බියුරෝ – Biyuro
ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වල, අසරණයන් බවට පත්කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරාගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතුය. ‘මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු’ – එය අපේ තීරණයයි.
පූර්වාපර – Poorwapara
පූර්වාපර – Poorwapara
කාල වැලිතලාව ගිලගත් කඩතොළු වූ වෘත්තාන්තයක්. “මට ළමයි හදන්න බැයිනම් කොහොමද යකෝ වේලි වේලි හිටපු උඹේ ගෑනිගෙ බඩට ළමයෙක් ආවේ. උඹ මහ ලොකුවට ඉඹ ඉඹ හැදුවට ඌ මගේ දරුවෙක්. ඕනනම් උඹේ ගෑනිගෙන් අහලා බලපන්.” “උඹේ අතින් මට අබමල් රේණුවක වරදක් අඩුපාඩුවක් හිත් රිදීමක් උණේ නෑ චන්ද්‍රලතා. මගේ අතින් උඹට වැරදි උනා මිසක, මගේ අතින් උඹේ හිත රිදුණ මිසක… ජාති ජාතිත් පතන්න වටින ගෑනියෙක් උඹ.” එහි වූ එකම ඇඳමත සිටි නන්දෝරිස්ගේ අක්කාගේ පාමුල නයි රියක වේගයෙන් චලනය වෙමින් සිටියේය. ඔහුගේ විසල් සිරුරේ බරද ඒ යක්ෂාවේගී ක්‍රියාවට ඇයව මහත් වේදනාවක් බව ඇගේ මුහුණෙන් පෙනිනි. ගේ ඇළ අයිනෙන් වාඩිවූයේ වටපිට බලමිනි. නොදැනීම අඩෝ වාතයක් දෙකක්ද පිටවෙමින් සනීපදායක ලෙස මුත්‍රා පහව යද්දීය, මඩෙන් උඩට මතුව තිබූ මිනිස් පා කොටසක්ද තට්ටම් පෙදෙසක් හා හිසක කොටසක්ද ඔහුට දැකගත හැකි වූයේ. “මොන කතන්දරේද… හන්… අම්ම ඉන්දැද්දිම පුංචි අම්මගෙයි අපේ තාත්තගෙයි තිබිච්ච අවලං ආස්සරේ. තමුන්ගෙ අක්කගෙ මිනිහගෙන් ළමයි හම්බවෙන්නෙ අවලං ආස්සරේකින් නෙමේද..? ඇඬුවට පව් හේදෙන්නෑ පුංචි අම්මේ.” වල තුළ සිටි නන්දෝරිස්ගේ ගෙල තෙක් පස්වලින් වැසී තිබුණි. බෝධිතුංග ආවේශ වූවෙකු මෙන් වේගයෙන් වලට පස් දමන්නට පටන් ගත්තේය. නන්දෝරිස් සිරුරේ ඉතිරි වී ඇති මුළු ශක්තිය යොදා සිය හඬ පිට කළේය. “එපා… එපා… එපා…” ප්‍රථමයෙන් නන්දෝරිස්ගේ මුවද අනතුරුව නාසය හා දෑස්ද ඉක්බිති සම්පූර්ණ හිසද පස්වලින් වැසී යන්නට තවත් විනාඩි දෙකකට වඩා ගත වූයේ නැත.
පූජිත ලේඛක විත්තිය
ඩබ්ලියු.ඒ. අබේසිංහ මේ පොත සාහිත්‍ය විචාර කෘතියක් නොවේ. චරිත කථා එකතුවක්ද නොවේ. ඒ දෙකේම එකතුවෙන් බිහි වුණු අමුතුම මාදිලියේ කෘතියකි. මේ වූකලී, ලෝක සාහිත්‍යයේ ගමන් මග වෙනස් කොට, ඒ මත ස්වකීය මුද්‍රාව දීප්තිමත් ලෙස තැබූ ලියෝ තෝල්ස්තෝයි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ඇන්ටන් චෙකොව්, මැක්සිම් ගෝර්කි, ඩී.එච්. ලෝරන්ස්, මිහායිල් ෂොලොහොව්, නිකොලායි ඔස්ත්‍රොව්ස්කි සහ නජීබ් මහෆුස් ද, අපේම මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක සහ ගුණපාල මලලසේකර ද යන අපූරු මිනිසුන්ගේ ජීවිතයත් කලාවත් පිළිබඳව ලියවුණු විත්ති පොතකි. ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ මනහර ගද්‍ය රීතියෙන් ඒ විත්ති කියවන විට දැනෙන්නේ, අමුතුම ආශ්වාදයකි.
