දරුවන්ගේ මානසික හා අධ්‍යාපන ගැටලු
දරුවන් “දගකාර” වීම සාමාන්‍ය දෙයකි. නමුත් එය පාලනයෙන් තොරව, අඩු අවධානයකින් යුක්ත වේ නම් මානසික ගැටළුවකි. දඩබ්බරකම මෙන්ම සමාජශීලී නොවී, මුල්ලකට වී සිටීම ද මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මුල්ලකට වී සිටින ඉතා කීකරු බවකින් යුත් දරුවන් “හොඳ ළමුන්” ලෙස සැලකීම දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද සිරිතකි. ඇත්තෙන්ම මෙවැනි අය මානසික වශයෙන් බොහෝ විට සාමාන්‍ය නැත.
ළමුන්ගේ මානසික සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු මෙන්ම අසනීප පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම කෘතියෙහි අඩංගු වේ. මෙය කියවීමෙන් තම දරුවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගෙන, ඔවුන්ගේ ළමාවිය විඳවීමෙන් තොරව ගත කිරීමට හැකි වාතාවරණයක් ලබා දීමට දෙමාපියන්ට හැකිවේ යයි සිතමි.


