Showing 1–42 of 73 resultsSorted by average rating

Bundle

හව්හරණ with රතු

Bundle Offer #9 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. හව්හරණ – 1100/= රතු වද මල් – 1350/= Total – 2450/= Bundle Offer – 1850/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු2,450.00

හව්හරණ hawharana

⭕ මාව බිල්ලට දීල ඉඩම් ගත්ත. රස්සා ගත්ත. එකෙක්වත් මං ගැන සොයල බැලූවද? අනික් උන් ගත්ත ඵලප්‍රයෝජන වලට මට තමයි වන්දි ගෙවන්න උනේ…. නිදහසෙන් පසු වෙනස් වූ මිනිස් සිතුම් පැතුම් ආකල්ප මෙන්ම ජීවන රටාව ගැන රසවත් කථාන්දරයකි.

රු1,100.00
Out of stock

හදවත් වාරක් 2

“මේ ලෝකේ කිසිදෙයක් අන්තගාමීව කරන්න හොඳ නැතිලුනේ. ලෙඩක් හොඳවෙන්න බොන බෙහෙතක් වුණත් ප්‍රමාණයට වඩා බීවොත් ඒ බෙහෙත විසක් වෙනවා. බීපු එකා මැරෙන්න වුණත් පුළුවන්. අම්මලාගේ ආදරේ වුණත් එහෙමයි. දරුවාට ආදරෙයි කියලා ඕනවට වඩා දරුවගේ ජීවිතේට බලපෑම් කරොත්… තමන්ගේම ළමයගේ ජීවිතේ විතරක් නෙවෙයි, කවදාහරි තමන්ගේ දරුවා කසාද බඳින තවත් කාගෙ හරි දරුවෙක්ගේ ජීවිතෙත් අපායක් වෙනවා.”

රු1,200.00
Out of stock

සේපාලිකා -2 |

හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රඩයාගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැලවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නොමෙයි.අවුරුදු කිපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නේ කොහොමද, එතනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රඩයාට අදහසක් නොතිබුණ තරම්.කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙන් ආදරයක් දලුලනවා බලන් උන්නු රඩයාගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්. ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මුහුණදීපු වරදේ, පායාවි කියලා බලන් උන්නු ලා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්!රඩයාගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරදේ උන්නේ පුදුමාකාර සතුටකින්. උදෑසනක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉදන් විඳින්න ගත්ත වරදේ, යාළුවන් අතුරේ ආයේ අලුතින් ඉපදුනේ රඩයා නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්. වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු එකින් එක මැරි මැරි බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා. අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්…මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ! ISBN: 978-624-6570-521

රු2,350.00
Out of stock

සේපාලිකා -1 |

කුණාටු එන්නේ කලින් කිය කිය නොමැයි! හිතුවෙවත් නැති වේලාවක, ආදරේ මල්පෙති සුනු විසුණු කරගෙන හමාපු සීත කුණාටුවට, ආදරෙන් බැඳුණු හිත් කීයක් බිඳුණද, පැරුණාද හිතද්දී දැනෙන්නේ කලකිරීමක්. සතුට සින්නවෙන්න දීලා ලෝකයා සතුටු කරනවද?ලෝකයාගෙන් පැනලා ගිහින් සතුටින් ඉන්නවද? ආයෙත් මුල ඉදන් පටන්ගන්නවද? අතරමං වුණේ කොහෙද? දඬුවම් ලබන්න තරම් කළ වරද මොකක්ද? රහස එක අන්තෙකත්, වරද තව අන්තෙකත් හිරවෙලා, නිදි නැති රෑ ගණනක් පහුවෙනකල් හිතුවත්, සීත කාලේ බලාපොරොත්තු නොවුණු තරම් දීර්ඝ එකක් වුණා. සැරින්සැරේ හිත පාරවන මතක පොතට තිතක් තියන්නද, කොමාවකින් පටන්ගන්නද අදහසක් නැති කාලෙක සිද්දවුණු සමහර සොඳුරු හමුවීම් නිසා, ගිනි උදුනකින් ගෙන උණුහුම තරම් සැනසීමක් දැනුණා. ඉවරවෙයි කියලා හිතන්නවත් බැරි, අනන්තයක් තරම් විහිදුණු සීත කාලෙන්, සේපාලිකා මල් පිපුණයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ISBN: 978-624-6570-51-4

