Showing 85–126 of 712 resultsSorted by average rating

Out of stock

ලැවෙන්ඩර් – Lavender

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්….. කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොඳින් කලතපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩ කිරිලි වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයොන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්…

රු750.00
Out of stock

රොජා – Roja

මිනිස්සු… දුබලයන්ව උපද්දන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!

රු1,500.00
Out of stock

රුවනාරා – Ruwanara

“සමාව… සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙකුට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි.. එයා එයාට එච්චර විනාශයක් කරපු, ජීවිත කාලෙම කසාද කොළේ අපායට නිගාගෙන එයාව උදේ හවස් දූෂණය කරපු පරාක්‍රම දික්වැල්ලලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවත් සමාව දෙන්නේ නැහැ..!” පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ අම්මගේ සිනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගැහැනියක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප්‍රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදන්න මේ ලෝකෙට ඉපදෙන පොඩි දරුවා..! ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න තියෙන අමාරුව දන්නේ එහෙම බැටකාපු කෙනෙක් විතරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිච්ච ළමයෙක්.. අදටත් මට ඒ ජරා දවස් මතක් වෙනවා. අදටත් මට ආසාවට මතක් කරලා සතුටු වෙන්න කියලා ලස්සන ළමා කාලයක්, මතක් කරන්න දේවල් නැහැ”

රු1,800.00
Out of stock

රහස්පරීක්ෂකයා අතුරුදන්! –

THE CASE OF THE DISAPPEARING DETECTIVE ෂර්ලොක් හෝම්ස් ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස අතුරුදන් වූ විට ඔහු බේරා ගත හැකි වන්නේ බේකර් වීදියේ, ඔහුගේ යොවුන් රහස්පරීක්ෂක පිරිසට පමණකි. බේකර් වීදියේ අභිරහස් ලෙස සැඟව සිටින අයිරිෂ් ජාතිකයන් කවුරුන්ද? ….ඔහුට මොරියාටිගේ සම්බන්ධයක් ඇත්ද? සුප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරැ වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුප්‍රකට ලිපිනයක් බවට පත්ව තිබේ. Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විතෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් සහාය කණ්ඩායම ගැන මුළුමනින්ම ෂර්ලොක් හෝම්ස් කතාවෙත් තවත් තැනක තුනක සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායම මේ කෘතියේ කතුවරයා වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කථා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයන් වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියවුණු The Case of the Disappearing Detective නම් කෘතිය මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතා ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.

රු450.00

රක්ත මැණිකකයේ අභිරහස

THE CASE OF THE RANJIPUR RUBY රංජිපුරේ මහාරාජා එයාගේ පුත් කුමාරයා එක් එක්ක ලන්ඩන් නුවරට ආවේ ලෝකේ තියෙන ලස්සනම රතු මැණික මහාරාජිනියට තෑගි කරන්නයි. ඒත් දන්සකවට සතියකට කලින් මහාරාජා අතුරුදහන් වුණා. පුංචි කුමාරයාගේ පස්සෙන් මාරයෝ දෙන්නෙක් හඹාගෙන ආවා. එයාව බේරගන්න සිද්ධ වුණේ විගින්ස්, නිපර් ඇතුළු අපේ බේකර් වීදියේ වීරයෝ ටික දෙනාටයි. මොකද ෂර්ලොක් හෝම්ස් මහත්මයා ලන්ඩන් නුවරින් පිට ගිහින්. එයා කොහේ ගිහිල්ලද? අතුරුදහන් වෙච්ච මහාරාජාට මොකද වුණේ? එතකොට රංජිපුරේ රතු මැණික කාගේ ළඟද? මේකට මොරිසාටි සම්බන්ධ වුණේ කොහොමද? ලෝකප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී සර් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරු වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුපකට ලිපිනයක් බවට පත්ව තිබේ. Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායමේ කතන්දරය වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Disappearing Detective නම් කෘතියේ ‘රහස් පරීක්ෂකයා අතුරුදන්’ නමින් පළ වූ සිංහල පරිවර්තනය ඔබ දැනටමත් කියවා ඇති බැවි නිසැකය. ඔබ මේ දැන් කියවන්නට සූදානම් වන්නේ එම කතා මාලාවේ දෙවැන්න වූ The Case of the Ranjipur Ruby නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මේ කතා මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතාවල පරිවර්තන ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.

