ගුරු මුෂ්ටිය Guru
⭕සතුන්ගේ හැසිරීම්, ජීවන තලය, ඔවුන්ගේ ගැටුම් හා කැළයේ ජීවිත ගැන මනා පරිචයකින් රචනා කර ඇත. ළමා මනසට ගැලපෙන අයුරින් රසවත් සරල භාෂාවෙන් ලියා ඇති අගනා පොතකි. වයස අවු. 06 – 16 දක්වා දරුවනට විශේෂයි ISBN 978-624-5536-24-5
ගුණ කිරීම හා
ගණිතය ගුණ කිරීම හා බෙදීම වැඩ පොත 3 ශ්‍රේණිය 3 ශ්රේණියේදී සිසුන්ට දෙකේ, පහේ හා දහයේ ගුණන වගු හඳුන්වා දෙනු ලබන අතර මෙම පොතෙන් එම ගුණන වගු පියවරෙන් පියවර ගොඩනඟන ආකාරය ඉතාමත් සරලව හඳුන්වා දෙන අතර අමතර අභ්‍යාස හා ගැටලු දෙකෙන් බෙදීමේ ක්රියාකාරකම් ගණනාවක් ද ඇතුළත් වේ. ප්රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්රාම ලබා ඇත. විශ්රාම ලබන විට බප/ පිළි/ ශ්රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
ගණිතය ගුණ කිරීම
ගණිතය – ගුණ කිරීම හා බෙදීම වැඩ පොත (4 ශ්‍රේණිය) 3 ශ්රේණියේ දී ඉගෙන ගත් ගුණන වගු ඇසුරෙන් විවිධ පුනරීක්ෂණ අභ්‍යාස මෙහි ඇතුළත් වන අතර 4 ශ්රේණියේ දී හඳුන්වා දෙන තුනේ, හතරේ ගුණන වගු ආශ්රිත ගැටලුද දෙකෙන්, තුනෙන් හා හතරෙන් බෙදීමට අදාළ අමතර අභ්‍යාස ගණනාවක් ද ඇතුළත් ය. ප්රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්රාම ලබා ඇත. විශ්රාම ලබන විට බප/ පිලි/ ශ්රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
ගණිතය එකතු කිරීම
1 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීමේ සහ අඩුකිරීමේ ක්රියාකාරකම් ගණනාවක් ඇතුළත් වී ඇති බැවින් 1 ශ්රේණියේ දරුවන්ට මහත් අත්වැලක් වනු ඇත. කතෘ පිළිබඳ විස්තර: ප්රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්රාම ලබා ඇත. විශ්රාම ලබනවිට බප/පිළි/ ශ්රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
ගණිත විනෝදය –
4-5 ශ්රේණි සඳහා චන්ද්ර වික්රමාරච්චි පරිසරයේ සුන්දරත්වය තුළින් ඉගෙනුම් ක්රියාවලියේදී බුද්ධිමය සංකල්පනා අවදි වෙයි. මෙහිදී පිබිදෙන ළමා මනස නව අත්දැකීම් වෙත හොඳින් සමීප වෙයි. එහි සංඛ්යාත්මක විග්රහයක යෙදෙන ගණිතය විශ්ව භාෂාවකි. එදිනෙදා ජීවිතයට අදාළ වන සේ පරිසරය අත්විඳිමින් දරුවා පැහැදිලිව ගණිත විෂය හඳුනා ගනියි. පන්ති කාමරයේදී ගණිතය මූර්තිමත් නොවන නිසා දරුවාට එය නීරස විෂයක් බවට පත්වෙයි. එහෙත් මෙම පොත මගින් ළමා සිතට ගණිතය සිය ජීවිතයේම විසිතුරු පැති කඩක් ලෙස දැකීමට හුරු කරවයි. මෙම ග්‍රන්ථය සකස් කරන චන්ද්ර වික්රමාරච්චි මහත්මිය ගණිතය පිළිබඳ විද්යුත් හා මුද්රිත මාධ්යවල අත්දැකීම් ඇති එම විෂය සම්බන්ධ විශේෂඥයෙකි. ඇයගේ සරල සුගම බස් වහර නිසා මෙම ග්‍රන්ථය තව තවත් ඔපවත් වෙයි. සිසු දරුවන්ට පමණක් නොව ගුරු මහත්ම මහත්මීන්ගේ පරිශීලනයටද මෙය මහඟු අත්වැලකි. තව තවත් මෙවැනි ග්‍රන්ථ චන්ද්ර වික්රමාරච්චි මහත්මිය ගෙන් පාඨකයා බලාපොරොත්තු වනු ඇතැයි සිතමි.