රු2,350.00

සුළඟ නුඹ සහ

සුලඟ නුඔ සහ මම බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා……

රු2,000.00

සුළඟ නුඹ සහ

සුලඟ නුඔ සහ මම බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා……

රු2,000.00
Bundle Offer

සුභාවෝ සමග සුළඟ

Bundle Offer #5 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. සුබාවෝ – 1190/= සුළඟ නුඹ සහ මම 1 – 2000/= Total – 3190-= Bundle Offer – 2433/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු3,190.00

සුබාවෝ subawo

⭕ පාලිතල මාරා දැම්මේ එල්.ටී.ටී.ඊ. එකෙන් කියන කථාව කවුද විශ්වාස කරන්නෙ? පාලිතලව එල්.ටී.ටී.ඊයෙන් මැරුව නම් මරන්නේ කිලිනොච්චියෙදි හරි වව්නියාවේදි හරි අර ගෑනිගෙ ගෙදරදි. නැත්නම් ඒ ගමේදි….

රු1,190.00
Out of stock

සඳ සාවි –

“මේ සිහින හරි පුදුමයි.. හද වැහි වැහි උපදින හැටී සඳ තරු කියා සරසන හැටී මේ සිහින හරි පුදුමයි…” අසේනි වර්ෂා (නිසංසලා සේනාධීර)

රු2,000.00
Out of stock

සඳ සඳයුරු –

හරියටම අවුරුදු දහයකට පස්සේ, ශේන් මගේ ගාව මෙහෙම නිදාගෙන ඉන්නවා දකිද්දී මට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුණා. ඊටත් පස්සේ පාලනය කරගන්නම බැරි මගේ හිත එක්ක මම එයා ගාවට ගිහින් වාඩිවෙලා ඒ මූණ දිහා බැලුවා. මට එතකොට මතක් වුණේ අපි දෙන්නගේ චූටි කාලේ. ශේන්.. මගේ චූටි කාලෙම සතුටින් පුරවපු ඒ කණ්ණාඩි කොල්ලවා.. අනේ අද එයා කොයිතරම් වෙනස් වෙලාද? ශේන් කණ්ණාඩි දෙකත් දාගෙන ඔහේ වැටිලා වැටිච්ච අතට නිදාගෙන ඉන්න හැටි දකිද්දී මට හරි දුක හිතුණා. එයාගේ රැවුල ඉස්සර වගේම එක දවසට දික්වෙලාද මන්දා. අන්තිමේදී ඉවසගන්න බැරිම තැන දැනෙන්න නොදැනෙන්න මම එයාගේ කම්මුලත් හිමීට අතගෑවා. ඊටත් පස්සේ මම හරි පරිස්සමින් එයාගේ කණ්ණාඩි දෙක ගැලෙව්වා. තව, වළස් තොප්පියක් වගේ වැවිලා තියෙන කොණ්ඩෙන් චුට්ටක් අතින් ඇද්දා. ඒ එක්කම මම විදුලි වේගයෙන් මගේ අත ශේන්ගේ කොණ්ඩෙන් ඇදලා අරගත්තා. මට ඒ වෙලේ මාව වෙව්ලනවා වගේ දැනුණා. නමක් දෙන්න බැරි බැඳීමක් මගේ හිතට කියාදෙන්න මට බය හිතුණා.

රු1,700.00

සත් හිරු පව්ව

⭕ නැට්ටිච්චි… සදුදට උඹ අහුවෙයං මට … මං උඹට ඔය ඉස්කෝලෙ නටන්න දෙයිද කියල බලපං…හාස්‍යය, කුතුහලය, ත්‍රාසය පිරි රසවත් නවකථාවකි.

Out of stock

විසුළ මංදාකිනි –

එකම ලෝකයක එකම රටක පිරිමින් දෙදෙනෙක් මෙයාකාරයෙන් වෙනස් වුණේ කොහොමද? එක් පිරිමියෙක් මරණීය රමණයකින් පසුව කොහේටදෝ අතුරුදන් වෙද්දී තවත් පිරිමියෙක් රමණීය රමණයකින් පසුව ඇය ඉදිරියේ කෑමට බීමට යමක් අතේ තබාගෙන බලාගෙන සිටියි. මේ පිරිමි දෙදෙනා ඇත්තටම වෙනස් වෙන්නෙ කොතනින්ද? නමුත් එක දෙයක්… මේ ලෝකේ ගැහැනුන් බහුතරයක් මිය යන්නේ ජීවතුන් අතර සිටියදීමය. නමුත් ඔවුන්ගේ කයේ හුස්ම වැටේ. නමුත් හදවතේ හුස්ම වැටීම නතරවී ඇත්තේ ඊට බොහෝ කලකට පෙරය.

