තිමිරෙන් එතෙරට – Thimiren etherata

රු590.00

බටහිර අප්‍රිකානු එබෝලා වසංගතය පසුබිම් කරගත් නොඇසූවිරූ කතාවක්…

ගිනියාව, ලයිබීරියාව සහ සියෙරාලියොන් දේශසීමා එකිනෙක හමුවන ‘ලෝමා’ නම් සුන්දර කලාපයේ ‘කිසි’ නම් ග්‍රාමයේ ජීවත්වූ ‘ටම්බා’ නම් අභියෝගාත්මක තරුණයාට තම ගම් බිම් හැරදා පලා යාමට සිදුවූයේ වසංගත තත්ත්වයක් හේතුවෙනි. එයින් තම පියා ඇතුළු ඥාතීන් අහිමි වන ඔහුට මොන්රෝවියාවට යාමට හැකි වන අතර එහිදී අමිනාටා නම් පියකරු යුවතියක් මුණ ගැසේ. එහිදී තම ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහවන්ත වන ඔහුට දෛවයේ සරදමක් මෙන් ‘එබෝලා’ වෛරසය ආසාදනය වේ.

ඔහු එයින් දිවි බේරාගත්තද ඔහුට සිය බිරිඳ සහ සුරතල් දියණිය අහිමි වේ. ඔහුගේ පුතුන් දෙදෙනා සමග නැවතත් ඔහු ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණ දෙයි. ඒ අතර ඔහුට තම පළමු ආදරවන්තිය ‘කුම්බා’ ව මුණගැසේ. ඒ වන විටත් එබෝලා වසංගතය නිසා ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් සිටියේ ඇයගේ දියණිය වන ‘සයේමා’ ගේ රැකවරණය ඔහුට හිමිකර දෙමිනි. ‘තිමිරෙන් එතෙරට’ නවකතාවෙන් විස්තර වන්නේ ‘ටම්බා’ නම් වූ නොසැලෙන පෞරුෂයකින් යුත් මිනිසාගේ ජීවිත වෘත්තාන්තයයි.

  • පොතේ නම: තිමිරෙන් එතෙරට (පරිවර්තන නවකතාව)

  • මුල් කෘතිය: ප්‍රමුදිත ඩී. රූපසිංහගේ “Behind the Eclipse” නම් ඉංග්‍රීසි නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

  • පරිවර්තනය: රෝහණ කලුආරච්චි

Out of stock

Out of stock

SKU: 11512231-1 Categories: , Brand:
Shopping Cart
Scroll to Top