Showing 253–294 of 712 resultsSorted by average rating

Out of stock

ක්ලියෝපැට්රා – Kolapata

එයා තමයි රැජින! නුවන් ඉෂාර මහගමගේ ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උණා. එයාට දැනුණා පැපිරස් කොළවල සුවඳ, නිල් මල්වල සුවඳ. භාෂා තුනකින් කැටයම් කර තිබුණු ගල් කුළුණක් ළඟ එයා නැවතුණා. “අහ්! මෙන්න ඉන්නවා අපේ වැඩකාරිගේ ළමයි.” ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අමුතුයි ලු. එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගේ දුව කියල කියනවාට වඩා කැමති උණේ එයාව ක්ලියෝපැට්රා කියල කියනවාට.

රු1,600.00
Out of stock

කලියුගය – Kaliyugaya

මාර්ටින් වික්‍රමසිංහ ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිබු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්තර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

රු900.00

කලම්බො – colombo

මොහාන් රාජ් මඩවල ඇය එලිසබෙත් උපන් දවසේම උපත ලැබූ එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එලිසබෙත් ලෙස එංගලන්තයේ රැජින බවට පත් වූවාය. එකුන් දහස් නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එලිසබෙත්ට, එලිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.

රු1,650.00
Out of stock

කඳුළු කුණාටුව –

සමන්තා නිකමට මෙන් කැඩපත ගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල්වලට හොඳින් හුරුය. තමා ප්‍රේම කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩිදැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමඟ ජීවිතයේ දුක සැප බෙදාගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්ත සමන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදිවලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතින්නි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි. “ඔය කිව්ව කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….” සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇතිවූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙළුණි.

රු1,300.00

කන්‍යා වැන්දඹුව Kanya

⭕ අනේ මගෙ කට, දෙමළ කෙල්ලෙක් යා`ඵ කරන් ළමයෙක් බඩට දෙන් කලින් හිතුව නම් දික්කසාද වෙන්න ඕනෙ නෑනෙ. ඒ ළමයව කැන්දගෙන ඇවිත් ගෙයක් හදාගෙන ජීවත් වෙයන්… ජීවිතය පංතියේ ජීවන අරගල මෙන්ම ජාතික සංහිදියාව පිළිබ`ද සමාජවාදී දෘෂ්ඨිකෝණයකින් මෙම පොත.

Out of stock

කන්‍යා වැන්දඔුව සමග

Bundle Offer #4 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. කන්‍යා වැන්දඹුව- 980/=/ අමාවකහස – 2100/= Total – 3080-= Bundle Offer – 2366/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු3,080.00

කතෝලික සභා නීති

⭕ කතෝලිය සභාවේ පූජනීයත්වය, දේව ප්‍රසාද නිදානය කිරීම නිසි පරිපාලනයකින් සිදුවිය යුතු නිසාත් සැම කෙනෙකුගේම අයිතිවාසිකම් හා සාධාරණත්වය ගොඩනැගීම සදහාත් කිතුනු දිවිය පරිපූර්ණ, ශක්තිමත් කරනා නීති පද්ධතියත් අවැසිය.

