හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රඩයාගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැලවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නොමෙයි.
අවුරුදු කිපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නේ කොහොමද, එතනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රඩයාට අදහසක් නොතිබුණ තරම්.
කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙන් ආදරයක් දලුලනවා බලන් උන්නු රඩයාගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.
ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මුහුණදීපු වරදේ, පායාවි කියලා බලන් උන්නු ලා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්!
රඩයාගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරදේ උන්නේ පුදුමාකාර සතුටකින්. උදෑසනක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉදන් විඳින්න ගත්ත වරදේ, යාළුවන් අතුරේ ආයේ අලුතින් ඉපදුනේ රඩයා නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.
වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු එකින් එක මැරි මැරි බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.
අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්…
මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!
ISBN: 978-624-6570-521



