4 ශ්‍රේණිය ගණිතය
4 ශ්‍රේණිය ගණිතය
4 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම පොතේ සංඛ්‍යා එකතු කිරීමේ හා අඩු කිරීමේ අභ්‍යාස ගණනාවක් ඇතුළත් වේ. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රාශියකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
3, 4, 5
3, 4, 5
පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන දරුදැරියන්ටත්, 3 හා 4 ශ්‍රේණිවල දරුදැරියන්ටත් එක සේ ප්‍රායෝගික වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ගුරුවරයකු, ගුරු උපදේශකයකු, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සම්පත් දායකයකු, විදුහල්පතිවරයකු මෙන් ම අධ්‍යාපන ග්‍රන්ථ සම්පාදකවරයකු ලෙස ක්ෂේත්‍රයේ වසර තිස්පහකට අධික කාලයක අත්දැකීම් ඇති කිත්සිරි කොතලාවල මහතා අතිරේක අධ්‍යාපන ග්‍රන්ථ 50කට වඩා සම්පාදනය කර ඇති අතර, සම්මානලාභී ගීත රචකයෙකි. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් දරුදැරියන්ගේ භාෂා දැනුම වර්ධනය කර ගත හැකි වනු ඇත.
3-ගණිතය එකතු කිරීම
3-ගණිතය එකතු කිරීම
⭕ 3 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීම සහ අඩු කිරීමේ කි්‍රයාකාරකම් ගනනාවක් ඇතුළත කර ඇත.
3 සිංහල භාෂා
3 සිංහල භාෂා
3 ශ්‍රේණිය සඳහා ඉංග්‍රීසි ලේසියි ඉන්ද්‍රා සමරසිංහ ප්‍රාථමික පාසල් දරුවන්ට මත් ශ්‍රේණියෙන් මහා ඉහළක ශ්‍රේණියේ දී මව්බස විෂයය සැහැල්ලු පව, කියවීම, ලිවීම සහ මූලික ම භාෂා ප්‍රවණතාවන් පිළිබඳව දැක්වූ ගුරු සහය, ළමා අධ්‍යාපනයේ මූලික නිපුණතා රඳවා ගැනීමටත් ඒ මූලික නිපුණතාවන් මත පදනම්ව නිපුණතාවේ දැක්වීමටත් මගපෙන්වන ආශ්චර්යවත් හෙළයේ මංපෙත් සැකසීමටත් මගපෙන්වන ආශ්චර්යය කරා මෙහෙයවනු ඇත. විශේෂ සහායක අභ්‍යාසය අතරත්, රූපසැකිලි හා භාවිතාවන්, වෙනස් භාවිතය සඳහා නිපුණතාවන්, ගණනය හා තර්කනය පිළිබඳව, සිතුවිලි සඳහා පදනම් හුරුවක් කර ගැනීමටත් ඉංග්‍රීසි භාෂා තර්කනය අධ්‍යාපනයේ මූලික පදනම වේ. මම ආදරණීය සාර්ථක දරුවන් මුළුත් අමුතුම ලෝකම් පෙළකට, ප්‍රාථමික සිසු දරු දැරියන්ට මඟ පෙන්වන කෘතියක් මූලික අත්පොතකින් අත්පත් කර ගැනීම සඳහාත් මෙම ප්‍රබල පටු පසිත පෙන පදනම් ප්‍රාථමික අධ්‍යාපනයෙන් මුළු පරපුර දැනුම ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණ රඳා රැඳෙමින් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත.
2 ශ්‍රේණිය මව්බස
2 ශ්‍රේණිය මව්බස
මව්බස ඇගයීම වැඩ පොත 2 ශ්‍රේණිය මෙම පොත 2 ශ්‍රේණිය මව්බස විෂය නිර්දේශයට අනුකූලව, සියලු නිපුණතා ආවරණය වන පරිදි සකස් කර ඇත. ගුරු මාර්ගෝපදේශයේ අඩංගු ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් කර ඇති බැවින්, අමතර ක්‍රියාකාරකම් පොතක් ලෙස භාවිත කිරීමෙන් දරුවාගේ භාෂා කුසලතාව වර්ධනය කරගත හැක.
2 ශ්‍රේණිය ගණිතය
2 ශ්‍රේණිය ගණිතය
2 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත. 2 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
2 ගණිතය ඇගයීම
2 ගණිතය ඇගයීම
⭕ 2 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයට අදාළව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කි්‍රයාකාරකම් ඇසුරෙන් අභ්‍යාස ගණනාවක් පොතේ අන්තර්ගතව ඇත.
10 ශ්‍රේණිය 2015
10 ශ්‍රේණිය 2015
පුරා වර්ෂ 40 ක් විශිෂ්ට විද්‍යා ගුරුවරයෙකු හා විද්‍යා ලේඛකයෙකු ලෙස කටයුතු කරන කේ. විජයතිලක ශූරීන්ගේ මෙම ග්‍රන්ථය දරු දැරියන්ට වාර විභාග වලට සහ සා.පෙළ විභාගයට සීග්‍ර පුනරීක්ෂණය සඳහා මහඟු අත්වැලකි. දරු දැරියන්ට පමණක් නොව ගුරුවර ගුරුවරියන්ටද මෙයින් විපුල ප්‍රයෝජනයක් ගත හැකිය. තමන්ටම ආවේණික සරල සුගම ශෛලියකින් ඉගැන්වීමේ යෙදී සිටින්නා වූද, ග්‍රන්ථකරණ කරන්නා වූද කේ. විජයතිලක මහතා විද්‍යා හා තාක්ෂණ ප්‍රවර්ධන පදනමේ සංවිධායකද වන්නේය. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ආයතනයේ පූර්ණ සාමාජිකයෙකු ද වන (MRI) කේ. විජයතිලක ලේඛන කලාවට හා ගුරු වෘත්තියට කැපවී සිටින අයෙකි.