ක්‍රිස්තු වර්ෂ 1505 ගෝවේ එම්මානුවෙල් රජු තම සේනාධිපති ප්‍රැන්සිස්කෝ අල්මේදාට කළ ප්‍රකාශයකින් මෙහි කතුවරයා මෙම කෘතිය ආරම්භ කර තිබේ. මෙම කාලයේදී ද ඉන්දියානු සාගරයේ බලය ඔවුන් යටතට ගෙන තිබූ පෘතුගීසිහු ලංකාව පිළිබඳවද විශේෂ සැළකිල්ලක් දක්වා ඇති බව මෙයින් ඉඳුරාම පැහැදිලිය. ඔවුනට ලංකාව, ඉන්දියානු කලාපයේ බලය තබා ගැනීම සඳහා වැදගත් රටක් වීමද මෙරටින් අගනා කුරුඳු, මුතු, මැණික්, අලි ඇතුන් ලබා ගත හැකි වීමද, යහපත් දේශගුණයක් ඇති රටක් වීමද, මෙය අල්ලා ගැනීමට හේතු වූ බව මෙම පෘතුගීසි රජුගේ ප්‍රකාශයෙන්ම පෙනේ.
තවද ක්‍රිස්තු පූර්ව 543 විජය කුමරු හා පිරිස මන්නාරම් වරායෙන් මෙරටට පැමිණීම සිංහල වංශ කථාකරුවන් සඳහන් කර ඇති ලෙස කුමරුගේ පිය රජු විසින් පලවා හැරීමක් නොව එදින ඉන්දියාවේ දේශපාලන අර්බුද මැද සිදුවූවක් බව මෙහි කතුවරයා පෙන්වා දී ඇත. එමෙන්ම වසර කෝටි ගණනකට පෙර මෙම දිවයින නිර්මාණය වීම, ක්‍රමයෙන් ජීවය සඳහා හැඩ ගැසීම, එහි පිහිටීම, මෙයින් වසර හතළිස් පන්දහසක (45,000) පමණ කාලයක සිට අප්‍රිකානු ඉන්දියානු රටවල මානව ගෝත්‍ර කුඩා කණ්ඩායම් මෙලෙස මෙරටට පැමිණීම ආදී බොහෝ තොරතුරු මෙම කෘතියේ මොහු රචනා කර ඇත.
- ISBN -9786245536955

