Showing 295–336 of 712 resultsSorted by average rating

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.

රු1,290.00

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලකි.

රු1,290.00

ඉංග්‍රීසි ස්වයං අධ්‍යයන

භාෂාවක හරය ව්‍යාකරණයයි. ව්‍යාකරණානුකූල නොවන වාක්‍යයකින් නිරවුල් අදහසක් මතු නොවේ. ඉංග්‍රීසි බස හදාරන ඔබට එහි ව්‍යාකරණ රටාවන් අමතකව යාමට බොහෝ සේ හේතු වන්නේ භාවිතය අඩුවීමයි. ඉංග්‍රීසිය අප රටේ තුන්වන බසයි. ලෝකය වෙත විවර වන කවුළුව ඉංග්‍රීසියයි. නිවැරදි භාවිතය වැදගත් වන්නේ එහෙයිනි. කථනය සඳහා අවස්ථා වැඩි කරගනිමින්, කියවීම සහ ලේඛනය වෙත ද යොමුවීම දැනුම වැඩිකර ගැනීමේ හොඳම මගයි. ඉංග්‍රීසි – ස්වයං අධ්‍යයන දර්ශකය ඒ සඳහා ඔබේ උදව්වට සිටිනු ඇත. අව්‍ය පද සර්ව නාම නිපාත ප්‍රශ්නාර්ථ පද නිශ්චයාර්ථ පද සම්බන්ධිකරණ පද විධාන පද ප්‍රධාන ක්‍රියාපද යෙදෙන අවස්ථා කාලය අනුව වාක්‍ය යෙදෙන ආකාර ප්‍රශ්න විලාස කොන්දේසි වාක්‍ය කර්තෘ කාරකය – කර්ම කාරකය යෙදුම් සරල කථනය

ඉංග්‍රීසි පහසු සිංහලෙන්

මේ යුගයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය හා වැදගත්කම අපි කවුරුත් දනිමු. මෙම භාෂාව නිවැරදිව හා ක්‍රමානුකූලව ඉගෙනීම හා ඉගැන්වීම ඉතා වැදගත් සේ සලකමි. ඉංග්‍රීසි භාෂාව ගැන හසල දැනුමක් ඇති දක්ෂයින් සිටියත් තමා දන්නා ක්‍රමවේදයන් ඉගැන්වීමට ඇති හැකියාව පිහිටා ඇත්තේ අල්පයකට පමණි. මෙම ග්‍රන්ථයේ ඉතා සරල හා ක්‍රමානුකූල ක්‍රමවේදයකට ඉංග්‍රීසි හෝඩියේ සිට ව්‍යාකරණ මට්ටම දක්වා සැමටම හැදෑරීමට පහසු අන්දමින් පාඩම් ඉදිරිපත් කිරීමට මයිකල් ආන්ජලෝ මහතා දක්ෂ වී ඇත. ඉංග්‍රීසි භාෂාව අගය කරන, එම භාෂාවට ආදරය කරන කතුවරයෙකු වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට ඇල්මක් දක්වන කාහටත් ප්‍රයෝජනවත් ආකාරයට රචිත මෙම ග්‍රන්ථය සැමට වටිනා අත්වැලක් වනු නොඅනුමානය. නිවැරදි ඉංග්‍රීසි භාවිතයට ඉංග්‍රීසි ව්‍යාකරණ අත්‍යාවශ්‍යමය. බොහෝ ඉංග්‍රීසි ව්‍යාකරණ පොත්වල රීති විස්තර කෙරෙන්නේ ඉංග්‍රීසියෙන්ම නිසා, බොහෝ දෙනෙකුට ඒවා පහසුවෙන් තේරුම් ගැනීම අපහසු වී ඇත. ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි රීති පැහැදිලි කර දීම මයිකල් ආන්ජලෝගේ පොත් වල කැපී පෙනෙන විශේෂත්වයකි. සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ටද මෙම පොත ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් වනු නොඅනුමානය.

ඉකිබිඳින්නද මුදු පැළන්දේ

ඉකි බිඳින්නට සිදු වේවිද? මහ රෑ මහ වැස්සේ නිවසෙන් පිටවී අඳුරු කැලෑ පාරක හිත් වේදනාවෙන් ගමන් ගන්නා යෞවනියක්… මිනෝලි ඒ කැලෑ පාරේ ජීප් රථයකින් ගමන් ගත් වතු අධිකාරි තරුණයෙක් වූ තුෂාර ජීප් රථයට ගොඩ වන්නට ඇයට ආරාධනා කරයි. මුලින් අකමැති වුණත් අධිකාරිවරයාගේ බලවත් ඇවිටිල්ල මත ගොඩනැගුණු විශ්වාසයකින් ඇය ඔහුගේ ජීප් රථයට ගොඩ වෙයි. විශාල වත්තක් මැද තිබූ අන් කිසිවෙකු නැති තුෂාරගේ හුදකලා නිවසට ඇය කැඳවා ගෙන යයි. ඇයට මුළු රැය එහි පහන් කරන්නට සිදු වෙයි. ජීවිතය අන්තයටම කලකිරී සිටි මිනෝලිට ජීවිතයේ අලුත් මඟකට හිරු පායාවිද? ඉකි බිඳින්නට සිදු වේවිද? නැතහොත්……?

