Showing 169–210 of 712 resultsSorted by average rating

පින්තූරය බලා විස්තර

රජයේ පාසල් ගුරුවරියක ලෙස වසර තිහක ගුරු සේවයේ අත්දැකීම් අනුව ළමා මනස ගැන මනා අවබෝධයකින් යුතුව මෙම 1 ශ්‍රේණියේ වැඩ පොත ළමයින්ගේ මට්ටමටම විෂය කරුණු වලට අනුගතව කර ඇත. පෙර පාසල් දරුවන්ට ඒකාකාරී ස්වභාවය මඟහරවා ගනිමින් අභ්‍යාස වල නිරතවීමට ආශාව ඇති කිරීම මෙම පොතේ අරමුණ වේ. පෙර පාසල් දරුවන්ට අකුරු හුරු කිරීමට මෙන්ම අකුරින් අකුරට ලස්සන වර්ණ ඇසුරින් මව්පියන්ට දරුවන්ට උදව් කිරීමට හැකි වන අතර, මව්පියන්ටත් දරුවාටත් සහාය වේ. සංස්කරණය සන්ධ්‍යා කුමාරි

ප්‍රීතිමත් යුග දිවියකට

මයිකල් ඇන්ජලෝ ප්‍රනාන්දු බී.එස්.සී උපදේශන මනෝ විද්‍යා මේ පොතෙන්….. මොකක්ද මේ ආදරේ කියන්නේ සිත ඇදී ගිය පළියට ඒක ආදරේ නෙමේ. ආදරය කියන්නේ ආසාවට නෙමේ. හරි පුද්ගලයාට වැරදියටත්, වැරදි පුද්ගලයාට හරියටත් ආදරය කිරීම නිෂ්ඵලයි. විවාහයට බලපාන සාමාජීය හා මානසික පසුබිම ඔබ විවාහවෙන්නේ මොන හේතුවක් නිසාද? ජනප්‍රිය අයට ආදරේ කිරීම සල්ලි වලට ආදරේ කිරීම නොලැබෙන බව දැන දැනම කෙනෙකුට ලංවීම. අධ්‍යාපනය ආදරයට බලපාන්නේ කොහොමද? ඔබ ආදරය කරන තරමටම ඔබටත් ආදරය ලැබෙනවද? කලින් පෙම්වතා ගැන ඔබ තාමත් හිතනවද? ආදරය පිළිබඳ මිත්‍යා මත. එකවර දෙදෙනෙකුට ආදරය කළ හැකිද? ලිංගිකත්වය යනු විවාහ දිවිය සවිමත් කරන බැම්මක් මිස එකිනෙකාගේ ප්‍රයෝජන ගැනීමක් නොවේ. ඔබ ගත කරන්නේ තෘප්තිමත් විවාහ ජීවිතයක්ද? ලිංගිකත්වය බලෙන් ලබාගත යුත්තක් නොවේ. එය පරිත්‍යාගයකි. මෙවන් කරුණු බොහොමයක් පිළිබඳව සිතා බලන්නට ඔබට ඇරයුම් කෙරේ………

ප්‍රීතිමත් කපුටා Prithimath

⭕ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

ප්‍රතික්ෂේප කිරීම් හමුවේ

⭕ මින්සර මනෝවිද්‍යාත්මක පොත්පෙළ – 3 ( ජීවිතය යහපත් කිරීමට මග ඵළිකරන මනෝවිද්‍යාත්මක පොත්පෙළෙ – 3 ප්‍රතික්ෂේප කිරීම් හමුවේ නොසැලේ ඉන්න

පල්ලං පොල්ල Pallan

⭕ කෘර ලෙස තැලීම් පෙළීම්වලට ලක් වෙමින් නිමක් නොදකින දහසක් බිරින්දෑවරුන්ගේ මෙතෙක් සාකච්ඡාවට භාජන නොවුනු අනුවේදනීය කථාව.. ISBN 978-624-5536-13-9

Out of stock

පර්සෝනා – Persona

“කිරුළ සෙලවෙයි. නමුත් වැටෙන්න දෙන්න එපා.” සෙලීනා සමන්ති සින්ක්ලෙයාර් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, සභාපතිනී – ඇක්ටිව් වෙකර් සමූහ ව්‍යාපාරය සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුත් සිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේම හදවතින්ම විශ්වාස කරන සිහිනයක් හඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සූදානම්ද? පර්සෝනා කැලුම් වැලිගම

