DSC07666.jpg රූපයේ ඇති සිංහල සහ ඉංග්‍රීසි ලේඛන සියල්ල පහත පරිදි ටයිප් කර ඇත:
RICK RIORDAN
PERCY JACKSON
AND THE OLYMPIANS
පර්සි ජැක්සන් සහ අමරණීයයන්ගේ කුසලානය
පරිවර්තනය මෙලනි අමරතුංග
අභියෝග හා ගවේෂණවලින් අඩුවක් නැති පර්සි ජැක්සන්ගේ දිවියේ තවත් පරිච්ඡේදයක්. නිව් රෝමන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලිපි තුනෙන් එකක් උපයා ගන්න, ගවේෂණ කීපයකම යෙදෙන්නට පර්සිට සිද්ධ වෙනවා. එසේ නමුත් ඔහුට එම ගවේෂණ සියල්ලකදීම තම මිතුරු නරාශ්ව පී-මෑන්, ග්‍රෝවර් මෙන්ම තම පෙම්වතිය ඇනබෙත්ද සෑම විටම උදව්වට සිටිනවා. එක ගවේෂණයක් සාර්ථක කර ගන්නට තවත් ගවේෂණ කරන්නට සිදු වීමෙන් ඔවුන්ගේ වීර චාරිකාව විවිධ පෙදෙස් කරා අපව රැගෙන යනවා. අපගේ දිවියද පෝෂණය කරමින් මිථ්‍යා කථා යළි කියැවීම ඉතාමත් සාර්ථක අයුරින් සිදු කිරීමට රික් රියෝඩන් සමත් වෙනවා.
කථාව මෙතනින් අවසන්ද? නෑ. පර්සිට තව නිර්දේශ ලිපි දෙකක් අවශ්‍යයි. එහෙනම් නම් මේ අපේ වීරයාගේ වික්‍රමයන්ගේ අවසානය නොවේ. තවත් වික්‍රමයන් සමග ළඟදීම ඔබ වෙත පැමිණීමේ පොරොන්දුවත් සමග මේ පොත ඔබ අතට පත් කරනවා.