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා

ප්‍රේමයේ ඉමහත් වූ වලට සහසාරගත අකුරු ඇත්නම් නමුදු සඳහට තුරුළු තබටයි මේ පපුව වන්කම් කාලයා විසින් පියදාවී රිදුම්දෙන සන්සාර හුස්ම බව මතක්කරන්නද අපිට අපි හිමි නැත්නම්… ‘හිනාව හංගාන දුරකට ඔයා දුවගෙන යන්න මම බලාගෙන ඉන්නම්’

Out of stock

ඇට්ටරී සමග කස්තුරි

Bundle Offer #1 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. කස්තුරි සුවඳ = 3500/= ඇට්ටරී = 780/= Total = 4280/= Bundle Offer= 3346/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු4,280.00
20%

ඇට්ටරී Attari

⭕ මගේ ජීවිතේ තමයි මේ අත්දෙක උඩ තියන්නෙ. පොතක් අතින් නෑල්ලූව මට හීන මවලා යන්න ඕන පාර කියා දුන්නෙ අක්කා. කවදා හරි අක්කගෙ දරුවත් අක්කට අභිමානයක් ඇතිවන විදිහට උස් මහත් කරන එක මගෙත් වගකීමක්..

Out of stock

ආදරෙයි උතුරන්න –

“අවාරක මීදුම ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න” හමා යන සුළඟකින් මගේ නම විමසන්න . තබා ගිය පණිවුඩෙන් ආදරේද පවසන්න” කර්තෘ: සමෝදි බණ්ඩාර (SAMODI BANDARA) වර්ගීකරණය: කවි එකතුවකි (A Poetry Collection) ප්‍රකාශනය: රසකත ප්‍රකාශකයෝ (RasaKatha Publishers)

රු750.00

ආකෙත් සහ රූත්

⭕රජ කුමාරවරු දිළිදු කෙල්ලන් වෙනුවෙන් ඔටුණු බිම තබා සිංහාසනයෙන් බැස පැමිණියේ සුරංගනා කතා වල පමණයි.ඒ සිහිනයෙන් අවදිවෙනවා හැරෙන්නට මට කරන්නට වෙනත් දෙයක් නැහැ වහලෙක් වුණු නිසාම කවරෙකුට ද හැකි වන්නේ හැගීම් වලට විලංගු දමන්න. අනෙක් මිනිසුන්ගේ වගේම අපේ හිත්වලත් ආදරය ඇති වෙනවා රූත් අතීතයේ බොහෝ තැන් පිළිබඳව මට තවම මතකයක් නැහැ. මා රියාට ආදරය කළ බව ඔබ පවසනවා. ඒ පිළිබඳව පැහැදිලි මතකයක් නැතත් ඒ නම් ඇසෙන විට මගේ හදවත වේදනාවෙන් පිරී යනවා. එසේම මා රූත්ට ආදරය කරනවාද නැද්ද යන්න මා දන්නේ නැහැ. ආකේත්

Out of stock

ආකිමිඩීස් සිය දිවි

එක්වරම මහ හයියෙන් වහින්න ගත්තා තරහයි නම් තමයි ඒත් මං වහලෙ තෙමෙන තැන් දැනගත්තා

රු750.00

ආකර්ෂණ නීතිය ඔස්සේ

ආකර්ෂණ නීතිය යනු, අප සිතින් මවා ගන්නා ඕනෑම අවශ්‍යතාවයක්, නිසැකවම අප වෙත ආකර්ෂණය කර ගත හැකි බව තහවුරු කරන විශ්වයේ බලපවත්වන ප්‍රබල ක්‍රියාදාමයයි. සිහින මැවීම නිෂ්ඵල සිහිනයකට සීමා නොකර, මෙම ආකර්ෂණ නීතියට අනුගත වී ක්‍රියාත්මක කළහොත් ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකි බව ලොව පුරා විද්වතුන් කළ අනන්ත පර්යේෂණ හරහා තහවුරු වී ඇත. අපට අවශ්‍ය ශරීර සුවය, හිතේ සැනසීම, අධ්‍යාපනය, ආදරය, රැකියා සාර්ථකත්වය, පෞද්ගලික දියුණුව මෙන්ම යාන වාහන, ගෙදොර, සුදුසු සහකරුවන් යනාදී සෑම ක්ෂේත්‍රයකම දෑසට පෙනෙන හෝ නොපෙනෙන ඕනෑම දෙයක් මෙම ආකර්ෂණ නීතිය හරහා ළඟා කර ගත හැකි අයුරු සවිස්තරව මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරයි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම දෙයක්ම ආකර්ෂණය කර ගනිමින් ජීවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට ගැනීමට මෙම ග්‍රන්ථය ප්‍රබල අත්වැලක් වනු ඇත.

