Showing 1–42 of 152 resultsSorted by average rating

ළමා වියේ දුක්

දරුවන්ගේ මානසික හා අධ්‍යාපන ගැටලු දරුවන් “දගකාර” වීම සාමාන්‍ය දෙයකි. නමුත් එය පාලනයෙන් තොරව, අඩු අවධානයකින් යුක්ත වේ නම් මානසික ගැටළුවකි. දඩබ්බරකම මෙන්ම සමාජශීලී නොවී, මුල්ලකට වී සිටීම ද මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මුල්ලකට වී සිටින ඉතා කීකරු බවකින් යුත් දරුවන් “හොඳ ළමුන්” ලෙස සැලකීම දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද සිරිතකි. ඇත්තෙන්ම මෙවැනි අය මානසික වශයෙන් බොහෝ විට සාමාන්‍ය නැත. ළමුන්ගේ මානසික සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු මෙන්ම අසනීප පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම කෘතියෙහි අඩංගු වේ. මෙය කියවීමෙන් තම දරුවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගෙන, ඔවුන්ගේ ළමාවිය විඳවීමෙන් තොරව ගත කිරීමට හැකි වාතාවරණයක් ලබා දීමට දෙමාපියන්ට හැකිවේ යයි සිතමි.

Out of stock

හොඳ ගුරුවරයෙකු වීමට

ගුරුවරයෙක් කියන්නේ දෙවැනි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. ගුරු වෘත්තිය ලේසි වැඩක් නෙමේ. අතිවිශාල වගකීමක්. ගුරු වෘත්තිය සාර්ථක කර ගැනීමට නම් ඉගැන්වීම පිළිබඳව යම් තරමක හෝ මනෝ විද්‍යාත්මක දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි කිවොත් වැරදි නෑ. අධ්‍යාපන මනෝ විද්‍යාවේදී භාවිතාවෙන භාරදූර, ලොකු වචන හැකිතාක් මගහැරලා, බොහෝම පහසු බසින් මේ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත ගැන කතාබස් කිරීමටත් හොඳ ගුරුවරයෙක් කියන්නේ කාටද කියන ප්‍රශ්නයට පිළිතුරක් සොයන්නට ගත් පුංචි උත්සාහයක් මේ පොත………

රු320.00

හිත් රිදීම් අභියස

ජීවිතයේ ගැටලු විසඳන්න පුංචි උදව්වක් සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 4 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා BSc. සහ ඉංග්‍රීසි වාග්විද්‍යා MA ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මඟ පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනෙක්ව පරාජය කරනවා නොවේ. අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න. විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර මන්ත්‍රවලට පුළුවන්ද? සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි. ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා. ඔබ අනුන්ගේ වැරදිවලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?

හිත කට සහ

මාදිලි-2 දියවැඩියාව පිළිබඳ පරිණාමික, සමාජ, සංස්කෘතික, මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා ව්‍යාධිවේදාත්මක තොරතුරු ඇතුළත් වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය. ප්‍රචාරණය ඇතුළු විවිධ බාහිර බලපෑම් හා කෑදරකම නිසා සිත මෙහෙයවාගත නොහැකි මිනිසා, පහසුවෙන් සිරුරට අවශෝෂණය වන සැකසූ ආහාර වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම නිසා ජනගහනයක ශරීර බර වැඩිවෙමින් පවතී. මේ නිසා සිරුර තුළ ව්‍යාධිජනක පරිවෘත්තීය ක්‍රියාවලීන් සිදුවේ. එමෙන්ම, අනවශ්‍ය නොවන විවිධ දේ ලබාගැනීමට පෙළඹී, මනස්තාපයෙන් පෙළෙන මිනිසාගේ ශාරීරික ක්‍රියාවලින් ද මීට වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.

