Showing 127–168 of 712 resultsSorted by average rating

බූරුවා සහ පිළිමය

එයා අහංකාර බූරුවාට තඩිබෑවා. අපි අපේ තරම දැනගෙන නිහතමානීව වැඩ කරන්න ඕනා. අහංකාර වුණොත් පස්සේ විඳවන්න වෙනවා.

බුද්ධරාජ – Buddharaja

බුද්ධ චරිතය පාදක කොටගත් විචිත්‍ර විමසුමක් බුදු රජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට සම්ප්‍රාප්ත වීමේ සිට මහාපරිනිර්වාණයට වැඩම කිරීම දක්වා වූ ථේරවාද සම්ප්‍රදායට අනුගත අසිරිමත් ශ්‍රී සම්බුද්ධ චරිතය බුද්ධරාජ කෘතියෙන් නිරූපණය වෙයි. කෘතියෙහි කතුවරිය වන්නේ ස්වර්ණා කාන්ති පෙරේරා ය. බෞද්ධ ථේරවාද සම්ප්‍රදායේ මූලග්‍රන්ථ පිළිබඳ මනා අධ්‍යයනයක් හා නිර්මාණාත්මක භාෂා ශෛලියකින් ද පිරිපුන් ඇය පිරිනිවන් ගීතය (2006), දෙවිඳුත් සිහින (2009), ලොවුතුරු රිද්ම (2008), මහාවීර (2009), නිරාමිසාවලෝකන (2012) වැනි බෞද්ධ සාහිත්‍ය කෘති කිහිපයක් ලියා බෞද්ධ සාහිත්‍ය සම්මානය ද (2010) දිනාගත් තැනැත්තියකි. වර්තමානයේ බෞද්ධ සාහිත්‍යයේ ආභාසය ලබමින් නිර්මාණ කරණයේ යෙදෙන ලේඛිකාවන් අතර ස්වර්ණා කාන්ති පෙරේරා ප්‍රමුඛ වෙයි.

බිහිරි ගෙඹිරාල Bihiri

⭕ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

Out of stock

බියුරෝ – Biyuro

ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වල, අසරණයන් බවට පත්කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරාගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතුය. ‘මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු’ – එය අපේ තීරණයයි.

රු1,850.00
Out of stock

බිය සහ භීතිකාව

විද්‍යාත්මක වෛද්‍ය පර්යේෂණ ඇසුරින් බිය අප ජීවිතපැවැත්ම සඳහා පවතින විභවතාවයකි. එනිසා බිය හට ගැනීම සාමාන්‍යයකි. අපගේ පූර්වජ මිනිසා පරිණාමයේදී ජීවිත ආරක්ෂාව සලසා ගත්තේ බිය වීමෙනි. බියෙන් තොරව මානවයා පැවැත්මක් නොමැත. මෙහිදී පුද්ගලයා බියට පත් වෙයි. සාමාන්‍ය නොවන බිය ගැන සලකා බලන්න. බියට පත්වන පුද්ගලයා තුළ විවිධ ලක්ෂණ මතු වෙයි. සාමාන්‍ය නොවන බියක් රෝගී අවස්ථා වලදී ඇති වේ. සාමාන්‍ය නොවන බිය ගැන දෙන පර්යේෂණාත්මක මුහුණ දීමක් මෑතක දී මෙහිදී දැකගත හැක. වෛද්‍ය විද්‍යාවේදී භීතිකාව ලෙස හඳුන්වන්නේ සාමාන්‍ය අවස්ථාවල දී අනවශ්‍ය බියක් ඇති වීමයි. මෙම තත්ත්වය මර්දනය කිරීම සහ බිය සමනය කර ගැනීම සඳහා ගත යුතු විද්‍යාත්මක ක්‍රියාමාර්ග මෙහිදී සකච්ඡාවට බඳුන් කෙරේ. බිය ඇති වීම පාලනය කර ගැනීම කළ යුතුවේ. මෙහිදී බොහෝ දෙනෙකුට මෙවැනි තත්ත්වයන් මගින් විවිධ පීඩා ඇති වන අතර භීතිකාව ලෙස හඳුන්වනු ලබන්නේ ද එවැනි තත්ත්වයන්ය. විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ බිය පාලනය කර ගැනීම මෙහිදී සාකච්ඡා කෙරේ. බිය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ බිය පාලනය කර ගත හැකිය. අද සමාජයේ විවිධ භීතිකාවලින් පෙළෙන්නන් සුලභය. තමන්ට බලපාන රෝගී තත්ත්වයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු මෙවැනි තත්ත්වයන් නිසා පීඩා විඳිති. රෝගී තත්ත්වයක දී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. රෝගී තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගැනීම රෝගය පාලනය කර ගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ. මෙම කෘතිය මඟින් බිය හා භීතිකාවන් සම්බන්ධව ඇති විද්‍යාත්මක පදනම මැනවින් පැහැදිලි කර දී ඇත.