Out of stock

අහිමි සඳවතිය –

දමින්ද දේශප්‍රිය රණතුංග සහ මා එකිනෙකා හඳුනාගත්තේ ඔහු ලියූ නවකතාවකින් නොවේ. ඒ වසර ගණනාවක් අප දෙදෙනාම සේවය කළ ලක්බිම පුවත්පතේදීය. දමින්ද එකල පත්තර කන්තෝරුවේ ජනප්‍රිය චරිතයක් වූ අතර ඉන් පිටත ලෝකයේද ජනප්‍රිය පුද්ගලයෙකු වූයේය. ඒ නවකතාකරුවෙකු හැටියටය. ඔහු ලියන්නේ සිංහල නවකතාවේ ප්‍රධාන ධාරාව විසින් මල්පොත් නැතහොත් ප්‍රේමකතා හැටියට හඳුන්වනු ලබන ශානරයක නවකතාය. එහෙත් අපට පිළිනොගෙන බැරි සත්‍යය වන්නේ ප්‍රධාන ධාරාවේ නවකතාවලට වඩා වැඩි පාඨක පිරිසක් දමින්ද වැනි ලේඛකයින් ලියන ප්‍රේමකතාවලට සිටින බවය. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව නවකතාකරණයේ යෙදෙන්නට අපේ කථානායක දමින්ද දේශප්‍රිය රණතුංගට හැකිවී තිබෙන්නේ ඒ නිසාය. ඔහුගේ මේ ‘අහිමි සඳවතිය’ එයට තවත් එක් කදිම නිදසුනක් වනු නොඅනුමානය. සුන්දර නිහතමානී රුහුණගේ

රු390.00
Out of stock

අහස් මේඝය –

අහස් මේඝය AHAS MEGHAYA චේතනා ද සිල්වා ජීවත්වෙන්න හුස්ම හරි හදවත හරි දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත්, හුස්ම නැතත් මැරෙයි… හදවත නැතත් මැරෙයි… ඉතින්, ඔබත් ඔහුත් අතරින් මා එක් අයෙක් තෝරාගන්නවාට වඩා, මරණය තෝරාගැනීම පහසු නොවේද?

රු2,000.00
Out of stock

අසුර ධ්‍යානවේදයේ මහා

වෙයි වූෂියන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනෙන ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව, දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බලසම්පන්න, කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනιδැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී, අසුර ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදියාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ වූ ගෞරවයම, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මියයයි! ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති; ජය පාන් බොති. වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර, මියගිය වෙයි වූෂියන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ, තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන, යළිත් මෙලොවට පැමිණෙන වෙයි වූෂියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුවාන්-ජුන් ඔහුගේ පසෙකින් හිඳියි. සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳාගැනීමට වෙයි වූෂියන් සමත් වනු ඇතිද? ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව, පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?

රු2,350.00
Out of stock

අසීමා – Aseema

සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. එක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදගෙන යන්න ආසයි නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න. ඔයාගේ දේ මගේ – මගේ දේ ඔයාගේ කියලා බෙදීම් නැති විශ්වීය ප්‍රේමයේ කිමිදෙන්න යථාර්ථය සුණු විසුණු කරන චාරිකාවක් අරඹන්න.

රු1,250.00

අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා

සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 5 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොතෙන් ඔබට…. ඔබේ ජීවිතයේ අසරණම මොහොත සොභාග්‍යය පටන් ගන්නා අවස්ථාව කරගන්න. අනුන් කරන දේ වෙනුවට, නිර්මාණශීලීව හිතලා ක්‍රියාකරන්න බයවෙන්න එපා. ඔබේ සාර්ථකත්වය කෙබඳු දැයි තීරණය කිරීම අන් අයට භාර කළ යුතුද? ජයග්‍රාහී මනසක වගේම පරාජිත මනසකත් ස්වභාවය තේරුම් ගැනීමට හිතේ සතුට අවශ්‍යය. ‘ඔබ සාර්ථක පුද්ගලයෙක්ද’ ‘අසාර්ථක පුද්ගලයෙක්ද’ කියලා තීරණය කළ හැක්කේ කාටද? ජීවිතයේ අනේක විධ ප්‍රශ්න සැමටම පිළිතුරු සොයා ගත හැකියි.

