං මට … මං උඹට ඔය ඉස්කෝලෙ නටන්න දෙයිද කියල බලපං…හාස්‍යය, කුතුහලය, ත්‍රාසය පිරි රසවත් නවකථාවකි.
ශාස්ත්‍රීය අභියෝග සහ
ශාස්ත්‍රීය අභියෝග සහ
ආචාර්ය ගැමුණු සිරි ගමගේ ආචාර්ය ගැමුණු සිරි ගමගේ මහතා දීර්ඝ කාලයක් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කළ විද්වතෙකි. අසාමාන්‍ය ලෙස ඥාන පිපාසාවෙන් යුත් ගවේෂකයෙකු ලෙස ඔහු හඳුන්වා දිය හැක්කේ තමන් අසන දකින කියවන දේ ඒ අයුරින් ම භාර නොගෙන ඒ සියලු දේ පිළිබඳ ව විචාරාක්ෂියෙන් සලකා බැලීමට ඔහු නිබද්ධවම යොමු වී ඇති බැවිනි. එසේ තමන් තුළ ජනිත වූ විචාරාත්මක අදහස් ආචාර්ය ගමගේ මහතා විටින් විට පුවත්පල හා සඟරාවල පළකොට තිබේ. ඒ ආකාරයට තැනින් තැන පළ වී ඇති ලිපි හා තවත් පළ නොවූ ලිපි සමුදායක් එක්කොට පාඨකයින් අතට පත් කිරීමට මෙම ග්‍රන්ථයේ සංස්කාරකයින් ගත් ප්‍රයත්නය අගය කළ හැකිය. ආචාර්ය ගමගේ අපේ සංස්කෘතියෙහි විවිධාංගත් බුදු සමය හා සිංහල භාෂාවත් පලකරන අදහස්වල ගතානුගතික චින්තනයෙන් ඔබ්බට ගොස් අලුතින් සිතන්නට ගත් වෑයම විශද වේ. විශේෂයෙන් සිංහල භාෂාවෙහි ප්‍රභවය පිළිබඳ ව මෙහි දැක්වෙන අදහස් විද්වතුන්ගේ විමර්ශනයට ලක් විය යුතුය. එබඳු සාකච්ඡා මගින් භාෂා ශාස්ත්‍ර ඥානය ප්‍රසාරණය වනු ඇත. ආචාර්ය ගමගේ මහතාගේ මේ විවාදාපන්න ලිපි සංග්‍රහයෙහි තවත් වැදගත් අංශයක් වන්නේ අප ශාස්ත්‍රීය සම්ප්‍රදාය හා පැවිදි ගිහි විද්වතුන්ගේ අප්‍රකට තොරතුරු ඇතුළත් කරමින් එතුමා සම්පාදනය කර ඇති විමර්ශන කිහිපයයි. මෙහි අන්තර්ගත සිංහල හා ඉංග්‍රීසි කාව්‍ය රචනා ද අගය කළ යුතු වේ. සමස්තයක් වශයෙන් මෙම ලිපිවල ඇති ප්‍රාමාණික අගය අනුව අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදායට මින් සිදු වන සම්ප්‍රදානය විද්වතුන්ගේ ඇගයුමට ලක් වේවායි පතමි. මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ.
විසුළ මංදාකිනි –
එකම ලෝකයක එකම රටක පිරිමින් දෙදෙනෙක් මෙයාකාරයෙන් වෙනස් වුණේ කොහොමද? එක් පිරිමියෙක් මරණීය රමණයකින් පසුව කොහේටදෝ අතුරුදන් වෙද්දී තවත් පිරිමියෙක් රමණීය රමණයකින් පසුව ඇය ඉදිරියේ කෑමට බීමට යමක් අතේ තබාගෙන බලාගෙන සිටියි. මේ පිරිමි දෙදෙනා ඇත්තටම වෙනස් වෙන්නෙ කොතනින්ද? නමුත් එක දෙයක්… මේ ලෝකේ ගැහැනුන් බහුතරයක් මිය යන්නේ ජීවතුන් අතර සිටියදීමය. නමුත් ඔවුන්ගේ කයේ හුස්ම වැටේ. නමුත් හදවතේ හුස්ම වැටීම නතරවී ඇත්තේ ඊට බොහෝ කලකට පෙරය.