Out of stock

යුගාන්තය – Yuganthaya

යුගාන්තය මාර්ටින් වික්‍රමසිංහ “අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කතාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය. ඒ සිදුවීම් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන් ය. එහෙත් කර්තෘගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි” ‘ජයදේව’ – ලංකාදීප

රු900.00

යාරා – Yara

මෙල්බනයේ නගර සෝබනිය, යාරා නදිය නගරය මැදින් නිහඬවම ගලා බසිනවා… අයෙක් තම දුක වේදනාව කියන්න යාරා නදිය අසබඩට පැමිණියා. තවත් අයෙක් විනෝද වෙන්න ගඟ අසබඩට ආවා. නිහඬ නදිය ඔවුන් සැම පිනවමින් ඔහේ ගලා ගියා. එහෙත් නදියේ විලාපය ඇසුණේ කාටද?

රු1,900.00
Out of stock

යළිත් යාපනයට with

Bundle Offer #7 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. යළිත් යාපනයට – 890/= Forget me not – 1200/= Total – 2090/= Bundle Offer – 1583/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු2,090.00

යළිත් යාපනයට –

මුල් කෘතිය: Retour à Jaffna – Jean-Paul Faure පරිවර්තනය: මෝහාන් ධර්මරත්න 2001 අවුරුද්දේදී ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස වැඩ භාරගන්නා ලුනා කේසිවි, දෙවැනි ලෝක යුද සමයේ නාසීන් විසින් සමූලඝාතනය කරනු ලැබූ යුදෙව්වන්ගේ අක්මුල් සොයා යමින් සිය ජීවිත කාලයම ගත කළ පියෙකුගේ දියණියකි. සිය සේවා ස්ථානයේ පැරණි රාජකාරි ලිපිගොනු අවුස්සන ඇයට 1990 අවුරුද්දේ ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ගිය යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා නොනිවෙන ආශාවක් ඇතිවෙයි. එය ඉටුකරගැනීම සඳහා යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ අවසන් ආයතන ප්‍රධානියාව සිටියදී යුද්ධය මැද අතුරුදන්ව ගිය සන්දනා පොන්නම්බලම් තවමත් ජීවත්ව සිටින්නේ දැයි සොයා ගැනීමට ලුනා අධිෂ්ඨාන කරයි. 1990 ප්‍රහාරයේ දී සන්දනා පොන්නම්බලම් ඇතුළු යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳව රහසේ විස්තර සොයා යන ලුනා, අවසානයේදී කැලණිය සරසවියේ මාධ්‍ය අංශයේ කණ්ඩායමක් සමග 2002 සටන් විරාම සමයේ යාපනයේ අනතුරුදායක සංචාරයක යෙදෙයි. සන්දනා තවමත් ජීවතුන් අතර සිටින බව ලුනා කේසිවි සොයා ගනියි. ඔහු සිටින්නේ කොහිද? ලුනාට සන්දනා හමුවේද? ඒ සංවේදනීය කතාවයි මේ.