කතෝලික දහම පිළිබඳ

අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමන් විසින් රචනා කරනු ලැබ ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ වසර ගණනාවක් පළ කරන්නට යෙදුණා වූ දහම් ගැටළු තීරය මෙසේ ග්‍රන්ථයක් ලෙස දොරට වැඩීම සතුටට කරුණකි. ගොඩගමුව හා මඩම්පැල්ල රෝමානු කතෝලික පාසල් වලින් හා මීගමුව ශාන්ත මරියා විදුහලින් මූලික අධ්‍යාපනය ලබා පූජකවරය පතා බොරැල්ල ශාන්ත ඇලෝසියස් කණිෂ්ඨ විදුහලට ඇතුළු වූ එතුමා ජාතික දේවසත් හලින් පූජක පුහුණුව නිමකර 1980 ජූලි 05 පූජකවරය ලැබීය. මීගමුව මහා වීදිය සහායක ලෙස මුල් පත්වීම් ලැබූ එතුමා පසුව වාද්දුව මිසම් සේවක විය. රෝමයේ උර්බානු සරසවියෙන් ශාසන නීතිය පිළිබඳ උපාධිය දිනූ එතුමා ශාන්ත ඇලෝසියස් දේවසත්හල් භාණ්ඩාගාරික, කළුතර දහම් සෙවන පූර්ව දේවසත්හලේ අධිපති, අගරදගුරු පදවි භාණ්ඩාගාරික, අගරදගුරු පදවි විවාහක අධිකරණ සාමාජික හා දේවධර්ම නිකේතන කථිකාචාර්ය ධුරයන් දරනු ලැබීය. අගරදගුරු පදවි විවාහ අධිකරණ නාහිමි වන අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා මීගමුව එම භාග්‍යවත් ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධ්‍යක්ෂ හා තම්මිට කාදිනල් කුරේ දහම් සේවා මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. ශ්‍රාවක ජීවිතයේ මතුවන ගැටළු අපැහැදිලි දේ නොදත් කරුණු යනාදිය ගැන ගිහියා දැනුවත් කිරීමට ලිඛිත මාධ්‍යයෙන් නොකඩවා මෑත යුගයේ දහම් ගැටළු ඔස්සේ පියවර ගත් ගරු ලේඛක පියතුමා එය පරිණත අවබෝධයකින් විශාරද දැනුමකින් යුතුව සහ නීතිය මත පිහිටා කරන ධාර්මික රචනයකි. ගරු සිරිල් ගාමිණී පියතුමා කර්තෘ, ඥානාර්ථ ප්‍රදීපය.

කඩ ඉරි මත

⭕ 2017 නව නිර්දේශයට අනුව 2 ශ්‍රේණිය අලූතින් අකුරු 22 ක් හා පිල්ලම් ද යංශය හා රකාරංශය ද ඉගැන්වීමට නියමිතය. එම අකුරු පස් රූල් තනිවම ලිවීමට පෙර කඩ ඉරි මත ලියා හුරුවීම සඳහා මෙම පොත සම්පාදනය කර ඇත

Out of stock

ඔබ ඔබේ බිරිඳට

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු විවාහයට පෙර හිටපු ආදරණීය පෙම්වතා විවාහයට පස්සේ යක්ෂයෙක් වෙන්නේ ඇයි? විවාහයෙන් පස්සේ වෙනත් අතක හිත යනවා නම්…! ඔබ ආදරය කරන කෙනෙක් ඔබට ආදරය නොකරනවා නම්…! විවාහයක සාර්ථකත්වය සහ හඳහන් ගැළපීම අතර සම්බන්ධයක් තිබේද? විවාහය කියන්නේ කොන්දේසි සහිත ගනුදෙනුවක් ද? කොන්දේසි විරහිත පරිත්‍යාගයක් ද? බඳින්න ඉන්න කෙනාගේ අතීත රහස් ගැන ඔබ ක්‍රියා කළ යුත්තේ කොහොම ද?

රු260.00

උසස් පෙළ මූලික

මූලික සංකල්ප ගණනය කිරීම (ගැටලු විසඳුම්) උසස් පෙළ විද්‍යා-ගණිත අංශවලින් අධ්‍යාපනය හදාරන සිසුන්ට රසායන විද්‍යාව විෂය තුළ ගණිත ගැටලු අවස්ථා කීපයක දී මුණගැසෙයි. ඉන් ගැඹුරුම අංශය 12 සහ 13 ඒකක වලදී මුණගැසෙන භෞතික රසායන විද්‍යාව (Physical Chemistry) කොටසයි. ඒ සඳහා පෙරහුරුවක් ලැබෙනුයේ 3 වන ඒකකයේ දී ඉගෙන ගන්නා රසායනික ගණනය පාඩමෙනි. මවුල සම්බන්ධ අභ්‍යාස, අනුමාපනය, සහ ප්‍රතික්‍රියා ගණනයෝ වැනි මාතෘකාවලදී ගැටළුවට පිවිසෙන අයුරු සහ පෙළින් පෙළට පිළිතුර වෙත සිසුවා යා යුතු ආකාරය අපූර්ව ලෙස කතෘ විසින් මෙම මූලික රසායන විද්‍යා ගැටළු අත්පොත මගින් පෙන්වා දී ඇත. වසර 35 කට අධික කාලයක් තිස්සේ උසස්පෙළ ඉගැන්වීම් කරන ආරියදාස බියන්විල ගුරු භවතා සිසුන්ගේ දුර්වලතා මනාව අවබෝධ කර ඇති බව ඔහුගේ පූර්ව කෘතිවලින් ද පෙන්වා ඇත. “ඔහුගේ මෙහෙවර තවදුරටත් ගෙන යාමට ශක්තිය ලැබේවායි” මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි. මෙයට, විජය ලක්ෂ්මන් පෑලැන්ඩෑගේ (කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු උසස්පෙළ රසායන විද්‍යා ආචාර්ය සහ පිළිතුරු පත්‍ර ඇගයීම් උපදේශක)

