Showing 43–84 of 139 resultsSorted by average rating

මකුළු සීයේ Makulu

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

මකුළු සීයේ Makulu

⭕ ළමුන් තුළ රසවින්දනය, පරිකල්පනය සහ යහගුණ වර්ධනය කිරීමේ අරමුණෙන් ලියවුනු මින්සර ළමා ගී පොත් පෙළකි. දරුවන්ගේ ගායන කුසලතාවන් වර්ධනයවීම මෙන්ම සෞන්දර්යය, සංස්කෘතික කි්‍රයාකාරකම් ස`දහාද යොදා ගත හැක. ඉංගී්‍රසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාස ලෙස යොදා ගත හැකි ගීත කීපයක්ද වෙයි. දරුවන්ට පමණක් නොව මාපිය, වැඩිහිටි අයට මෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන්ගේ උපකාරක අත්පොත් පෙළක් ලෙසද ඉතා සුදුසුය..   ISBN 978-624-5536-48-1

Original price was: රු390.00.Current price is: රු312.00.

බූරුවා සහ පිළිමය

Original price was: රු220.00.Current price is: රු176.00.
44රු

බූරුවා සහ පිළිමය

එයා අහංකාර බූරුවාට තඩිබෑවා. අපි අපේ තරම දැනගෙන නිහතමානීව වැඩ කරන්න ඕනා. අහංකාර වුණොත් පස්සේ විඳවන්න වෙනවා.

Original price was: රු220.00.Current price is: රු176.00.

බුද්ධරාජ – Buddharaja

Original price was: රු400.00.Current price is: රු320.00.
80රු

බුද්ධරාජ – Buddharaja

බුද්ධ චරිතය පාදක කොටගත් විචිත්‍ර විමසුමක් බුදු රජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට සම්ප්‍රාප්ත වීමේ සිට මහාපරිනිර්වාණයට වැඩම කිරීම දක්වා වූ ථේරවාද සම්ප්‍රදායට අනුගත අසිරිමත් ශ්‍රී සම්බුද්ධ චරිතය බුද්ධරාජ කෘතියෙන් නිරූපණය වෙයි. කෘතියෙහි කතුවරිය වන්නේ ස්වර්ණා කාන්ති පෙරේරා ය. බෞද්ධ ථේරවාද සම්ප්‍රදායේ මූලග්‍රන්ථ පිළිබඳ මනා අධ්‍යයනයක් හා නිර්මාණාත්මක භාෂා ශෛලියකින් ද පිරිපුන් ඇය පිරිනිවන් ගීතය (2006), දෙවිඳුත් සිහින (2009), ලොවුතුරු රිද්ම (2008), මහාවීර (2009), නිරාමිසාවලෝකන (2012) වැනි බෞද්ධ සාහිත්‍ය කෘති කිහිපයක් ලියා බෞද්ධ සාහිත්‍ය සම්මානය ද (2010) දිනාගත් තැනැත්තියකි. වර්තමානයේ බෞද්ධ සාහිත්‍යයේ ආභාසය ලබමින් නිර්මාණ කරණයේ යෙදෙන ලේඛිකාවන් අතර ස්වර්ණා කාන්ති පෙරේරා ප්‍රමුඛ වෙයි.

Original price was: රු400.00.Current price is: රු320.00.

බිහිරි ගෙඹිරාල Bihiri

Original price was: රු290.00.Current price is: රු232.00.
58රු

බිහිරි ගෙඹිරාල Bihiri

⭕ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

Original price was: රු290.00.Current price is: රු232.00.

