සංස්කාරක: නිව්ටන් ගුණසේකර
ශාස්ත්‍රවන්තයින්ගේ අනවධානයට හේතුකොටගෙන, කලක් පාඨක විචාරක ප්‍රසාදයෙන් බැහැරව පැවති සිංහල කෙටිකතාව, දැන් වනාහි යථාස්ථාපනය වී ඇත්තේය. දශක දෙකකට ආසන්න ඉකුත් කාලය තුළදී, අතු ඉති ලමින් නැවත වැඩෙන්නට වූ අපගේ කෙටිකතාව, මල්පලබර අවධියකට අවතීර්ණ වෙමින් පවතින බව පෙනෙන්නට ඇත.
අපගේ අධ්‍යාතන සාහිත්‍යයේ එකී ඉෂ්ටදායක ප්‍රවණතාව රැකගත හැකි වනුයේ, ප්‍රවීණ නවීන ලේඛක දෙපිරිසේම කෙටිකතා පාඨකයින් අතරට පත් කිරීමෙන් සහ ඒ නිර්මාණ විචාරක අවධානයට ලක් කිරීමෙන් පමණි.
“මින්සර” ප්‍රකාශකයන්ගේ අනුග්‍රහයෙන්, ප්‍රවීණ ලේඛක නිව්ටන් ගුණසේකර මහතා විසින් සම්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන මෙම කෙටිකතා සංග්‍රහය, පැසසුම් කටයුතු සාහිත්‍ය ව්‍යායාමයක් සේ හැඳින්විය යුතු වන්නේ, එකී හේතුවද නිසාය. නොමඳ පාඨක සහාද ප්‍රසාදයට පාත්රව සිටින ප්‍රවීණයන් රැසකගේ මෙන්ම, නිර්මාණ ශක්තියෙන් හෙබි නවකයින් කිහිපදෙනෙකුගේද කෙටිකතා විසිඑකකින් පරිමිත මෙම නිර්මාණ සමුච්චය, අතිශයින්ම කාලෝචිත සාහිත්‍ය සංග්‍රහයක් හැටියට හඳුන්වා දීමට මම කැමැත්තෙමි.
– ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