Out of stock

මේ මගේ අම්මාය

ගාමිණී මොරගොඩ අති උතුම් මාතෘත්වය පාදක කොට මින්සර අර්පණී ගාමිණී මොරගොඩ මහතා විසින් රචනා කොට ඇති “මේ මගේ අම්මාය” යන කෘතිය අප කාගේත් සම්භාවනාවට පාත්‍ර විය යුතුය. සිය නිර්ව්‍යාජ අත්දැකීම් එක් කොට රචනා කොට ඇති මෙම කෘතියෙහි ඔහු ඇසුරු කළ සහ ඔහුට ආදරය කළ අම්මාවරු, නැන්දම්මාවරු, ලේලිවරු සහ තවත් බොහෝ දෙනා පෙනී සිටිති. මොවුන් හා බැඳුණු විවිධ සිදුවීම් ඇසුරෙන් කතුවරයා විග්‍රහ කරන්නේ සොඳුරු පවුලක් නිර්මාණයේදී ලා වැදගත් වන විවිධ සාධකයි. සියලු දරු පවුල් සොඳුරු පවුල් බවට පත්වනු දැකීම එතුමාගේ එකම ප්‍රාර්ථනයයි. මහාචාර්ය අනුර වික්‍රමසිංහ

රු250.00

මුද්දරස්පලං – Muddaraspalan

කසුන්ගේ සිනි මුරක්කු කෙටි කතා සංග්‍රහය 2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩිම අලෙවි වුණු කෙටි කතා සංග්‍රහය ලෙස වාර්තා තැබූ බව අපට සැලවුණා. ඒ පොත මිලදී ගන්නත්, ඊට කසුන්ගේ අත්සන ලබාගන්නත් සෑහෙන පෝලිමක් හිටපු හැටි අපි දැක්කා. – සමන් අතාවුදහෙට්ටි කසුන්ගේ ලියවිලි කාරුණිකයි. විවෘතයි. – ජැක්සන් ඇන්තනි (ජීවත්ව සිටියදී වට්සැප් කළ පණිවිඩයක්) කසුන් එයාගෙ කතාවල ගේන බොහෝ චරිත මේ සමාජයේ වැඩි අවධානයක් නොදෙන චරිත. සමාජයෙන් කොන් කරපු චරිත. සමාජය නරකයට ලේබල් කරපු චරිත. කසුන් හරි ලස්සනට ඒ මිනිස්සුන්ගේ හිතේ පතුලේ ජීවිතයත් ආදරයත් වටිනාකමත් තියෙනවා කියලා පෙන්නනවා. – ආචාර්ය සෝමරත්න දිසානායක කසුන්ගේ කතාවන්හි කාර්මිකත්වයට ඔහු විසින් භාවිතා කරන භාෂා උපක්‍රමයන් බෙහෙවින් ඉවහල් වෙයි. විශේෂයෙන් දෙබස් රචනයේදී ඔහු චරිතවල සැබෑ ස්වරූපය මෙන්ම ඒවායේ සංකීර්ණත්වය මෙන්ම ගැඹුරු පාඨකයා හට දැනී යන ආකාරයෙන් දෙබස් නසුරුවන්නට සමත් වෙයි. සමාජයේ පවත්නා ආකල්ප සහ සීමාවන් බිඳුවන්නට නොහැකි වන ඉතා සෘජු ලෙස සිය භාෂා භාවිතය හරහා චරිතය තියුණු ලෙස මතුකරන්නට වෑයම් කරයි. කසුන්ගේ කතා කලාවේ කාර්මිකත්වයට මේ උත්සාහය බෙහෙවින් ඉවහල් වෙයි. – චූලානන්ද සමරනායක කසුන් කියන්නෙ අපි වගේ එකෙක්. අපිටත් තරුණ වයසෙදි තිබුණේ මුගේ පිස්සුවමයි. මේ තරුණයාගෙන් මට අහිතේ දන්න මාව පේනවා. – වසන්ත දුග්ගන්නාරාළ කෙළින්ම වැරදියි. ඒත් ඒ සිද්ධියෙන් පස්සෙ තමයි මමත් මේ තරුණයා කවුද කියලා දැනගත්තෙ. – මහාචාර්ය ලියනගේ අමරකීර්ති (ෆේස්බුක් කෙටි සටහනක්) කසුන් මහේන්ද්‍ර හිනටිගල මට නම් හරිම විශේෂයි. වැදගත්ම දේ හුඟක් ලියන්නො නොදන්න භාෂාවෙ මාකටින් කොටස කසුන් හරියටම දන්නවා. ඒක මාරයි. – අකිල විමංග සෙනෙවිරත්න මෑත කාලෙදි මාකටින් කියන දේ හොඳටම පාවිච්චි කරපු මනුස්සයා තමයි කසුන් මහේන්ද්‍ර හිනටිගල. ඇත්තටම මට නං ඒ ගැන ආඩම්බරයි. – මොහාන් රාජ් මඩවල මට හරියට ආස හිතුණා පොතේ හෙඩි භාවිතය දැක්කම. මං ඉස්සර ලියද්දි අප්පච්චි මට හැම වෙලේම කියනවා උඹේ වාක්‍ය දිග වැඩියිනෙ බං කියලා. කසුන්ගෙ ලියවිල්ලෙ මං දකින්නෙ මට කවදාවත් කරන්න බැරිවෙච්ච මගෙ අප්පච්චි ආස වෙච්ච සරල වචන ක්‍රමයයි. – සජිත ඇන්තනි කසුන්ට තියෙන්නෙ විසිතුරු මනසක්. මං ආදරේ ඒකට. – මාධවී ඇන්තනි