හංසමාලී – Hansamali

ටිකක් කෙළිලොල් පාසැල් සිසුවියක්. ඒ නංගී…. එයාගේ සෙල්ලක්කාර පුංචි මල්ලි….. ඒ දෙන්නගෙම ලොකු අක්කා හංසමාලී. එයා ලස්සනයි. ආකර්ෂණීයයි. තාත්තා වෛද්‍ය වෘත්තියේ හිටියේ. දැන් අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. ඒත් තාත්තගේ ෆාමසියෙන් සහ විශාල පොල් වත්තෙන් ලැබෙන ආදායමෙන් ලස්සනට ජීවත් වුණා. බඳින වයසේ වුණත් ලේසියෙන් තරුණයෙකුට අල්ලගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි හංසමාලී. දවසක් එයාට විහිළු කළ කඩවසම් තරුණයෙකුට මුහුදු වෙරළේදී හංසමාලී කම්මුල් පාරක් ගැහුවා. ඔහුගේ ප්‍රතිචාරය ගිය දුරක්! වගකීම් වලින් බැඳී, ශක්තිමත් හිතක් ඇති ඒ අහිංසාවියගේ කතාන්දරය හංසමාලී.

Bundle

හව්හරණ with රතු

Bundle Offer #9 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. හව්හරණ – 1100/= රතු වද මල් – 1350/= Total – 2450/= Bundle Offer – 1850/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු2,450.00

හව්හරණ hawharana

⭕ මාව බිල්ලට දීල ඉඩම් ගත්ත. රස්සා ගත්ත. එකෙක්වත් මං ගැන සොයල බැලූවද? අනික් උන් ගත්ත ඵලප්‍රයෝජන වලට මට තමයි වන්දි ගෙවන්න උනේ…. නිදහසෙන් පසු වෙනස් වූ මිනිස් සිතුම් පැතුම් ආකල්ප මෙන්ම ජීවන රටාව ගැන රසවත් කථාන්දරයකි.

රු1,100.00

සෞභාග්‍යයේ රහස Saubhagyaye

⭕ මෙම පොත කියවීමෙන් ජිවිත වඩාත් අර්ථවත්, ප්‍රීතිනත් කරගැනීමට බොහෝසෙහින් මග පාදාගත හැකිය…

සෙරෙප්පු කුට්ටම Sereppu

⭕ ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

සෙංකඩගල උරුමය Senkadagala

⭕ රාජධානියක්ව පැවැති මහනුවර අවධිය පිළිබ`දව සැ`ගවී ඇති ඓතිහාසික ස්ථාන සහ අවධි පිළිබ`ද වැදගත් තොරතුරු ගෙනහැර පාන පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලෙස ඉතිහාසය හදාරන්්ට ප්‍රයෝජනවත්ය…

රු1,750.00
Out of stock

සුරඟනක කඳුළක් සලා

අන්ත දෙකක සමාජ තල දෙකක ජීවත් වූ, අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගත්, හැඟීම්වලින් හෝ භෞතික සම්පත් වලින් මුලා නොවී, සර්ව පිත්තල සමාජයක, යථාර්ථවාදීව පොළොවේ පය ගසා ජීවත්වන්නට වෙර දැරූ දක්ෂ යොවුන් අවිහිංසක පාසල් සිසුවෙක් හා සිසුවියක වටා ගෙතුණු ආදරණීය අන්දරය.

රු650.00
Bundle Offer

සුභාවෝ සමග සුළඟ

Bundle Offer #5 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. සුබාවෝ – 1190/= සුළඟ නුඹ සහ මම 1 – 2000/= Total – 3190-= Bundle Offer – 2433/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු3,190.00

සුබාවෝ subawo

⭕ පාලිතල මාරා දැම්මේ එල්.ටී.ටී.ඊ. එකෙන් කියන කථාව කවුද විශ්වාස කරන්නෙ? පාලිතලව එල්.ටී.ටී.ඊයෙන් මැරුව නම් මරන්නේ කිලිනොච්චියෙදි හරි වව්නියාවේදි හරි අර ගෑනිගෙ ගෙදරදි. නැත්නම් ඒ ගමේදි….

රු1,190.00

සුනිල මිණි Sunila-mini

⭕ කෙටි කාව්‍ය නිර්මාණ රාශියක් රසවත් අයුරින් මේ කුඩා කාව්‍ය ග්‍රන්ථය තුළ දක්නට ඇත. පරිසරය විශේෂයෙන් ස්වභාව සෞන්දර්යයේ චමත්කාරජනක බව මේ පැදි තුළින් රසවි`දිය හැක.

