හැරී පෝටර් සහ
ඩර්ස්ලිලාගෙන් සහ ප්‍රිවෙට් ඩ්‍රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වෝල්ඩමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෲසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි. උපද්‍රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.
හැරී පොටර් සහ
හැරී පොටර් හෝග්වාර්ට්ස් මායාරම්භ සහ ඉන්ද්‍රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සූදානමින් සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්‍රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කළේ නැත. මේ නිසා හැරී පසුවන්නේ මහත් වික්ෂිප්තයෙනි. ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට හැරී පසුවන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද, එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්ත්වයකි. ජේ. කේ. රෝලින්ගේ පෑන් තුඩින් ගලා එන ත්‍රාසය, කුතුහලය සහ භීෂණ ක්‍රියා තුළින්, කියවන්නා ත්‍රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.
සිසිර ගීතය –
සිසිර ගීතය –
පරිවර්තනය: රෝහණ කලුආරච්චි ඍතු වෙනස් වන්නා සේම ජීවිතය ද වෙනස් වනු ඇත. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ඇතිවන සාමාජීය හා දේශපාලන අස්ථාවරභාවය මෙන්ම තම ආදරණීය බිරිඳ නාදියාගේ අකල් වියෝගයේ අමිහිරි අත්දැකීම් තුළින්, මේ මහ පොළොව මත පැවැත්ම අස්ථාවර බව ඉවාන් වටහා ගනී. තම ආත්මීය සගයා බයනය සමඟින් වනගත ජීවිතයකට එළඹෙන ඔහු එහිදී නැවතත් නාදියා සමඟින් පෙමින් බැඳේ. දියණිය ඔල්ගාට සෙනෙහෙබර පියෙකු වන ඉවාන්ගේ ජීවිතය නවමු දිශාවකට යොමුවන අතර ඔහු තම බයනය සමඟින් වඩා වඩාත් සොබාදහම තුළ අනුගත වේ.
රහස්පරීක්ෂකයා අතුරුදන්! –
THE CASE OF THE DISAPPEARING DETECTIVE ෂර්ලොක් හෝම්ස් ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස අතුරුදන් වූ විට ඔහු බේරා ගත හැකි වන්නේ බේකර් වීදියේ, ඔහුගේ යොවුන් රහස්පරීක්ෂක පිරිසට පමණකි. බේකර් වීදියේ අභිරහස් ලෙස සැඟව සිටින අයිරිෂ් ජාතිකයන් කවුරුන්ද? ….ඔහුට මොරියාටිගේ සම්බන්ධයක් ඇත්ද? සුප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරැ වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුප්‍රකට ලිපිනයක් බවට පත්ව තිබේ. Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විතෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් සහාය කණ්ඩායම ගැන මුළුමනින්ම ෂර්ලොක් හෝම්ස් කතාවෙත් තවත් තැනක තුනක සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායම මේ කෘතියේ කතුවරයා වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කථා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයන් වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියවුණු The Case of the Disappearing Detective නම් කෘතිය මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතා ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.
රක්ත මැණිකකයේ අභිරහස
THE CASE OF THE RANJIPUR RUBY රංජිපුරේ මහාරාජා එයාගේ පුත් කුමාරයා එක් එක්ක ලන්ඩන් නුවරට ආවේ ලෝකේ තියෙන ලස්සනම රතු මැණික මහාරාජිනියට තෑගි කරන්නයි. ඒත් දන්සකවට සතියකට කලින් මහාරාජා අතුරුදහන් වුණා. පුංචි කුමාරයාගේ පස්සෙන් මාරයෝ දෙන්නෙක් හඹාගෙන ආවා. එයාව බේරගන්න සිද්ධ වුණේ විගින්ස්, නිපර් ඇතුළු අපේ බේකර් වීදියේ වීරයෝ ටික දෙනාටයි. මොකද ෂර්ලොක් හෝම්ස් මහත්මයා ලන්ඩන් නුවරින් පිට ගිහින්. එයා කොහේ ගිහිල්ලද? අතුරුදහන් වෙච්ච මහාරාජාට මොකද වුණේ? එතකොට රංජිපුරේ රතු මැණික කාගේ ළඟද? මේකට මොරිසාටි සම්බන්ධ වුණේ කොහොමද? ලෝකප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී සර් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරු වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුපකට ලිපිනයක් බවට පත්ව තිබේ. Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායමේ කතන්දරය වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Disappearing Detective නම් කෘතියේ ‘රහස් පරීක්ෂකයා අතුරුදන්’ නමින් පළ වූ සිංහල පරිවර්තනය ඔබ දැනටමත් කියවා ඇති බැවි නිසැකය. ඔබ මේ දැන් කියවන්නට සූදානම් වන්නේ එම කතා මාලාවේ දෙවැන්න වූ The Case of the Ranjipur Ruby නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මේ කතා මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතාවල පරිවර්තන ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.
