Sale!

කතෝලික දහම පිළිබඳ ගැටළු සහ විසඳුම් – Katholika Dhama pilibada gatalu saha wisadum

Original price was: රු650.00.Current price is: රු520.00.

අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමන් විසින් රචනා කරනු ලැබ ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ වසර ගණනාවක් පළ කරන්නට යෙදුණා වූ දහම් ගැටළු තීරය මෙසේ ග්‍රන්ථයක් ලෙස දොරට වැඩීම සතුටට කරුණකි.

ගොඩගමුව හා මඩම්පැල්ල රෝමානු කතෝලික පාසල් වලින් හා මීගමුව ශාන්ත මරියා විදුහලින් මූලික අධ්‍යාපනය ලබා පූජකවරය පතා බොරැල්ල ශාන්ත ඇලෝසියස් කණිෂ්ඨ විදුහලට ඇතුළු වූ එතුමා ජාතික දේවසත් හලින් පූජක පුහුණුව නිමකර 1980 ජූලි 05 පූජකවරය ලැබීය. මීගමුව මහා වීදිය සහායක ලෙස මුල් පත්වීම් ලැබූ එතුමා පසුව වාද්දුව මිසම් සේවක විය. රෝමයේ උර්බානු සරසවියෙන් ශාසන නීතිය පිළිබඳ උපාධිය දිනූ එතුමා ශාන්ත ඇලෝසියස් දේවසත්හල් භාණ්ඩාගාරික, කළුතර දහම් සෙවන පූර්ව දේවසත්හලේ අධිපති, අගරදගුරු පදවි භාණ්ඩාගාරික, අගරදගුරු පදවි විවාහක අධිකරණ සාමාජික හා දේවධර්ම නිකේතන කථිකාචාර්ය ධුරයන් දරනු ලැබීය.

අගරදගුරු පදවි විවාහ අධිකරණ නාහිමි වන අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා මීගමුව එම භාග්‍යවත් ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධ්‍යක්ෂ හා තම්මිට කාදිනල් කුරේ දහම් සේවා මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි.

ශ්‍රාවක ජීවිතයේ මතුවන ගැටළු අපැහැදිලි දේ නොදත් කරුණු යනාදිය ගැන ගිහියා දැනුවත් කිරීමට ලිඛිත මාධ්‍යයෙන් නොකඩවා මෑත යුගයේ දහම් ගැටළු ඔස්සේ පියවර ගත් ගරු ලේඛක පියතුමා එය පරිණත අවබෝධයකින් විශාරද දැනුමකින් යුතුව සහ නීතිය මත පිහිටා කරන ධාර්මික රචනයකි.

ගරු සිරිල් ගාමිණී පියතුමා කර්තෘ, ඥානාර්ථ ප්‍රදීපය.

Availability: 28 in stock

Quantity
Please login

Availability: 28 in stock

SKU: 10980210-1 Categories: , Brand:
Shopping Cart
Scroll to Top