ළමා වියේ දුක්
දරුවන්ගේ මානසික හා අධ්‍යාපන ගැටලු දරුවන් “දගකාර” වීම සාමාන්‍ය දෙයකි. නමුත් එය පාලනයෙන් තොරව, අඩු අවධානයකින් යුක්ත වේ නම් මානසික ගැටළුවකි. දඩබ්බරකම මෙන්ම සමාජශීලී නොවී, මුල්ලකට වී සිටීම ද මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මුල්ලකට වී සිටින ඉතා කීකරු බවකින් යුත් දරුවන් “හොඳ ළමුන්” ලෙස සැලකීම දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද සිරිතකි. ඇත්තෙන්ම මෙවැනි අය මානසික වශයෙන් බොහෝ විට සාමාන්‍ය නැත. ළමුන්ගේ මානසික සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු මෙන්ම අසනීප පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම කෘතියෙහි අඩංගු වේ. මෙය කියවීමෙන් තම දරුවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගෙන, ඔවුන්ගේ ළමාවිය විඳවීමෙන් තොරව ගත කිරීමට හැකි වාතාවරණයක් ලබා දීමට දෙමාපියන්ට හැකිවේ යයි සිතමි.
හොලි මාවතේ අභිරහස
THE MYSTERY OF HOLLY LANE ඔයාලත් බැංකුවට දාන්නේ නැතුව ගෙදර මුදල් තියාගෙන ඉන්නවාද? ගෙදර මුදල් තියාගෙන ඉන්න එක හරිම අවදානම්. කොයි වේලාවේ හොරු ගනීවිද දන්නේ නෑ. ඒත් සමහරු කොහේ හරි මුදල් හංගලා තියාගන්නවා. හොරුන්ටත් ඒවා හංගන්නේ කොහේද කියලා හොඳ වැටහීමක් තියෙනවා. ඔයාලට එහෙම මුදල් හංගන්න වුණොත් හංගන්නේ කොහේද? හොඳම තැනක් ගැන හිතලා බලන්න. කවුරුවත් අනුමාන නොකරන තැනක්. ඒත් ඉතින් හොරු කියන්නේ බොහොම දක්ෂ පිරිසක්. ඔවුන් අනුමාන කරන තැන අපට හිතාගන්නවත් බෑ. ඒත් සමහරු ඉන්නවා හොරුන්ටත් වඩා දක්ෂයි. එහෙම අය අපි අතරත් ඇති. බලමු කවුද දැන් දක්ෂයා කියලා. ඒ වාගේම එයා සල්ලි හැංගුවේ කොහේද කියලා. හෝලි මාවතේ හෝලිස් බංගලාවේ වයසක උන්දෑගේ මුදල් කොල්ල කෑවේ කවුද? ඒවාට අත් වූ ඉරණම කුමක්දැයි දැන ගන්න හෝලි මාවතේ අබිරහස කියවන්න. මේකත් සොයන්නෝ පස්දෙනා ඉතාමත් දක්ෂ අයුරින් විසඳූ එක් අබිරහසක්! අබිරහස් කථා ලෝලීන්ගේ අත්පොත වන් ඉනිඩ් බ්ලයිටන්ගේ අබිරහස් කථා මාලාවේ තවත් සුවිශේෂී අබිරහසක්!
හොඳ ගුරුවරයෙකු වීමට
ගුරුවරයෙක් කියන්නේ දෙවැනි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. ගුරු වෘත්තිය ලේසි වැඩක් නෙමේ. අතිවිශාල වගකීමක්. ගුරු වෘත්තිය සාර්ථක කර ගැනීමට නම් ඉගැන්වීම පිළිබඳව යම් තරමක හෝ මනෝ විද්‍යාත්මක දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි කිවොත් වැරදි නෑ. අධ්‍යාපන මනෝ විද්‍යාවේදී භාවිතාවෙන භාරදූර, ලොකු වචන හැකිතාක් මගහැරලා, බොහෝම පහසු බසින් මේ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත ගැන කතාබස් කිරීමටත් හොඳ ගුරුවරයෙක් කියන්නේ කාටද කියන ප්‍රශ්නයට පිළිතුරක් සොයන්නට ගත් පුංචි උත්සාහයක් මේ පොත………
හෙළ බස පින්තූර
අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත් පිනවූ හෙළ බස පින්තූර හෝඩිය, සජීවී අයුරින් කරන ලද වර්ණවත් සිතුවම් සහිතව සම්පාදිතයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.
