මුල් කෘතිය: Retour à Jaffna – Jean-Paul Faure
පරිවර්තනය: මෝහාන් ධර්මරත්න
2001 අවුරුද්දේදී ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස වැඩ භාරගන්නා ලුනා කේසිවි, දෙවැනි ලෝක යුද සමයේ නාසීන් විසින් සමූලඝාතනය කරනු ලැබූ යුදෙව්වන්ගේ අක්මුල් සොයා යමින් සිය ජීවිත කාලයම ගත කළ පියෙකුගේ දියණියකි. සිය සේවා ස්ථානයේ පැරණි රාජකාරි ලිපිගොනු අවුස්සන ඇයට 1990 අවුරුද්දේ ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ගිය යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා නොනිවෙන ආශාවක් ඇතිවෙයි.
එය ඉටුකරගැනීම සඳහා යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ අවසන් ආයතන ප්‍රධානියාව සිටියදී යුද්ධය මැද අතුරුදන්ව ගිය සන්දනා පොන්නම්බලම් තවමත් ජීවත්ව සිටින්නේ දැයි සොයා ගැනීමට ලුනා අධිෂ්ඨාන කරයි. 1990 ප්‍රහාරයේ දී සන්දනා පොන්නම්බලම් ඇතුළු යාපනයේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳව රහසේ විස්තර සොයා යන ලුනා, අවසානයේදී කැලණිය සරසවියේ මාධ්‍ය අංශයේ කණ්ඩායමක් සමග 2002 සටන් විරාම සමයේ යාපනයේ අනතුරුදායක සංචාරයක යෙදෙයි.
සන්දනා තවමත් ජීවතුන් අතර සිටින බව ලුනා කේසිවි සොයා ගනියි. ඔහු සිටින්නේ කොහිද? ලුනාට සන්දනා හමුවේද? ඒ සංවේදනීය කතාවයි මේ.