රු300.00

බිඳුනු රිදුනු හිතකට

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු අපට හොඳින් මතක හිටින්නේ පුංචි හරි උදව්වක් කළ මිනිසුන්වයි. අනුන්ගේ වැරදි හොයන අප අතරින් තවූන් උදව් කරන්න හිතන්නේ කී දෙනාටද? ඔබේ ඇදකුද පමණක් හොයන අයට ඔබ දැක්විය යුත්තේ මොන වගේ ප්‍රතිචාරයක් ද? කෙනෙකුගේ වරදක් දැක්කම එය පෙන්වා දිය යුතුයි කියලා ඔබට හිතෙනවා නම්… අදහස් වලින් නොගැළපෙන කෙනෙකු සමඟ වුණත් සුහදව ජීවත් විය හැක්කේ කෙසේද? නිතර තරහ ගන්නා කෙනෙක්ව මෙල්ල කරගත හැක්කේ කෙසේද? ඇතැම් තැන් වටිනා ලිපි…

Out of stock

බිඳී නොබිඳී and

Bundle Offer #2 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. බිඳී නොබිඳී – 1250/=  සේපාලිකා 1 – 2350/= Total – 3600/= Bundle Offer – 2755/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු3,600.00

බිඳී නොබිඳී –

“ලූසී.. ඕක නවත්තන්න… හොඳ හුස්මක් ගන්න..” “මට අප්පිරියයි ඔය වෙන්ඩි.. ඒ වගේ කලින් හිටිය ගෑනි වල්ලටත් අන්තයි…” “ලූසී.. ලූසී.. පැටියෝ.. පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ..” මම හැකිතාක් මෘදුව කීවෙමි. “මං වෙන්ඩිට වෛර කරනවා..” ඉංග්‍රීසි නම: The girl who wanted to Belong මුල් කතුවරිය: Angela Hart සිංහල නම: බිඳී නොබිඳී (Bindee Nobindee) පරිවර්තනය: දිල්හානි වික්‍රමරත්න (Dilhani Wickramarathna) තේමාව: The True Story of a Devastated Little Girl and the Foster Carer who Healed her Broken Heart (හදවත බිඳුණු අසරණ කුඩා දැරියකගේ සහ ඇයව සුවපත් කළ සුළු මවකගේ සත්‍ය කතාවකි.)

රු1,250.00

බැඳී නොබැඳී Bendee

⭕ ඔයා හිතනවද නංගී මට වෙන කෙනෙක් බඳින්න පුළුවන් කියලා? එදා ඔයගොල්ලගේ තාත්තා මාව මේ ගෙදරින් එලෙව්වට මම හිතාගත්තෙ කවද හරි මම ඔයාව බඳිනවා කියලා

Out of stock

බැන්ශි අටල්ලේ අභිරහස

නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත්‍යන්තරයට පවා අවශ්‍යව පවතින, ඉතාමත් වටිනා චිත්‍ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයෙකු කොටු කර ගැනීමට ගැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ්‍ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අර්න්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑණා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස්‍යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී ටවර්ස්ලේ අබිරහස මොවුන්ගේ වීර වික්‍රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.

රු850.00

බැද්දෙගම – BEDDEGAMA

“බැද්දේගම” සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නව කතාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුරබෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු විනිවිද දුටු සැටි චමත්කාරජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර ශාලාවෙහි ඇඳ තිබෙන අමරණීය බිතු සිතුවම් අතුරින් එකකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පෙරවදන ඇසුරිනි.

බලු රාළයි හා

⭕ යාලූවෝ දෙදෙනාගෙ අපූර්ව මිත්‍රත්වයේ මහිමය සංකේතවත් කරන රසවත්, ආදර්ශමත් අපුරු කතාවකි. වයස අවුරුදු 06 – 09 දක්වා දරුවන්ට විශේෂය….