හීන් සැරය –
ඔබ ලබා දී ඇති පින්තූරයේ දැක්වෙන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ “හීන් සැරය” පොතේ පසුපිටයි. එහි ඇති විස්තරය පහතින් ටයිප් කර ඇත. හීන් සැරය කුමාරතුංග මුනිදාසයන්ගේ ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ මඟුල් කෑම, හීන් සැරය, හත් පණ කෘති ඊට කදිම නිදසුන්ය. කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගම විසින් අඩ සියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නොකොට, කාලීන අවශ්‍යතාවය අනුව ආකර්ෂණීය ග්‍රන්ථ සැලසුමෙන් හා සිබිල් වෙත්තසිංහගේ ආනන්දනීය සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු. සිතුවම් ඇන්දේ – සිබිල් වෙත්තසිංහ
හිත් රිදීම් අභියස
ජීවිතයේ ගැටලු විසඳන්න පුංචි උදව්වක් සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 4 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා BSc. සහ ඉංග්‍රීසි වාග්විද්‍යා MA ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මඟ පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනෙක්ව පරාජය කරනවා නොවේ. අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න. විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර මන්ත්‍රවලට පුළුවන්ද? සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි. ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා. ඔබ අනුන්ගේ වැරදිවලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?
හිත කට සහ
මාදිලි-2 දියවැඩියාව පිළිබඳ පරිණාමික, සමාජ, සංස්කෘතික, මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා ව්‍යාධිවේදාත්මක තොරතුරු ඇතුළත් වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය. ප්‍රචාරණය ඇතුළු විවිධ බාහිර බලපෑම් හා කෑදරකම නිසා සිත මෙහෙයවාගත නොහැකි මිනිසා, පහසුවෙන් සිරුරට අවශෝෂණය වන සැකසූ ආහාර වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම නිසා ජනගහනයක ශරීර බර වැඩිවෙමින් පවතී. මේ නිසා සිරුර තුළ ව්‍යාධිජනක පරිවෘත්තීය ක්‍රියාවලීන් සිදුවේ. එමෙන්ම, අනවශ්‍ය නොවන විවිධ දේ ලබාගැනීමට පෙළඹී, මනස්තාපයෙන් පෙළෙන මිනිසාගේ ශාරීරික ක්‍රියාවලින් ද මීට වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.
හැරී පෝටර් සහ
ඩර්ස්ලිලාගෙන් සහ ප්‍රිවෙට් ඩ්‍රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වෝල්ඩමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෲසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි. උපද්‍රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.
හැරී පොටර් සහ
හැරී පොටර් හෝග්වාර්ට්ස් මායාරම්භ සහ ඉන්ද්‍රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සූදානමින් සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්‍රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කළේ නැත. මේ නිසා හැරී පසුවන්නේ මහත් වික්ෂිප්තයෙනි. ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට හැරී පසුවන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද, එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්ත්වයකි. ජේ. කේ. රෝලින්ගේ පෑන් තුඩින් ගලා එන ත්‍රාසය, කුතුහලය සහ භීෂණ ක්‍රියා තුළින්, කියවන්නා ත්‍රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.
හංසමාලී – Hansamali
ටිකක් කෙළිලොල් පාසැල් සිසුවියක්. ඒ නංගී…. එයාගේ සෙල්ලක්කාර පුංචි මල්ලි….. ඒ දෙන්නගෙම ලොකු අක්කා හංසමාලී. එයා ලස්සනයි. ආකර්ෂණීයයි. තාත්තා වෛද්‍ය වෘත්තියේ හිටියේ. දැන් අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. ඒත් තාත්තගේ ෆාමසියෙන් සහ විශාල පොල් වත්තෙන් ලැබෙන ආදායමෙන් ලස්සනට ජීවත් වුණා. බඳින වයසේ වුණත් ලේසියෙන් තරුණයෙකුට අල්ලගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි හංසමාලී. දවසක් එයාට විහිළු කළ කඩවසම් තරුණයෙකුට මුහුදු වෙරළේදී හංසමාලී කම්මුල් පාරක් ගැහුවා. ඔහුගේ ප්‍රතිචාරය ගිය දුරක්! වගකීම් වලින් බැඳී, ශක්තිමත් හිතක් ඇති ඒ අහිංසාවියගේ කතාන්දරය හංසමාලී.
හව්හරණ with රතු
Bundle Offer #9 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. හව්හරණ – 1100/= රතු වද මල් – 1350/= Total – 2450/= Bundle Offer – 1850/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
හව්හරණ hawharana
⭕ මාව බිල්ලට දීල ඉඩම් ගත්ත. රස්සා ගත්ත. එකෙක්වත් මං ගැන සොයල බැලූවද? අනික් උන් ගත්ත ඵලප්‍රයෝජන වලට මට තමයි වන්දි ගෙවන්න උනේ…. නිදහසෙන් පසු වෙනස් වූ මිනිස් සිතුම් පැතුම් ආකල්ප මෙන්ම ජීවන රටාව ගැන රසවත් කථාන්දරයකි.