ගජගා සමග අම්මා
Bundle Offer #10 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. අම්මා – 690/= ගජගා – 1120/= Total – 2090/= Bundle Offer – 1603/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
කොච්චි ගෙදර දරුවෝ
පැසී නිදාහුන් තැනින් නැගිටලා මඳක් වනාන්තරය තුළට ඇවිදගෙන ගියා. වැස්සට පෙර නොතෙමී සිටිය හැකි තැනක් සොයාගන්නටයි ඇය මේ වෙහෙස වන්නේ. ඒ සමඟම ඇය දුටුවේ පුදුම සහගත දසුනක්. වනාන්තරයේ ගස් වැල්වලින් වැසී ගිය පරණ දුම්රිය පෙට්ටියක්. ඒ සමඟම පැසී කල්පනා කළේ පුදුමාකාර උද්දාමයකින්. “අන්න අපිට වැස්සෙන් නොතෙමී ඉන්න අපූරු ගෙයක්.” එසේ සිතමින්ම පැසී පරණ දුම්රිය පෙට්ටිය අසලට දුවගෙන ගියා. මළ බැඳුණු සහ අබලන් වූ දුම්රිය මාර්ගයක් උඩ නතර වෙලා තිබෙන දුම්රිය පෙට්ටියේ එන්ජිමක් තිබුණේ නෑ. බොහෝ කාලයකින් පාවිච්චි නොකළ නිසාදෝ දුම්රිය පෙට්ටිය වටෙන්ම ගස් වැල් වැවී තිබුණා. “මේක කෝච්චි පෙට්ටියක් නේ. වැස්ස නතර වෙනකම් අපිට මේක ඇතුළේ නොතෙමී ඉන්න පුළුවන්.”
කන්‍යා වැන්දඹුව Kanya
⭕ අනේ මගෙ කට, දෙමළ කෙල්ලෙක් යා`ඵ කරන් ළමයෙක් බඩට දෙන් කලින් හිතුව නම් දික්කසාද වෙන්න ඕනෙ නෑනෙ. ඒ ළමයව කැන්දගෙන ඇවිත් ගෙයක් හදාගෙන ජීවත් වෙයන්… ජීවිතය පංතියේ ජීවන අරගල මෙන්ම ජාතික සංහිදියාව පිළිබ`ද සමාජවාදී දෘෂ්ඨිකෝණයකින් මෙම පොත.
කන්‍යා වැන්දඔුව සමග
Bundle Offer #4 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. කන්‍යා වැන්දඹුව- 980/=/ අමාවකහස – 2100/= Total – 3080-= Bundle Offer – 2366/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
කතෝලික සභා නීති
⭕ කතෝලිය සභාවේ පූජනීයත්වය, දේව ප්‍රසාද නිදානය කිරීම නිසි පරිපාලනයකින් සිදුවිය යුතු නිසාත් සැම කෙනෙකුගේම අයිතිවාසිකම් හා සාධාරණත්වය ගොඩනැගීම සදහාත් කිතුනු දිවිය පරිපූර්ණ, ශක්තිමත් කරනා නීති පද්ධතියත් අවැසිය.