බයෝ කරපු ඒලෙවල්

සරසූලක් කම්පනය කර තබා ධ්වනිමාන පෙට්ටියක් මත සේතු එහෙ මෙහෙ කරන විටදී ආරෝහකය විසි වී යා හැක ප්‍රස්තාරික ක්‍රමයකට ගොස් ඔබට සංඛ්‍යාතය සොයා ගත හැක කම්පනය වෙද්දී හදවත නොතබන්න හිතවත ජීවිතේ ආදරේ කම්බිය මත ඔබට නොපෙනෙන තැනකට ළඟා වීමට බැරි දුරකට කලු කුහරයක පතුළට ජීවිතේ විසි විය හැක !

Out of stock

බයෝ කරපු ඒලෙවල්

එක පැත්තකට සිද්ධවෙන ප්‍රතික්‍රියාවක සීමාකාරී ප්‍රතික්‍රියකය එක තැනකදි ඉවර වුණා එතනින් ප්‍රතික්‍රියාවත් නැවතුණා! “ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්නම් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්!” මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ, එක පැත්තකට සිද්ධවෙන ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!

රු500.00
Out of stock

පෙමර මින්ට්Daily Love

“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන් ද?” “හදවතින්…” “ඒ ගැන කියන්න.” “හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ; හරියට අගාධයකින් වගේ. ඒ අගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.” පෙපර්මින්ට්

රු900.00

පෙට්ටගමක මහ අසිරිය

⭕ බාල තරුණ සිත් තුල නිර්මාණශීලිත්වය, සහෝදරත්වය, මිත්‍රත්වය, කෘතවේදිත්වය, සබැ`දියාව ජනිත කරමින් කුතුහලයෙන් යුතුව රස වි`දිය හැකි අධ්‍යාපන මනෝවිද්‍යාත්මක රසවත් කථාවකි…

Out of stock

පෙට් සෙමෙටර් –

දොස්තර ලුවීස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ලකරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ට දෙයකිනි. එනම්, අහිමි වීමේ දුක හා වේදනාව මඟිනි. තමන් අතිශය ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වෙන් වූ බව දැනගත් විට ඇති වන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිඳී මැරි මැරි ජීවත්වෙමින් සිටියදී සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද?

රු2,450.00
Out of stock

පූර්වාපර – Poorwapara

කාල වැලිතලාව ගිලගත් කඩතොළු වූ වෘත්තාන්තයක්. “මට ළමයි හදන්න බැයිනම් කොහොමද යකෝ වේලි වේලි හිටපු උඹේ ගෑනිගෙ බඩට ළමයෙක් ආවේ. උඹ මහ ලොකුවට ඉඹ ඉඹ හැදුවට ඌ මගේ දරුවෙක්. ඕනනම් උඹේ ගෑනිගෙන් අහලා බලපන්.” “උඹේ අතින් මට අබමල් රේණුවක වරදක් අඩුපාඩුවක් හිත් රිදීමක් උණේ නෑ චන්ද්‍රලතා. මගේ අතින් උඹට වැරදි උනා මිසක, මගේ අතින් උඹේ හිත රිදුණ මිසක… ජාති ජාතිත් පතන්න වටින ගෑනියෙක් උඹ.” එහි වූ එකම ඇඳමත සිටි නන්දෝරිස්ගේ අක්කාගේ පාමුල නයි රියක වේගයෙන් චලනය වෙමින් සිටියේය. ඔහුගේ විසල් සිරුරේ බරද ඒ යක්ෂාවේගී ක්‍රියාවට ඇයව මහත් වේදනාවක් බව ඇගේ මුහුණෙන් පෙනිනි. ගේ ඇළ අයිනෙන් වාඩිවූයේ වටපිට බලමිනි. නොදැනීම අඩෝ වාතයක් දෙකක්ද පිටවෙමින් සනීපදායක ලෙස මුත්‍රා පහව යද්දීය, මඩෙන් උඩට මතුව තිබූ මිනිස් පා කොටසක්ද තට්ටම් පෙදෙසක් හා හිසක කොටසක්ද ඔහුට දැකගත හැකි වූයේ. “මොන කතන්දරේද… හන්… අම්ම ඉන්දැද්දිම පුංචි අම්මගෙයි අපේ තාත්තගෙයි තිබිච්ච අවලං ආස්සරේ. තමුන්ගෙ අක්කගෙ මිනිහගෙන් ළමයි හම්බවෙන්නෙ අවලං ආස්සරේකින් නෙමේද..? ඇඬුවට පව් හේදෙන්නෑ පුංචි අම්මේ.” වල තුළ සිටි නන්දෝරිස්ගේ ගෙල තෙක් පස්වලින් වැසී තිබුණි. බෝධිතුංග ආවේශ වූවෙකු මෙන් වේගයෙන් වලට පස් දමන්නට පටන් ගත්තේය. නන්දෝරිස් සිරුරේ ඉතිරි වී ඇති මුළු ශක්තිය යොදා සිය හඬ පිට කළේය. “එපා… එපා… එපා…” ප්‍රථමයෙන් නන්දෝරිස්ගේ මුවද අනතුරුව නාසය හා දෑස්ද ඉක්බිති සම්පූර්ණ හිසද පස්වලින් වැසී යන්නට තවත් විනාඩි දෙකකට වඩා ගත වූයේ නැත.

