බන්දුල ආර්. ගුලවත්ත
ගම්පහ මින්සර සමස්ත ලංකා අත්පිටපත් තරගය – 2013 ජයග්‍රාහී නව කතාව වෙනුවෙන් විනිශ්චය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද හේතු පාඨය.
“ඉඩමත් ගැමියත් අතර දැඩි සම්බන්ධතාවය, ඉඩම් අයිතිය පිළිබඳ ඇති ගැටලු හා නඩු හබ ආශ්‍රිත පුවතක් ඇසුරින් උසාවි පරිශ්‍රය හා සාම්ප්‍රදායික ගැමි සමාජය පිළිබඳව පුළුල් චිත්‍රයක් මවමින්ද, සියුම් උපහාසයෙන් හා උත්ප්‍රාසයෙන් එය ආලෝකමත් කරමින්ද, මිනිසුන් සහ පරිසරය ගැන ස්වකීය දෘෂ්ටිය ව්‍යාංගාර්ථයක් සේ මතු කරමින්, තමන්ටම අනන්‍ය වූ වාක්‍ය ප්‍රයෝග සහිත ආශ්චර්යමත් බස් වහරකින් අලංකෘත කොට, වියමන් කළ ප්‍රශස්ත නව කතාවක් ලෙසට බන්දුල ආර්. ගුලවත්තගේ ‘මහ ඉඩම’ නම් නිර්මාණ කෘතිය මින්සර නවකතා අත්පිටපත් තරගයේ හොඳම නවකතාව ලෙසට ජයග්‍රහණය හිමි කර ගත් බව මෙයින් ප්‍රකාශ කොට සිටින වගයි.”
මහාචාර්ය අනුර වික්‍රමසිංහ