රු1,500.00
Out of stock

විද්‍යාත්මක ක්‍රමය –

විද්‍යාත්මක ක්‍රමය කැණිසියස් පලිහවඩන කර්තෘගේ ග්‍රන්ථ පිළිබඳව විද්වත් මත… උසස් පෙළ තර්ක ශාස්ත්‍රය – 1980 කැණිසියස් පලිහවඩන මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය කාලෝචිත කෘතියක් බව ප්‍රකාශ කළ යුතුය. ඒ මහතාගේ මෙම ව්‍යායාමය පැසසුම් කටයුතුය. මෙබඳු පොතක් අපේ මව් භාෂාවෙන් පළ කිරීමෙන් පලිහවඩන මහතා කර ඇත්තේ ජාතික මෙහෙවරකි. මහාචාර්ය එස්.පී.එම්. වීරසිංහ කැලණිය විශ්ව විද්‍යාලය පලිහවඩන මහතා මෙම ග්‍රන්ථය මඟින් තර්ක ශාස්ත්‍රය හදාරණ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව සපුරා ලන්නට අදහස් කරන බව පෙනේ. විෂය පිළිබඳ උනන්දුව දක්වන ගුරුවරයෙකු වන ඒ මහතාගේ උත්සාහය සාර්ථක වේවායි පතමි. ආචාර්ය ආර්. ඩී. ගුණරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය – 1993 පලිහවඩන මහතා විෂය ඉගැන්වීමෙන් උත්තර පත්‍ර සමීක්ෂණයෙන් ග්‍රන්ථ පරිශීලනයෙන් විෂය පිළිබඳ පා පුළුල් අත්දැකීම් ලබා ඇත. කථිකාචාර්ය හෙ. මු. තිලකරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලය විද්‍යාත්මක ක්‍රමය – 1997 විෂය පිළිබඳව දීර්ඝ කාලයක් ඉගැන්වීමෙන් ඔහු ලබා ඇති පළපුරුද්ද ඉමහත්ය. පලිහවඩන මහතා විද්‍යාත්මක ඉගැන්වීම් මහත් සේ ප්‍රගුණ කර ඇති දක්ෂ ගුරුවරයෙකු ලෙස සැලකීම යුක්ති යුක්තය. විද්‍යාත්මක චින්තන ක්‍රමය වූ කලී ලෝකය පිළිබඳව දැනුම ලබා ගැනීමට මිනිසා සතු විශ්වාස කටයුතු ක්‍රමය ලෙස මම සලකමි. පලිහවඩන මහතා එවැනි සේවයක් කරන්නෙකු බැවින් ඔහුට මගේ ප්‍රණාමය හිමි වේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කැලණිය විශ්ව විද්‍යාලය මෙහි පරිච්ඡේද කීපයක් කියවීමෙන් විෂය පිළිබඳ පා පුළුල් අවබෝධයක් ලැබෙන අතර එම අවබෝධය තවදුරටත් ප්‍රගුණ කර ගැනීමෙන් විකසිත වන චිත්ත ධෛර්යයෙන් සිසුන්ට මේ විෂයට සතුටුදායක ලෙස පිළිතුරු සැපයිය හැකි බව පැවසීම අසාධාරණ නොවේ. මහාචාර්ය ඒ.ඩී.පී. කලන්සූරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය

රු1,050.00

වඩින තුරු හන්තාන

⭕ ඒක වෙනම ලෝකයක් මට හිතුනේ එහෙම. දෑස්පියාගෙන බලපු ලස්සන කතාවක්. එක්වරම අතුරුදහන් වුණ කතාවක්. හන්තාන අහසත්, මහවැලියත්, අපූරු කාලගුණයත් මට මවාදුන්නෙ හරි සුන්දර ලෝකයක්. ප්‍රේමය මායාවක්.. සුන්දරම කවියක්… හන්තාන අහසට වඩින සඳ ඒක වෙනම ලෝකයක්…..