රු1,250.00
Out of stock

පර්සි ජැක්සන් සහ

DSC07666.jpg රූපයේ ඇති සිංහල සහ ඉංග්‍රීසි ලේඛන සියල්ල පහත පරිදි ටයිප් කර ඇත: RICK RIORDAN PERCY JACKSON AND THE OLYMPIANS පර්සි ජැක්සන් සහ අමරණීයයන්ගේ කුසලානය පරිවර්තනය මෙලනි අමරතුංග අභියෝග හා ගවේෂණවලින් අඩුවක් නැති පර්සි ජැක්සන්ගේ දිවියේ තවත් පරිච්ඡේදයක්. නිව් රෝමන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලිපි තුනෙන් එකක් උපයා ගන්න, ගවේෂණ කීපයකම යෙදෙන්නට පර්සිට සිද්ධ වෙනවා. එසේ නමුත් ඔහුට එම ගවේෂණ සියල්ලකදීම තම මිතුරු නරාශ්ව පී-මෑන්, ග්‍රෝවර් මෙන්ම තම පෙම්වතිය ඇනබෙත්ද සෑම විටම උදව්වට සිටිනවා. එක ගවේෂණයක් සාර්ථක කර ගන්නට තවත් ගවේෂණ කරන්නට සිදු වීමෙන් ඔවුන්ගේ වීර චාරිකාව විවිධ පෙදෙස් කරා අපව රැගෙන යනවා. අපගේ දිවියද පෝෂණය කරමින් මිථ්‍යා කථා යළි කියැවීම ඉතාමත් සාර්ථක අයුරින් සිදු කිරීමට රික් රියෝඩන් සමත් වෙනවා. කථාව මෙතනින් අවසන්ද? නෑ. පර්සිට තව නිර්දේශ ලිපි දෙකක් අවශ්‍යයි. එහෙනම් නම් මේ අපේ වීරයාගේ වික්‍රමයන්ගේ අවසානය නොවේ. තවත් වික්‍රමයන් සමග ළඟදීම ඔබ වෙත පැමිණීමේ පොරොන්දුවත් සමග මේ පොත ඔබ අතට පත් කරනවා.

රු1,350.00

පමා නොවී යමු

⭕ කම්මැලිකම හැරදමා ජීවිතය ජය ගැනීමට අදිටන් කරගත් දක්ෂ දරුවන්ගේ සංවේදී කතාවකි.

Out of stock

නෙත්මි ඔබ සදාදරණීයයි

යෞවනය හුදු ධර්මතාවයකි එය මඟ හැරීමට කිසිවකුටත් නොහැකිය මහා මන්දිරයටත්, දුගී පැලටත් යෞවනය එළඹෙන්නේ එකවිටයි යොවුන් ගැටලු කාටත් පොදුය මිල මුදලින් එය වෙනස් කළ නොහැක තීර අදිටන ඇත්නම් තම ප්‍රේමය සාක්ෂාත් කර ගැනීමට ඕනෑම අයෙකුට පුළුවන එය සනාථ කර ගැනීමට මෙම කෘතියෙන් වෑයම් කර ඇත විමල් වීරතුංග

රු300.00

නැති වූ වලිගය

⭕ පුංචිච්ච මල්ලිට වලිගය නැවත ලැබුණු රසවත් කතාවකි. වයස අවු. 06 – 09 දක්වා දරුවන්ගේ කියවීමේ් රුචිය තවත් දියුණු කරයි

Out of stock

නාද්‍ය – Naadya

“රන් කියන්නේ වටින ලෝහයක්.. ඒත් ඒවා යකඩ තරම් මේ ලෝකේ හදන්න උදව් උපකාර කරලා නෑ. මට ඔයාව රන් නෙළුමක් කරලා කාගේ හරි ධනවන්තයෙකුගේ සේප්පුවේ හරි නිසල මුදුනේ හරි එල්ලන්න නෙමේ ඕන වුණේ. ඒ නිසා ඔයා තේරුම්ගන්න ඕන ඔයාව වටින්නේ අද කාලයට විතරක් නෙමේ කියලා. ඔයා හැම කාලයකදීම වටින කෙනෙක් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. අර්ථවන්ත වෙන්න ඕන. ඒකයි මං ඔයාට රන් නෙළුමක් වෙන්න නොකියා යකඩ නෙළුමක් වෙන්න කිව්වේ” – කසුන් මනුරංග දුල්ලෑවබණ්ඩාර

