දහම් පාසල් තරග විභාග සඳහා සම්පාදිත
පෙරට වඩා අද දහම් කරුණු පිළිබඳ වැඩි අවධානයක් මෙරට පමණක් නොව විදේශ රටවලද ජනතාව යොමු කරන බව පෙනේ. නොයෙක් පොත්වල ඇති වැදගත් දහම් කරුණු හදිසියකට සොයාගැනීම කාටත් අපහසුය. මේ බව වටහාගත් ගම්පහ අස්ගිරියේ රංජිත් විජේනායක මහත්මයා තරමක හෝ පහසුවක් ලබාදීමට තම දැනුම භාවිතයට යොදාගත් අවස්ථාවක් ලෙස සරල දහම් දැනුම පොත හඳුන්වාදිය හැක. විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මෙවැන්නක් සඳහා උත්සුක වීම මෙහි වැදගත්කම වැඩිවන්නට හේතුවක් ලෙස මට පෙනේ. දහම් ගුරුවරයෙක් සේ සේවය කිරීමෙන් ලද පුරුද්ද මෙය සකස් කිරීමට හේතුවන්නට ඇත.
මෙම දහම් දැනුම පොත දහම් පාසල් සිසුන්ට, ගුරුවරුන්ට පමණක් නොව වැඩිහිටි බොහෝ දෙනාටත් ප්‍රයෝජන ගත හැකි වන ආකාරයෙන් සකස් වී ඇත. අවශ්‍යයෙන්ම දැනගතයුතු කරුණු පිළිබඳව ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඒවා සරල ලෙස ඉදිරිපත් කොට තිබීම විශේෂත්වයකි. විජේනායක මහතාගේ උත්සාහය අගය කළ යුතුය. නිවන් දැකීමට මෙයද පාරමී ධර්මයක් බවට පත් වේවායි පතමි.
නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්ථවිර පන්තලූවන භික්ෂු ආයතන අධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක

