අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2 – Adhamayage Athmarakshaka Paddhathiya 2

රු1,800.00

මේ වන විට ශෙන් වින්චු, ලුඕ බින්හට ද්‍රෝහි වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොවසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.

කෙසේ නමුත්, ශෙන් වින්චු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඕ බින්හ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් වින්චුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් වින්චුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.

නොවෙනස්ව පැවති එකම දේ වූයේ, ලුඕ බින්හගේ කෝපය තවමත්, ශෙන් වින්චු වෙතම යොමුව පැවතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් වින්චුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.

පරිවර්තනය රවිශ්කා තරුප්‍රභා පෙරේරා

Out of stock

Out of stock

SKU: 11513743-1 Category:
Shopping Cart
Scroll to Top