ලූනා – Luna

“අපි එහෙම්මම සාලේ බිම, අල්පාව කාපට් එක උඩ හාන්සි වෙලා, තව සනීපෙට කිස් කරන්න ගත්තා. මං පළවෙනි වතාවට ඇමරිකානු මහ පොළොව මත වැතිරුණේ එහෙමයි. දුග් අහසක් වගේ මගේ උඩින් හිටියා.” “ඉ……… අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි කරනවා.” එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වලාකුළුවල එයා පාවෙන තරමට අහස්යානා කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳත් නරකත් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.” “වයිල්ඩ් බෙරිවල පැණි ටී ෂර්ට් එකේ හැලිලා. ළාපාට දම් පාට හින්න පෙතිලා වගේ බොටි බොටි හැමතැනම. මම දුග්ට ෆොටෝ එකක් අරන් යැව්වා. ‘ඉක්මනට එන්න මගේ බෙරි ගෙඩිය. මට ඔයාව ලෙවකන්න ඕනි’ දුග් එවපු ඉමෝජියකුත් එව්වා.” “ගෑණියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ගෑණියකට වැඩිපුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ සතුට වෙනුවෙන් දුක විඳින එකම තමයි ගෑණියගේ සතුට.”

රු1,600.00
Out of stock

ලිලැක් – Lilak

යේෂා නර්නාන්දු ඔව් මේක සුන්දර යක්ෂ ලිවිමක්! මේක මායාකාර ලීලක් මල් මිටක්! උරේ ලිවීම පලාශ සාර දාර සික් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති මලක්! Amali Anupma Mallawaarachchi ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්ථවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලීලක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝටිමය මත් බවක මා සිරකළේ නොසිතූ විරූ අයුරිනි. ඒ ප්‍රගන්ධයෙන් මත්ව අඩි තාප්පුගත තැනෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේෂාව, ගර්නාන්දෝ ඔබේ මේ ලීලක් මායාව සදාකල් නොනැසී පවතීවා. Gihan Sachintha නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නේ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්. විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අත්දැකීම් මං වැළඳගන්නේ හරිම ලෝබකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගේ හිත මත සම්පාතවන හිතක් මට හමුවෙනවා. යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ම දවස්වල මා ලියූ වචනයක් දෙකක් “ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දවයි, මද්දහනක උනත් ජනේලෙට එපිටින් හිම වට්ටවයි.” Damindri K. Colambage ප්‍රේමයෙහි වඩාත්ම අසම්පූර්ණ ගැඹුරක, විඳීම් යට සැඟවුණු විඳවීම්ද, විඳවීම් තුළින් උපදින විඳීම්ද ගැන කිසිදා පරිපූර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියන්නිය ඇය ය. ඒ සිහිනමය ලිවීමෙන් රිදවෙන ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය “ලීලක්” ය. ඒ තුළ මැවුණු මායාකාරී වංගගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ. Nilan Rangana Bandara

රු750.00
Out of stock

ලැවෙන්ඩර් – Lavender

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්….. කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොඳින් කලතපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩ කිරිලි වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයොන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්…

රු750.00
Out of stock

රොජා – Roja

මිනිස්සු… දුබලයන්ව උපද්දන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!

රු1,500.00
Out of stock

රුවනාරා – Ruwanara

“සමාව… සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙකුට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි.. එයා එයාට එච්චර විනාශයක් කරපු, ජීවිත කාලෙම කසාද කොළේ අපායට නිගාගෙන එයාව උදේ හවස් දූෂණය කරපු පරාක්‍රම දික්වැල්ලලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවත් සමාව දෙන්නේ නැහැ..!” පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ අම්මගේ සිනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගැහැනියක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප්‍රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදන්න මේ ලෝකෙට ඉපදෙන පොඩි දරුවා..! ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න තියෙන අමාරුව දන්නේ එහෙම බැටකාපු කෙනෙක් විතරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිච්ච ළමයෙක්.. අදටත් මට ඒ ජරා දවස් මතක් වෙනවා. අදටත් මට ආසාවට මතක් කරලා සතුටු වෙන්න කියලා ලස්සන ළමා කාලයක්, මතක් කරන්න දේවල් නැහැ”

රු1,800.00
Out of stock

යුගාන්තය – Yuganthaya

යුගාන්තය මාර්ටින් වික්‍රමසිංහ “අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කතාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය. ඒ සිදුවීම් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන් ය. එහෙත් කර්තෘගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි” ‘ජයදේව’ – ලංකාදීප

රු900.00

යාරා – Yara

මෙල්බනයේ නගර සෝබනිය, යාරා නදිය නගරය මැදින් නිහඬවම ගලා බසිනවා… අයෙක් තම දුක වේදනාව කියන්න යාරා නදිය අසබඩට පැමිණියා. තවත් අයෙක් විනෝද වෙන්න ගඟ අසබඩට ආවා. නිහඬ නදිය ඔවුන් සැම පිනවමින් ඔහේ ගලා ගියා. එහෙත් නදියේ විලාපය ඇසුණේ කාටද?