කතෝලික දහම පිළිබඳ
අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමන් විසින් රචනා කරනු ලැබ ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ වසර ගණනාවක් පළ කරන්නට යෙදුණා වූ දහම් ගැටළු තීරය මෙසේ ග්‍රන්ථයක් ලෙස දොරට වැඩීම සතුටට කරුණකි. ගොඩගමුව හා මඩම්පැල්ල රෝමානු කතෝලික පාසල් වලින් හා මීගමුව ශාන්ත මරියා විදුහලින් මූලික අධ්‍යාපනය ලබා පූජකවරය පතා බොරැල්ල ශාන්ත ඇලෝසියස් කණිෂ්ඨ විදුහලට ඇතුළු වූ එතුමා ජාතික දේවසත් හලින් පූජක පුහුණුව නිමකර 1980 ජූලි 05 පූජකවරය ලැබීය. මීගමුව මහා වීදිය සහායක ලෙස මුල් පත්වීම් ලැබූ එතුමා පසුව වාද්දුව මිසම් සේවක විය. රෝමයේ උර්බානු සරසවියෙන් ශාසන නීතිය පිළිබඳ උපාධිය දිනූ එතුමා ශාන්ත ඇලෝසියස් දේවසත්හල් භාණ්ඩාගාරික, කළුතර දහම් සෙවන පූර්ව දේවසත්හලේ අධිපති, අගරදගුරු පදවි භාණ්ඩාගාරික, අගරදගුරු පදවි විවාහක අධිකරණ සාමාජික හා දේවධර්ම නිකේතන කථිකාචාර්ය ධුරයන් දරනු ලැබීය. අගරදගුරු පදවි විවාහ අධිකරණ නාහිමි වන අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා මීගමුව එම භාග්‍යවත් ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධ්‍යක්ෂ හා තම්මිට කාදිනල් කුරේ දහම් සේවා මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. ශ්‍රාවක ජීවිතයේ මතුවන ගැටළු අපැහැදිලි දේ නොදත් කරුණු යනාදිය ගැන ගිහියා දැනුවත් කිරීමට ලිඛිත මාධ්‍යයෙන් නොකඩවා මෑත යුගයේ දහම් ගැටළු ඔස්සේ පියවර ගත් ගරු ලේඛක පියතුමා එය පරිණත අවබෝධයකින් විශාරද දැනුමකින් යුතුව සහ නීතිය මත පිහිටා කරන ධාර්මික රචනයකි. ගරු සිරිල් ගාමිණී පියතුමා කර්තෘ, ඥානාර්ථ ප්‍රදීපය.
කඩ ඉරි මත
⭕ 2017 නව නිර්දේශයට අනුව 2 ශ්‍රේණිය අලූතින් අකුරු 22 ක් හා පිල්ලම් ද යංශය හා රකාරංශය ද ඉගැන්වීමට නියමිතය. එම අකුරු පස් රූල් තනිවම ලිවීමට පෙර කඩ ඉරි මත ලියා හුරුවීම සඳහා මෙම පොත සම්පාදනය කර ඇත
ඔබ ඔබේ බිරිඳට
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු විවාහයට පෙර හිටපු ආදරණීය පෙම්වතා විවාහයට පස්සේ යක්ෂයෙක් වෙන්නේ ඇයි? විවාහයෙන් පස්සේ වෙනත් අතක හිත යනවා නම්…! ඔබ ආදරය කරන කෙනෙක් ඔබට ආදරය නොකරනවා නම්…! විවාහයක සාර්ථකත්වය සහ හඳහන් ගැළපීම අතර සම්බන්ධයක් තිබේද? විවාහය කියන්නේ කොන්දේසි සහිත ගනුදෙනුවක් ද? කොන්දේසි විරහිත පරිත්‍යාගයක් ද? බඳින්න ඉන්න කෙනාගේ අතීත රහස් ගැන ඔබ ක්‍රියා කළ යුත්තේ කොහොම ද?