බිය සහ භීතිකාව

Original price was: රු300.00.Current price is: රු240.00.
Out of stock

බිය සහ භීතිකාව

විද්‍යාත්මක වෛද්‍ය පර්යේෂණ ඇසුරින් බිය අප ජීවිතපැවැත්ම සඳහා පවතින විභවතාවයකි. එනිසා බිය හට ගැනීම සාමාන්‍යයකි. අපගේ පූර්වජ මිනිසා පරිණාමයේදී ජීවිත ආරක්ෂාව සලසා ගත්තේ බිය වීමෙනි. බියෙන් තොරව මානවයා පැවැත්මක් නොමැත. මෙහිදී පුද්ගලයා බියට පත් වෙයි. සාමාන්‍ය නොවන බිය ගැන සලකා බලන්න. බියට පත්වන පුද්ගලයා තුළ විවිධ ලක්ෂණ මතු වෙයි. සාමාන්‍ය නොවන බියක් රෝගී අවස්ථා වලදී ඇති වේ. සාමාන්‍ය නොවන බිය ගැන දෙන පර්යේෂණාත්මක මුහුණ දීමක් මෑතක දී මෙහිදී දැකගත හැක. වෛද්‍ය විද්‍යාවේදී භීතිකාව ලෙස හඳුන්වන්නේ සාමාන්‍ය අවස්ථාවල දී අනවශ්‍ය බියක් ඇති වීමයි. මෙම තත්ත්වය මර්දනය කිරීම සහ බිය සමනය කර ගැනීම සඳහා ගත යුතු විද්‍යාත්මක ක්‍රියාමාර්ග මෙහිදී සකච්ඡාවට බඳුන් කෙරේ. බිය ඇති වීම පාලනය කර ගැනීම කළ යුතුවේ. මෙහිදී බොහෝ දෙනෙකුට මෙවැනි තත්ත්වයන් මගින් විවිධ පීඩා ඇති වන අතර භීතිකාව ලෙස හඳුන්වනු ලබන්නේ ද එවැනි තත්ත්වයන්ය. විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ බිය පාලනය කර ගැනීම මෙහිදී සාකච්ඡා කෙරේ. බිය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ බිය පාලනය කර ගත හැකිය. අද සමාජයේ විවිධ භීතිකාවලින් පෙළෙන්නන් සුලභය. තමන්ට බලපාන රෝගී තත්ත්වයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු මෙවැනි තත්ත්වයන් නිසා පීඩා විඳිති. රෝගී තත්ත්වයක දී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. රෝගී තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගැනීම රෝගය පාලනය කර ගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ. මෙම කෘතිය මඟින් බිය හා භීතිකාවන් සම්බන්ධව ඇති විද්‍යාත්මක පදනම මැනවින් පැහැදිලි කර දී ඇත.

Original price was: රු300.00.Current price is: රු240.00.

බිඳුනු රිදුනු හිතකට

Original price was: රු260.00.Current price is: රු208.00.
52රු

බිඳුනු රිදුනු හිතකට

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු අපට හොඳින් මතක හිටින්නේ පුංචි හරි උදව්වක් කළ මිනිසුන්වයි. අනුන්ගේ වැරදි හොයන අප අතරින් තවූන් උදව් කරන්න හිතන්නේ කී දෙනාටද? ඔබේ ඇදකුද පමණක් හොයන අයට ඔබ දැක්විය යුත්තේ මොන වගේ ප්‍රතිචාරයක් ද? කෙනෙකුගේ වරදක් දැක්කම එය පෙන්වා දිය යුතුයි කියලා ඔබට හිතෙනවා නම්… අදහස් වලින් නොගැළපෙන කෙනෙකු සමඟ වුණත් සුහදව ජීවත් විය හැක්කේ කෙසේද? නිතර තරහ ගන්නා කෙනෙක්ව මෙල්ල කරගත හැක්කේ කෙසේද? ඇතැම් තැන් වටිනා ලිපි…

Original price was: රු260.00.Current price is: රු208.00.

බිඳී නොබිඳී –

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
250රු

බිඳී නොබිඳී –

“ලූසී.. ඕක නවත්තන්න… හොඳ හුස්මක් ගන්න..” “මට අප්පිරියයි ඔය වෙන්ඩි.. ඒ වගේ කලින් හිටිය ගෑනි වල්ලටත් අන්තයි…” “ලූසී.. ලූසී.. පැටියෝ.. පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ..” මම හැකිතාක් මෘදුව කීවෙමි. “මං වෙන්ඩිට වෛර කරනවා..” ඉංග්‍රීසි නම: The girl who wanted to Belong මුල් කතුවරිය: Angela Hart සිංහල නම: බිඳී නොබිඳී (Bindee Nobindee) පරිවර්තනය: දිල්හානි වික්‍රමරත්න (Dilhani Wickramarathna) තේමාව: The True Story of a Devastated Little Girl and the Foster Carer who Healed her Broken Heart (හදවත බිඳුණු අසරණ කුඩා දැරියකගේ සහ ඇයව සුවපත් කළ සුළු මවකගේ සත්‍ය කතාවකි.)

