Sale!

සිංහල භාෂා දැනුම අවබෝධය හා අධ්‍යයනය – Sinhala bhasha danuma awabodhaya haa adhyanaya

Original price was: රු250.00.Current price is: රු200.00.

(සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිසුන්ට හා ආධුනික ලේඛකයින්ට විශේෂයි)

සිංහල භාෂාව නිරවද්‍ය ලෙස භාවිත කිරීම සඳහා උපකාරවන උපදෙස් මාලාවක අවශ්‍යතාව දැනෙන්නේ අද බොහෝ දෙනා විසින් නිරන්තරයෙන් සිදුකරන වැරදි ව්‍යවහාර දකින විටය. නිව්ටන් ගුණසේකර මහතා මෙම කෘතිය මඟින් භාෂා භාවිතයේදී වරදින හා වරද්දන තැන් පහදාදෙමින් අපගේ සිංහල බස සුරැකීම සඳහා යම් දායකත්වයක් සැපයීමට වෑයම් කරයි. මෙය සිංහල භාෂාවට අදාළ විවිධ මාතෘකා රැසක් ඔස්සේ ඔහු මෙහිදී නිවැරදි භාෂා ව්‍යවහාර තෝරා බේරාදීමට උත්සාහ කර තිබේ.

මෙය සිංහල භාෂා ශාස්ත්‍ර හදාරන සිසු පරපුරට මෙන්ම පොදුවේ නිර්මාණකරණයේ යෙදී සිටින ලේඛකයින්ටද ප්‍රයෝජනවත් පොතකි. මෙම කෘතිය පරිශීලනය කිරීමෙන් ඔවුන්ට නිවැරදි භාෂාව පිළිබඳ ප්‍රබල ආභාසයක් ලබා ගත හැකි වේතැයි සිතමි.

ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට ඇති නිව්ටන් ගුණසේකර මහතා නවකතා, කෙටිකතා, පරිවර්තන ආදී කෘති රාශියක් සම්පාදනය කළ රාජ්‍ය සම්මානලාභී විද්වත් ලේඛකයෙකි.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ

Availability: 25 in stock

Quantity
Please login

Availability: 25 in stock

SKU: 11390202-1 Categories: , Brand:
Shopping Cart
Scroll to Top