උසස් පෙළ මූලික
මූලික සංකල්ප ගණනය කිරීම (ගැටලු විසඳුම්) උසස් පෙළ විද්‍යා-ගණිත අංශවලින් අධ්‍යාපනය හදාරන සිසුන්ට රසායන විද්‍යාව විෂය තුළ ගණිත ගැටලු අවස්ථා කීපයක දී මුණගැසෙයි. ඉන් ගැඹුරුම අංශය 12 සහ 13 ඒකක වලදී මුණගැසෙන භෞතික රසායන විද්‍යාව (Physical Chemistry) කොටසයි. ඒ සඳහා පෙරහුරුවක් ලැබෙනුයේ 3 වන ඒකකයේ දී ඉගෙන ගන්නා රසායනික ගණනය පාඩමෙනි. මවුල සම්බන්ධ අභ්‍යාස, අනුමාපනය, සහ ප්‍රතික්‍රියා ගණනයෝ වැනි මාතෘකාවලදී ගැටළුවට පිවිසෙන අයුරු සහ පෙළින් පෙළට පිළිතුර වෙත සිසුවා යා යුතු ආකාරය අපූර්ව ලෙස කතෘ විසින් මෙම මූලික රසායන විද්‍යා ගැටළු අත්පොත මගින් පෙන්වා දී ඇත. වසර 35 කට අධික කාලයක් තිස්සේ උසස්පෙළ ඉගැන්වීම් කරන ආරියදාස බියන්විල ගුරු භවතා සිසුන්ගේ දුර්වලතා මනාව අවබෝධ කර ඇති බව ඔහුගේ පූර්ව කෘතිවලින් ද පෙන්වා ඇත. “ඔහුගේ මෙහෙවර තවදුරටත් ගෙන යාමට ශක්තිය ලැබේවායි” මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි. මෙයට, විජය ලක්ෂ්මන් පෑලැන්ඩෑගේ (කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු උසස්පෙළ රසායන විද්‍යා ආචාර්ය සහ පිළිතුරු පත්‍ර ඇගයීම් උපදේශක)
ඉබි පිහාටු –
පුරුෂාධිපත්‍යයෙන් යුත් ස්වාමිපුරුෂයකු හමුවේ විඳින අනේක වද වේදනා හේතුවෙන් තම අගනා දිවියෙන් බොහෝ දේ අහිමි කරගත් තරුණ රූමත් බිරිඳකගේ අනුවේදිනිය කතා පුවතක් පාදක කරගනිමින් අප නොදකින, අප අතරම වෙසෙන ඉතාම කුරිරු තැළීම් පෙළීම්වලට ලක්වෙමින්, ඉමක් නොපෙනෙන, නිමක් නොදකින දහසක් බිරින්දෑවරුන් නිහඬව විඳවන ශෝකාකුල ඛේදවාචකය “ඉබි පිහාටු” නම් වූ මෙම නවකතාව තුළින් රසවත් ශෛලියකින් සමාජගත කිරීමට මනෝරි ලියනවඩුගේ ලේඛිකාව සමත්වී ඇත. හසිත කෑගල්ලෑල්ල ලේඛක
ඉගෙනීමේ අපහසුතා හඳුනාගනිමු
ඉගෙනීමේ අපහසුතා හඳුනාගනිමු විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඬුවාවල දෑරුවන්ගේ මොළය හා ඥාන ශක්තිය වැඩි කළ හැකි යයි ප්‍රචලිත කරනු ලබන නොයෙකුත් වෙළඳ නිෂ්පාදන ඇතුළු අනෙකුත් බෙහෙත් හෝ විටමින් වර්ග භාවිත කර ඉගෙනීමේ අපහසුතාවලට ප්‍රතිකාර කළ නොහැකිය. මූලික වශයෙන් වැදගත් වන්නේ දරුවන්ගේ ඉගෙනීමේ අපහසුතාවන්ගේ ස්වභාවය විනිශ්චය කර ගැනීමත් ඊට උචිත පුනරුත්ථාපන කටයුතු කිරීමත්ය. ඇත්තෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මුල් අවධියේදීම, එනම් දරුවා ප්‍රාථමික අධ්‍යාපනය ලබන මුල් වසර කිහිපයේදී මෙම පියවර ගැනීම සිදුවිය යුතුය. කිසියම් දරුවකුගේ වර්ධන පියවර සියල්ලම පාහේ සාමාන්‍ය පරිදි