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

බැඳී නොබැඳී Bendee

Original price was: රු975.00.Current price is: රු780.00.
195රු

බැඳී නොබැඳී Bendee

⭕ ඔයා හිතනවද නංගී මට වෙන කෙනෙක් බඳින්න පුළුවන් කියලා? එදා ඔයගොල්ලගේ තාත්තා මාව මේ ගෙදරින් එලෙව්වට මම හිතාගත්තෙ කවද හරි මම ඔයාව බඳිනවා කියලා

Original price was: රු975.00.Current price is: රු780.00.

බලු රාළයි හා

Original price was: රු320.00.Current price is: රු256.00.
64රු

බලු රාළයි හා

⭕ යාලූවෝ දෙදෙනාගෙ අපූර්ව මිත්‍රත්වයේ මහිමය සංකේතවත් කරන රසවත්, ආදර්ශමත් අපුරු කතාවකි. වයස අවුරුදු 06 – 09 දක්වා දරුවන්ට විශේෂය….

Original price was: රු320.00.Current price is: රු256.00.

පෙට්ටගමක මහ අසිරිය

Original price was: රු720.00.Current price is: රු576.00.
144රු

පෙට්ටගමක මහ අසිරිය

⭕ බාල තරුණ සිත් තුල නිර්මාණශීලිත්වය, සහෝදරත්වය, මිත්‍රත්වය, කෘතවේදිත්වය, සබැ`දියාව ජනිත කරමින් කුතුහලයෙන් යුතුව රස වි`දිය හැකි අධ්‍යාපන මනෝවිද්‍යාත්මක රසවත් කථාවකි…

Original price was: රු720.00.Current price is: රු576.00.

පූර්වාපර – Poorwapara

Original price was: රු590.00.Current price is: රු472.00.
Out of stock

පූර්වාපර – Poorwapara

කාල වැලිතලාව ගිලගත් කඩතොළු වූ වෘත්තාන්තයක්. “මට ළමයි හදන්න බැයිනම් කොහොමද යකෝ වේලි වේලි හිටපු උඹේ ගෑනිගෙ බඩට ළමයෙක් ආවේ. උඹ මහ ලොකුවට ඉඹ ඉඹ හැදුවට ඌ මගේ දරුවෙක්. ඕනනම් උඹේ ගෑනිගෙන් අහලා බලපන්.” “උඹේ අතින් මට අබමල් රේණුවක වරදක් අඩුපාඩුවක් හිත් රිදීමක් උණේ නෑ චන්ද්‍රලතා. මගේ අතින් උඹට වැරදි උනා මිසක, මගේ අතින් උඹේ හිත රිදුණ මිසක… ජාති ජාතිත් පතන්න වටින ගෑනියෙක් උඹ.” එහි වූ එකම ඇඳමත සිටි නන්දෝරිස්ගේ අක්කාගේ පාමුල නයි රියක වේගයෙන් චලනය වෙමින් සිටියේය. ඔහුගේ විසල් සිරුරේ බරද ඒ යක්ෂාවේගී ක්‍රියාවට ඇයව මහත් වේදනාවක් බව ඇගේ මුහුණෙන් පෙනිනි. ගේ ඇළ අයිනෙන් වාඩිවූයේ වටපිට බලමිනි. නොදැනීම අඩෝ වාතයක් දෙකක්ද පිටවෙමින් සනීපදායක ලෙස මුත්‍රා පහව යද්දීය, මඩෙන් උඩට මතුව තිබූ මිනිස් පා කොටසක්ද තට්ටම් පෙදෙසක් හා හිසක කොටසක්ද ඔහුට දැකගත හැකි වූයේ. “මොන කතන්දරේද… හන්… අම්ම ඉන්දැද්දිම පුංචි අම්මගෙයි අපේ තාත්තගෙයි තිබිච්ච අවලං ආස්සරේ. තමුන්ගෙ අක්කගෙ මිනිහගෙන් ළමයි හම්බවෙන්නෙ අවලං ආස්සරේකින් නෙමේද..? ඇඬුවට පව් හේදෙන්නෑ පුංචි අම්මේ.” වල තුළ සිටි නන්දෝරිස්ගේ ගෙල තෙක් පස්වලින් වැසී තිබුණි. බෝධිතුංග ආවේශ වූවෙකු මෙන් වේගයෙන් වලට පස් දමන්නට පටන් ගත්තේය. නන්දෝරිස් සිරුරේ ඉතිරි වී ඇති මුළු ශක්තිය යොදා සිය හඬ පිට කළේය. “එපා… එපා… එපා…” ප්‍රථමයෙන් නන්දෝරිස්ගේ මුවද අනතුරුව නාසය හා දෑස්ද ඉක්බිති සම්පූර්ණ හිසද පස්වලින් වැසී යන්නට තවත් විනාඩි දෙකකට වඩා ගත වූයේ නැත.