බිඳී නොබිඳී –
බිඳී නොබිඳී –
“ලූසී.. ඕක නවත්තන්න… හොඳ හුස්මක් ගන්න..” “මට අප්පිරියයි ඔය වෙන්ඩි.. ඒ වගේ කලින් හිටිය ගෑනි වල්ලටත් අන්තයි…” “ලූසී.. ලූසී.. පැටියෝ.. පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ..” මම හැකිතාක් මෘදුව කීවෙමි. “මං වෙන්ඩිට වෛර කරනවා..” ඉංග්‍රීසි නම: The girl who wanted to Belong මුල් කතුවරිය: Angela Hart සිංහල නම: බිඳී නොබිඳී (Bindee Nobindee) පරිවර්තනය: දිල්හානි වික්‍රමරත්න (Dilhani Wickramarathna) තේමාව: The True Story of a Devastated Little Girl and the Foster Carer who Healed her Broken Heart (හදවත බිඳුණු අසරණ කුඩා දැරියකගේ සහ ඇයව සුවපත් කළ සුළු මවකගේ සත්‍ය කතාවකි.)
බැන්ශි අටල්ලේ අභිරහස
නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත්‍යන්තරයට පවා අවශ්‍යව පවතින, ඉතාමත් වටිනා චිත්‍ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයෙකු කොටු කර ගැනීමට ගැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ්‍ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අර්න්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑණා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස්‍යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී ටවර්ස්ලේ අබිරහස මොවුන්ගේ වීර වික්‍රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.
පෙට් සෙමෙටර් –
දොස්තර ලුවීස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ලකරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ට දෙයකිනි. එනම්, අහිමි වීමේ දුක හා වේදනාව මඟිනි. තමන් අතිශය ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වෙන් වූ බව දැනගත් විට ඇති වන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිඳී මැරි මැරි ජීවත්වෙමින් සිටියදී සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද?
දිව්‍යාශිංසන 2 –
සන් ලං නම් වූ මනබන්ධනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ නොමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාස නාම ලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂී යෑන් සහතික කොට ගත්තේය. එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබුණි. මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඛ්‍යාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂී යෑන්ට මග හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂී යෑන්ට අවස්ථාව එළඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අබියස නිරාවරණය වන්නේය. එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කෙතෙක් වුවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළිකරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ෂී යෑන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි, අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.
දිව්‍යාශිංසන – Diwyashinshana
සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂීව් ලියෑන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් විරුදප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවිටු ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා බාල වයසේදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය. එහෙත් යමෙකු නැඟුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය. මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂීව් ලියෑන් තෙවැනි වරටත් දෙවි වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂීව් ලියෑන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කුරිරු වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය. ඔහුට සැන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන් අතර ගොඩනැඟෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අභිබවා ගිය කිසියම් අබිරහස් අනන්‍යතාවයක් හා අවින්තය යටගියාවක් සැන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මදහස යට කවර නම් වූ කතා පුවතක් සැඟව ඇත්තේද?
