අම්මා – සෙනෙහසේ නවාතැන
මවකගේ උත්තරීතර ප්‍රාර්ථනය තම දරුවාට නිරෝගී බුද්ධිමත් සුන්දර ලොවක් හිමිකර දීමයි. වර්තමානයේ සෑම මවක්ම දැඩි මානසික පීඩනයකින් යුක්තව තම දරුවන් හදා ගැනීමට වෙහෙසෙති.
දරුවා මෙලොව පිළිසිඳ ගත් දින පටන් නව යොවුන් වියට පා තබන මොහොත දක්වා දෙමාපිය කාර්යභාරය ‘අම්මා – සෙනෙහසේ නවාතැන’ යන්නෙන් මනෝවිද්‍යාත්මක කාර්ය රසාස්වාදී උපදෙස් ඇතුළත් කෘතිය සෑම මවකටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ලෙස කතුවරිය වන නයනා දමයන්ති ගුණවර්ධන අපූර්ව ලෙස පෙළ ගස්වා ඇත.
දරුවා හදාවඩා ගන්නා ආකාරය, නිවැරදි මඟ පෙන්වීම, යහගුණ උපදෙස්, කුසලතා, පෞරුෂ වර්ධනය හා විවිධ අභියෝග ජයගන්නා ආකාරය මනෝවිද්‍යාත්මකව මවකට ඉතා සරලව අවබෝධ කර දෙයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවය කරන කාලයේ දැනට වසර දහයකට පෙරදී මට මුණගැසෙන මෙම අපූර්ව කර්තෘවරිය, විශාරදවරිය, ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරිය මා හට මුණගැසුණු සමීපතමයින් අතර ඉදිරියෙන්ම සිටී. සෑම මවකටම මෙම ග්‍රන්ථය අභියෝග රැසකට පිළිතුරු සපයයි.
ආචාර්ය සමන් වීරවංශ මනෝ විශ්ලේෂක වරලත් ජීව විශේෂඥ