සුද්දයි චුට්ටයි Sudai

⭕සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ විවෘත අංශයේ ළමා කතන්දර තරගයෙන් දෙවන ස්ථානය හිමිකරගත් කතාවකි

Out of stock

සිංහල සාහිත්‍ය රසස්වාදය

(10 – 11 ශ්‍රේණි සඳහා අතිරේක විෂය) අ.පො.ස. (සා.පෙළ) විභාගයට නියමිත සාහිත්‍ය රසස්වාදය විෂයට අදාළ සියලු ම කොටස් ආවරණය වන පරිදි සකසා ඇති මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක කිත්සිරි කොතලාවල මහතා විසිනි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 35කට වඩා අත්දැකීම් ඇති මෙම ලේඛකයා විසින් අතිරේක අධ්‍යාපන ග්‍රන්ථ 50කට වඩා සම්පාදනය කර ඇත. දරුවැඩියන්ගේ සිංහල සාහිත්‍ය රසස්වාදය පිළිබඳ දැනුම් පිපාසය නිවා සැනසීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත.

රු450.00

සිංහල භාෂා දැනුම

(සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිසුන්ට හා ආධුනික ලේඛකයින්ට විශේෂයි) සිංහල භාෂාව නිරවද්‍ය ලෙස භාවිත කිරීම සඳහා උපකාරවන උපදෙස් මාලාවක අවශ්‍යතාව දැනෙන්නේ අද බොහෝ දෙනා විසින් නිරන්තරයෙන් සිදුකරන වැරදි ව්‍යවහාර දකින විටය. නිව්ටන් ගුණසේකර මහතා මෙම කෘතිය මඟින් භාෂා භාවිතයේදී වරදින හා වරද්දන තැන් පහදාදෙමින් අපගේ සිංහල බස සුරැකීම සඳහා යම් දායකත්වයක් සැපයීමට වෑයම් කරයි. මෙය සිංහල භාෂාවට අදාළ විවිධ මාතෘකා රැසක් ඔස්සේ ඔහු මෙහිදී නිවැරදි භාෂා ව්‍යවහාර තෝරා බේරාදීමට උත්සාහ කර තිබේ. මෙය සිංහල භාෂා ශාස්ත්‍ර හදාරන සිසු පරපුරට මෙන්ම පොදුවේ නිර්මාණකරණයේ යෙදී සිටින ලේඛකයින්ටද ප්‍රයෝජනවත් පොතකි. මෙම කෘතිය පරිශීලනය කිරීමෙන් ඔවුන්ට නිවැරදි භාෂාව පිළිබඳ ප්‍රබල ආභාසයක් ලබා ගත හැකි වේතැයි සිතමි. ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට ඇති නිව්ටන් ගුණසේකර මහතා නවකතා, කෙටිකතා, පරිවර්තන ආදී කෘති රාශියක් සම්පාදනය කළ රාජ්‍ය සම්මානලාභී විද්වත් ලේඛකයෙකි. මහාචාර්ය අනුර වික්‍රමසිංහ

සිංහල අකුරු රූප

පෙරපාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ට අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ කුරු ලියමු රූප සොයමු…

සිසිර ගීතය –

පරිවර්තනය: රෝහණ කලුආරච්චි ඍතු වෙනස් වන්නා සේම ජීවිතය ද වෙනස් වනු ඇත. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ඇතිවන සාමාජීය හා දේශපාලන අස්ථාවරභාවය මෙන්ම තම ආදරණීය බිරිඳ නාදියාගේ අකල් වියෝගයේ අමිහිරි අත්දැකීම් තුළින්, මේ මහ පොළොව මත පැවැත්ම අස්ථාවර බව ඉවාන් වටහා ගනී. තම ආත්මීය සගයා බයනය සමඟින් වනගත ජීවිතයකට එළඹෙන ඔහු එහිදී නැවතත් නාදියා සමඟින් පෙමින් බැඳේ. දියණිය ඔල්ගාට සෙනෙහෙබර පියෙකු වන ඉවාන්ගේ ජීවිතය නවමු දිශාවකට යොමුවන අතර ඔහු තම බයනය සමඟින් වඩා වඩාත් සොබාදහම තුළ අනුගත වේ.