රු1,850.00

මුද්දර පුංචා Muddara

⭕ ළමුන් තුළ රසවින්දනය, පරිකල්පනය සහ යහගුණ වර්ධනය කිරීමේ අරමුණෙන් ලියවුනු මින්සර ළමා ගී පොත් පෙළකි. දරුවන්ගේ ගායන කුසලතාවන් වර්ධනයවීම මෙන්ම සෞන්දර්යය, සංස්කෘතික කි්‍රයාකාරකම් ස`දහාද යොදා ගත හැක. ඉංගී්‍රසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාස ලෙස යොදා ගත හැකි ගීත කීපයක්ද වෙයි. දරුවන්ට පමණක් නොව මාපිය, වැඩිහිටි අයට මෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන්ගේ උපකාරක අත්පොත් පෙළක් ලෙසද ඉතා සුදුසුය.   ISBN 978-624-5536-45-0

මිථ්‍යාවෙන් එහා –

සත්‍ය සිදුවීම් ඇසුරෙන් මිථ්‍යා මත පිළිබඳ විමසුමක් මෝහන චිකිත්සකවරයා එසේ කී සැණින් තරුණයා බිම වැතිරීගෙන අසාමාන්‍ය අයුරින් ඇඹරෙන්නටත්, දඟලන්නටත් පටන් ගත්තේය. “මොකද ඔබ දඟලන්නේ.. දැන් ඔබ කවුද?” චිකිත්සකවරයා ඇසීය. “හැපින්නක්…” “හැපින්නක්…? කොහෙද හැපින්න වාසය කළේ…?” “අනුරාධපුරේ..” “අනුරාධපුරේ කොහෙද..?” “අටමස්ථානේ හරියේ..” “කොහොමද දැන ගත්තේ ඒ අටමස්ථානේ කියලා..?” මෝහන චිකිත්සකවරයා විමසූ විට තරුණයා මදක් නිහඬව සිටියේය. “කොහොමද දන්නෙ ඔබ හිටපු ප්‍රදේශය ගැන හරියටම..?” විචිකිත්සකවරයා නැවත ඇසීය. මෙවැනි සත්‍ය සිදුවීම් තුළ අන්තර්ගත සත්‍ය හෝ මිථ්‍යාව පිළිබඳ මනෝ විද්‍යාත්මක විවරණයක්