රු1,900.00
Out of stock

නාගදමනය සහ වෙනත්

සංස්කාරක: නිව්ටන් ගුණසේකර ශාස්ත්‍රවන්තයින්ගේ අනවධානයට හේතුකොටගෙන, කලක් පාඨක විචාරක ප්‍රසාදයෙන් බැහැරව පැවති සිංහල කෙටිකතාව, දැන් වනාහි යථාස්ථාපනය වී ඇත්තේය. දශක දෙකකට ආසන්න ඉකුත් කාලය තුළදී, අතු ඉති ලමින් නැවත වැඩෙන්නට වූ අපගේ කෙටිකතාව, මල්පලබර අවධියකට අවතීර්ණ වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. අපගේ අධ්‍යාතන සාහිත්‍යයේ එකී ඉෂ්ටදායක ප්‍රවණතාව රැකගත හැකි වනුයේ, ප්‍රවීණ නවීන ලේඛක දෙපිරිසේම කෙටිකතා පාඨකයින් අතරට පත් කිරීමෙන් සහ ඒ නිර්මාණ විචාරක අවධානයට ලක් කිරීමෙන් පමණි. “මින්සර” ප්‍රකාශකයන්ගේ අනුග්‍රහයෙන්, ප්‍රවීණ ලේඛක නිව්ටන් ගුණසේකර මහතා විසින් සම්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන මෙම කෙටිකතා සංග්‍රහය, පැසසුම් කටයුතු සාහිත්‍ය ව්‍යායාමයක් සේ හැඳින්විය යුතු වන්නේ, එකී හේතුවද නිසාය. නොමඳ පාඨක සහාද ප්‍රසාදයට පාත්‍රව සිටින ප්‍රවීණයන් රැසකගේ මෙන්ම, නිර්මාණ ශක්තියෙන් හෙබි නවකයින් කිහිපදෙනෙකුගේද කෙටිකතා විසිඑකකින් පරිමිත මෙම නිර්මාණ සමුච්චය, අතිශයින්ම කාලෝචිත සාහිත්‍ය සංග්‍රහයක් හැටියට හඳුන්වා දීමට මම කැමැත්තෙමි. – ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

රු290.00
Out of stock

නවීන ගුණසේන පිලිප්

පිලිප්ගේ ලෝක සිතියම් පොත වසර 90ක ඉතිහාසය පුරා ලොව සෑම තැනකම සීඝ්‍රයෙන් අලෙවි වන වටිනා ග්‍රන්ථයකි. මෙය ද්විතීිය අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය පොතක් බවට පත්ව තිබේ. මෙහි ප්‍රශස්ත මට්ටමේ සංඛ්‍යාත ප්‍රාදේශීය සහ ලෝක සිතියම් සමග නවතම විෂයානුබද්ධ සිතියම් සම්බන්ධ කොට ඇත. දේශපාලන සිතියම: දේශපාලන සිතියම සිය අසල්වැසි රාජ්‍යයන් සාපේක්ෂව එක් එක් රටෙහි විශාලත්වය ඉතා පැහැදිලි ජාතික දේශ සීමාවන් මගින් සරල පැහැදිලි අවබෝධයක් ලබා දෙයි. කාලගුණ සිතියම: කාලගුණ සිතියම් එක් එක් මහද්වීපය සඳහා වෙන් වෙන් වශයෙන් සකස් කොට ඇති අතර සාමාන්‍ය උෂ්ණත්වය, වර්ෂාපතන රටා සහ සුළං ප්‍රවාහ පෙන්නුම් කරයි. භූගෝලීය ලක්ෂණ: චන්ද්‍රිකා ප්‍රතිබිම්බකරණය මගින් භූමි නිර්මාණයේ, දේශගුණයේ සහ පරිසරයේ වෙනස්කම් අධ්‍යයනය සඳහා වටිනා මූලාශ්‍ර සපයයි. භෞතික සිතියම: භෞතික සිතියම් මුහුදු මට්ටම මැන බැලීම සඳහා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි පරිදි වර්ණ යොදා ඇති අතර කඳුවැටි සලකුණු මගින් භූමි දර්ශන, ගංගාවන් සහ විල් පෙන්නුම් කරයි. තේමා සිතියම: තේමා සිතියම් ජනගහනය, සෞඛ්‍යය, සාක්ෂරතාව, ව්‍යාපාරික සහ පරිසරය වැනි ප්‍රධාන පෙළේ සමාජ සහ ආර්ථික මාතෘකා පිළිබඳ තොරතුරු ලබාදෙයි. ආර්ථික සිතියම: ආර්ථික සිතියම් ගෝලීය දෘෂ්ටිකෝණයකින් යුතුව මධ්‍යධරණී කළාපය මූලික කොටගෙන ප්‍රධාන කලාපයන් පෙන්නුම් කරයි.

