ළමා වියේ දුක්

Original price was: රු890.00.Current price is: රු712.00.
178රු

ළමා වියේ දුක්

දරුවන්ගේ මානසික හා අධ්‍යාපන ගැටලු දරුවන් “දගකාර” වීම සාමාන්‍ය දෙයකි. නමුත් එය පාලනයෙන් තොරව, අඩු අවධානයකින් යුක්ත වේ නම් මානසික ගැටළුවකි. දඩබ්බරකම මෙන්ම සමාජශීලී නොවී, මුල්ලකට වී සිටීම ද මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මුල්ලකට වී සිටින ඉතා කීකරු බවකින් යුත් දරුවන් “හොඳ ළමුන්” ලෙස සැලකීම දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද සිරිතකි. ඇත්තෙන්ම මෙවැනි අය මානසික වශයෙන් බොහෝ විට සාමාන්‍ය නැත. ළමුන්ගේ මානසික සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු මෙන්ම අසනීප පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම කෘතියෙහි අඩංගු වේ. මෙය කියවීමෙන් තම දරුවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගෙන, ඔවුන්ගේ ළමාවිය විඳවීමෙන් තොරව ගත කිරීමට හැකි වාතාවරණයක් ලබා දීමට දෙමාපියන්ට හැකිවේ යයි සිතමි.

Original price was: රු890.00.Current price is: රු712.00.

හොඳ ගුරුවරයෙකු වීමට

Original price was: රු320.00.Current price is: රු256.00.
Out of stock

හොඳ ගුරුවරයෙකු වීමට

ගුරුවරයෙක් කියන්නේ දෙවැනි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. ගුරු වෘත්තිය ලේසි වැඩක් නෙමේ. අතිවිශාල වගකීමක්. ගුරු වෘත්තිය සාර්ථක කර ගැනීමට නම් ඉගැන්වීම පිළිබඳව යම් තරමක හෝ මනෝ විද්‍යාත්මක දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි කිවොත් වැරදි නෑ. අධ්‍යාපන මනෝ විද්‍යාවේදී භාවිතාවෙන භාරදූර, ලොකු වචන හැකිතාක් මගහැරලා, බොහෝම පහසු බසින් මේ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත ගැන කතාබස් කිරීමටත් හොඳ ගුරුවරයෙක් කියන්නේ කාටද කියන ප්‍රශ්නයට පිළිතුරක් සොයන්නට ගත් පුංචි උත්සාහයක් මේ පොත………

Original price was: රු320.00.Current price is: රු256.00.
Out of stock

හෙළ බස පින්තූර

අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත් පිනවූ හෙළ බස පින්තූර හෝඩිය, සජීවී අයුරින් කරන ලද වර්ණවත් සිතුවම් සහිතව සම්පාදිතයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.

රු350.00
Out of stock

හීන් සැරය –

ඔබ ලබා දී ඇති පින්තූරයේ දැක්වෙන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ “හීන් සැරය” පොතේ පසුපිටයි. එහි ඇති විස්තරය පහතින් ටයිප් කර ඇත. හීන් සැරය කුමාරතුංග මුනිදාසයන්ගේ ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ මඟුල් කෑම, හීන් සැරය, හත් පණ කෘති ඊට කදිම නිදසුන්ය. කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගම විසින් අඩ සියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නොකොට, කාලීන අවශ්‍යතාවය අනුව ආකර්ෂණීය ග්‍රන්ථ සැලසුමෙන් හා සිබිල් වෙත්තසිංහගේ ආනන්දනීය සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු. සිතුවම් ඇන්දේ – සිබිල් වෙත්තසිංහ

රු600.00

හිත් රිදීම් අභියස

Original price was: රු650.00.Current price is: රු520.00.
130රු

හිත් රිදීම් අභියස

ජීවිතයේ ගැටලු විසඳන්න පුංචි උදව්වක් සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 4 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා BSc. සහ ඉංග්‍රීසි වාග්විද්‍යා MA ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මඟ පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනෙක්ව පරාජය කරනවා නොවේ. අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න. විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර මන්ත්‍රවලට පුළුවන්ද? සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි. ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා. ඔබ අනුන්ගේ වැරදිවලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?

Original price was: රු650.00.Current price is: රු520.00.