රු1,590.00

සිසිර ගීතය –

පරිවර්තනය: රෝහණ කලුආරච්චි සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ මනහර රසයන් ‘බයන්’ තුළින් නූතනත්වය හා මුහුකෙරෙන අතර එය ප්‍රමුඛ රුසියානු කෘතීන් අතර අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. උණුසුම් යුක්රේන ගිම්හාන කාලයේ ආරම්භවන සිසිර ගීතය, සැඟවුණු ගැඹුරු පණිවිඩයකින් අවසන් වේ. එය පාරම්පරික තත් භාණ්ඩයක් වාදනය කිරීමෙන් සැනසීම ලබන, තම යුගයේ අකරතැබ්බයන්ට මුහුණ දුන් ඝන රැවුල වැවුණු අපූර්ව මිනිසෙකුගේ කතාවක් පමණක් නොව, ජීවිතය පිළිබඳ වර්ණනාවක් සහ මහළු වීම පිළිබඳ ප්‍රීති සැමරුමකි. වෙනස්වන කාලයන් සහ දේශපාලන මතවාදයන් වල බලපෑම හමුවේ වුව එය ඔබ සුරක්ෂිත කරනු ඇත. විප්ලවයන් හෝ ජනරජයන් වෙනස් වීම වුවත්, ජීවන ගීතය නොනවතින බව සිසිර ගීතය ඒත්තු ගැන්වීමට සමත් වේ.

Out of stock

සැහැල්ලු, අර්ථවත් දිවියකට

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවහාරික ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොත ගැන… සිත සතුටින්, සැහැල්ලුවෙන් ජීවත්වීම සෑම මිනිස් සිතකම ප්‍රාර්ථනයයි, අභිලාෂයයි. එහෙත් සිතේ සැහැල්ලුවෙන්, සතුටින් ගත කිරීමට බොහෝ විට අවහිර ඇතිවන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ සිත නිසි ලෙස හසුරුවා ගැනීමට උනන්දු නොවීම හෝ නොදන්නාකම හේතුවෙනි. තමන්ගේ සිත දෙස කැඩපතකින් මෙන් නිරීක්ෂණය කොට සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය පවත්වා ගැනීමට ඉවහල් වන ඉතා සරල, එහෙත් ගැඹුරු සහ ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක් අන්තර්ගත ලිපි එකතුවකින් යුත් මෙම ග්‍රන්ථය සාර්ථක දිවියකට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ පළමු අදියරයි. පාසල් සිසුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා තෘප්තිමත්ව ගත කිරීමට මෙම පොත් පෙළ මඟ ආලෝකමත් කරන්නෙකි.

රු450.00

සැබෑ ආදරයට උණුසුම

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ඇන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොත ගැන ඉඟියක්… ආදරය දිනාගන්නේ කෙසේද? දෑවැද්ද, කුලය විවාහයකට බලපායි ද? ආදරය බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් ද? විවාහය, ආශාවන් කොටු කර තැබීමක් ද? සැකය සිදුවන්නේ කෙසේ ද? දරුවන් විවාහ විය යුත්තේ මාපිය කැමැත්ත මතමද? සොඳුරු පවුලක් ගොඩනැඟීමට මග කියාදෙන මනෝවිද්‍යාත්මක ගද්‍ය සංග්‍රහය.

සැඟවුනු කහවනු –

“අමාරුවෙන් ගල ඉවත් කළ ඔබට මගෙන් තෑග්ගක්” කියලා රජතුමා ඒ කහවනු පොදිය වෙළෙන්දාට දුන්නා. පණිවිඩය මහන්සියෙන් වැඩ කළොත් ඕනෑම බාධකයක් ජයගන්න පුළුවන්.

Out of stock

සල්ලි නැතුව පොහොසතෙක්

ඔබේ අනාගතය පිරි ඇත්තේ සිහින වලින් ද? පැහැදිලි ඉලක්ක වලින් ද? අනුන්ගේ සිතුම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට කෙතරම් බලපාවි ද? ධනය බලය කොච්චර තිබුණත් හිතේ සැනසිල්ලක් නැත්නම් ඇති වැඩේ මොකක් ද? සල්ලි වලට ආශාවීම වරදක් නෙමේ, ඒත් ඒකට ඇති ගිජුකම විනාශයක්. ඔබ කොයි තරම් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් ද? සැබෑ ධනවතෙක් කියන්නේ කෙතරම් ධනය තිබුණත් සරල සාමාන්‍ය චාම් දිවියක් ගත කරන කෙනෙක්. මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