රු1,900.00
Out of stock

යළිත් යාපනයට with

Bundle Offer #7 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. යළිත් යාපනයට – 890/= Forget me not – 1200/= Total – 2090/= Bundle Offer – 1583/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු2,090.00

මුද්දරස්පලං – Muddaraspalan

කසුන්ගේ සිනි මුරක්කු කෙටි කතා සංග්‍රහය 2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩිම අලෙවි වුණු කෙටි කතා සංග්‍රහය ලෙස වාර්තා තැබූ බව අපට සැලවුණා. ඒ පොත මිලදී ගන්නත්, ඊට කසුන්ගේ අත්සන ලබාගන්නත් සෑහෙන පෝලිමක් හිටපු හැටි අපි දැක්කා. – සමන් අතාවුදහෙට්ටි කසුන්ගේ ලියවිලි කාරුණිකයි. විවෘතයි. – ජැක්සන් ඇන්තනි (ජීවත්ව සිටියදී වට්සැප් කළ පණිවිඩයක්) කසුන් එයාගෙ කතාවල ගේන බොහෝ චරිත මේ සමාජයේ වැඩි අවධානයක් නොදෙන චරිත. සමාජයෙන් කොන් කරපු චරිත. සමාජය නරකයට ලේබල් කරපු චරිත. කසුන් හරි ලස්සනට ඒ මිනිස්සුන්ගේ හිතේ පතුලේ ජීවිතයත් ආදරයත් වටිනාකමත් තියෙනවා කියලා පෙන්නනවා. – ආචාර්ය සෝමරත්න දිසානායක කසුන්ගේ කතාවන්හි කාර්මිකත්වයට ඔහු විසින් භාවිතා කරන භාෂා උපක්‍රමයන් බෙහෙවින් ඉවහල් වෙයි. විශේෂයෙන් දෙබස් රචනයේදී ඔහු චරිතවල සැබෑ ස්වරූපය මෙන්ම ඒවායේ සංකීර්ණත්වය මෙන්ම ගැඹුරු පාඨකයා හට දැනී යන ආකාරයෙන් දෙබස් නසුරුවන්නට සමත් වෙයි. සමාජයේ පවත්නා ආකල්ප සහ සීමාවන් බිඳුවන්නට නොහැකි වන ඉතා සෘජු ලෙස සිය භාෂා භාවිතය හරහා චරිතය තියුණු ලෙස මතුකරන්නට වෑයම් කරයි. කසුන්ගේ කතා කලාවේ කාර්මිකත්වයට මේ උත්සාහය බෙහෙවින් ඉවහල් වෙයි. – චූලානන්ද සමරනායක කසුන් කියන්නෙ අපි වගේ එකෙක්. අපිටත් තරුණ වයසෙදි තිබුණේ මුගේ පිස්සුවමයි. මේ තරුණයාගෙන් මට අහිතේ දන්න මාව පේනවා. – වසන්ත දුග්ගන්නාරාළ කෙළින්ම වැරදියි. ඒත් ඒ සිද්ධියෙන් පස්සෙ තමයි මමත් මේ තරුණයා කවුද කියලා දැනගත්තෙ. – මහාචාර්ය ලියනගේ අමරකීර්ති (ෆේස්බුක් කෙටි සටහනක්) කසුන් මහේන්ද්‍ර හිනටිගල මට නම් හරිම විශේෂයි. වැදගත්ම දේ හුඟක් ලියන්නො නොදන්න භාෂාවෙ මාකටින් කොටස කසුන් හරියටම දන්නවා. ඒක මාරයි. – අකිල විමංග සෙනෙවිරත්න මෑත කාලෙදි මාකටින් කියන දේ හොඳටම පාවිච්චි කරපු මනුස්සයා තමයි කසුන් මහේන්ද්‍ර හිනටිගල. ඇත්තටම මට නං ඒ ගැන ආඩම්බරයි. – මොහාන් රාජ් මඩවල මට හරියට ආස හිතුණා පොතේ හෙඩි භාවිතය දැක්කම. මං ඉස්සර ලියද්දි අප්පච්චි මට හැම වෙලේම කියනවා උඹේ වාක්‍ය දිග වැඩියිනෙ බං කියලා. කසුන්ගෙ ලියවිල්ලෙ මං දකින්නෙ මට කවදාවත් කරන්න බැරිවෙච්ච මගෙ අප්පච්චි ආස වෙච්ච සරල වචන ක්‍රමයයි. – සජිත ඇන්තනි කසුන්ට තියෙන්නෙ විසිතුරු මනසක්. මං ආදරේ ඒකට. – මාධවී ඇන්තනි

