ඉගෙනීමේ අපහසුතා හඳුනාගනිමු
විශේෂඥ මනෝ වෛද්‍ය
සරත් පඬුවාවල
දෑරුවන්ගේ මොළය හා ඥාන ශක්තිය වැඩි කළ හැකි යයි ප්‍රචලිත කරනු ලබන නොයෙකුත් වෙළඳ නිෂ්පාදන ඇතුළු අනෙකුත් බෙහෙත් හෝ විටමින් වර්ග භාවිත කර ඉගෙනීමේ අපහසුතාවලට ප්‍රතිකාර කළ නොහැකිය. මූලික වශයෙන් වැදගත් වන්නේ දරුවන්ගේ ඉගෙනීමේ අපහසුතාවන්ගේ ස්වභාවය විනිශ්චය කර ගැනීමත් ඊට උචිත පුනරුත්ථාපන කටයුතු කිරීමත්ය. ඇත්තෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මුල් අවධියේදීම, එනම් දරුවා ප්‍රාථමික අධ්‍යාපනය ලබන මුල් වසර කිහිපයේදී මෙම පියවර ගැනීම සිදුවිය යුතුය.
කිසියම් දරුවකුගේ වර්ධන පියවර සියල්ලම පාහේ සාමාන්‍ය පරිදි සිදුවූවත් වර්ධනයේ ප්‍රමාදයක් සිදුවන අවස්ථාවලදී, බොහෝ විට භාෂා හා කල්පනා පිළිබඳ අඩුපාඩු මතුවීමට පුළුවන. පෙර පාසල් අවධියේම මෙම තත්ත්වය ගැන සැලකිලිමත් වීම අනාගත ඉගෙනුම් අපහසුතා අවම කර ගැනීමට හේතු වනු ඇත. මෙවැනි අපහසුතා පසුව හරි යයි කියා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙති. නමුත් බහුතරයකගේ එය එසේ සිදු නොවන බව වටහා ගැනීම වැදගත්ය.
වෛද්‍ය සරත් පඬුවාවල
විශේෂඥ මනෝ වෛද්‍ය