මිණි මුතු හා

පෝලිම පෝලිම පෝලිම කොතැන ගියත් අද පෝලිම මේ යුගයේ පහළ වෙච්ච මහානර්ඝ දේ පෝලිම ටිකට් ගන්නකොට පෝලිම බහින්න ගිය තැන පෝලිම දුම්රිය බස්රිය කොයිකෙත් නැගුමට බැස්මට පෝලිම සමුපකාරෙදි පෝලිම ස නො සේ මහ දිග පෝලිම ළමයි හම්බවෙන්න ගිහින් ඉස්පිරිතාලෙත් පෝලිම කඩදහි ගැනුමට පෝලිම ඒක ලියන්නට පෝලිම කසාදයක් බඳින්න ගියවිට කච්චේරියෙ පෝලිම ඒ අය ඇතිකළ පෝලිම අපි නැතිකරනව පෝලිම කිව්වත් වේදිකාවලදි ඡන්දය දෙන්නත් පෝලිම උපදිනවිට ඇති පෝලිම කසාදයට ඇති පෝලිම ඊළඟ රජයෙන් ඉල්ලමු මැරෙන්න යන්නත් පෝලිම

Out of stock

මැයි මාර ප්‍රසංගය

එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි…’ -මැයි මාර ප්‍රසංගය-

රු700.00
Out of stock

මාගම් සෝලිය –

“වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වෙයි කියන බිය මා දැඩිව වෙලා ගත් බැවිනි.” රත්න ශ්‍රී විජේසිංහ – දිවයින ඉරිදා සංග්‍රහය “සිද්ධාර්ථ – යශෝධරා සම්මත ආදර කතාව සේම සිංහබාහු – සිංහ සීවලී අසම්මත කතාවද අපේ ඉතිහාසයේ තිබේ. එය විනිවිද දකින ප්‍රධාන සන්සන්දනයකි.” නාපාවෙල ධම්මානන්ද හිමි – ලංකාදීප “මාගම් සෝලිය නවකතාව රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක පිහිටාය.” ජැක්සන් ඇන්තනී – සිළුමිණ “මාගම් සෝලිය ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියවුණු සිනමා පිටපතක් වැන්නකි.” මහාචාර්ය අජන්තා හපුආරච්චි – ලක්බිම “ස්වර්ණ පුස්තක සම්මානයෙන් ‘මාගම් සෝලිය’ කුණුහරුපයක් කියා කපා හැරියේය. කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැත.” රන්ජන් අමරරත්න – දිනමිණ “ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්‍ර කරගෙන කතුවරයා මවන්නේ යථාර්ථයත් මායාවත් මුසුවූ ලෝකයකි.” මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස – මව්බිම “මාගම් සෝලිය පෝනොග්‍රැෆි ගණයට අයත් නවකතාවකි.” දයා දිසානායක – රිවිර “මෙය ශිෂ්ටත්වයේ ආරක්ෂක රහස්‍යභාවයට ඇති අප සමාජයට අතහළ ලිංගිකත්ව චර්යා හා ආකල්ප පිළිබඳ න්‍යෂ්ටික බෝම්බයකි.” ආචාර්ය සාලිය කුලරත්න – දිවයින මොහාන් රාජ් මඩවල

රු1,650.00
Out of stock

මා බාලේ –

ගෙදරට එනකොට හැමෝම ඉස්තෝප්පුවට වෙලා මහා පුදුමයක් වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. “කොහේද ගියේ?” පත්තරේ බල බල හාන්සි පුටුවට වෙලා හිටිය තාත්තා ඇහුවා. “කොහේවත් ගියේ නෑ,” කියලා මම අමාරුවෙන් කිව්වා. අඬන නාඬන බේරි වුණ මූණක් ඒ ගොල්ලෝ මගෙන් දකින්න ඇති. ඔක්කොම හයියෙන් හිනා වුණා. “පන්මිණි ඇවිත් කියලා ගියා, ඔයා යාලුවෝ කට්ටියක් එක්ක පන්වත්තේද කොහේද ගිහින් සිල් මුදවන්නවත් පන්සලේ හිටියේ නැහැ කියලා”. ඔසරියක් ඇඳගෙන කොණ්ඩෙ පීර පීර මාව හොයන්න යන්න ලෑස්ති වෙවී හිටිය අම්මා කිව්වා. මට කට උත්තර නැති වුණා.