රු260.00

සරල දහම් දැනුම

දහම් පාසල් තරග විභාග සඳහා සම්පාදිත පෙරට වඩා අද දහම් කරුණු පිළිබඳ වැඩි අවධානයක් මෙරට පමණක් නොව විදේශ රටවලද ජනතාව යොමු කරන බව පෙනේ. නොයෙක් පොත්වල ඇති වැදගත් දහම් කරුණු හදිසියකට සොයාගැනීම කාටත් අපහසුය. මේ බව වටහාගත් ගම්පහ අස්ගිරියේ රංජිත් විජේනායක මහත්මයා තරමක හෝ පහසුවක් ලබාදීමට තම දැනුම භාවිතයට යොදාගත් අවස්ථාවක් ලෙස සරල දහම් දැනුම පොත හඳුන්වාදිය හැක. විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මෙවැන්නක් සඳහා උත්සුක වීම මෙහි වැදගත්කම වැඩිවන්නට හේතුවක් ලෙස මට පෙනේ. දහම් ගුරුවරයෙක් සේ සේවය කිරීමෙන් ලද පුරුද්ද මෙය සකස් කිරීමට හේතුවන්නට ඇත. මෙම දහම් දැනුම පොත දහම් පාසල් සිසුන්ට, ගුරුවරුන්ට පමණක් නොව වැඩිහිටි බොහෝ දෙනාටත් ප්‍රයෝජන ගත හැකි වන ආකාරයෙන් සකස් වී ඇත. අවශ්‍යයෙන්ම දැනගතයුතු කරුණු පිළිබඳව ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඒවා සරල ලෙස ඉදිරිපත් කොට තිබීම විශේෂත්වයකි. විජේනායක මහතාගේ උත්සාහය අගය කළ යුතුය. නිවන් දැකීමට මෙයද පාරමී ධර්මයක් බවට පත් වේවායි පතමි. නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්ථවිර පන්තලූවන භික්ෂු ආයතන අධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක

සබන් බෝල සහ

⭕ කුඩා දරුවන්ට රස විදිය හැකි එමෙන්ම අකුරු ඉගෙනිය හැකි පිළිවෙලට ගොතා ඇති කුඩා කතන්දර පොතකි. වයස අවුරුදු 06 – 09 දක්වා දරුවන්ට විශේෂයි. වෛවර්ණ චිත්‍ර වලින් යුක්තය.

සත්තු වත්තෙ ඉස්කෝලේ

⭕ අරමුණෙන් ලියවුනු මින්සර ළමා ගී පොත් පෙළකි.දරුවන්ගේ ගායන කුසලතාවන් වර්ධනයවීම මෙන්ම සෞන්දර්යය,සංස්කෘතික කි්‍රයාකාරකම් ස`දහාද යොදා ගත හැක. ඉංගී්‍රසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාස ලෙස යොදා ගත හැකි ගීත  කීපයක්ද වෙයි. දරුවන්ට පමණක් නොව මාපිය, වැඩිහිටි අයට මෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන්ගේ උපකාරක අත්පොත් පෙළක් ලෙසද ඉතා සුදුසුය…   ISBN 978-624-5536-44-3

සත් හිරු පව්ව

⭕ නැට්ටිච්චි… සදුදට උඹ අහුවෙයං මට … මං උඹට ඔය ඉස්කෝලෙ නටන්න දෙයිද කියල බලපං…හාස්‍යය, කුතුහලය, ත්‍රාසය පිරි රසවත් නවකථාවකි.

