අනාවැකිය – Anawekiya

රු900.00

“මහත්තයගේ කේන්දරේ විදියට කසාද දෙකක් කෙරෙන්න තියෙනවා…” දෛවඥයා පැවසුව්ය.

“මොනවා ! එහෙම වෙන්නේ කොහොමද?”

“එහෙම වෙන්නේ පළවෙනි කසාදේ ගෑනු කෙනා අකාලෙ මියැදිලා මහත්තය කනවැන්දුම් වෙන හින්දා…”

නිහඬතාව රජ කරන්නට විය. සුමනරත්නට හැඟුණේ තමන් සමඟ පොළොව ගිලා බසින්නක් මෙනි.

“ගුරුන්නාන්සේ මම බඳින්න ඉන්නේ අවුරුදු ගණනාවක් ආදරය කරපු ගෑනු ළමයව.. එහෙම දෙයක් සිද්ධවෙන එක වළක්වගන්න විදියක් ඇත්තේ ම නැද්ද?”

අනතුරුව සුමනරත්න කෙඳිරුවේ ආයාචනාත්මකව ය.

“මහත්තය බඳින්න යන්නේ කොයි විදියට ද කවුද කියන එව මට අදාළ නෑ. මම කිව්වේ උප්පත්ති ග්‍රහයො අනුව වෙන්න තියෙන දේ.. මැරිල ඉපදුනොත් මිසක ඒක වළක්වගන්න විදියක් නෑ!”

Out of stock

Out of stock

SKU: 11634125-1 Categories: , Brand:
Shopping Cart
Scroll to Top