විද්‍යාත්මක ක්‍රමය –
විද්‍යාත්මක ක්‍රමය කැණිසියස් පලිහවඩන කර්තෘගේ ග්‍රන්ථ පිළිබඳව විද්වත් මත… උසස් පෙළ තර්ක ශාස්ත්‍රය – 1980 කැණිසියස් පලිහවඩන මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය කාලෝචිත කෘතියක් බව ප්‍රකාශ කළ යුතුය. ඒ මහතාගේ මෙම ව්‍යායාමය පැසසුම් කටයුතුය. මෙබඳු පොතක් අපේ මව් භාෂාවෙන් පළ කිරීමෙන් පලිහවඩන මහතා කර ඇත්තේ ජාතික මෙහෙවරකි. මහාචාර්ය එස්.පී.එම්. වීරසිංහ කැලණිය විශ්ව විද්‍යාලය පලිහවඩන මහතා මෙම ග්‍රන්ථය මඟින් තර්ක ශාස්ත්‍රය හදාරණ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව සපුරා ලන්නට අදහස් කරන බව පෙනේ. විෂය පිළිබඳ උනන්දුව දක්වන ගුරුවරයෙකු වන ඒ මහතාගේ උත්සාහය සාර්ථක වේවායි පතමි. ආචාර්ය ආර්. ඩී. ගුණරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය – 1993 පලිහවඩන මහතා විෂය ඉගැන්වීමෙන් උත්තර පත්‍ර සමීක්ෂණයෙන් ග්‍රන්ථ පරිශීලනයෙන් විෂය පිළිබඳ පා පුළුල් අත්දැකීම් ලබා ඇත. කථිකාචාර්ය හෙ. මු. තිලකරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලය විද්‍යාත්මක ක්‍රමය – 1997 විෂය පිළිබඳව දීර්ඝ කාලයක් ඉගැන්වීමෙන් ඔහු ලබා ඇති පළපුරුද්ද ඉමහත්ය. පලිහවඩන මහතා විද්‍යාත්මක ඉගැන්වීම් මහත් සේ ප්‍රගුණ කර ඇති දක්ෂ ගුරුවරයෙකු ලෙස සැලකීම යුක්ති යුක්තය. විද්‍යාත්මක චින්තන ක්‍රමය වූ කලී ලෝකය පිළිබඳව දැනුම ලබා ගැනීමට මිනිසා සතු විශ්වාස කටයුතු ක්‍රමය ලෙස මම සලකමි. පලිහවඩන මහතා එවැනි සේවයක් කරන්නෙකු බැවින් ඔහුට මගේ ප්‍රණාමය හිමි වේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කැලණිය විශ්ව විද්‍යාලය මෙහි පරිච්ඡේද කීපයක් කියවීමෙන් විෂය පිළිබඳ පා පුළුල් අවබෝධයක් ලැබෙන අතර එම අවබෝධය තවදුරටත් ප්‍රගුණ කර ගැනීමෙන් විකසිත වන චිත්ත ධෛර්යයෙන් සිසුන්ට මේ විෂයට සතුටුදායක ලෙස පිළිතුරු සැපයිය හැකි බව පැවසීම අසාධාරණ නොවේ. මහාචාර්ය ඒ.ඩී.පී. කලන්සූරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය
වළට වැටුණු බූරුවා
වළට වැටුණු බූරුවා
කුණු වලට යට වෙනවා වෙනුවට කුණු යට කරගෙන බූරුවා ගොඩට ඇවිත් යන්න ගියා. අනිත් මිනිස්සු අපේ ඇඟට කුණු විසි කළත් ඒවා ප්‍රයෝජනයට අරගෙන අපිට දියුණු වෙන්න පුළුවන්.
