මාදිලි-2 දියවැඩියාව පිළිබඳ පරිණාමික, සමාජ, සංස්කෘතික, මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා ව්‍යාධිවේදාත්මක තොරතුරු ඇතුළත් වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය.
ප්‍රචාරණය ඇතුළු විවිධ බාහිර බලපෑම් හා කෑදරකම නිසා සිත මෙහෙයවාගත නොහැකි මිනිසා, පහසුවෙන් සිරුරට අවශෝෂණය වන සැකසූ ආහාර වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම නිසා ජනගහනයක ශරීර බර වැඩිවෙමින් පවතී. මේ නිසා සිරුර තුළ ව්‍යාධිජනක පරිවෘත්තීය ක්‍රියාවලීන් සිදුවේ. එමෙන්ම, අනවශ්‍ය නොවන විවිධ දේ ලබාගැනීමට පෙළඹී, මනස්තාපයෙන් පෙළෙන මිනිසාගේ ශාරීරික ක්‍රියාවලින් ද මීට වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.

