රක්ත මැණිකකයේ අභිරහස – Raktha Manikyaye Abhirahasa

රු450.00

THE CASE OF THE RANJIPUR RUBY

රංජිපුරේ මහාරාජා එයාගේ පුත් කුමාරයා එක් එක්ක ලන්ඩන් නුවරට ආවේ ලෝකේ තියෙන ලස්සනම රතු මැණික මහාරාජිනියට තෑගි කරන්නයි. ඒත් දන්සකවට සතියකට කලින් මහාරාජා අතුරුදහන් වුණා. පුංචි කුමාරයාගේ පස්සෙන් මාරයෝ දෙන්නෙක් හඹාගෙන ආවා. එයාව බේරගන්න සිද්ධ වුණේ විගින්ස්, නිපර් ඇතුළු අපේ බේකර් වීදියේ වීරයෝ ටික දෙනාටයි. මොකද ෂර්ලොක් හෝම්ස් මහත්මයා ලන්ඩන් නුවරින් පිට ගිහින්. එයා කොහේ ගිහිල්ලද? අතුරුදහන් වෙච්ච මහාරාජාට මොකද වුණේ? එතකොට රංජිපුරේ රතු මැණික කාගේ ළඟද? මේකට මොරිසාටි සම්බන්ධ වුණේ කොහොමද?


ලෝකප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී සර් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරු වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුපකට ලිපිනයක් බවට පත්ව තිබේ.

Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායමේ කතන්දරය වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Disappearing Detective නම් කෘතියේ ‘රහස් පරීක්ෂකයා අතුරුදන්’ නමින් පළ වූ සිංහල පරිවර්තනය ඔබ දැනටමත් කියවා ඇති බැවි නිසැකය. ඔබ මේ දැන් කියවන්නට සූදානම් වන්නේ එම කතා මාලාවේ දෙවැන්න වූ The Case of the Ranjipur Ruby නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

මේ කතා මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතාවල පරිවර්තන ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.

Out of stock

Out of stock

SKU: 11514001-1 Category:
Shopping Cart
Scroll to Top