සිදුවූවත් වර්ධනයේ ප්‍රමාදයක් සිදුවන අවස්ථාවලදී, බොහෝ විට භාෂා හා කල්පනා පිළිබඳ අඩුපාඩු මතුවීමට පුළුවන. පෙර පාසල් අවධියේම මෙම තත්ත්වය ගැන සැලකිලිමත් වීම අනාගත ඉගෙනුම් අපහසුතා අවම කර ගැනීමට හේතු වනු ඇත. මෙවැනි අපහසුතා පසුව හරි යයි කියා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙති. නමුත් බහුතරයකගේ එය එසේ සිදු නොවන බව වටහා ගැනීම වැදගත්ය. වෛද්‍ය සරත් පඬුවාවල විශේෂඥ මනෝ වෛද්‍ය
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
ඉංග්‍රීසි භාවිතයේදී බොහෝ දෙනෙකුට ගැටලු සහගත විය හැකි කර්මකාරක (Passive Voice) පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් මෙම පොත තුළින් සිදුවේ. කර්මකාරක වාක්‍යවල නොයෙකුත් පැතිකඩ ඉතා පැහැදිලිව විස්තරාත්මකව නිදසුන් සහිතව උගන්වන නිසා මෙම පොත නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් කර්මකාරක වාක්‍ය පිළිබඳ බොහෝ ගැටලු නිරාකරණය කරගෙන එම වාක්‍ය පිළිබඳව නිපුණත්වයක් ලැබීමට ද මෙම පොත උපකාරී වනු ඇත. ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලකි.
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
English grammar explained in easy Sinhala එක වාක්‍යයක් විවිධ රටාවන් ඔස්සේ විකාශනය වන හැටි අංක පහ පොතෙන් විස්තර වූ අතර වාක්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් ව්‍යාකරණ නීති වලට අනුකූලව බද්ධ කිරීම පිළිබඳව දීර්ඝ ලෙස මෙම පොතෙන් ඉගැන්වේ. Clauses, Phrases, compound sentences, complex sentences යනාදී මිශ්‍ර වාක්‍ය නිර්මාණය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සඳහාත් විශේෂයෙන් ලේඛන කලාවේ දී නිවැරදි වාක්‍ය රචනය කිරීම ප්‍රගුණ කර ගැනීමටත් මෙම පොත බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
“වචන දෙකකින් ඇරඹෙන කෙටි සරල වාක්‍යයක සිට විවිධ අදහස් ප්‍රකාශ කරන දිග වාක්‍යයක් දක්වා නිර්මාණය කෙරෙන විවිධ වාක්‍ය රටාවන් පිළිබඳව දීර්ඝ ලෙස මෙම පොතෙන් විස්තර වේ. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ලිවීමේදී සහ ලිඛිත ඉංග්‍රීසි වාක්‍ය පැහැදිලිව තේරුම් ගැනීමේදී මෙම පොතෙන් ඉගැන්වෙන කරුණු ඉතාමත් ප්‍රයෝජන දායකවේ. නොයෙකුත් ඉංග්‍රීසි වචන නිවැරදිව පෙළගැස්විය යුතු රටාවන් මෙම පොතෙන් පැහැදිලි කෙරේ.”
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.
ඉංග්‍රීසියට පහසුම අත්වැලක්
ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලකි.