රු590.00
Out of stock

පූජිත ලේඛක විත්තිය

ඩබ්ලියු.ඒ. අබේසිංහ මේ පොත සාහිත්‍ය විචාර කෘතියක් නොවේ. චරිත කථා එකතුවක්ද නොවේ. ඒ දෙකේම එකතුවෙන් බිහි වුණු අමුතුම මාදිලියේ කෘතියකි. මේ වූකලී, ලෝක සාහිත්‍යයේ ගමන් මග වෙනස් කොට, ඒ මත ස්වකීය මුද්‍රාව දීප්තිමත් ලෙස තැබූ ලියෝ තෝල්ස්තෝයි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ඇන්ටන් චෙකොව්, මැක්සිම් ගෝර්කි, ඩී.එච්. ලෝරන්ස්, මිහායිල් ෂොලොහොව්, නිකොලායි ඔස්ත්‍රොව්ස්කි සහ නජීබ් මහෆුස් ද, අපේම මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක සහ ගුණපාල මලලසේකර ද යන අපූරු මිනිසුන්ගේ ජීවිතයත් කලාවත් පිළිබඳව ලියවුණු විත්ති පොතකි. ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ මනහර ගද්‍ය රීතියෙන් ඒ විත්ති කියවන විට දැනෙන්නේ, අමුතුම ආශ්වාදයකි.

රු230.00

පුංචි මගේ පෙර

රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස වසර තිහක ගුරු සේවයේ අත්දැකීම් අනුව ළමා මනස ගැන මනා අවබෝධයකින් යුතුව මෙම පෙර පාසල් වැඩ පොත පොඩ්ඩන් වෙනුවෙන්ම විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. ඇස, අත සමන්යෝජනය, බුද්ධි වර්ධනය ඇතුළු මූලික දක්ෂතා හා කුසලතා වර්ධනය කර ගැනීමට ඉවහල් වන මූලික අභ්‍යාස මෙහි අන්තර්ගතය. විවිධ ක්‍රියාකාරකම් අභ්‍යාස කිරීමේදී දෙමාපියන්, වැඩිහිටියන් දරුවාට සහාය වන්න. සංස්කරණය සරත් අනුරසිරි

පුංචි පහේ අම්මලාට

1979 එක සීතල උදෑසනක, “ලොක්කේ…” අප්පච්චිගේ බර, මෘදු හඬින් මම අවදි වීමි. අම්මා පිසූ කිරි බතේ සුවඳින් ගේ පිරි තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කට සපත්තු එක්ව තිබුණි. වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චි එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි. “හොඳට ලියන්න ඈ…. ඔයාට පුළුවන්….” අප්පච්චි මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි. විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවාද කියා ඇසුවේ නැත. ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි. ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි! චන්දන සූරියබණ්ඩාර

Out of stock

පිල්ලම් සහිත වැකි

2016 නව නිර්දේශයට අනුව 1 ශ්‍රේණියේදී ඉගැන්වීමට නියමිත හල් කිරීම් හා සියලුම පිල්ලම් ඇතුළත් වැකි ඇසුරින් මෙම පොත සම්පාදනය කර ඇත. කර්තෘ විස්තරය ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළ/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රාශියකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