Original price was: රු590.00.Current price is: රු472.00.

පූජිත ලේඛක විත්තිය

Original price was: රු230.00.Current price is: රු184.00.
Out of stock

පූජිත ලේඛක විත්තිය

ඩබ්ලියු.ඒ. අබේසිංහ මේ පොත සාහිත්‍ය විචාර කෘතියක් නොවේ. චරිත කථා එකතුවක්ද නොවේ. ඒ දෙකේම එකතුවෙන් බිහි වුණු අමුතුම මාදිලියේ කෘතියකි. මේ වූකලී, ලෝක සාහිත්‍යයේ ගමන් මග වෙනස් කොට, ඒ මත ස්වකීය මුද්‍රාව දීප්තිමත් ලෙස තැබූ ලියෝ තෝල්ස්තෝයි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ඇන්ටන් චෙකොව්, මැක්සිම් ගෝර්කි, ඩී.එච්. ලෝරන්ස්, මිහායිල් ෂොලොහොව්, නිකොලායි ඔස්ත්‍රොව්ස්කි සහ නජීබ් මහෆුස් ද, අපේම මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක සහ ගුණපාල මලලසේකර ද යන අපූරු මිනිසුන්ගේ ජීවිතයත් කලාවත් පිළිබඳව ලියවුණු විත්ති පොතකි. ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ මනහර ගද්‍ය රීතියෙන් ඒ විත්ති කියවන විට දැනෙන්නේ, අමුතුම ආශ්වාදයකි.

Original price was: රු230.00.Current price is: රු184.00.

පුංචි මගේ පෙර

Original price was: රු680.00.Current price is: රු554.00.
126රු

පුංචි මගේ පෙර

රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස වසර තිහක ගුරු සේවයේ අත්දැකීම් අනුව ළමා මනස ගැන මනා අවබෝධයකින් යුතුව මෙම පෙර පාසල් වැඩ පොත පොඩ්ඩන් වෙනුවෙන්ම විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. ඇස, අත සමන්යෝජනය, බුද්ධි වර්ධනය ඇතුළු මූලික දක්ෂතා හා කුසලතා වර්ධනය කර ගැනීමට ඉවහල් වන මූලික අභ්‍යාස මෙහි අන්තර්ගතය. විවිධ ක්‍රියාකාරකම් අභ්‍යාස කිරීමේදී දෙමාපියන්, වැඩිහිටියන් දරුවාට සහාය වන්න. සංස්කරණය සරත් අනුරසිරි

Original price was: රු680.00.Current price is: රු554.00.

පිල්ලම් සහිත වැකි

Original price was: රු290.00.Current price is: රු232.00.
58රු

පිල්ලම් සහිත වැකි

2016 නව නිර්දේශයට අනුව 1 ශ්‍රේණියේදී ඉගැන්වීමට නියමිත හල් කිරීම් හා සියලුම පිල්ලම් ඇතුළත් වැකි ඇසුරින් මෙම පොත සම්පාදනය කර ඇත. කර්තෘ විස්තරය ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළ/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රාශියකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු290.00.Current price is: රු232.00.