ඉංග්‍රීසි ස්වයං අධ්‍යයන
භාෂාවක හරය ව්‍යාකරණයයි. ව්‍යාකරණානුකූල නොවන වාක්‍යයකින් නිරවුල් අදහසක් මතු නොවේ. ඉංග්‍රීසි බස හදාරන ඔබට එහි ව්‍යාකරණ රටාවන් අමතකව යාමට බොහෝ සේ හේතු වන්නේ භාවිතය අඩුවීමයි. ඉංග්‍රීසිය අප රටේ තුන්වන බසයි. ලෝකය වෙත විවර වන කවුළුව ඉංග්‍රීසියයි. නිවැරදි භාවිතය වැදගත් වන්නේ එහෙයිනි. කථනය සඳහා අවස්ථා වැඩි කරගනිමින්, කියවීම සහ ලේඛනය වෙත ද යොමුවීම දැනුම වැඩිකර ගැනීමේ හොඳම මගයි. ඉංග්‍රීසි – ස්වයං අධ්‍යයන දර්ශකය ඒ සඳහා ඔබේ උදව්වට සිටිනු ඇත. අව්‍ය පද සර්ව නාම නිපාත ප්‍රශ්නාර්ථ පද නිශ්චයාර්ථ පද සම්බන්ධිකරණ පද විධාන පද ප්‍රධාන ක්‍රියාපද යෙදෙන අවස්ථා කාලය අනුව වාක්‍ය යෙදෙන ආකාර ප්‍රශ්න විලාස කොන්දේසි වාක්‍ය කර්තෘ කාරකය – කර්ම කාරකය යෙදුම් සරල කථනය
ඉංග්‍රීසි පහසු සිංහලෙන්
මේ යුගයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය හා වැදගත්කම අපි කවුරුත් දනිමු. මෙම භාෂාව නිවැරදිව හා ක්‍රමානුකූලව ඉගෙනීම හා ඉගැන්වීම ඉතා වැදගත් සේ සලකමි. ඉංග්‍රීසි භාෂාව ගැන හසල දැනුමක් ඇති දක්ෂයින් සිටියත් තමා දන්නා ක්‍රමවේදයන් ඉගැන්වීමට ඇති හැකියාව පිහිටා ඇත්තේ අල්පයකට පමණි. මෙම ග්‍රන්ථයේ ඉතා සරල හා ක්‍රමානුකූල ක්‍රමවේදයකට ඉංග්‍රීසි හෝඩියේ සිට ව්‍යාකරණ මට්ටම දක්වා සැමටම හැදෑරීමට පහසු අන්දමින් පාඩම් ඉදිරිපත් කිරීමට මයිකල් ආන්ජලෝ මහතා දක්ෂ වී ඇත. ඉංග්‍රීසි භාෂාව අගය කරන, එම භාෂාවට ආදරය කරන කතුවරයෙකු වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට ඇල්මක් දක්වන කාහටත් ප්‍රයෝජනවත් ආකාරයට රචිත මෙම ග්‍රන්ථය සැමට වටිනා අත්වැලක් වනු නොඅනුමානය. නිවැරදි ඉංග්‍රීසි භාවිතයට ඉංග්‍රීසි ව්‍යාකරණ අත්‍යාවශ්‍යමය. බොහෝ ඉංග්‍රීසි ව්‍යාකරණ පොත්වල රීති විස්තර කෙරෙන්නේ ඉංග්‍රීසියෙන්ම නිසා, බොහෝ දෙනෙකුට ඒවා පහසුවෙන් තේරුම් ගැනීම අපහසු වී ඇත. ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි රීති පැහැදිලි කර දීම මයිකල් ආන්ජලෝගේ පොත් වල කැපී පෙනෙන විශේෂත්වයකි. සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ටද මෙම පොත ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් වනු නොඅනුමානය.
ඉකිබිඳින්නද මුදු පැළන්දේ
ඉකි බිඳින්නට සිදු වේවිද? මහ රෑ මහ වැස්සේ නිවසෙන් පිටවී අඳුරු කැලෑ පාරක හිත් වේදනාවෙන් ගමන් ගන්නා යෞවනියක්… මිනෝලි ඒ කැලෑ පාරේ ජීප් රථයකින් ගමන් ගත් වතු අධිකාරි තරුණයෙක් වූ තුෂාර ජීප් රථයට ගොඩ වන්නට ඇයට ආරාධනා කරයි. මුලින් අකමැති වුණත් අධිකාරිවරයාගේ බලවත් ඇවිටිල්ල මත ගොඩනැගුණු විශ්වාසයකින් ඇය ඔහුගේ ජීප් රථයට ගොඩ වෙයි. විශාල වත්තක් මැද තිබූ අන් කිසිවෙකු නැති තුෂාරගේ හුදකලා නිවසට ඇය කැඳවා ගෙන යයි. ඇයට මුළු රැය එහි පහන් කරන්නට සිදු වෙයි. ජීවිතය අන්තයටම කලකිරී සිටි මිනෝලිට ජීවිතයේ අලුත් මඟකට හිරු පායාවිද? ඉකි බිඳින්නට සිදු වේවිද? නැතහොත්……?
