කොච්චි ගෙදර දරුවෝ – Kochchi Gedara Daruwo

රු980.00

පැසී නිදාහුන් තැනින් නැගිටලා මඳක් වනාන්තරය තුළට ඇවිදගෙන ගියා. වැස්සට පෙර නොතෙමී සිටිය හැකි තැනක් සොයාගන්නටයි ඇය මේ වෙහෙස වන්නේ.

ඒ සමඟම ඇය දුටුවේ පුදුම සහගත දසුනක්. වනාන්තරයේ ගස් වැල්වලින් වැසී ගිය පරණ දුම්රිය පෙට්ටියක්. ඒ සමඟම පැසී කල්පනා කළේ පුදුමාකාර උද්දාමයකින්.

“අන්න අපිට වැස්සෙන් නොතෙමී ඉන්න අපූරු ගෙයක්.”

එසේ සිතමින්ම පැසී පරණ දුම්රිය පෙට්ටිය අසලට දුවගෙන ගියා. මළ බැඳුණු සහ අබලන් වූ දුම්රිය මාර්ගයක් උඩ නතර වෙලා තිබෙන දුම්රිය පෙට්ටියේ එන්ජිමක් තිබුණේ නෑ. බොහෝ කාලයකින් පාවිච්චි නොකළ නිසාදෝ දුම්රිය පෙට්ටිය වටෙන්ම ගස් වැල් වැවී තිබුණා.

“මේක කෝච්චි පෙට්ටියක් නේ. වැස්ස නතර වෙනකම් අපිට මේක ඇතුළේ නොතෙමී ඉන්න පුළුවන්.”

Out of stock

Out of stock

Shopping Cart
Scroll to Top