නූතන ලෝකයට පැරණි ඊජිප්තු දෙවිවරුන් මුදා හැරීමෙන් පසු කාටර් කේන්වත් ඔහුගේ සොහොයුරිය සාඩිටත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. ජීවයේ මන්දිරයෙන් පැවත එන්නන් වූ ඔවුන්ට දෙවිවරුන් මත බලය පැතිරවීමේ බලය ලැබී තිබුණත් නපුරු දෙවිවරුන් පාලනය කිරීමට ඔවුන් සමඟ සටන් කිරීමට සිදු වේ.
මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ තවත් භයානකම සතුරකු වූ ඇපොපිස් නම් සර්පයාටය. එය වැළැක්වීමට නොහැකි වුවහොත් සතියක් ඇතුළත ලෝකය විනාශ වනු ඇත. මේ සඳහා ඔවුන්ට ඊජිප්තු හිරු දෙවියා වූ රා ව නැවත ජීවය ලබා දීමට සිදුවේ. එහෙත් රා සොයා ගැනීමටත්, ඔහුට පණ ලබා දීමටත් ඔවුන්ට රා ගේ වදන ඇතුළත් පොත සොයා ගැනීමට සිදුවේ. මේ සඳහා ඔවුන්ට නපුරු දෙවිවරුන් මෙන්ම ජීවයේ මන්දිරයේ ඉන්ද්‍රජාලිකයන් සමඟ ද සටන් කිරීමට සිදු වේ.
අවසානයේ ඔවුන්ට ඇපොපිස් පරාජය කිරීමට හැකි වේද….?