හදවත් වාරක් 2
“මේ ලෝකේ කිසිදෙයක් අන්තගාමීව කරන්න හොඳ නැතිලුනේ. ලෙඩක් හොඳවෙන්න බොන බෙහෙතක් වුණත් ප්‍රමාණයට වඩා බීවොත් ඒ බෙහෙත විසක් වෙනවා. බීපු එකා මැරෙන්න වුණත් පුළුවන්. අම්මලාගේ ආදරේ වුණත් එහෙමයි. දරුවාට ආදරෙයි කියලා ඕනවට වඩා දරුවගේ ජීවිතේට බලපෑම් කරොත්… තමන්ගේම ළමයගේ ජීවිතේ විතරක් නෙවෙයි, කවදාහරි තමන්ගේ දරුවා කසාද බඳින තවත් කාගෙ හරි දරුවෙක්ගේ ජීවිතෙත් අපායක් වෙනවා.”
හත් පණ –
‘හෙළයේ මහා ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ හත්පණ, මඟුල් කෑම, හීන් සැරය කෘති ඊට කදිම නිදසුන්ය. කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගම විසින් අඩසියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නො කොට, කාලීන අවශ්‍යතාවය අනුව පියල් උදය සමරවීරයන්ගේ නිර්මාණාත්මක කළු සුදු සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු.
සෞභාග්‍යයේ රහස Saubhagyaye
⭕ මෙම පොත කියවීමෙන් ජිවිත වඩාත් අර්ථවත්, ප්‍රීතිනත් කරගැනීමට බොහෝසෙහින් මග පාදාගත හැකිය…
සේපාලිකා -2 |
හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රඩයාගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැලවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නොමෙයි.අවුරුදු කිපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නේ කොහොමද, එතනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රඩයාට අදහසක් නොතිබුණ තරම්.කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙන් ආදරයක් දලුලනවා බලන් උන්නු රඩයාගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්. ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මුහුණදීපු වරදේ, පායාවි කියලා බලන් උන්නු ලා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්!රඩයාගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරදේ උන්නේ පුදුමාකාර සතුටකින්. උදෑසනක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉදන් විඳින්න ගත්ත වරදේ, යාළුවන් අතුරේ ආයේ අලුතින් ඉපදුනේ රඩයා නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්. වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු එකින් එක මැරි මැරි බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා. අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්…මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ! ISBN: 978-624-6570-521
සේපාලිකා -1 |
කුණාටු එන්නේ කලින් කිය කිය නොමැයි! හිතුවෙවත් නැති වේලාවක, ආදරේ මල්පෙති සුනු විසුණු කරගෙන හමාපු සීත කුණාටුවට, ආදරෙන් බැඳුණු හිත් කීයක් බිඳුණද, පැරුණාද හිතද්දී දැනෙන්නේ කලකිරීමක්. සතුට සින්නවෙන්න දීලා ලෝකයා සතුටු කරනවද?ලෝකයාගෙන් පැනලා ගිහින් සතුටින් ඉන්නවද? ආයෙත් මුල ඉදන් පටන්ගන්නවද? අතරමං වුණේ කොහෙද? දඬුවම් ලබන්න තරම් කළ වරද මොකක්ද? රහස එක අන්තෙකත්, වරද තව අන්තෙකත් හිරවෙලා, නිදි නැති රෑ ගණනක් පහුවෙනකල් හිතුවත්, සීත කාලේ බලාපොරොත්තු නොවුණු තරම් දීර්ඝ එකක් වුණා. සැරින්සැරේ හිත පාරවන මතක පොතට තිතක් තියන්නද, කොමාවකින් පටන්ගන්නද අදහසක් නැති කාලෙක සිද්දවුණු සමහර සොඳුරු හමුවීම් නිසා, ගිනි උදුනකින් ගෙන උණුහුම තරම් සැනසීමක් දැනුණා. ඉවරවෙයි කියලා හිතන්නවත් බැරි, අනන්තයක් තරම් විහිදුණු සීත කාලෙන්, සේපාලිකා මල් පිපුණයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ISBN: 978-624-6570-51-4
සෙරෙප්පු කුට්ටම Sereppu
⭕ ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.