හිත කට සහ

Original price was: රු960.00.Current price is: රු768.00.
192රු

හිත කට සහ

මාදිලි-2 දියවැඩියාව පිළිබඳ පරිණාමික, සමාජ, සංස්කෘතික, මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා ව්‍යාධිවේදාත්මක තොරතුරු ඇතුළත් වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය. ප්‍රචාරණය ඇතුළු විවිධ බාහිර බලපෑම් හා කෑදරකම නිසා සිත මෙහෙයවාගත නොහැකි මිනිසා, පහසුවෙන් සිරුරට අවශෝෂණය වන සැකසූ ආහාර වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම නිසා ජනගහනයක ශරීර බර වැඩිවෙමින් පවතී. මේ නිසා සිරුර තුළ ව්‍යාධිජනක පරිවෘත්තීය ක්‍රියාවලීන් සිදුවේ. එමෙන්ම, අනවශ්‍ය නොවන විවිධ දේ ලබාගැනීමට පෙළඹී, මනස්තාපයෙන් පෙළෙන මිනිසාගේ ශාරීරික ක්‍රියාවලින් ද මීට වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.

Original price was: රු960.00.Current price is: රු768.00.
Out of stock

හැරී පෝටර් සහ

ඩර්ස්ලිලාගෙන් සහ ප්‍රිවෙට් ඩ්‍රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වෝල්ඩමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෲසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි. උපද්‍රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.

රු3,500.00
Out of stock

හැරී පොටර් සහ

හැරී පොටර් හෝග්වාර්ට්ස් මායාරම්භ සහ ඉන්ද්‍රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සූදානමින් සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්‍රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කළේ නැත. මේ නිසා හැරී පසුවන්නේ මහත් වික්ෂිප්තයෙනි. ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට හැරී පසුවන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද, එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්ත්වයකි. ජේ. කේ. රෝලින්ගේ පෑන් තුඩින් ගලා එන ත්‍රාසය, කුතුහලය සහ භීෂණ ක්‍රියා තුළින්, කියවන්නා ත්‍රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.

රු3,500.00

හංසමාලී – Hansamali

Original price was: රු400.00.Current price is: රු320.00.
80රු

හංසමාලී – Hansamali

ටිකක් කෙළිලොල් පාසැල් සිසුවියක්. ඒ නංගී…. එයාගේ සෙල්ලක්කාර පුංචි මල්ලි….. ඒ දෙන්නගෙම ලොකු අක්කා හංසමාලී. එයා ලස්සනයි. ආකර්ෂණීයයි. තාත්තා වෛද්‍ය වෘත්තියේ හිටියේ. දැන් අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. ඒත් තාත්තගේ ෆාමසියෙන් සහ විශාල පොල් වත්තෙන් ලැබෙන ආදායමෙන් ලස්සනට ජීවත් වුණා. බඳින වයසේ වුණත් ලේසියෙන් තරුණයෙකුට අල්ලගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි හංසමාලී. දවසක් එයාට විහිළු කළ කඩවසම් තරුණයෙකුට මුහුදු වෙරළේදී හංසමාලී කම්මුල් පාරක් ගැහුවා. ඔහුගේ ප්‍රතිචාරය ගිය දුරක්! වගකීම් වලින් බැඳී, ශක්තිමත් හිතක් ඇති ඒ අහිංසාවියගේ කතාන්දරය හංසමාලී.

Original price was: රු400.00.Current price is: රු320.00.

හව්හරණ hawharana

Original price was: රු1,100.00.Current price is: රු880.00.
220රු

හව්හරණ hawharana

⭕ මාව බිල්ලට දීල ඉඩම් ගත්ත. රස්සා ගත්ත. එකෙක්වත් මං ගැන සොයල බැලූවද? අනික් උන් ගත්ත ඵලප්‍රයෝජන වලට මට තමයි වන්දි ගෙවන්න උනේ…. නිදහසෙන් පසු වෙනස් වූ මිනිස් සිතුම් පැතුම් ආකල්ප මෙන්ම ජීවන රටාව ගැන රසවත් කථාන්දරයකි.

Original price was: රු1,100.00.Current price is: රු880.00.