වඩින තුරු හන්තාන
වඩින තුරු හන්තාන
⭕ ඒක වෙනම ලෝකයක් මට හිතුනේ එහෙම. දෑස්පියාගෙන බලපු ලස්සන කතාවක්. එක්වරම අතුරුදහන් වුණ කතාවක්. හන්තාන අහසත්, මහවැලියත්, අපූරු කාලගුණයත් මට මවාදුන්නෙ හරි සුන්දර ලෝකයක්. ප්‍රේමය මායාවක්.. සුන්දරම කවියක්… හන්තාන අහසට වඩින සඳ ඒක වෙනම ලෝකයක්…..
වචන හා වැකි
වචන හා වැකි
1 ශ්‍රේණියට නියමිත අකුරු හා වචන රූල් පහ තුළ ලිවීමෙන් පසු තනි රූලට හුරුවීම සඳහා මෙම පොත සම්පාදනය කර ඇත. කර්තෘ පිළිබඳ විස්තරය ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළ/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
ලූනා – Luna
“අපි එහෙම්මම සාලේ බිම, අල්පාව කාපට් එක උඩ හාන්සි වෙලා, තව සනීපෙට කිස් කරන්න ගත්තා. මං පළවෙනි වතාවට ඇමරිකානු මහ පොළොව මත වැතිරුණේ එහෙමයි. දුග් අහසක් වගේ මගේ උඩින් හිටියා.” “ඉ……… අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි කරනවා.” එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වලාකුළුවල එයා පාවෙන තරමට අහස්යානා කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳත් නරකත් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.” “වයිල්ඩ් බෙරිවල පැණි ටී ෂර්ට් එකේ හැලිලා. ළාපාට දම් පාට හින්න පෙතිලා වගේ බොටි බොටි හැමතැනම. මම දුග්ට ෆොටෝ එකක් අරන් යැව්වා. ‘ඉක්මනට එන්න මගේ බෙරි ගෙඩිය. මට ඔයාව ලෙවකන්න ඕනි’ දුග් එවපු ඉමෝජියකුත් එව්වා.” “ගෑණියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ගෑණියකට වැඩිපුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ සතුට වෙනුවෙන් දුක විඳින එකම තමයි ගෑණියගේ සතුට.”
ලිලැක් – Lilak
යේෂා නර්නාන්දු ඔව් මේක සුන්දර යක්ෂ ලිවිමක්! මේක මායාකාර ලීලක් මල් මිටක්! උරේ ලිවීම පලාශ සාර දාර සික් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති මලක්! Amali Anupma Mallawaarachchi ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්ථවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලීලක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝටිමය මත් බවක මා සිරකළේ නොසිතූ විරූ අයුරිනි. ඒ ප්‍රගන්ධයෙන් මත්ව අඩි තාප්පුගත තැනෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේෂාව, ගර්නාන්දෝ ඔබේ මේ ලීලක් මායාව සදාකල් නොනැසී පවතීවා. Gihan Sachintha නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නේ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්. විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අත්දැකීම් මං වැළඳගන්නේ හරිම ලෝබකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගේ හිත මත සම්පාතවන හිතක් මට හමුවෙනවා. යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ම දවස්වල මා ලියූ වචනයක් දෙකක් “ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දවයි, මද්දහනක උනත් ජනේලෙට එපිටින් හිම වට්ටවයි.” Damindri K. Colambage ප්‍රේමයෙහි වඩාත්ම අසම්පූර්ණ ගැඹුරක, විඳීම් යට සැඟවුණු විඳවීම්ද, විඳවීම් තුළින් උපදින විඳීම්ද ගැන කිසිදා පරිපූර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියන්නිය ඇය ය. ඒ සිහිනමය ලිවීමෙන් රිදවෙන ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය “ලීලක්” ය. ඒ තුළ මැවුණු මායාකාරී වංගගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ. Nilan Rangana Bandara
ලැවෙන්ඩර් – Lavender
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්….. කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොඳින් කලතපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩ කිරිලි වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයොන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්…
රොජා – Roja
මිනිස්සු… දුබලයන්ව උපද්දන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!
