දිව්‍යාශිංසන – Diwyashinshana

රු2,350.00

සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂීව් ලියෑන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් විරුදප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවිටු ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා බාල වයසේදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.

එහෙත් යමෙකු නැඟුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.

මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂීව් ලියෑන් තෙවැනි වරටත් දෙවි වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂීව් ලියෑන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කුරිරු වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.

ඔහුට සැන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන් අතර ගොඩනැඟෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අභිබවා ගිය කිසියම් අබිරහස් අනන්‍යතාවයක් හා අවින්තය යටගියාවක් සැන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මදහස යට කවර නම් වූ කතා පුවතක් සැඟව ඇත්තේද?

Availability: 5 in stock

Quantity
Please login

Availability: 5 in stock

SKU: 11513381-2 Category: Brand:
Shopping Cart
Scroll to Top