Bundle Offer

සත් හිරු පව්ව

Bundle Offer #3 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. සත් හිරු පව්ව – 980/=/  My love my bully – 2250/= Total – 3230-= Bundle Offer – 2486/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු3,230.00

ශාස්ත්‍රීය අභියෝග සහ

ආචාර්ය ගැමුණු සිරි ගමගේ ආචාර්ය ගැමුණු සිරි ගමගේ මහතා දීර්ඝ කාලයක් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කළ විද්වතෙකි. අසාමාන්‍ය ලෙස ඥාන පිපාසාවෙන් යුත් ගවේෂකයෙකු ලෙස ඔහු හඳුන්වා දිය හැක්කේ තමන් අසන දකින කියවන දේ ඒ අයුරින් ම භාර නොගෙන ඒ සියලු දේ පිළිබඳ ව විචාරාක්ෂියෙන් සලකා බැලීමට ඔහු නිබද්ධවම යොමු වී ඇති බැවිනි. එසේ තමන් තුළ ජනිත වූ විචාරාත්මක අදහස් ආචාර්ය ගමගේ මහතා විටින් විට පුවත්පල හා සඟරාවල පළකොට තිබේ. ඒ ආකාරයට තැනින් තැන පළ වී ඇති ලිපි හා තවත් පළ නොවූ ලිපි සමුදායක් එක්කොට පාඨකයින් අතට පත් කිරීමට මෙම ග්‍රන්ථයේ සංස්කාරකයින් ගත් ප්‍රයත්නය අගය කළ හැකිය. ආචාර්ය ගමගේ අපේ සංස්කෘතියෙහි විවිධාංගත් බුදු සමය හා සිංහල භාෂාවත් පලකරන අදහස්වල ගතානුගතික චින්තනයෙන් ඔබ්බට ගොස් අලුතින් සිතන්නට ගත් වෑයම විශද වේ. විශේෂයෙන් සිංහල භාෂාවෙහි ප්‍රභවය පිළිබඳ ව මෙහි දැක්වෙන අදහස් විද්වතුන්ගේ විමර්ශනයට ලක් විය යුතුය. එබඳු සාකච්ඡා මගින් භාෂා ශාස්ත්‍ර ඥානය ප්‍රසාරණය වනු ඇත. ආචාර්ය ගමගේ මහතාගේ මේ විවාදාපන්න ලිපි සංග්‍රහයෙහි තවත් වැදගත් අංශයක් වන්නේ අප ශාස්ත්‍රීය සම්ප්‍රදාය හා පැවිදි ගිහි විද්වතුන්ගේ අප්‍රකට තොරතුරු ඇතුළත් කරමින් එතුමා සම්පාදනය කර ඇති විමර්ශන කිහිපයයි. මෙහි අන්තර්ගත සිංහල හා ඉංග්‍රීසි කාව්‍ය රචනා ද අගය කළ යුතු වේ. සමස්තයක් වශයෙන් මෙම ලිපිවල ඇති ප්‍රාමාණික අගය අනුව අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදායට මින් සිදු වන සම්ප්‍රදානය විද්වතුන්ගේ ඇගයුමට ලක් වේවායි පතමි. මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ.

වළට වැටුණු බූරුවා

කුණු වලට යට වෙනවා වෙනුවට කුණු යට කරගෙන බූරුවා ගොඩට ඇවිත් යන්න ගියා. අනිත් මිනිස්සු අපේ ඇඟට කුණු විසි කළත් ඒවා ප්‍රයෝජනයට අරගෙන අපිට දියුණු වෙන්න පුළුවන්.

වඩින තුරු හන්තාන

⭕ ඒක වෙනම ලෝකයක් මට හිතුනේ එහෙම. දෑස්පියාගෙන බලපු ලස්සන කතාවක්. එක්වරම අතුරුදහන් වුණ කතාවක්. හන්තාන අහසත්, මහවැලියත්, අපූරු කාලගුණයත් මට මවාදුන්නෙ හරි සුන්දර ලෝකයක්. ප්‍රේමය මායාවක්.. සුන්දරම කවියක්… හන්තාන අහසට වඩින සඳ ඒක වෙනම ලෝකයක්…..