තිමිරෙන් එතෙරට –
තිමිරෙන් එතෙරට –
බටහිර අප්‍රිකානු එබෝලා වසංගතය පසුබිම් කරගත් නොඇසූවිරූ කතාවක්… ගිනියාව, ලයිබීරියාව සහ සියෙරාලියොන් දේශසීමා එකිනෙක හමුවන ‘ලෝමා’ නම් සුන්දර කලාපයේ ‘කිසි’ නම් ග්‍රාමයේ ජීවත්වූ ‘ටම්බා’ නම් අභියෝගාත්මක තරුණයාට තම ගම් බිම් හැරදා පලා යාමට සිදුවූයේ වසංගත තත්ත්වයක් හේතුවෙනි. එයින් තම පියා ඇතුළු ඥාතීන් අහිමි වන ඔහුට මොන්රෝවියාවට යාමට හැකි වන අතර එහිදී අමිනාටා නම් පියකරු යුවතියක් මුණ ගැසේ. එහිදී තම ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහවන්ත වන ඔහුට දෛවයේ සරදමක් මෙන් ‘එබෝලා’ වෛරසය ආසාදනය වේ. ඔහු එයින් දිවි බේරාගත්තද ඔහුට සිය බිරිඳ සහ සුරතල් දියණිය අහිමි වේ. ඔහුගේ පුතුන් දෙදෙනා සමග නැවතත් ඔහු ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණ දෙයි. ඒ අතර ඔහුට තම පළමු ආදරවන්තිය ‘කුම්බා’ ව මුණගැසේ. ඒ වන විටත් එබෝලා වසංගතය නිසා ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් සිටියේ ඇයගේ දියණිය වන ‘සයේමා’ ගේ රැකවරණය ඔහුට හිමිකර දෙමිනි. ‘තිමිරෙන් එතෙරට’ නවකතාවෙන් විස්තර වන්නේ ‘ටම්බා’ නම් වූ නොසැලෙන පෞරුෂයකින් යුත් මිනිසාගේ ජීවිත වෘත්තාන්තයයි. පොතේ නම: තිමිරෙන් එතෙරට (පරිවර්තන නවකතාව) මුල් කෘතිය: ප්‍රමුදිත ඩී. රූපසිංහගේ “Behind the Eclipse” නම් ඉංග්‍රීසි නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය. පරිවර්තනය: රෝහණ කලුආරච්චි
ඩ වින්චි කේතය
ඩ වින්චි කේතය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවුණු සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියේරේ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
කොච්චි ගෙදර දරුවෝ
කොච්චි ගෙදර දරුවෝ
පැසී නිදාහුන් තැනින් නැගිටලා මඳක් වනාන්තරය තුළට ඇවිදගෙන ගියා. වැස්සට පෙර නොතෙමී සිටිය හැකි තැනක් සොයාගන්නටයි ඇය මේ වෙහෙස වන්නේ. ඒ සමඟම ඇය දුටුවේ පුදුම සහගත දසුනක්. වනාන්තරයේ ගස් වැල්වලින් වැසී ගිය පරණ දුම්රිය පෙට්ටියක්. ඒ සමඟම පැසී කල්පනා කළේ පුදුමාකාර උද්දාමයකින්. “අන්න අපිට වැස්සෙන් නොතෙමී ඉන්න අපූරු ගෙයක්.” එසේ සිතමින්ම පැසී පරණ දුම්රිය පෙට්ටිය අසලට දුවගෙන ගියා. මළ බැඳුණු සහ අබලන් වූ දුම්රිය මාර්ගයක් උඩ නතර වෙලා තිබෙන දුම්රිය පෙට්ටියේ එන්ජිමක් තිබුණේ නෑ. බොහෝ කාලයකින් පාවිච්චි නොකළ නිසාදෝ දුම්රිය පෙට්ටිය වටෙන්ම ගස් වැල් වැවී තිබුණා. “මේක කෝච්චි පෙට්ටියක් නේ. වැස්ස නතර වෙනකම් අපිට මේක ඇතුළේ නොතෙමී ඉන්න පුළුවන්.”
අසුර ධ්‍යානවේදයේ මහා
වෙයි වූෂියන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනෙන ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව, දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බලසම්පන්න, කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනιδැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී, අසුර ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදියාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ වූ ගෞරවයම, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මියයයි! ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති; ජය පාන් බොති. වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර, මියගිය වෙයි වූෂියන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ, තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන, යළිත් මෙලොවට පැමිණෙන වෙයි වූෂියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුවාන්-ජුන් ඔහුගේ පසෙකින් හිඳියි. සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳාගැනීමට වෙයි වූෂියන් සමත් වනු ඇතිද? ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව, පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය
මේ වන විට ශෙන් වින්චු, ලුඕ බින්හට ද්‍රෝහි වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොවසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි. කෙසේ නමුත්, ශෙන් වින්චු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඕ බින්හ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් වින්චුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් වින්චුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි. නොවෙනස්ව පැවති එකම දේ වූයේ, ලුඕ බින්හගේ කෝපය තවමත්, ශෙන් වින්චු වෙතම යොමුව පැවතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් වින්චුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත. පරිවර්තනය රවිශ්කා තරුප්‍රභා පෙරේරා