හදවත් වාරක් 2

“මේ ලෝකේ කිසිදෙයක් අන්තගාමීව කරන්න හොඳ නැතිලුනේ. ලෙඩක් හොඳවෙන්න බොන බෙහෙතක් වුණත් ප්‍රමාණයට වඩා බීවොත් ඒ බෙහෙත විසක් වෙනවා. බීපු එකා මැරෙන්න වුණත් පුළුවන්. අම්මලාගේ ආදරේ වුණත් එහෙමයි. දරුවාට ආදරෙයි කියලා ඕනවට වඩා දරුවගේ ජීවිතේට බලපෑම් කරොත්… තමන්ගේම ළමයගේ ජීවිතේ විතරක් නෙවෙයි, කවදාහරි තමන්ගේ දරුවා කසාද බඳින තවත් කාගෙ හරි දරුවෙක්ගේ ජීවිතෙත් අපායක් වෙනවා.”

රු1,200.00
Out of stock

හත් පණ –

‘හෙළයේ මහා ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ හත්පණ, මඟුල් කෑම, හීන් සැරය කෘති ඊට කදිම නිදසුන්ය. කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගම විසින් අඩසියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නො කොට, කාලීන අවශ්‍යතාවය අනුව පියල් උදය සමරවීරයන්ගේ නිර්මාණාත්මක කළු සුදු සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු.

රු550.00

සෞභාග්‍යයේ රහස Saubhagyaye

Original price was: රු750.00.Current price is: රු600.00.
150රු

සෞභාග්‍යයේ රහස Saubhagyaye

⭕ මෙම පොත කියවීමෙන් ජිවිත වඩාත් අර්ථවත්, ප්‍රීතිනත් කරගැනීමට බොහෝසෙහින් මග පාදාගත හැකිය…

Original price was: රු750.00.Current price is: රු600.00.

සෙරෙප්පු කුට්ටම Sereppu

Original price was: රු290.00.Current price is: රු232.00.
58රු

සෙරෙප්පු කුට්ටම Sereppu

⭕ ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

Original price was: රු290.00.Current price is: රු232.00.

සෙංකඩගල උරුමය Senkadagala

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
350රු

සෙංකඩගල උරුමය Senkadagala

⭕ රාජධානියක්ව පැවැති මහනුවර අවධිය පිළිබ`දව සැ`ගවී ඇති ඓතිහාසික ස්ථාන සහ අවධි පිළිබ`ද වැදගත් තොරතුරු ගෙනහැර පාන පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලෙස ඉතිහාසය හදාරන්්ට ප්‍රයෝජනවත්ය…

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

සුරඟනක කඳුළක් සලා

Original price was: රු650.00.Current price is: රු520.00.
130රු

සුරඟනක කඳුළක් සලා

අන්ත දෙකක සමාජ තල දෙකක ජීවත් වූ, අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගත්, හැඟීම්වලින් හෝ භෞතික සම්පත් වලින් මුලා නොවී, සර්ව පිත්තල සමාජයක, යථාර්ථවාදීව පොළොවේ පය ගසා ජීවත්වන්නට වෙර දැරූ දක්ෂ යොවුන් අවිහිංසක පාසල් සිසුවෙක් හා සිසුවියක වටා ගෙතුණු ආදරණීය අන්දරය.

Original price was: රු650.00.Current price is: රු520.00.

සුබාවෝ subawo

Original price was: රු1,190.00.Current price is: රු952.00.
238රු

සුබාවෝ subawo

⭕ පාලිතල මාරා දැම්මේ එල්.ටී.ටී.ඊ. එකෙන් කියන කථාව කවුද විශ්වාස කරන්නෙ? පාලිතලව එල්.ටී.ටී.ඊයෙන් මැරුව නම් මරන්නේ කිලිනොච්චියෙදි හරි වව්නියාවේදි හරි අර ගෑනිගෙ ගෙදරදි. නැත්නම් ඒ ගමේදි….

Original price was: රු1,190.00.Current price is: රු952.00.

සුනිල මිණි Sunila-mini

Original price was: රු490.00.Current price is: රු392.00.
98රු

සුනිල මිණි Sunila-mini

⭕ කෙටි කාව්‍ය නිර්මාණ රාශියක් රසවත් අයුරින් මේ කුඩා කාව්‍ය ග්‍රන්ථය තුළ දක්නට ඇත. පරිසරය විශේෂයෙන් ස්වභාව සෞන්දර්යයේ චමත්කාරජනක බව මේ පැදි තුළින් රසවි`දිය හැක.

Original price was: රු490.00.Current price is: රු392.00.