රු750.00
Out of stock

මහ ඉඩම –

බන්දුල ආර්. ගුලවත්ත ගම්පහ මින්සර සමස්ත ලංකා අත්පිටපත් තරගය – 2013 ජයග්‍රාහී නව කතාව වෙනුවෙන් විනිශ්චය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද හේතු පාඨය. “ඉඩමත් ගැමියත් අතර දැඩි සම්බන්ධතාවය, ඉඩම් අයිතිය පිළිබඳ ඇති ගැටලු හා නඩු හබ ආශ්‍රිත පුවතක් ඇසුරින් උසාවි පරිශ්‍රය හා සාම්ප්‍රදායික ගැමි සමාජය පිළිබඳව පුළුල් චිත්‍රයක් මවමින්ද, සියුම් උපහාසයෙන් හා උත්ප්‍රාසයෙන් එය ආලෝකමත් කරමින්ද, මිනිසුන් සහ පරිසරය ගැන ස්වකීය දෘෂ්ටිය ව්‍යාංගාර්ථයක් සේ මතු කරමින්, තමන්ටම අනන්‍ය වූ වාක්‍ය ප්‍රයෝග සහිත ආශ්චර්යමත් බස් වහරකින් අලංකෘත කොට, වියමන් කළ ප්‍රශස්ත නව කතාවක් ලෙසට බන්දුල ආර්. ගුලවත්තගේ ‘මහ ඉඩම’ නම් නිර්මාණ කෘතිය මින්සර නවකතා අත්පිටපත් තරගයේ හොඳම නවකතාව ලෙසට ජයග්‍රහණය හිමි කර ගත් බව මෙයින් ප්‍රකාශ කොට සිටින වගයි.” මහාචාර්ය අනුර වික්‍රමසිංහ

රු290.00

මව්බස වචන ලිවීම

⭕ 2017 නව නිර්දේශයට අනුව දෙවැනි ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ද, යංශය හා රකාරාංශය ද ඇතුළත් මෙම අකුරු හුරු කිරීමේ පොත රතු සහ නිල් වර්ණවලින් යුතුව රූල් පහට අනුව සම්පාදනය කර ඇත.

මව්බස අකුරු ලිවීම

⭕ 2017 නව නිර්දේශයට අනුව දෙවැනි ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ද, යංශය හා රකාරාංශය ද ඇතුළත් මෙම අකුරු හුරු කිරීමේ පොත රතු සහ නිල් වර්ණවලින් යුතුව රූල් පහට අනුව සම්පාදනය කර ඇත.

Out of stock

මලලසේඑකර -Malalasekara English

New Pocket Dic.-Malalasekara Eng-Sin Shabdakoshaya

රු2,500.00
Out of stock

මරකත නිම්නය –

රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වාගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්, ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය. නමුදු ඒ හෝඩුවා යොමුවන්නේ රිවර්හිල් කඳුකරය වෙතයි. යක්ෂයන්ගෙන් යක්ෂයාගේ වාසභවනය ඇත්තේ මේ කඳුකරයේද? සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවාගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය. ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුන්ට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ. කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි සැඟවීගිය සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමු වේ. මේ මරකත පරීක්ෂණයේ අවසානයයි.