රු1,850.00
Out of stock

මාගම් සෝලිය –

“වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වෙයි කියන බිය මා දැඩිව වෙලා ගත් බැවිනි.” රත්න ශ්‍රී විජේසිංහ – දිවයින ඉරිදා සංග්‍රහය “සිද්ධාර්ථ – යශෝධරා සම්මත ආදර කතාව සේම සිංහබාහු – සිංහ සීවලී අසම්මත කතාවද අපේ ඉතිහාසයේ තිබේ. එය විනිවිද දකින ප්‍රධාන සන්සන්දනයකි.” නාපාවෙල ධම්මානන්ද හිමි – ලංකාදීප “මාගම් සෝලිය නවකතාව රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක පිහිටාය.” ජැක්සන් ඇන්තනී – සිළුමිණ “මාගම් සෝලිය ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියවුණු සිනමා පිටපතක් වැන්නකි.” මහාචාර්ය අජන්තා හපුආරච්චි – ලක්බිම “ස්වර්ණ පුස්තක සම්මානයෙන් ‘මාගම් සෝලිය’ කුණුහරුපයක් කියා කපා හැරියේය. කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැත.” රන්ජන් අමරරත්න – දිනමිණ “ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්‍ර කරගෙන කතුවරයා මවන්නේ යථාර්ථයත් මායාවත් මුසුවූ ලෝකයකි.” මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස – මව්බිම “මාගම් සෝලිය පෝනොග්‍රැෆි ගණයට අයත් නවකතාවකි.” දයා දිසානායක – රිවිර “මෙය ශිෂ්ටත්වයේ ආරක්ෂක රහස්‍යභාවයට ඇති අප සමාජයට අතහළ ලිංගිකත්ව චර්යා හා ආකල්ප පිළිබඳ න්‍යෂ්ටික බෝම්බයකි.” ආචාර්ය සාලිය කුලරත්න – දිවයින මොහාන් රාජ් මඩවල

රු1,650.00
Out of stock

මහ ඉඩම –

බන්දුල ආර්. ගුලවත්ත ගම්පහ මින්සර සමස්ත ලංකා අත්පිටපත් තරගය – 2013 ජයග්‍රාහී නව කතාව වෙනුවෙන් විනිශ්චය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද හේතු පාඨය. “ඉඩමත් ගැමියත් අතර දැඩි සම්බන්ධතාවය, ඉඩම් අයිතිය පිළිබඳ ඇති ගැටලු හා නඩු හබ ආශ්‍රිත පුවතක් ඇසුරින් උසාවි පරිශ්‍රය හා සාම්ප්‍රදායික ගැමි සමාජය පිළිබඳව පුළුල් චිත්‍රයක් මවමින්ද, සියුම් උපහාසයෙන් හා උත්ප්‍රාසයෙන් එය ආලෝකමත් කරමින්ද, මිනිසුන් සහ පරිසරය ගැන ස්වකීය දෘෂ්ටිය ව්‍යාංගාර්ථයක් සේ මතු කරමින්, තමන්ටම අනන්‍ය වූ වාක්‍ය ප්‍රයෝග සහිත ආශ්චර්යමත් බස් වහරකින් අලංකෘත කොට, වියමන් කළ ප්‍රශස්ත නව කතාවක් ලෙසට බන්දුල ආර්. ගුලවත්තගේ ‘මහ ඉඩම’ නම් නිර්මාණ කෘතිය මින්සර නවකතා අත්පිටපත් තරගයේ හොඳම නවකතාව ලෙසට ජයග්‍රහණය හිමි කර ගත් බව මෙයින් ප්‍රකාශ කොට සිටින වගයි.” මහාචාර්ය අනුර වික්‍රමසිංහ

රු290.00
Out of stock

මරකත නිම්නය –

රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වාගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්, ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය. නමුදු ඒ හෝඩුවා යොමුවන්නේ රිවර්හිල් කඳුකරය වෙතයි. යක්ෂයන්ගෙන් යක්ෂයාගේ වාසභවනය ඇත්තේ මේ කඳුකරයේද? සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවාගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය. ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුන්ට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ. කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි සැඟවීගිය සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමු වේ. මේ මරකත පරීක්ෂණයේ අවසානයයි.

රු1,850.00

මණික්කාවත – Manikkawatha

කර්තෘ: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පසුකවරයේ ඇති උපුටනය: “උඹලගේ පඳුරු ගැන්හිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විශේෂයෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනින්, ගොයම් කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා දඟලුවා ම මොකද වෙන්නේ? ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ…”

බිඳී නොබිඳී –

“ලූසී.. ඕක නවත්තන්න… හොඳ හුස්මක් ගන්න..” “මට අප්පිරියයි ඔය වෙන්ඩි.. ඒ වගේ කලින් හිටිය ගෑනි වල්ලටත් අන්තයි…” “ලූසී.. ලූසී.. පැටියෝ.. පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ..” මම හැකිතාක් මෘදුව කීවෙමි. “මං වෙන්ඩිට වෛර කරනවා..” ඉංග්‍රීසි නම: The girl who wanted to Belong මුල් කතුවරිය: Angela Hart සිංහල නම: බිඳී නොබිඳී (Bindee Nobindee) පරිවර්තනය: දිල්හානි වික්‍රමරත්න (Dilhani Wickramarathna) තේමාව: The True Story of a Devastated Little Girl and the Foster Carer who Healed her Broken Heart (හදවත බිඳුණු අසරණ කුඩා දැරියකගේ සහ ඇයව සුවපත් කළ සුළු මවකගේ සත්‍ය කතාවකි.)

රු1,250.00

බැඳී නොබැඳී Bendee

⭕ ඔයා හිතනවද නංගී මට වෙන කෙනෙක් බඳින්න පුළුවන් කියලා? එදා ඔයගොල්ලගේ තාත්තා මාව මේ ගෙදරින් එලෙව්වට මම හිතාගත්තෙ කවද හරි මම ඔයාව බඳිනවා කියලා

බැද්දෙගම – BEDDEGAMA

“බැද්දේගම” සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නව කතාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුරබෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු විනිවිද දුටු සැටි චමත්කාරජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර ශාලාවෙහි ඇඳ තිබෙන අමරණීය බිතු සිතුවම් අතුරින් එකකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පෙරවදන ඇසුරිනි.

Out of stock

පිරිමි ගොඩයි මං

ඔබ එවූ පොතේ පිටුපස කවරයේ සඳහන් පෙළ පහතින් දැක්වේ: ‘ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රශ්නය?’ ‘මං හීනයක් දැක්කා’ ‘නරක හීනයක් ද?’ ‘නෑ, දරු හීනයක්’ ‘මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇඟත් රත් වෙලා’ ‘මං හීනෙන් ප්‍රභාකරන් දැක්කා. නන්දිකඩාල් කලපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුක්‍රාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා’ ‘ඉතින් උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?’ ‘මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න’ …අර හිරේ ගිය තාත්තා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වජෝතන්ද. ඉන්න ගමන් උඹේ දූෂණය කරපු එයාගෙන් බණක් අහපන්. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං එනවද? කියලා. අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා – දැන් එතේ සමාධි නියාමක. අර මිනුවන්ගොඩ රාජපක්ෂ දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මනපු – උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටිව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ, ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලෝකේ කැරකෙනවා. චාත්තය මැද්දට කප වැළගින්නක් වගේ පැනපං. වෙඩි කාපු රියක් වගේ ගොරවපං…

රු1,200.00

පල්ලං පොල්ල Pallan

⭕ කෘර ලෙස තැලීම් පෙළීම්වලට ලක් වෙමින් නිමක් නොදකින දහසක් බිරින්දෑවරුන්ගේ මෙතෙක් සාකච්ඡාවට භාජන නොවුනු අනුවේදනීය කථාව.. ISBN 978-624-5536-13-9

Out of stock

පර්සෝනා – Persona

“කිරුළ සෙලවෙයි. නමුත් වැටෙන්න දෙන්න එපා.” සෙලීනා සමන්ති සින්ක්ලෙයාර් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, සභාපතිනී – ඇක්ටිව් වෙකර් සමූහ ව්‍යාපාරය සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුත් සිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේම හදවතින්ම විශ්වාස කරන සිහිනයක් හඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සූදානම්ද? පර්සෝනා කැලුම් වැලිගම