වචන හා වැකි

1 ශ්‍රේණියට නියමිත අකුරු හා වචන රූල් පහ තුළ ලිවීමෙන් පසු තනි රූලට හුරුවීම සඳහා මෙම පොත සම්පාදනය කර ඇත. කර්තෘ පිළිබඳ විස්තරය   ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළ/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Out of stock

යළිත් යාපනයට with

Bundle Offer #7 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. යළිත් යාපනයට – 890/= Forget me not – 1200/= Total – 2090/= Bundle Offer – 1583/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු2,090.00

යළිත් යාපනයට –

මුල් කෘතිය: Retour à Jaffna – Jean-Paul Faure පරිවර්තනය: මෝහාන් ධර්මරත්න 2001 අවුරුද්දේදී ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස වැඩ භාරගන්නා ලුනා කේසිවි, දෙවැනි ලෝක යුද සමයේ නාසීන් විසින් සමූලඝාතනය කරනු ලැබූ යුදෙව්වන්ගේ අක්මුල් සොයා යමින් සිය ජීවිත කාලයම ගත කළ පියෙකුගේ දියණියකි. සිය සේවා ස්ථානයේ පැරණි රාජකාරි ලිපිගොනු අවුස්සන ඇයට 1990 අවුරුද්දේ ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ගිය යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා නොනිවෙන ආශාවක් ඇතිවෙයි. එය ඉටුකරගැනීම සඳහා යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ අවසන් ආයතන ප්‍රධානියාව සිටියදී යුද්ධය මැද අතුරුදන්ව ගිය සන්දනා පොන්නම්බලම් තවමත් ජීවත්ව සිටින්නේ දැයි සොයා ගැනීමට ලුනා අධිෂ්ඨාන කරයි. 1990 ප්‍රහාරයේ දී සන්දනා පොන්නම්බලම් ඇතුළු යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳව රහසේ විස්තර සොයා යන ලුනා, අවසානයේදී කැලණිය සරසවියේ මාධ්‍ය අංශයේ කණ්ඩායමක් සමග 2002 සටන් විරාම සමයේ යාපනයේ අනතුරුදායක සංචාරයක යෙදෙයි. සන්දනා තවමත් ජීවතුන් අතර සිටින බව ලුනා කේසිවි සොයා ගනියි. ඔහු සිටින්නේ කොහිද? ලුනාට සන්දනා හමුවේද? ඒ සංවේදනීය කතාවයි මේ.

Out of stock

මේ මගේ අම්මාය

ගාමිණී මොරගොඩ අති උතුම් මාතෘත්වය පාදක කොට මින්සර අර්පණී ගාමිණී මොරගොඩ මහතා විසින් රචනා කොට ඇති “මේ මගේ අම්මාය” යන කෘතිය අප කාගේත් සම්භාවනාවට පාත්‍ර විය යුතුය. සිය නිර්ව්‍යාජ අත්දැකීම් එක් කොට රචනා කොට ඇති මෙම කෘතියෙහි ඔහු ඇසුරු කළ සහ ඔහුට ආදරය කළ අම්මාවරු, නැන්දම්මාවරු, ලේලිවරු සහ තවත් බොහෝ දෙනා පෙනී සිටිති. මොවුන් හා බැඳුණු විවිධ සිදුවීම් ඇසුරෙන් කතුවරයා විග්‍රහ කරන්නේ සොඳුරු පවුලක් නිර්මාණයේදී ලා වැදගත් වන විවිධ සාධකයි. සියලු දරු පවුල් සොඳුරු පවුල් බවට පත්වනු දැකීම එතුමාගේ එකම ප්‍රාර්ථනයයි. මහාචාර්ය අනුර වික්‍රමසිංහ

රු250.00

මුද්දර පුංචා Muddara

⭕ ළමුන් තුළ රසවින්දනය, පරිකල්පනය සහ යහගුණ වර්ධනය කිරීමේ අරමුණෙන් ලියවුනු මින්සර ළමා ගී පොත් පෙළකි. දරුවන්ගේ ගායන කුසලතාවන් වර්ධනයවීම මෙන්ම සෞන්දර්යය, සංස්කෘතික කි්‍රයාකාරකම් ස`දහාද යොදා ගත හැක. ඉංගී්‍රසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාස ලෙස යොදා ගත හැකි ගීත කීපයක්ද වෙයි. දරුවන්ට පමණක් නොව මාපිය, වැඩිහිටි අයට මෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන්ගේ උපකාරක අත්පොත් පෙළක් ලෙසද ඉතා සුදුසුය.   ISBN 978-624-5536-45-0