රු700.00
Out of stock

දොරකඩ දෙවොල –

පුංචි තිරයේ ඔබ ආදරය කළ ඒ සංවේදී කතාව, දැන් අකුරු අතරින් කියවන්න. “දොරකඩ දෙවොල” නිවෙන්නට සිතමින් ඇවිලෙන මිනිසුන්ගෙ කතාන්දරය.. “අනිත් එක නාමලියෝ, මේ එක තත්පරේකටවත් ජීවිතේ අංග සම්පූර්ණයි කියලා හිතන්න එපා… ISBN : 978-624-5409-00-6

රු1,550.00

දේදුන්නක් පායලා –

සුන්දර ළමා මනසට ආමන්ත්‍රණය කරමින් විතානගේ කතුවරයා විසින් රචිත “දේදුන්නක් පායලා” නමැති සිඟිති කාව්‍ය සංග්‍රහය ඉතා ආශාවෙන් කියවීමි. එහි ඇතුළත් වන බොහෝමයක් රචනා ඉතා සරලය. සමහර රචනා ගීතවත්ය. ඔහු සමහර නිර්මාණවලදී හසුරුවා ඇත්තේ ශූර සිත්තරකරුවෙකු ලෙසිනි. ළමා කාව්‍යයක අන්තර්ගත විය යුතු රමණීය බස රිද්මය පරිකල්පනය වඩාත් හොඳින් උද්දීපනය වන නිර්මාණ අතර “තපස් රකින කොක් නයිදේ, ටිකිරිලියා, අම්බලමේ පිනා, අම්මා, උදයක ලස්සන, ගුණ සුවඳ” යන කවි පන්ති වඩාත් කැපී පෙනේ. පොඩි දරුවන් මෙම රසැති කවි පොත කියවා උපරිම සතුටක් හා රසයක් විඳින බවට කිසිදු සැකයක් නැත. – නිව්ටන් ගුණසේකර –

දුඹුරු පෝච්චිය Dumburu

⭕ කවුද ඔයා මම ඔයාගේ නැන්ද මගේ නැන්ද නැති වෙලා නෑ ලීසා, මම හිටියෙ දුඹුරු පෝච්චිය ඇතුලෙ හිරවෙලා. ආ….. දුඹුරු පෝච්චිය ඇතුලෙ හිරවුනු කථාකරන හෙවනැල්ලක්

Out of stock

දිවි සුරකින දිව

බටහිර ඖෂධ පිළිබඳ තොරතුරු සංග්‍රහය පාලිත ෆොන්සේකා BSc. (Hons.) MSc., M.I.. Biol., MIEPSL, L.I. Chem. C., MPS., (SL) රෝගී වූ විටෙක අසරණ වන අපට වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම මත විවිධාකාරයේ ඖෂධවල පිහිට පතන්නට සිදු වේ. එවන් අවස්ථාවක බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනා ගන්නේ බටහිර හෙවත් ඇලෝපති (Allopathy) වෛද්‍ය ක්‍රමයට අයත් ඖෂධයි. පවතින රෝගාබාධය, ඒ වෙනුවෙන් නිර්දේශිත ඖෂධය හෝ ඖෂධ මෙන්ම ඒවා සබුද්ධික අයුරින් භාවිත කළ යුතු ආකාරය හා හැකි අයුරින් එකී රෝග නිවාරණය කිරීමේ උපාය මාර්ග ආදිය, පිළිබඳව මූලික අවබෝධයක් හෝ ලබා තිබීම රෝගී නිරෝගී සැමගේ කාලීන අවශ්‍යතාවයකි. ඉහත අරමුණ වෙනුවෙන් බටහිර ඖෂධ පිළිබඳව සිංහල පාඨකයා වෙත සරළ හා සාරවත් අයුරින් තොරතුරු රැගෙන අප හමුවට එන ප්‍රවීණ දේශකවරයෙක් මෙන්ම ගම්පහ ඖෂධවේදී අධ්‍යයන මධ්‍යස්ථානාධිපති පාලිත ෆොන්සේකා මහතා අප කාගේත් නොමඳ ප්‍රශංසාවට ලක් විය යුතුය.