රුවනාරා – Ruwanara
“සමාව… සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙකුට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි.. එයා එයාට එච්චර විනාශයක් කරපු, ජීවිත කාලෙම කසාද කොළේ අපායට නිගාගෙන එයාව උදේ හවස් දූෂණය කරපු පරාක්‍රම දික්වැල්ලලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවත් සමාව දෙන්නේ නැහැ..!” පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ අම්මගේ සිනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගැහැනියක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප්‍රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදන්න මේ ලෝකෙට ඉපදෙන පොඩි දරුවා..! ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න තියෙන අමාරුව දන්නේ එහෙම බැටකාපු කෙනෙක් විතරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිච්ච ළමයෙක්.. අදටත් මට ඒ ජරා දවස් මතක් වෙනවා. අදටත් මට ආසාවට මතක් කරලා සතුටු වෙන්න කියලා ලස්සන ළමා කාලයක්, මතක් කරන්න දේවල් නැහැ”
රහස්පරීක්ෂකයා අතුරුදන්! –
THE CASE OF THE DISAPPEARING DETECTIVE ෂර්ලොක් හෝම්ස් ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස අතුරුදන් වූ විට ඔහු බේරා ගත හැකි වන්නේ බේකර් වීදියේ, ඔහුගේ යොවුන් රහස්පරීක්ෂක පිරිසට පමණකි. බේකර් වීදියේ අභිරහස් ලෙස සැඟව සිටින අයිරිෂ් ජාතිකයන් කවුරුන්ද? ….ඔහුට මොරියාටිගේ සම්බන්ධයක් ඇත්ද? සුප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරැ වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුප්‍රකට ලිපිනයක් බවට පත්ව තිබේ. Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විතෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් සහාය කණ්ඩායම ගැන මුළුමනින්ම ෂර්ලොක් හෝම්ස් කතාවෙත් තවත් තැනක තුනක සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායම මේ කෘතියේ කතුවරයා වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කථා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයන් වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියවුණු The Case of the Disappearing Detective නම් කෘතිය මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතා ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.
රක්ත මැණිකකයේ අභිරහස
THE CASE OF THE RANJIPUR RUBY රංජිපුරේ මහාරාජා එයාගේ පුත් කුමාරයා එක් එක්ක ලන්ඩන් නුවරට ආවේ ලෝකේ තියෙන ලස්සනම රතු මැණික මහාරාජිනියට තෑගි කරන්නයි. ඒත් දන්සකවට සතියකට කලින් මහාරාජා අතුරුදහන් වුණා. පුංචි කුමාරයාගේ පස්සෙන් මාරයෝ දෙන්නෙක් හඹාගෙන ආවා. එයාව බේරගන්න සිද්ධ වුණේ විගින්ස්, නිපර් ඇතුළු අපේ බේකර් වීදියේ වීරයෝ ටික දෙනාටයි. මොකද ෂර්ලොක් හෝම්ස් මහත්මයා ලන්ඩන් නුවරින් පිට ගිහින්. එයා කොහේ ගිහිල්ලද? අතුරුදහන් වෙච්ච මහාරාජාට මොකද වුණේ? එතකොට රංජිපුරේ රතු මැණික කාගේ ළඟද? මේකට මොරිසාටි සම්බන්ධ වුණේ කොහොමද? ලෝකප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී සර් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරු වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුපකට ලිපිනයක් බවට පත්ව තිබේ. Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායමේ කතන්දරය වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Disappearing Detective නම් කෘතියේ ‘රහස් පරීක්ෂකයා අතුරුදන්’ නමින් පළ වූ සිංහල පරිවර්තනය ඔබ දැනටමත් කියවා ඇති බැවි නිසැකය. ඔබ මේ දැන් කියවන්නට සූදානම් වන්නේ එම කතා මාලාවේ දෙවැන්න වූ The Case of the Ranjipur Ruby නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මේ කතා මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතාවල පරිවර්තන ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.