රු1,850.00

මතකය හා ස්නායු

ළමා වියේ හා වැඩිහිටි වියේ මතකය සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය ළමා වියේ සිට මහලු විය දක්වා වයස් පරාසය තුළ මතකය පිළිබඳ ගැටලු ඉතා සුලභය. ස්නායු වර්ධන අක්‍රමිකතා නිසා ළමා වියේ මතකය පිළිබඳ ගැටලු දැකීමට ලැබෙන අතර, මොළයේ ස්නායු පරිහානියට ලක්වීම නිසා මහලු වියේ මතකය පිළිබඳ දෝෂ හටගනී. මීට අමතරව භෞතික වශයෙන් සැලකීමේදී මොළයට හානි සිදුවීම නිසා පුද්ගලයෙකුගේ මතකයේ අඩුපාඩු සිදුවන්නට පුළුවන. කෙසේ වුවත් ළමා වියේ හා වැඩිහිටි වියේ සියලුදෙනා අතර කාංසාව හා විෂාදය වැනි මානසික අසමතා නිසා මතක නැතිවීම ඉතා සුලභ කරුණකි. මතකයේ අඩුපාඩු පිළිබඳව තොරතුරු සොයන සියලුදෙනාට මේ කෘතිය වැදගත් වනු ඇත.

මණික්කාවත – Manikkawatha

කර්තෘ: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පසුකවරයේ ඇති උපුටනය: “උඹලගේ පඳුරු ගැන්හිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විශේෂයෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනින්, ගොයම් කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා දඟලුවා ම මොකද වෙන්නේ? ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ…”

මගේ නොවන මගේම

⭕ දරුවන් නොමැති ඇතැම් දෙමව්පියන් අන් අයෙකුගේ දරුවෙකු නීත්‍යානුකූලව ලබාගෙන තමන්ගේම දරුවෙකු ලෙස ආදරයෙන් හදාවඩා ගැනීම සැබැවින්ම උතුම්වූ සද්කාරයකි. එහෙත් එවැනි දරුවෙකු හදාවඩා ගැනීමේදී මතුවිය හැකි ගැටළු බොහෝමයකට එම දරුවන්ගේ පසුබිම ( පැටිකිරිය ) බලපාන බව බොහෝ මව්පියන් නොදන්නා හෙයින් පවුලක් වශයෙන් ජීවත්වීමේදී අනවශ්‍ය දුෂ්කරතාවලට මූණදීමට සිදුවිය හැක, මෙළෙස අන්‍ය වූ දරුවෙක් හදා වඩා ගැනිමේදී පිළිපැදිය යුතු බොහෝ කරුණු මෙන්ම යහපත් මානසික තත්වයක් යටතේ පවුල් දිවියක් ගත කිරීමටද අවශ්‍ය බොහෝ මනෝවිද්‍යාත්මක කරුණු ඉතා සරල බසින් මෙම ග්‍රන්ථයේ අඩංගු වේ. මනෝ වෛද්‍ය සරත් ප~ුවාවල මහතා විසින් රචිත මෙම කෘතිය අනුන්ගේ දරුවන් නිත්‍යානුකූලව හදා වඩාගන්නා දෙමව්පියන්ට අතිශයෙන්ම වැදගත් මෙවලමක් මෙන්ම මග පෙන්වන ආලෝකයක් ලෙසද සදහන් කළ හැක.

මකුළු සීයේ Makulu

⭕ ළමුන් තුළ රසවින්දනය, පරිකල්පනය සහ යහගුණ වර්ධනය කිරීමේ අරමුණෙන් ලියවුනු මින්සර ළමා ගී පොත් පෙළකි. දරුවන්ගේ ගායන කුසලතාවන් වර්ධනයවීම මෙන්ම සෞන්දර්යය, සංස්කෘතික කි්‍රයාකාරකම් ස`දහාද යොදා ගත හැක. ඉංගී්‍රසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාස ලෙස යොදා ගත හැකි ගීත කීපයක්ද වෙයි. දරුවන්ට පමණක් නොව මාපිය, වැඩිහිටි අයට මෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන්ගේ උපකාරක අත්පොත් පෙළක් ලෙසද ඉතා සුදුසුය..   ISBN 978-624-5536-48-1

Shopping Cart
Scroll to Top