මිථ්‍යාවෙන් එහා –

සත්‍ය සිදුවීම් ඇසුරෙන් මිථ්‍යා මත පිළිබඳ විමසුමක් මෝහන චිකිත්සකවරයා එසේ කී සැණින් තරුණයා බිම වැතිරීගෙන අසාමාන්‍ය අයුරින් ඇඹරෙන්නටත්, දඟලන්නටත් පටන් ගත්තේය. “මොකද ඔබ දඟලන්නේ.. දැන් ඔබ කවුද?” චිකිත්සකවරයා ඇසීය. “හැපින්නක්…” “හැපින්නක්…? කොහෙද හැපින්න වාසය කළේ…?” “අනුරාධපුරේ..” “අනුරාධපුරේ කොහෙද..?” “අටමස්ථානේ හරියේ..” “කොහොමද දැන ගත්තේ ඒ අටමස්ථානේ කියලා..?” මෝහන චිකිත්සකවරයා විමසූ විට තරුණයා මදක් නිහඬව සිටියේය. “කොහොමද දන්නෙ ඔබ හිටපු ප්‍රදේශය ගැන හරියටම..?” විචිකිත්සකවරයා නැවත ඇසීය. මෙවැනි සත්‍ය සිදුවීම් තුළ අන්තර්ගත සත්‍ය හෝ මිථ්‍යාව පිළිබඳ මනෝ විද්‍යාත්මක විවරණයක්

මිණි මුතු හා

පෝලිම පෝලිම පෝලිම කොතැන ගියත් අද පෝලිම මේ යුගයේ පහළ වෙච්ච මහානර්ඝ දේ පෝලිම ටිකට් ගන්නකොට පෝලිම බහින්න ගිය තැන පෝලිම දුම්රිය බස්රිය කොයිකෙත් නැගුමට බැස්මට පෝලිම සමුපකාරෙදි පෝලිම ස නො සේ මහ දිග පෝලිම ළමයි හම්බවෙන්න ගිහින් ඉස්පිරිතාලෙත් පෝලිම කඩදහි ගැනුමට පෝලිම ඒක ලියන්නට පෝලිම කසාදයක් බඳින්න ගියවිට කච්චේරියෙ පෝලිම ඒ අය ඇතිකළ පෝලිම අපි නැතිකරනව පෝලිම කිව්වත් වේදිකාවලදි ඡන්දය දෙන්නත් පෝලිම උපදිනවිට ඇති පෝලිම කසාදයට ඇති පෝලිම ඊළඟ රජයෙන් ඉල්ලමු මැරෙන්න යන්නත් පෝලිම

Out of stock

මා බාලේ –

ගෙදරට එනකොට හැමෝම ඉස්තෝප්පුවට වෙලා මහා පුදුමයක් වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. “කොහේද ගියේ?” පත්තරේ බල බල හාන්සි පුටුවට වෙලා හිටිය තාත්තා ඇහුවා. “කොහේවත් ගියේ නෑ,” කියලා මම අමාරුවෙන් කිව්වා. අඬන නාඬන බේරි වුණ මූණක් ඒ ගොල්ලෝ මගෙන් දකින්න ඇති. ඔක්කොම හයියෙන් හිනා වුණා. “පන්මිණි ඇවිත් කියලා ගියා, ඔයා යාලුවෝ කට්ටියක් එක්ක පන්වත්තේද කොහේද ගිහින් සිල් මුදවන්නවත් පන්සලේ හිටියේ නැහැ කියලා”. ඔසරියක් ඇඳගෙන කොණ්ඩෙ පීර පීර මාව හොයන්න යන්න ලෑස්ති වෙවී හිටිය අම්මා කිව්වා. මට කට උත්තර නැති වුණා.

රු750.00

මව්බස වචන ලිවීම

⭕ 2017 නව නිර්දේශයට අනුව දෙවැනි ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ද, යංශය හා රකාරාංශය ද ඇතුළත් මෙම අකුරු හුරු කිරීමේ පොත රතු සහ නිල් වර්ණවලින් යුතුව රූල් පහට අනුව සම්පාදනය කර ඇත.

මව්බස අකුරු ලිවීම

⭕ 2017 නව නිර්දේශයට අනුව දෙවැනි ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ද, යංශය හා රකාරාංශය ද ඇතුළත් මෙම අකුරු හුරු කිරීමේ පොත රතු සහ නිල් වර්ණවලින් යුතුව රූල් පහට අනුව සම්පාදනය කර ඇත.

Shopping Cart
Scroll to Top