පිල්ලම් පොත 2
සේනානි ධර්මරත්න දරුවන් අකුරු ඉගෙනගන්නේ හරිම ආසාවෙන්. එත්, පුංචි ගැටලුවක් මතුවෙනවා. ඒ තමයි, පිල්ලම් සහිත අකුරු හමුවීම. එතකොට කියවන්න මදක් පැකිලෙනවා. ඉස්පිල්ල, පාපිල්ල, ඇදපිල්ල, ඇලපිල්ල මේවා ටිකක් විතර සංකීර්ණයි. හැබැයි හරි පිළිවෙළකට ඒ ඒ පිල්ලම් වර්ග තේරුම් ගත්තොත් – ඔව් එවිට – පිල්ලම් සියල්ල යොදා වචන – කියවන්න පුළුවන්. ඔබේ දරුවාට ඒ හපන්කම කරන්න මේ පිල්ලම් පොත අත්වැලක් වෙනවා. ‘අ’ ස්වරයෙන් හැදෙන වචනවලින් පටන්ගෙන අකුරු දෙක – තුනක – ඉගෙනගත් පිල්ලම්වලට අදාළ පාඩම්, දරුවාට ආස හිතෙන ආකාරයට ගොනු කර තිබෙනවා. ඔබේ දරුවා ඉගෙනගත් පිල්ලම් ලිවීමට හුරු කරවන්න. පිල්ලම් පොත 2 අරගෙන දෙන්න.
පිල්ලම් පොත 1
පිල්ලම් පොත 1, ඔබේ දරුවාට පිල්ලම් කියලා දුන්නේ ගුරුවරයෙක් වගේ. පියවරෙන් පියවර – පිල්ලම් යොදාගෙන වචන හැදෙන හැටි පෙන්වා දුන්නා. දැන් ඔබේ දරුවාට පිල්ලම් කියවන්න පුළුවන්. ඒත්, පිල්ලම් ලියන්නත් ඕන නේ. ඒකත් හරිම ලේසියි. දරුවා ඉගෙනගත් – පිල්ලම් පමණක් ආධාරකරගෙන වචන ලිවීමට හුරු වෙනවා. පිල්ලම් ලිවීම අරඹන දරුවන් උදෙසා ‘පිල්ලම් පොත 2’ සියලු පාඩම් ගොනුකර තිබෙන්නේ, දරුවාට ආත්ම විශ්වාසය ගොඩ නගාගනිමින් පිල්ලම් ලිවීමට හුරුවීම සඳහා යි. ඔබේ දරුවා පිල්ලම් ලිවීමට මේ පොතින් හුරුවේවි. නිවැරදිව කියවීම සඳහා පිල්ලම් පොත 1 අරගෙන දෙන්න.
නාද්‍ය – Naadya
“රන් කියන්නේ වටින ලෝහයක්.. ඒත් ඒවා යකඩ තරම් මේ ලෝකේ හදන්න උදව් උපකාර කරලා නෑ. මට ඔයාව රන් නෙළුමක් කරලා කාගේ හරි ධනවන්තයෙකුගේ සේප්පුවේ හරි නිසල මුදුනේ හරි එල්ලන්න නෙමේ ඕන වුණේ. ඒ නිසා ඔයා තේරුම්ගන්න ඕන ඔයාව වටින්නේ අද කාලයට විතරක් නෙමේ කියලා. ඔයා හැම කාලයකදීම වටින කෙනෙක් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. අර්ථවන්ත වෙන්න ඕන. ඒකයි මං ඔයාට රන් නෙළුමක් වෙන්න නොකියා යකඩ නෙළුමක් වෙන්න කිව්වේ” – කසුන් මනුරංග දුල්ලෑවබණ්ඩාර
අවි බිමක ගිනියම
ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ “තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝප්‍රල් හින්නප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. හට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහායට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබළු බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්නප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව් රශ්මිය හට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්‍රල් හින්නප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.” “මධ්‍යමයට ආසන්නවත්ම කොකාවිල් සටනෙහි තීරණාත්මක මොහොත එළඹියේය. ලුතිනන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිද්‍රව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමඟ සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණ. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදින තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබඳ තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.”