අවි බිමක ගිනියම

ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ “තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝප්‍රල් හින්නප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. හට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහායට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබළු බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්නප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව් රශ්මිය හට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්‍රල් හින්නප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.” “මධ්‍යමයට ආසන්නවත්ම කොකාවිල් සටනෙහි තීරණාත්මක මොහොත එළඹියේය. ලුතිනන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිද්‍රව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමඟ සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණ. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදින තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබඳ තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.”

රු1,500.00

අමුතු වලාකුළ Amuthu

⭕ ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු රසවත් කතාවක්. වෛවර්ණ චිත්‍ර – විද්‍යාත්මක ඉගැන්වීමක් ගෙන දෙන අපූරු ළමා කතාවකි.

අම්මා – Amma

අම්මා – සෙනෙහසේ නවාතැන මවකගේ උත්තරීතර ප්‍රාර්ථනය තම දරුවාට නිරෝගී බුද්ධිමත් සුන්දර ලොවක් හිමිකර දීමයි. වර්තමානයේ සෑම මවක්ම දැඩි මානසික පීඩනයකින් යුක්තව තම දරුවන් හදා ගැනීමට වෙහෙසෙති. දරුවා මෙලොව පිළිසිඳ ගත් දින පටන් නව යොවුන් වියට පා තබන මොහොත දක්වා දෙමාපිය කාර්යභාරය ‘අම්මා – සෙනෙහසේ නවාතැන’ යන්නෙන් මනෝවිද්‍යාත්මක කාර්ය රසාස්වාදී උපදෙස් ඇතුළත් කෘතිය සෑම මවකටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ලෙස කතුවරිය වන නයනා දමයන්ති ගුණවර්ධන අපූර්ව ලෙස පෙළ ගස්වා ඇත. දරුවා හදාවඩා ගන්නා ආකාරය, නිවැරදි මඟ පෙන්වීම, යහගුණ උපදෙස්, කුසලතා, පෞරුෂ වර්ධනය හා විවිධ අභියෝග ජයගන්නා ආකාරය මනෝවිද්‍යාත්මකව මවකට ඉතා සරලව අවබෝධ කර දෙයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවය කරන කාලයේ දැනට වසර දහයකට පෙරදී මට මුණගැසෙන මෙම අපූර්ව කර්තෘවරිය, විශාරදවරිය, ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය මා හට මුණගැසුණු සමීපතමයින් අතර ඉදිරියෙන්ම සිටී. සෑම මවකටම මෙම ග්‍රන්ථය අභියෝග රැසකට පිළිතුරු සපයයි. ආචාර්ය සමන් වීරවංශ මනෝ විශ්ලේෂක වරලත් ජීව විශේෂඥ

Out of stock

අම්මපයි මං කඩුව

සැඬ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැළත් පැන ගියපු රැයකට සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට “කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතුපිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්‍රදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිත ය. සමාජ රසික පිරිවරක ප්‍රතිචාර සමඟ අන්තර්ජාල වේදිකාව සක්‍රිය වෙයි. ශෂික සඳීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් ‘ග්‍රන්ථය’ නමැති බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සඳීප්ගේ කාව්‍ය රචනා, නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයයි.” – මානනීය ලේඛක, කිවියර නන්ද ප්‍රසාද් මස්බුල

රු550.00

අම්මත් එක්ක ඉංග්‍රීසි

LEARNING ENGLISH WITH MOTHER මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අම්මත් එක්ක ඉංග්‍රීසි

LEARNING ENGLISH WITH MOTHER මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අම්මත් එක්ක ඉංග්‍රීසි

කර්තෘ: මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු ඉංග්‍රීසි නාමය: LEARNING ENGLISH WITH MOTHER

Out of stock

අබාසාත්ති – Abasaththi

“මට මැරෙන්න දීපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනම් දැන් මගේ බෙල්ල මිරිකපං!” “උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සේ, මිනී නොමරා!” “ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සර්වාංගෙම පිළිකුල්…” “නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්න කලින්!” කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා. “මට යන්ඩ දිහාවක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…” කාගේ හරි බයිසිකලයක් එපිටින් ගියා. ගෝපාල දැක්කේ නෑ. සිරි……ස් ගාලා සද්දේ ඇහුණා විතරයි. ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුට්ටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?

රු1,000.00

අපරාධ නීතිය Aparadha

⭕ අපරාධ නීතිය සම්බන්ධ මූලික කරුණුු කිහිපයක් මෙම කෘතියට අන්තර්ගතව ඇති අතර විභාග සඳහා සූදානම් වන විද්‍යාර්ථින්ගේ මනදොළ සපිරෙන අයුරින් නව නඩු තීරණවල සාරාංශයක්ද ඉදිරිපත් කර ඇත. එමඟින් නීතියේ සංවර්ධන ද හඳුනාගත හැකිය.. ISBN 978-624-5536-81-8

Shopping Cart
Scroll to Top