බටහිර ඖෂධ පිළිබඳ තොරතුරු සංග්‍රහය
පාලිත ෆොන්සේකා
BSc. (Hons.) MSc., M.I.. Biol., MIEPSL, L.I. Chem. C., MPS., (SL)
රෝගී වූ විටෙක අසරණ වන අපට වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම මත විවිධාකාරයේ ඖෂධවල පිහිට පතන්නට සිදු වේ.
එවන් අවස්ථාවක බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනා ගන්නේ බටහිර හෙවත් ඇලෝපති (Allopathy) වෛද්‍ය ක්‍රමයට අයත් ඖෂධයි.
පවතින රෝගාබාධය, ඒ වෙනුවෙන් නිර්දේශිත ඖෂධය හෝ ඖෂධ මෙන්ම ඒවා සබුද්ධික අයුරින් භාවිත කළ යුතු ආකාරය හා හැකි අයුරින් එකී රෝග නිවාරණය කිරීමේ උපාය මාර්ග ආදිය, පිළිබඳව මූලික අවබෝධයක් හෝ ලබා තිබීම රෝගී නිරෝගී සැමගේ කාලීන අවශ්‍යතාවයකි.
ඉහත අරමුණ වෙනුවෙන් බටහිර ඖෂධ පිළිබඳව සිංහල පාඨකයා වෙත සරළ හා සාරවත් අයුරින් තොරතුරු රැගෙන අප හමුවට එන ප්‍රවීණ දේශකවරයෙක් මෙන්ම ගම්පහ ඖෂධවේදී අධ්‍යයන මධ්‍යස්ථානාධිපති පාලිත ෆොන්සේකා මහතා අප කාගේත් නොමඳ ප්‍රශංසාවට ලක් විය යුතුය.