රු290.00
Out of stock

පිල්ලම් පොත 2

සේනානි ධර්මරත්න දරුවන් අකුරු ඉගෙනගන්නේ හරිම ආසාවෙන්. එත්, පුංචි ගැටලුවක් මතුවෙනවා. ඒ තමයි, පිල්ලම් සහිත අකුරු හමුවීම. එතකොට කියවන්න මදක් පැකිලෙනවා. ඉස්පිල්ල, පාපිල්ල, ඇදපිල්ල, ඇලපිල්ල මේවා ටිකක් විතර සංකීර්ණයි. හැබැයි හරි පිළිවෙළකට ඒ ඒ පිල්ලම් වර්ග තේරුම් ගත්තොත් – ඔව් එවිට – පිල්ලම් සියල්ල යොදා වචන – කියවන්න පුළුවන්. ඔබේ දරුවාට ඒ හපන්කම කරන්න මේ පිල්ලම් පොත අත්වැලක් වෙනවා. ‘අ’ ස්වරයෙන් හැදෙන වචනවලින් පටන්ගෙන අකුරු දෙක – තුනක – ඉගෙනගත් පිල්ලම්වලට අදාළ පාඩම්, දරුවාට ආස හිතෙන ආකාරයට ගොනු කර තිබෙනවා. ඔබේ දරුවා ඉගෙනගත් පිල්ලම් ලිවීමට හුරු කරවන්න. පිල්ලම් පොත 2 අරගෙන දෙන්න.

රු530.00
Out of stock

පිල්ලම් පොත 1

පිල්ලම් පොත 1, ඔබේ දරුවාට පිල්ලම් කියලා දුන්නේ ගුරුවරයෙක් වගේ. පියවරෙන් පියවර – පිල්ලම් යොදාගෙන වචන හැදෙන හැටි පෙන්වා දුන්නා. දැන් ඔබේ දරුවාට පිල්ලම් කියවන්න පුළුවන්. ඒත්, පිල්ලම් ලියන්නත් ඕන නේ. ඒකත් හරිම ලේසියි. දරුවා ඉගෙනගත් – පිල්ලම් පමණක් ආධාරකරගෙන වචන ලිවීමට හුරු වෙනවා. පිල්ලම් ලිවීම අරඹන දරුවන් උදෙසා ‘පිල්ලම් පොත 2’ සියලු පාඩම් ගොනුකර තිබෙන්නේ, දරුවාට ආත්ම විශ්වාසය ගොඩ නගාගනිමින් පිල්ලම් ලිවීමට හුරුවීම සඳහා යි. ඔබේ දරුවා පිල්ලම් ලිවීමට මේ පොතින් හුරුවේවි. නිවැරදිව කියවීම සඳහා පිල්ලම් පොත 1 අරගෙන දෙන්න.

රු475.00
Out of stock

පිරිමි ගොඩයි මං

ඔබ එවූ පොතේ පිටුපස කවරයේ සඳහන් පෙළ පහතින් දැක්වේ: ‘ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රශ්නය?’ ‘මං හීනයක් දැක්කා’ ‘නරක හීනයක් ද?’ ‘නෑ, දරු හීනයක්’ ‘මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇඟත් රත් වෙලා’ ‘මං හීනෙන් ප්‍රභාකරන් දැක්කා. නන්දිකඩාල් කලපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුක්‍රාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා’ ‘ඉතින් උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?’ ‘මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න’ …අර හිරේ ගිය තාත්තා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වජෝතන්ද. ඉන්න ගමන් උඹේ දූෂණය කරපු එයාගෙන් බණක් අහපන්. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං එනවද? කියලා. අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා – දැන් එතේ සමාධි නියාමක. අර මිනුවන්ගොඩ රාජපක්ෂ දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මනපු – උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටිව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ, ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලෝකේ කැරකෙනවා. චාත්තය මැද්දට කප වැළගින්නක් වගේ පැනපං. වෙඩි කාපු රියක් වගේ ගොරවපං…

රු1,200.00

පිරිපුන් ගුරුවරයෙකුවීමට නම්

⭕පිරිපුන් ගුරුවරයෙක් උගන්වන්නෙ පොතෙන් නොව හදවතිනිz, යන කියමන අනුව ගුරු රැකියාවට ඇතුළත්වන සෑම කෙනෙකුම පොතේ දැනුමට පමණක්් සීමා නොවී සිසුන් කෙරෙහි ඇල්මකින්, සෙනෙහසකින් යුතුව පරිත්‍යාගශීලී, දූරදර්ශී හදවතකින් යුතුව කටයුතු කලයුතු ආකාරය පිලිබඳ මග කියාදෙන ඉතා වටිනා ග්‍රන්ථයකි

පින්තූරය බලා සරල

⭕ හඳුන්වාදෙන අකුරු හා පිල්ලම්ද යංශය හා රකාරාංශය ඇතුළත් වචන ඇසුරෙන් රූල් පහට අනුව මෙම පොත සම්පාදනය කර ඇත.

Shopping Cart
Scroll to Top