ඇට්ටරී සමග කස්තුරි
Bundle Offer #1 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. කස්තුරි සුවඳ = 3500/= ඇට්ටරී = 780/= Total = 4280/= Bundle Offer= 3346/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
ඇට්ටරී Attari
⭕ මගේ ජීවිතේ තමයි මේ අත්දෙක උඩ තියන්නෙ. පොතක් අතින් නෑල්ලූව මට හීන මවලා යන්න ඕන පාර කියා දුන්නෙ අක්කා. කවදා හරි අක්කගෙ දරුවත් අක්කට අභිමානයක් ඇතිවන විදිහට උස් මහත් කරන එක මගෙත් වගකීමක්..
ආකෙත් සහ රූත්
⭕රජ කුමාරවරු දිළිදු කෙල්ලන් වෙනුවෙන් ඔටුණු බිම තබා සිංහාසනයෙන් බැස පැමිණියේ සුරංගනා කතා වල පමණයි.ඒ සිහිනයෙන් අවදිවෙනවා හැරෙන්නට මට කරන්නට වෙනත් දෙයක් නැහැ වහලෙක් වුණු නිසාම කවරෙකුට ද හැකි වන්නේ හැගීම් වලට විලංගු දමන්න. අනෙක් මිනිසුන්ගේ වගේම අපේ හිත්වලත් ආදරය ඇති වෙනවා රූත් අතීතයේ බොහෝ තැන් පිළිබඳව මට තවම මතකයක් නැහැ. මා රියාට ආදරය කළ බව ඔබ පවසනවා. ඒ පිළිබඳව පැහැදිලි මතකයක් නැතත් ඒ නම් ඇසෙන විට මගේ හදවත වේදනාවෙන් පිරී යනවා. එසේම මා රූත්ට ආදරය කරනවාද නැද්ද යන්න මා දන්නේ නැහැ. ආකේත්
ආකර්ෂණ නීතිය ඔස්සේ
ආකර්ෂණ නීතිය යනු, අප සිතින් මවා ගන්නා ඕනෑම අවශ්‍යතාවයක්, නිසැකවම අප වෙත ආකර්ෂණය කර ගත හැකි බව තහවුරු කරන විශ්වයේ බලපවත්වන ප්‍රබල ක්‍රියාදාමයයි. සිහින මැවීම නිෂ්ඵල සිහිනයකට සීමා නොකර, මෙම ආකර්ෂණ නීතියට අනුගත වී ක්‍රියාත්මක කළහොත් ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකි බව ලොව පුරා විද්වතුන් කළ අනන්ත පර්යේෂණ හරහා තහවුරු වී ඇත. අපට අවශ්‍ය ශරීර සුවය, හිතේ සැනසීම, අධ්‍යාපනය, ආදරය, රැකියා සාර්ථකත්වය, පෞද්ගලික දියුණුව මෙන්ම යාන වාහන, ගෙදොර, සුදුසු සහකරුවන් යනාදී සෑම ක්ෂේත්‍රයකම දෑසට පෙනෙන හෝ නොපෙනෙන ඕනෑම දෙයක් මෙම ආකර්ෂණ නීතිය හරහා ළඟා කර ගත හැකි අයුරු සවිස්තරව මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරයි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම දෙයක්ම ආකර්ෂණය කර ගනිමින් ජීවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට ගැනීමට මෙම ග්‍රන්ථය ප්‍රබල අත්වැලක් වනු ඇත.
අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා
සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 5 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොතෙන් ඔබට…. ඔබේ ජීවිතයේ අසරණම මොහොත සොභාග්‍යය පටන් ගන්නා අවස්ථාව කරගන්න. අනුන් කරන දේ වෙනුවට, නිර්මාණශීලීව හිතලා ක්‍රියාකරන්න බයවෙන්න එපා. ඔබේ සාර්ථකත්වය කෙබඳු දැයි තීරණය කිරීම අන් අයට භාර කළ යුතුද? ජයග්‍රාහී මනසක වගේම පරාජිත මනසකත් ස්වභාවය තේරුම් ගැනීමට හිතේ සතුට අවශ්‍යය. ‘ඔබ සාර්ථක පුද්ගලයෙක්ද’ ‘අසාර්ථක පුද්ගලයෙක්ද’ කියලා තීරණය කළ හැක්කේ කාටද? ජීවිතයේ අනේක විධ ප්‍රශ්න සැමටම පිළිතුරු සොයා ගත හැකියි.
අමුතු වලාකුළ Amuthu
⭕ ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු රසවත් කතාවක්. වෛවර්ණ චිත්‍ර – විද්‍යාත්මක ඉගැන්වීමක් ගෙන දෙන අපූරු ළමා කතාවකි.
අම්මා – Amma
අම්මා – සෙනෙහසේ නවාතැන මවකගේ උත්තරීතර ප්‍රාර්ථනය තම දරුවාට නිරෝගී බුද්ධිමත් සුන්දර ලොවක් හිමිකර දීමයි. වර්තමානයේ සෑම මවක්ම දැඩි මානසික පීඩනයකින් යුක්තව තම දරුවන් හදා ගැනීමට වෙහෙසෙති. දරුවා මෙලොව පිළිසිඳ ගත් දින පටන් නව යොවුන් වියට පා තබන මොහොත දක්වා දෙමාපිය කාර්යභාරය ‘අම්මා – සෙනෙහසේ නවාතැන’ යන්නෙන් මනෝවිද්‍යාත්මක කාර්ය රසාස්වාදී උපදෙස් ඇතුළත් කෘතිය සෑම මවකටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ලෙස කතුවරිය වන නයනා දමයන්ති ගුණවර්ධන අපූර්ව ලෙස පෙළ ගස්වා ඇත. දරුවා හදාවඩා ගන්නා ආකාරය, නිවැරදි මඟ පෙන්වීම, යහගුණ උපදෙස්, කුසලතා, පෞරුෂ වර්ධනය හා විවිධ අභියෝග ජයගන්නා ආකාරය මනෝවිද්‍යාත්මකව මවකට ඉතා සරලව අවබෝධ කර දෙයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවය කරන කාලයේ දැනට වසර දහයකට පෙරදී මට මුණගැසෙන මෙම අපූර්ව කර්තෘවරිය, විශාරදවරිය, ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය මා හට මුණගැසුණු සමීපතමයින් අතර ඉදිරියෙන්ම සිටී. සෑම මවකටම මෙම ග්‍රන්ථය අභියෝග රැසකට පිළිතුරු සපයයි. ආචාර්ය සමන් වීරවංශ මනෝ විශ්ලේෂක වරලත් ජීව විශේෂඥ
අම්මත් එක්ක ඉංග්‍රීසි
කර්තෘ: මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු ඉංග්‍රීසි නාමය: LEARNING ENGLISH WITH MOTHER
අපරාධ නීතිය Aparadha
⭕ අපරාධ නීතිය සම්බන්ධ මූලික කරුණුු කිහිපයක් මෙම කෘතියට අන්තර්ගතව ඇති අතර විභාග සඳහා සූදානම් වන විද්‍යාර්ථින්ගේ මනදොළ සපිරෙන අයුරින් නව නඩු තීරණවල සාරාංශයක්ද ඉදිරිපත් කර ඇත. එමඟින් නීතියේ සංවර්ධන ද හඳුනාගත හැකිය.. ISBN 978-624-5536-81-8
අනාවැකිය with සේපාලිකා
Bundle Offer #8 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. අනාවැකිය – 900/= සේපාලිකා 2 – 2300/= Total – 3250/= Bundle Offer – 2510/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.