විද්‍යාත්මක ක්‍රමය – Widyathmaka Kramaya

රු1,050.00

විද්‍යාත්මක ක්‍රමය

කැණිසියස් පලිහවඩන

කර්තෘගේ ග්‍රන්ථ පිළිබඳව විද්වත් මත…

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය – 1980 කැණිසියස් පලිහවඩන මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය කාලෝචිත කෘතියක් බව ප්‍රකාශ කළ යුතුය. ඒ මහතාගේ මෙම ව්‍යායාමය පැසසුම් කටයුතුය. මෙබඳු පොතක් අපේ මව් භාෂාවෙන් පළ කිරීමෙන් පලිහවඩන මහතා කර ඇත්තේ ජාතික මෙහෙවරකි.

මහාචාර්ය එස්.පී.එම්. වීරසිංහ කැලණිය විශ්ව විද්‍යාලය

පලිහවඩන මහතා මෙම ග්‍රන්ථය මඟින් තර්ක ශාස්ත්‍රය හදාරණ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව සපුරා ලන්නට අදහස් කරන බව පෙනේ. විෂය පිළිබඳ උනන්දුව දක්වන ගුරුවරයෙකු වන ඒ මහතාගේ උත්සාහය සාර්ථක වේවායි පතමි.

ආචාර්ය ආර්. ඩී. ගුණරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය – 1993 පලිහවඩන මහතා විෂය ඉගැන්වීමෙන් උත්තර පත්‍ර සමීක්ෂණයෙන් ග්‍රන්ථ පරිශීලනයෙන් විෂය පිළිබඳ පා පුළුල් අත්දැකීම් ලබා ඇත.

කථිකාචාර්ය හෙ. මු. තිලකරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලය

විද්‍යාත්මක ක්‍රමය – 1997 විෂය පිළිබඳව දීර්ඝ කාලයක් ඉගැන්වීමෙන් ඔහු ලබා ඇති පළපුරුද්ද ඉමහත්ය. පලිහවඩන මහතා විද්‍යාත්මක ඉගැන්වීම් මහත් සේ ප්‍රගුණ කර ඇති දක්ෂ ගුරුවරයෙකු ලෙස සැලකීම යුක්ති යුක්තය. විද්‍යාත්මක චින්තන ක්‍රමය වූ කලී ලෝකය පිළිබඳව දැනුම ලබා ගැනීමට මිනිසා සතු විශ්වාස කටයුතු ක්‍රමය ලෙස මම සලකමි. පලිහවඩන මහතා එවැනි සේවයක් කරන්නෙකු බැවින් ඔහුට මගේ ප්‍රණාමය හිමි වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා කැලණිය විශ්ව විද්‍යාලය

මෙහි පරිච්ඡේද කීපයක් කියවීමෙන් විෂය පිළිබඳ පා පුළුල් අවබෝධයක් ලැබෙන අතර එම අවබෝධය තවදුරටත් ප්‍රගුණ කර ගැනීමෙන් විකසිත වන චිත්ත ධෛර්යයෙන් සිසුන්ට මේ විෂයට සතුටුදායක ලෙස පිළිතුරු සැපයිය හැකි බව පැවසීම අසාධාරණ නොවේ.

මහාචාර්ය ඒ.ඩී.පී. කලන්සූරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Out of stock

Out of stock

SKU: 10330012-1 Category:
Shopping Cart
Scroll to Top