Sale!

සැහැල්ලු, අර්ථවත් දිවියකට – Sehellu Arthawath diwiyakata

Original price was: රු450.00.Current price is: රු360.00.

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවහාරික ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය.


පොත ගැන…

සිත සතුටින්, සැහැල්ලුවෙන් ජීවත්වීම සෑම මිනිස් සිතකම ප්‍රාර්ථනයයි, අභිලාෂයයි. එහෙත් සිතේ සැහැල්ලුවෙන්, සතුටින් ගත කිරීමට බොහෝ විට අවහිර ඇතිවන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ සිත නිසි ලෙස හසුරුවා ගැනීමට උනන්දු නොවීම හෝ නොදන්නාකම හේතුවෙනි. තමන්ගේ සිත දෙස කැඩපතකින් මෙන් නිරීක්ෂණය කොට සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය පවත්වා ගැනීමට ඉවහල් වන ඉතා සරල, එහෙත් ගැඹුරු සහ ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක් අන්තර්ගත ලිපි එකතුවකින් යුත් මෙම ග්‍රන්ථය සාර්ථක දිවියකට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ පළමු අදියරයි.

පාසල් සිසුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා තෘප්තිමත්ව ගත කිරීමට මෙම පොත් පෙළ මඟ ආලෝකමත් කරන්නෙකි.

Out of stock

Out of stock

SKU: 11620836-2 Category: Brand:
Shopping Cart
Scroll to Top