අහිමි සඳවතිය – Ahimi Sandawathiya

රු390.00

දමින්ද දේශප්‍රිය රණතුංග සහ මා එකිනෙකා හඳුනාගත්තේ ඔහු ලියූ නවකතාවකින් නොවේ. ඒ වසර ගණනාවක් අප දෙදෙනාම සේවය කළ ලක්බිම පුවත්පතේදීය. දමින්ද එකල පත්තර කන්තෝරුවේ ජනප්‍රිය චරිතයක් වූ අතර ඉන් පිටත ලෝකයේද ජනප්‍රිය පුද්ගලයෙකු වූයේය. ඒ නවකතාකරුවෙකු හැටියටය.

ඔහු ලියන්නේ සිංහල නවකතාවේ ප්‍රධාන ධාරාව විසින් මල්පොත් නැතහොත් ප්‍රේමකතා හැටියට හඳුන්වනු ලබන ශානරයක නවකතාය. එහෙත් අපට පිළිනොගෙන බැරි සත්‍යය වන්නේ ප්‍රධාන ධාරාවේ නවකතාවලට වඩා වැඩි පාඨක පිරිසක් දමින්ද වැනි ලේඛකයින් ලියන ප්‍රේමකතාවලට සිටින බවය. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව නවකතාකරණයේ යෙදෙන්නට අපේ කථානායක දමින්ද දේශප්‍රිය රණතුංගට හැකිවී තිබෙන්නේ ඒ නිසාය.

ඔහුගේ මේ ‘අහිමි සඳවතිය’ එයට තවත් එක් කදිම නිදසුනක් වනු නොඅනුමානය.

සුන්දර නිහතමානී රුහුණගේ

Out of stock

Out of stock

SKU: 11633560-1 Category:
Shopping Cart
Scroll to Top