සෙංකඩගල උරුමය Senkadagala
⭕ රාජධානියක්ව පැවැති මහනුවර අවධිය පිළිබ`දව සැ`ගවී ඇති ඓතිහාසික ස්ථාන සහ අවධි පිළිබ`ද වැදගත් තොරතුරු ගෙනහැර පාන පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලෙස ඉතිහාසය හදාරන්්ට ප්‍රයෝජනවත්ය…
සුළඟ නුඹ සහ
සුලඟ නුඔ සහ මම බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා……
සුළඟ නුඹ සහ
සුලඟ නුඔ සහ මම බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා……
සුරඟනක කඳුළක් සලා
අන්ත දෙකක සමාජ තල දෙකක ජීවත් වූ, අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගත්, හැඟීම්වලින් හෝ භෞතික සම්පත් වලින් මුලා නොවී, සර්ව පිත්තල සමාජයක, යථාර්ථවාදීව පොළොවේ පය ගසා ජීවත්වන්නට වෙර දැරූ දක්ෂ යොවුන් අවිහිංසක පාසල් සිසුවෙක් හා සිසුවියක වටා ගෙතුණු ආදරණීය අන්දරය.
සුභාවෝ සමග සුළඟ
Bundle Offer #5 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. සුබාවෝ – 1190/= සුළඟ නුඹ සහ මම 1 – 2000/= Total – 3190-= Bundle Offer – 2433/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
සුබාවෝ subawo
⭕ පාලිතල මාරා දැම්මේ එල්.ටී.ටී.ඊ. එකෙන් කියන කථාව කවුද විශ්වාස කරන්නෙ? පාලිතලව එල්.ටී.ටී.ඊයෙන් මැරුව නම් මරන්නේ කිලිනොච්චියෙදි හරි වව්නියාවේදි හරි අර ගෑනිගෙ ගෙදරදි. නැත්නම් ඒ ගමේදි….
සුනිල මිණි Sunila-mini
⭕ කෙටි කාව්‍ය නිර්මාණ රාශියක් රසවත් අයුරින් මේ කුඩා කාව්‍ය ග්‍රන්ථය තුළ දක්නට ඇත. පරිසරය විශේෂයෙන් ස්වභාව සෞන්දර්යයේ චමත්කාරජනක බව මේ පැදි තුළින් රසවි`දිය හැක.
සුද්දයි චුට්ටයි Sudai
⭕සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ විවෘත අංශයේ ළමා කතන්දර තරගයෙන් දෙවන ස්ථානය හිමිකරගත් කතාවකි
සිංහල සාහිත්‍ය රසස්වාදය
(10 – 11 ශ්‍රේණි සඳහා අතිරේක විෂය) අ.පො.ස. (සා.පෙළ) විභාගයට නියමිත සාහිත්‍ය රසස්වාදය විෂයට අදාළ සියලු ම කොටස් ආවරණය වන පරිදි සකසා ඇති මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක කිත්සිරි කොතලාවල මහතා විසිනි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 35කට වඩා අත්දැකීම් ඇති මෙම ලේඛකයා විසින් අතිරේක අධ්‍යාපන ග්‍රන්ථ 50කට වඩා සම්පාදනය කර ඇත. දරුවැඩියන්ගේ සිංහල සාහිත්‍ය රසස්වාදය පිළිබඳ දැනුම් පිපාසය නිවා සැනසීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත.
සිංහල භාෂා දැනුම
(සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිසුන්ට හා ආධුනික ලේඛකයින්ට විශේෂයි) සිංහල භාෂාව නිරවද්‍ය ලෙස භාවිත කිරීම සඳහා උපකාරවන උපදෙස් මාලාවක අවශ්‍යතාව දැනෙන්නේ අද බොහෝ දෙනා විසින් නිරන්තරයෙන් සිදුකරන වැරදි ව්‍යවහාර දකින විටය. නිව්ටන් ගුණසේකර මහතා මෙම කෘතිය මඟින් භාෂා භාවිතයේදී වරදින හා වරද්දන තැන් පහදාදෙමින් අපගේ සිංහල බස සුරැකීම සඳහා යම් දායකත්වයක් සැපයීමට වෑයම් කරයි. මෙය සිංහල භාෂාවට අදාළ විවිධ මාතෘකා රැසක් ඔස්සේ ඔහු මෙහිදී නිවැරදි භාෂා ව්‍යවහාර තෝරා බේරාදීමට උත්සාහ කර තිබේ. මෙය සිංහල භාෂා ශාස්ත්‍ර හදාරන සිසු පරපුරට මෙන්ම පොදුවේ නිර්මාණකරණයේ යෙදී සිටින ලේඛකයින්ටද ප්‍රයෝජනවත් පොතකි. මෙම කෘතිය පරිශීලනය කිරීමෙන් ඔවුන්ට නිවැරදි භාෂාව පිළිබඳ ප්‍රබල ආභාසයක් ලබා ගත හැකි වේතැයි සිතමි. ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට ඇති නිව්ටන් ගුණසේකර මහතා නවකතා, කෙටිකතා, පරිවර්තන ආදී කෘති රාශියක් සම්පාදනය කළ රාජ්‍ය සම්මානලාභී විද්වත් ලේඛකයෙකි. මහාචාර්ය අනුර වික්‍රමසිංහ