Sale!

පූර්වාපර – Poorwapara

Original price was: රු590.00.Current price is: රු472.00.

කාල වැලිතලාව ගිලගත් කඩතොළු වූ වෘත්තාන්තයක්.

“මට ළමයි හදන්න බැයිනම් කොහොමද යකෝ වේලි වේලි හිටපු උඹේ ගෑනිගෙ බඩට ළමයෙක් ආවේ. උඹ මහ ලොකුවට ඉඹ ඉඹ හැදුවට ඌ මගේ දරුවෙක්. ඕනනම් උඹේ ගෑනිගෙන් අහලා බලපන්.”

“උඹේ අතින් මට අබමල් රේණුවක වරදක් අඩුපාඩුවක් හිත් රිදීමක් උණේ නෑ චන්ද්‍රලතා. මගේ අතින් උඹට වැරදි උනා මිසක, මගේ අතින් උඹේ හිත රිදුණ මිසක… ජාති ජාතිත් පතන්න වටින ගෑනියෙක් උඹ.”

එහි වූ එකම ඇඳමත සිටි නන්දෝරිස්ගේ අක්කාගේ පාමුල නයි රියක වේගයෙන් චලනය වෙමින් සිටියේය. ඔහුගේ විසල් සිරුරේ බරද ඒ යක්ෂාවේගී ක්‍රියාවට ඇයව මහත් වේදනාවක් බව ඇගේ මුහුණෙන් පෙනිනි.

ගේ ඇළ අයිනෙන් වාඩිවූයේ වටපිට බලමිනි. නොදැනීම අඩෝ වාතයක් දෙකක්ද පිටවෙමින් සනීපදායක ලෙස මුත්‍රා පහව යද්දීය, මඩෙන් උඩට මතුව තිබූ මිනිස් පා කොටසක්ද තට්ටම් පෙදෙසක් හා හිසක කොටසක්ද ඔහුට දැකගත හැකි වූයේ.

“මොන කතන්දරේද… හන්… අම්ම ඉන්දැද්දිම පුංචි අම්මගෙයි අපේ තාත්තගෙයි තිබිච්ච අවලං ආස්සරේ. තමුන්ගෙ අක්කගෙ මිනිහගෙන් ළමයි හම්බවෙන්නෙ අවලං ආස්සරේකින් නෙමේද..? ඇඬුවට පව් හේදෙන්නෑ පුංචි අම්මේ.”

වල තුළ සිටි නන්දෝරිස්ගේ ගෙල තෙක් පස්වලින් වැසී තිබුණි. බෝධිතුංග ආවේශ වූවෙකු මෙන් වේගයෙන් වලට පස් දමන්නට පටන් ගත්තේය. නන්දෝරිස් සිරුරේ ඉතිරි වී ඇති මුළු ශක්තිය යොදා සිය හඬ පිට කළේය. “එපා… එපා… එපා…” ප්‍රථමයෙන් නන්දෝරිස්ගේ මුවද අනතුරුව නාසය හා දෑස්ද ඉක්බිති සම්පූර්ණ හිසද පස්වලින් වැසී යන්නට තවත් විනාඩි දෙකකට වඩා ගත වූයේ නැත.

Out of stock

Out of stock

SKU: 11636414-1 Category: Brand:
Shopping Cart
Scroll to Top