සුද්දයි චුට්ටයි Sudai

Original price was: රු360.00.Current price is: රු288.00.
72රු

සුද්දයි චුට්ටයි Sudai

⭕සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ විවෘත අංශයේ ළමා කතන්දර තරගයෙන් දෙවන ස්ථානය හිමිකරගත් කතාවකි

Original price was: රු360.00.Current price is: රු288.00.

සිංහල සාහිත්‍ය රසස්වාදය

Original price was: රු450.00.Current price is: රු360.00.
90රු

සිංහල සාහිත්‍ය රසස්වාදය

(10 – 11 ශ්‍රේණි සඳහා අතිරේක විෂය) අ.පො.ස. (සා.පෙළ) විභාගයට නියමිත සාහිත්‍ය රසස්වාදය විෂයට අදාළ සියලු ම කොටස් ආවරණය වන පරිදි සකසා ඇති මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක කිත්සිරි කොතලාවල මහතා විසිනි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 35කට වඩා අත්දැකීම් ඇති මෙම ලේඛකයා විසින් අතිරේක අධ්‍යාපන ග්‍රන්ථ 50කට වඩා සම්පාදනය කර ඇත. දරුවැඩියන්ගේ සිංහල සාහිත්‍ය රසස්වාදය පිළිබඳ දැනුම් පිපාසය නිවා සැනසීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත.

Original price was: රු450.00.Current price is: රු360.00.

සිංහල භාෂා දැනුම

Original price was: රු250.00.Current price is: රු200.00.
50රු

සිංහල භාෂා දැනුම

(සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිසුන්ට හා ආධුනික ලේඛකයින්ට විශේෂයි) සිංහල භාෂාව නිරවද්‍ය ලෙස භාවිත කිරීම සඳහා උපකාරවන උපදෙස් මාලාවක අවශ්‍යතාව දැනෙන්නේ අද බොහෝ දෙනා විසින් නිරන්තරයෙන් සිදුකරන වැරදි ව්‍යවහාර දකින විටය. නිව්ටන් ගුණසේකර මහතා මෙම කෘතිය මඟින් භාෂා භාවිතයේදී වරදින හා වරද්දන තැන් පහදාදෙමින් අපගේ සිංහල බස සුරැකීම සඳහා යම් දායකත්වයක් සැපයීමට වෑයම් කරයි. මෙය සිංහල භාෂාවට අදාළ විවිධ මාතෘකා රැසක් ඔස්සේ ඔහු මෙහිදී නිවැරදි භාෂා ව්‍යවහාර තෝරා බේරාදීමට උත්සාහ කර තිබේ. මෙය සිංහල භාෂා ශාස්ත්‍ර හදාරන සිසු පරපුරට මෙන්ම පොදුවේ නිර්මාණකරණයේ යෙදී සිටින ලේඛකයින්ටද ප්‍රයෝජනවත් පොතකි. මෙම කෘතිය පරිශීලනය කිරීමෙන් ඔවුන්ට නිවැරදි භාෂාව පිළිබඳ ප්‍රබල ආභාසයක් ලබා ගත හැකි වේතැයි සිතමි. ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට ඇති නිව්ටන් ගුණසේකර මහතා නවකතා, කෙටිකතා, පරිවර්තන ආදී කෘති රාශියක් සම්පාදනය කළ රාජ්‍ය සම්මානලාභී විද්වත් ලේඛකයෙකි. මහාචාර්ය අනුර වික්‍රමසිංහ

Original price was: රු250.00.Current price is: රු200.00.

සිංහල අකුරු රූප

Original price was: රු450.00.Current price is: රු360.00.
90රු

සිංහල අකුරු රූප

පෙරපාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ට අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ කුරු ලියමු රූප සොයමු…

Original price was: රු450.00.Current price is: රු360.00.