රු590.00

දිවි මගට කිතුනු

⭕ පෙර දවස ඉමහත් වටිනාකමට හා සැලකිල්ලට බදුන් වූ බොහෝ වටිනාකම් මිනිස් ජීවිතයෙන් ගිලිහී යන ආතර ඒ තත්ත්වයෙන් කිතුනු ජනතාව යහමගට ගැනීම පිණීස සම්පාදිත වටිනා ග්‍රන්ථයකි.

Out of stock

දිව්‍යාශිංසන 2 –

සන් ලං නම් වූ මනබන්ධනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ නොමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාස නාම ලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂී යෑන් සහතික කොට ගත්තේය. එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබුණි. මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඛ්‍යාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂී යෑන්ට මග හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂී යෑන්ට අවස්ථාව එළඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අබියස නිරාවරණය වන්නේය. එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කෙතෙක් වුවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළිකරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ෂී යෑන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි, අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.

රු2,100.00
Out of stock

දිව්‍යාශිංසන – Diwyashinshana

සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂීව් ලියෑන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් විරුදප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවිටු ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා බාල වයසේදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය. එහෙත් යමෙකු නැඟුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය. මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂීව් ලියෑන් තෙවැනි වරටත් දෙවි වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂීව් ලියෑන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කුරිරු වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය. ඔහුට සැන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන් අතර ගොඩනැඟෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අභිබවා ගිය කිසියම් අබිරහස් අනන්‍යතාවයක් හා අවින්තය යටගියාවක් සැන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මදහස යට කවර නම් වූ කතා පුවතක් සැඟව ඇත්තේද?

රු2,350.00

දැලි පිහියෙන් පැළූ

⭕ ඇසිලියෝ මට ඇත්ත කියාපන්. උබ චන්ද පොළේ අලියෙකුගේ තියා අලි නැට්ටක සලකුණවත් ඇහැට දැක්කෙ නෑනේද? මංනං හාමිනේගේ කීමට පිටින් කටයුතු කලේ නැ. එහෙම කලානම් මට බැල්ලියේ ඉජු ඉජු කියලා කතා කලත් මක්වෙනවාද ?

රු1,300.00

තිරිඟු යායේ ගීතය

THOMAS HARDY MAYOR OF CASTERBRIDGE මයිකල් හෙන්චාඩ් තිරිඟු යායන්හි පිදුරු මිටි බඳින්නෙකි. දිනක් ඔහු බීමතින් සුසෑන් නම් වූ තම තරුණ බිරිඳ සහ සිඟිති දියණිය වෙළඳ කුඩාරමකදී වෙන්දේසි කරයි. ඇයව නැවියෙක් මිලදී ගනියි. දැඩි සිත් වේදනාවෙන් මංගල මුදුව ගලවා විසිකළ සුසෑන් නැවියා සමග යයි. පසු දින පියවි සිහිය ලද හෙන්චාඩ් තමා කළ දේ ගැන පසුතැවිලිව ඇයව සෙවීමට දස දෙස යමින් ඉහමත් ප්‍රයත්නයක යෙදෙයි. විසි වසරකට පසු සුසෑන් ද යොවුන් වියට පත් දියණිය සමග නැවත හෙන්චාඩ්ව සොයයි. මෙසේ විසි වසරක් තුළ ඔවුන් දෙදෙනාගේ එකිනෙකා සෙවීමේ චාරිකාවේ චමත්කාර සිදුවීම් වලින් වර්ණවත් වූ මෙම නව කතාව තෝමස් හාඩි නම් වූ ශ්‍රේෂ්ඨ ගත්කරුවගේ නිර්මාණයකි. “The Mayor of Casterbridge” නම් වූ මෙම ලෝක පූජිත නවකතාව ලාංකික සාහිත්‍ය රසයට උචිත සරල බස් වහරෙන් “තිරිඟු යායේ ගීතය” නමින් මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු විසින් සංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත.