රු1,250.00
Out of stock

නාද්‍ය – Naadya

“රන් කියන්නේ වටින ලෝහයක්.. ඒත් ඒවා යකඩ තරම් මේ ලෝකේ හදන්න උදව් උපකාර කරලා නෑ. මට ඔයාව රන් නෙළුමක් කරලා කාගේ හරි ධනවන්තයෙකුගේ සේප්පුවේ හරි නිසල මුදුනේ හරි එල්ලන්න නෙමේ ඕන වුණේ. ඒ නිසා ඔයා තේරුම්ගන්න ඕන ඔයාව වටින්නේ අද කාලයට විතරක් නෙමේ කියලා. ඔයා හැම කාලයකදීම වටින කෙනෙක් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. අර්ථවන්ත වෙන්න ඕන. ඒකයි මං ඔයාට රන් නෙළුමක් වෙන්න නොකියා යකඩ නෙළුමක් වෙන්න කිව්වේ” – කසුන් මනුරංග දුල්ලෑවබණ්ඩාර

රු1,900.00
Out of stock

දොරකඩ දෙවොල –

පුංචි තිරයේ ඔබ ආදරය කළ ඒ සංවේදී කතාව, දැන් අකුරු අතරින් කියවන්න. “දොරකඩ දෙවොල” නිවෙන්නට සිතමින් ඇවිලෙන මිනිසුන්ගෙ කතාන්දරය.. “අනිත් එක නාමලියෝ, මේ එක තත්පරේකටවත් ජීවිතේ අංග සම්පූර්ණයි කියලා හිතන්න එපා… ISBN : 978-624-5409-00-6

රු1,550.00

දැලි පිහියෙන් පැළූ

⭕ ඇසිලියෝ මට ඇත්ත කියාපන්. උබ චන්ද පොළේ අලියෙකුගේ තියා අලි නැට්ටක සලකුණවත් ඇහැට දැක්කෙ නෑනේද? මංනං හාමිනේගේ කීමට පිටින් කටයුතු කලේ නැ. එහෙම කලානම් මට බැල්ලියේ ඉජු ඉජු කියලා කතා කලත් මක්වෙනවාද ?

රු1,300.00

තිරිඟු යායේ ගීතය

THOMAS HARDY MAYOR OF CASTERBRIDGE මයිකල් හෙන්චාඩ් තිරිඟු යායන්හි පිදුරු මිටි බඳින්නෙකි. දිනක් ඔහු බීමතින් සුසෑන් නම් වූ තම තරුණ බිරිඳ සහ සිඟිති දියණිය වෙළඳ කුඩාරමකදී වෙන්දේසි කරයි. ඇයව නැවියෙක් මිලදී ගනියි. දැඩි සිත් වේදනාවෙන් මංගල මුදුව ගලවා විසිකළ සුසෑන් නැවියා සමග යයි. පසු දින පියවි සිහිය ලද හෙන්චාඩ් තමා කළ දේ ගැන පසුතැවිලිව ඇයව සෙවීමට දස දෙස යමින් ඉහමත් ප්‍රයත්නයක යෙදෙයි. විසි වසරකට පසු සුසෑන් ද යොවුන් වියට පත් දියණිය සමග නැවත හෙන්චාඩ්ව සොයයි. මෙසේ විසි වසරක් තුළ ඔවුන් දෙදෙනාගේ එකිනෙකා සෙවීමේ චාරිකාවේ චමත්කාර සිදුවීම් වලින් වර්ණවත් වූ මෙම නව කතාව තෝමස් හාඩි නම් වූ ශ්‍රේෂ්ඨ ගත්කරුවගේ නිර්මාණයකි. “The Mayor of Casterbridge” නම් වූ මෙම ලෝක පූජිත නවකතාව ලාංකික සාහිත්‍ය රසයට උචිත සරල බස් වහරෙන් “තිරිඟු යායේ ගීතය” නමින් මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු විසින් සංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත.

Out of stock

තිමිරෙන් එතෙරට සමග

Bundle Offer #6 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. තිමිරෙන් එතෙරට – 590/= සුළඟ නුඹ සහ මම 2 – 2000/= Total – 2590/= Bundle Offer – 2013/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු2,590.00
Out of stock

චිත්‍රාල් – Chithral

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුණු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැළපෙන අවස්ථා බොහෝය. ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත් හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත. ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පැහෙනෝ හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව ඔවුන්ට වෙන් වන්නට සිදුවන තෙක් ඔවුන්වත් නොදන්නෝය.

රු1,200.00
Shopping Cart
Scroll to Top