Out of stock

උපන්දා සිට බාල

උපන්දා සිට බාල විය මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේදී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාල විය, තරුණ විය, මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කරන ලද්දේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලේඛක ජීවිතයට පසුබිම් වූ පරිසරය හා ක්‍රියාකාරකම් හැදෑරීමේ දී, දරුවන්ට පමණක් නොව, වැඩිහිටියන්ට ද මෙම පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

රු400.00
Out of stock

ඉරණම වෙනස් කිරීමේ

ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසලකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව විද්‍යාව සහ මිට්සාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මඟපෙන්වීමයි.

රු800.00

ඉබි පිහාටු –

පුරුෂාධිපත්‍යයෙන් යුත් ස්වාමිපුරුෂයකු හමුවේ විඳින අනේක වද වේදනා හේතුවෙන් තම අගනා දිවියෙන් බොහෝ දේ අහිමි කරගත් තරුණ රූමත් බිරිඳකගේ අනුවේදිනිය කතා පුවතක් පාදක කරගනිමින් අප නොදකින, අප අතරම වෙසෙන ඉතාම කුරිරු තැළීම් පෙළීම්වලට ලක්වෙමින්, ඉමක් නොපෙනෙන, නිමක් නොදකින දහසක් බිරින්දෑවරුන් නිහඬව විඳවන ශෝකාකුල ඛේදවාචකය “ඉබි පිහාටු” නම් වූ මෙම නවකතාව තුළින් රසවත් ශෛලියකින් සමාජගත කිරීමට මනෝරි ලියනවඩුගේ ලේඛිකාව සමත්වී ඇත. හසිත කෑගල්ලෑල්ල ලේඛක

Out of stock

ඉතිහාසය 7 –

විෂය: ඉතිහාසය (7 ශ්‍රේණිය) කර්තෘ: නිලූකා දසනායක පොත පිළිබඳ හැඳින්වීම ඉතිහාසය 07 ශ්‍රේණිය 2016 නව නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම කෘතියේ සම්පූර්ණ විෂය නිර්දේශය ඇතුළත්ය. ඉතා සරලව පැහැදිලිව ඕනෑම දැනුම් මට්ටමේ සිසු දරුවෙකුට තනිව කියවා තේරුම් ගතහැකි ලෙස 7 ශ්‍රේණිය ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ එන ගැටළු වලට අදාළ සරල පිළිතුරු ආකාරයෙන් හා ස්වයංව අධ්‍යයනය කරගත හැකි අයුරින් රචනා කර තිබීම සිසු දරුවන්ට ඉතා වැදගත්ය.

රු225.00
Out of stock

ඉතිං මට සමාවෙන්න

“බැරිම හින්දා කවදාවත් ආයෙ ඔබ වෙත හැරෙන්න කිසිත් කියන්න බෑ ඉතිං මට, “සමා වෙනු මැන!” ඇරෙන්න ජීවිතේ තව බොහෝ දුර ඇති අතරමග බෑ මැරෙන්න ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළඟ හැරෙන්න”