Out of stock

තිමිරෙන් එතෙරට සමග

Bundle Offer #6 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. තිමිරෙන් එතෙරට – 590/= සුළඟ නුඹ සහ මම 2 – 2000/= Total – 2590/= Bundle Offer – 2013/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු2,590.00
Out of stock

තිමිරෙන් එතෙරට –

බටහිර අප්‍රිකානු එබෝලා වසංගතය පසුබිම් කරගත් නොඇසූවිරූ කතාවක්… ගිනියාව, ලයිබීරියාව සහ සියෙරාලියොන් දේශසීමා එකිනෙක හමුවන ‘ලෝමා’ නම් සුන්දර කලාපයේ ‘කිසි’ නම් ග්‍රාමයේ ජීවත්වූ ‘ටම්බා’ නම් අභියෝගාත්මක තරුණයාට තම ගම් බිම් හැරදා පලා යාමට සිදුවූයේ වසංගත තත්ත්වයක් හේතුවෙනි. එයින් තම පියා ඇතුළු ඥාතීන් අහිමි වන ඔහුට මොන්රෝවියාවට යාමට හැකි වන අතර එහිදී අමිනාටා නම් පියකරු යුවතියක් මුණ ගැසේ. එහිදී තම ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහවන්ත වන ඔහුට දෛවයේ සරදමක් මෙන් ‘එබෝලා’ වෛරසය ආසාදනය වේ. ඔහු එයින් දිවි බේරාගත්තද ඔහුට සිය බිරිඳ සහ සුරතල් දියණිය අහිමි වේ. ඔහුගේ පුතුන් දෙදෙනා සමග නැවතත් ඔහු ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණ දෙයි. ඒ අතර ඔහුට තම පළමු ආදරවන්තිය ‘කුම්බා’ ව මුණගැසේ. ඒ වන විටත් එබෝලා වසංගතය නිසා ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් සිටියේ ඇයගේ දියණිය වන ‘සයේමා’ ගේ රැකවරණය ඔහුට හිමිකර දෙමිනි. ‘තිමිරෙන් එතෙරට’ නවකතාවෙන් විස්තර වන්නේ ‘ටම්බා’ නම් වූ නොසැලෙන පෞරුෂයකින් යුත් මිනිසාගේ ජීවිත වෘත්තාන්තයයි. පොතේ නම: තිමිරෙන් එතෙරට (පරිවර්තන නවකතාව) මුල් කෘතිය: ප්‍රමුදිත ඩී. රූපසිංහගේ “Behind the Eclipse” නම් ඉංග්‍රීසි නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය. පරිවර්තනය: රෝහණ කලුආරච්චි

රු590.00
Out of stock

තරගයේ වීරයා –

“මතු දිනෙක ලස්සන දියමන්තියක් වෙන්නේ අධික උණුසුම සහ දැඩි පීඩනය යටතේ කාලයක් පුරා වෙනස් වෙන කැත ගල් අඟුරු කුට්ටියකි.” ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියළු ක්‍රම සහ විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකිය. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්ත්‍රයෙන් පමණක් සෑහීමට පත්නොවී, ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ. පාසල් ශිෂ්‍යයාගේ සිට විධායක ජනපති දක්වා වූ ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නන්ට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම සුදුසුයි.

රු1,500.00
Out of stock

ඩ වින්චි කේතය

ඩ වින්චි කේතය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවුණු සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියේරේ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

රු1,950.00
Out of stock

ජීවිතයේ සතුට වැඩි

ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනකුව පරාජය කරනවා නොවේ. අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න. විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර රාජයන්ට පුළුවන්ද? සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි. ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා. ඔබ අනුන්ගේ වැරදි වලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?

රු260.00
Shopping Cart
Scroll to Top