පිරිපුන් ගුරුවරයෙකුවීමට නම්

Original price was: රු750.00.Current price is: රු600.00.
150රු

පිරිපුන් ගුරුවරයෙකුවීමට නම්

⭕පිරිපුන් ගුරුවරයෙක් උගන්වන්නෙ පොතෙන් නොව හදවතිනිz, යන කියමන අනුව ගුරු රැකියාවට ඇතුළත්වන සෑම කෙනෙකුම පොතේ දැනුමට පමණක්් සීමා නොවී සිසුන් කෙරෙහි ඇල්මකින්, සෙනෙහසකින් යුතුව පරිත්‍යාගශීලී, දූරදර්ශී හදවතකින් යුතුව කටයුතු කලයුතු ආකාරය පිලිබඳ මග කියාදෙන ඉතා වටිනා ග්‍රන්ථයකි

Original price was: රු750.00.Current price is: රු600.00.

පින්තූරය බලා සරල

Original price was: රු350.00.Current price is: රු280.00.
70රු

පින්තූරය බලා සරල

⭕ හඳුන්වාදෙන අකුරු හා පිල්ලම්ද යංශය හා රකාරාංශය ඇතුළත් වචන ඇසුරෙන් රූල් පහට අනුව මෙම පොත සම්පාදනය කර ඇත.

Original price was: රු350.00.Current price is: රු280.00.

පින්තූරය බලා විස්තර

Original price was: රු350.00.Current price is: රු280.00.
70රු

පින්තූරය බලා විස්තර

රජයේ පාසල් ගුරුවරියක ලෙස වසර තිහක ගුරු සේවයේ අත්දැකීම් අනුව ළමා මනස ගැන මනා අවබෝධයකින් යුතුව මෙම 1 ශ්‍රේණියේ වැඩ පොත ළමයින්ගේ මට්ටමටම විෂය කරුණු වලට අනුගතව කර ඇත. පෙර පාසල් දරුවන්ට ඒකාකාරී ස්වභාවය මඟහරවා ගනිමින් අභ්‍යාස වල නිරතවීමට ආශාව ඇති කිරීම මෙම පොතේ අරමුණ වේ. පෙර පාසල් දරුවන්ට අකුරු හුරු කිරීමට මෙන්ම අකුරින් අකුරට ලස්සන වර්ණ ඇසුරින් මව්පියන්ට දරුවන්ට උදව් කිරීමට හැකි වන අතර, මව්පියන්ටත් දරුවාටත් සහාය වේ. සංස්කරණය සන්ධ්‍යා කුමාරි

Original price was: රු350.00.Current price is: රු280.00.

ප්‍රීතිමත් යුග දිවියකට

Original price was: රු425.00.Current price is: රු340.00.
85රු

ප්‍රීතිමත් යුග දිවියකට

මයිකල් ඇන්ජලෝ ප්‍රනාන්දු බී.එස්.සී උපදේශන මනෝ විද්‍යා මේ පොතෙන්….. මොකක්ද මේ ආදරේ කියන්නේ සිත ඇදී ගිය පළියට ඒක ආදරේ නෙමේ. ආදරය කියන්නේ ආසාවට නෙමේ. හරි පුද්ගලයාට වැරදියටත්, වැරදි පුද්ගලයාට හරියටත් ආදරය කිරීම නිෂ්ඵලයි. විවාහයට බලපාන සාමාජීය හා මානසික පසුබිම ඔබ විවාහවෙන්නේ මොන හේතුවක් නිසාද? ජනප්‍රිය අයට ආදරේ කිරීම සල්ලි වලට ආදරේ කිරීම නොලැබෙන බව දැන දැනම කෙනෙකුට ලංවීම. අධ්‍යාපනය ආදරයට බලපාන්නේ කොහොමද? ඔබ ආදරය කරන තරමටම ඔබටත් ආදරය ලැබෙනවද? කලින් පෙම්වතා ගැන ඔබ තාමත් හිතනවද? ආදරය පිළිබඳ මිත්‍යා මත. එකවර දෙදෙනෙකුට ආදරය කළ හැකිද? ලිංගිකත්වය යනු විවාහ දිවිය සවිමත් කරන බැම්මක් මිස එකිනෙකාගේ ප්‍රයෝජන ගැනීමක් නොවේ. ඔබ ගත කරන්නේ තෘප්තිමත් විවාහ ජීවිතයක්ද? ලිංගිකත්වය බලෙන් ලබාගත යුත්තක් නොවේ. එය පරිත්‍යාගයකි. මෙවන් කරුණු බොහොමයක් පිළිබඳව සිතා බලන්නට ඔබට ඇරයුම් කෙරේ………

Original price was: රු425.00.Current price is: රු340.00.