සිසිර ගීතය –

Original price was: රු490.00.Current price is: රු392.00.
98රු

සිසිර ගීතය –

පරිවර්තනය: රෝහණ කලුආරච්චි සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ මනහර රසයන් ‘බයන්’ තුළින් නූතනත්වය හා මුහුකෙරෙන අතර එය ප්‍රමුඛ රුසියානු කෘතීන් අතර අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. උණුසුම් යුක්රේන ගිම්හාන කාලයේ ආරම්භවන සිසිර ගීතය, සැඟවුණු ගැඹුරු පණිවිඩයකින් අවසන් වේ. එය පාරම්පරික තත් භාණ්ඩයක් වාදනය කිරීමෙන් සැනසීම ලබන, තම යුගයේ අකරතැබ්බයන්ට මුහුණ දුන් ඝන රැවුල වැවුණු අපූර්ව මිනිසෙකුගේ කතාවක් පමණක් නොව, ජීවිතය පිළිබඳ වර්ණනාවක් සහ මහළු වීම පිළිබඳ ප්‍රීති සැමරුමකි. වෙනස්වන කාලයන් සහ දේශපාලන මතවාදයන් වල බලපෑම හමුවේ වුව එය ඔබ සුරක්ෂිත කරනු ඇත. විප්ලවයන් හෝ ජනරජයන් වෙනස් වීම වුවත්, ජීවන ගීතය නොනවතින බව සිසිර ගීතය ඒත්තු ගැන්වීමට සමත් වේ.

Original price was: රු490.00.Current price is: රු392.00.

සිසිර ගීතය –

Original price was: රු1,590.00.Current price is: රු1,272.00.
318රු

සිසිර ගීතය –

පරිවර්තනය: රෝහණ කලුආරච්චි ඍතු වෙනස් වන්නා සේම ජීවිතය ද වෙනස් වනු ඇත. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ඇතිවන සාමාජීය හා දේශපාලන අස්ථාවරභාවය මෙන්ම තම ආදරණීය බිරිඳ නාදියාගේ අකල් වියෝගයේ අමිහිරි අත්දැකීම් තුළින්, මේ මහ පොළොව මත පැවැත්ම අස්ථාවර බව ඉවාන් වටහා ගනී. තම ආත්මීය සගයා බයනය සමඟින් වනගත ජීවිතයකට එළඹෙන ඔහු එහිදී නැවතත් නාදියා සමඟින් පෙමින් බැඳේ. දියණිය ඔල්ගාට සෙනෙහෙබර පියෙකු වන ඉවාන්ගේ ජීවිතය නවමු දිශාවකට යොමුවන අතර ඔහු තම බයනය සමඟින් වඩා වඩාත් සොබාදහම තුළ අනුගත වේ.

Original price was: රු1,590.00.Current price is: රු1,272.00.

සැහැල්ලු, අර්ථවත් දිවියකට

Original price was: රු450.00.Current price is: රු360.00.
90රු

සැහැල්ලු, අර්ථවත් දිවියකට

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවහාරික ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොත ගැන… සිත සතුටින්, සැහැල්ලුවෙන් ජීවත්වීම සෑම මිනිස් සිතකම ප්‍රාර්ථනයයි, අභිලාෂයයි. එහෙත් සිතේ සැහැල්ලුවෙන්, සතුටින් ගත කිරීමට බොහෝ විට අවහිර ඇතිවන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ සිත නිසි ලෙස හසුරුවා ගැනීමට උනන්දු නොවීම හෝ නොදන්නාකම හේතුවෙනි. තමන්ගේ සිත දෙස කැඩපතකින් මෙන් නිරීක්ෂණය කොට සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය පවත්වා ගැනීමට ඉවහල් වන ඉතා සරල, එහෙත් ගැඹුරු සහ ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක් අන්තර්ගත ලිපි එකතුවකින් යුත් මෙම ග්‍රන්ථය සාර්ථක දිවියකට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ පළමු අදියරයි. පාසල් සිසුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා තෘප්තිමත්ව ගත කිරීමට මෙම පොත් පෙළ මඟ ආලෝකමත් කරන්නෙකි.

Original price was: රු450.00.Current price is: රු360.00.

සැබෑ ආදරයට උණුසුම

Original price was: රු750.00.Current price is: රු600.00.
150රු

සැබෑ ආදරයට උණුසුම

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ඇන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොත ගැන ඉඟියක්… ආදරය දිනාගන්නේ කෙසේද? දෑවැද්ද, කුලය විවාහයකට බලපායි ද? ආදරය බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් ද? විවාහය, ආශාවන් කොටු කර තැබීමක් ද? සැකය සිදුවන්නේ කෙසේ ද? දරුවන් විවාහ විය යුත්තේ මාපිය කැමැත්ත මතමද? සොඳුරු පවුලක් ගොඩනැඟීමට මග කියාදෙන මනෝවිද්‍යාත්මක ගද්‍ය සංග්‍රහය.

Original price was: රු750.00.Current price is: රු600.00.
Shopping Cart
Scroll to Top