රු1,000.00

ඉගෙනීමේ අපහසුතා හඳුනාගනිමු

ඉගෙනීමේ අපහසුතා හඳුනාගනිමු විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඬුවාවල දෑරුවන්ගේ මොළය හා ඥාන ශක්තිය වැඩි කළ හැකි යයි ප්‍රචලිත කරනු ලබන නොයෙකුත් වෙළඳ නිෂ්පාදන ඇතුළු අනෙකුත් බෙහෙත් හෝ විටමින් වර්ග භාවිත කර ඉගෙනීමේ අපහසුතාවලට ප්‍රතිකාර කළ නොහැකිය. මූලික වශයෙන් වැදගත් වන්නේ දරුවන්ගේ ඉගෙනීමේ අපහසුතාවන්ගේ ස්වභාවය විනිශ්චය කර ගැනීමත් ඊට උචිත පුනරුත්ථාපන කටයුතු කිරීමත්ය. ඇත්තෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මුල් අවධියේදීම, එනම් දරුවා ප්‍රාථමික අධ්‍යාපනය ලබන මුල් වසර කිහිපයේදී මෙම පියවර ගැනීම සිදුවිය යුතුය. කිසියම් දරුවකුගේ වර්ධන පියවර සියල්ලම පාහේ සාමාන්‍ය පරිදි සිදුවූවත් වර්ධනයේ ප්‍රමාදයක් සිදුවන අවස්ථාවලදී, බොහෝ විට භාෂා හා කල්පනා පිළිබඳ අඩුපාඩු මතුවීමට පුළුවන. පෙර පාසල් අවධියේම මෙම තත්ත්වය ගැන සැලකිලිමත් වීම අනාගත ඉගෙනුම් අපහසුතා අවම කර ගැනීමට හේතු වනු ඇත. මෙවැනි අපහසුතා පසුව හරි යයි කිය‍ා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙති. නමුත් බහුතරයකගේ එය එසේ සිදු නොවන බව වටහා ගැනීම වැදගත්ය. වෛද්‍ය සරත් පඬුවාවල විශේෂඥ මනෝ වෛද්‍ය

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.

රු1,200.00

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ඉංග්‍රීසි භාවිතයේදී බොහෝ දෙනෙකුට ගැටලු සහගත විය හැකි කර්මකාරක (Passive Voice) පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් මෙම පොත තුළින් සිදුවේ. කර්මකාරක වාක්‍යවල නොයෙකුත් පැතිකඩ ඉතා පැහැදිලිව විස්තරාත්මකව නිදසුන් සහිතව උගන්වන නිසා මෙම පොත නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් කර්මකාරක වාක්‍ය පිළිබඳ බොහෝ ගැටලු නිරාකරණය කරගෙන එම වාක්‍ය පිළිබඳව නිපුණත්වයක් ලැබීමට ද මෙම පොත උපකාරී වනු ඇත. ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලකි.

රු1,290.00

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

English grammar explained in easy Sinhala   එක වාක්‍යයක් විවිධ රටාවන් ඔස්සේ විකාශනය වන හැටි අංක පහ පොතෙන් විස්තර වූ අතර වාක්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් ව්‍යාකරණ නීති වලට අනුකූලව බද්ධ කිරීම පිළිබඳව දීර්ඝ ලෙස මෙම පොතෙන් ඉගැන්වේ. Clauses, Phrases, compound sentences, complex sentences යනාදී මිශ්‍ර වාක්‍ය නිර්මාණය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සඳහාත් විශේෂයෙන් ලේඛන කලාවේ දී නිවැරදි වාක්‍ය රචනය කිරීම ප්‍රගුණ කර ගැනීමටත් මෙම පොත බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

“වචන දෙකකින් ඇරඹෙන කෙටි සරල වාක්‍යයක සිට විවිධ අදහස් ප්‍රකාශ කරන දිග වාක්‍යයක් දක්වා නිර්මාණය කෙරෙන විවිධ වාක්‍ය රටාවන් පිළිබඳව දීර්ඝ ලෙස මෙම පොතෙන් විස්තර වේ. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ලිවීමේදී සහ ලිඛිත ඉංග්‍රීසි වාක්‍ය පැහැදිලිව තේරුම් ගැනීමේදී මෙම පොතෙන් ඉගැන්වෙන කරුණු ඉතාමත් ප්‍රයෝජන දායකවේ. නොයෙකුත් ඉංග්‍රීසි වචන නිවැරදිව පෙළගැස්විය යුතු රටාවන් මෙම පොතෙන් පැහැදිලි කෙරේ.”

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.

Shopping Cart
Scroll to Top