සුන්දර ළමා මනසට ආමන්ත්‍රණය කරමින් විතානගේ කතුවරයා විසින් රචිත “දේදුන්නක් පායලා” නමැති සිඟිති කාව්‍ය සංග්‍රහය ඉතා ආශාවෙන් කියවීමි. එහි ඇතුළත් වන බොහෝමයක් රචනා ඉතා සරලය. සමහර රචනා ගීතවත්ය.
ඔහු සමහර නිර්මාණවලදී හසුරුවා ඇත්තේ ශූර සිත්තරකරුවෙකු ලෙසිනි. ළමා කාව්‍යයක අන්තර්ගත විය යුතු රමණීය බස රිද්මය පරිකල්පනය වඩාත් හොඳින් උද්දීපනය වන නිර්මාණ අතර “තපස් රකින කොක් නයිදේ, ටිකිරිලියා, අම්බලමේ පිනා, අම්මා, උදයක ලස්සන, ගුණ සුවඳ” යන කවි පන්ති වඩාත් කැපී පෙනේ. පොඩි දරුවන් මෙම රසැති කවි පොත කියවා උපරිම සතුටක් හා රසයක් විඳින බවට කිසිදු සැකයක් නැත.
– නිව්ටන් ගුණසේකර –