ප්‍රීතිමත් කපුටා Prithimath

Original price was: රු290.00.Current price is: රු232.00.
58රු

ප්‍රීතිමත් කපුටා Prithimath

⭕ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

Original price was: රු290.00.Current price is: රු232.00.

ප්‍රතික්ෂේප කිරීම් හමුවේ

Original price was: රු650.00.Current price is: රු520.00.
130රු

ප්‍රතික්ෂේප කිරීම් හමුවේ

⭕ මින්සර මනෝවිද්‍යාත්මක පොත්පෙළ – 3 ( ජීවිතය යහපත් කිරීමට මග ඵළිකරන මනෝවිද්‍යාත්මක පොත්පෙළෙ – 3 ප්‍රතික්ෂේප කිරීම් හමුවේ නොසැලේ ඉන්න

Original price was: රු650.00.Current price is: රු520.00.

පල්ලං පොල්ල Pallan

Original price was: රු590.00.Current price is: රු472.00.
118රු

පල්ලං පොල්ල Pallan

⭕ කෘර ලෙස තැලීම් පෙළීම්වලට ලක් වෙමින් නිමක් නොදකින දහසක් බිරින්දෑවරුන්ගේ මෙතෙක් සාකච්ඡාවට භාජන නොවුනු අනුවේදනීය කථාව.. ISBN 978-624-5536-13-9

Original price was: රු590.00.Current price is: රු472.00.

පමා නොවී යමු

Original price was: රු370.00.Current price is: රු296.00.
74රු

පමා නොවී යමු

⭕ කම්මැලිකම හැරදමා ජීවිතය ජය ගැනීමට අදිටන් කරගත් දක්ෂ දරුවන්ගේ සංවේදී කතාවකි.

Original price was: රු370.00.Current price is: රු296.00.

නෙත්මි ඔබ සදාදරණීයයි

Original price was: රු300.00.Current price is: රු240.00.
Out of stock

නෙත්මි ඔබ සදාදරණීයයි

යෞවනය හුදු ධර්මතාවයකි එය මඟ හැරීමට කිසිවකුටත් නොහැකිය මහා මන්දිරයටත්, දුගී පැලටත් යෞවනය එළඹෙන්නේ එකවිටයි යොවුන් ගැටලු කාටත් පොදුය මිල මුදලින් එය වෙනස් කළ නොහැක තීර අදිටන ඇත්නම් තම ප්‍රේමය සාක්ෂාත් කර ගැනීමට ඕනෑම අයෙකුට පුළුවන එය සනාථ කර ගැනීමට මෙම කෘතියෙන් වෑයම් කර ඇත විමල් වීරතුංග

Original price was: රු300.00.Current price is: රු240.00.

නැති වූ වලිගය

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

නැති වූ වලිගය

⭕ පුංචිච්ච මල්ලිට වලිගය නැවත ලැබුණු රසවත් කතාවකි. වයස අවු. 06 – 09 දක්වා දරුවන්ගේ කියවීමේ් රුචිය තවත් දියුණු කරයි

Original price was: රු390.00.Current price is: රු312.00.

නාගදමනය සහ වෙනත්

Original price was: රු290.00.Current price is: රු232.00.
Out of stock

නාගදමනය සහ වෙනත්

සංස්කාරක: නිව්ටන් ගුණසේකර ශාස්ත්‍රවන්තයින්ගේ අනවධානයට හේතුකොටගෙන, කලක් පාඨක විචාරක ප්‍රසාදයෙන් බැහැරව පැවති සිංහල කෙටිකතාව, දැන් වනාහි යථාස්ථාපනය වී ඇත්තේය. දශක දෙකකට ආසන්න ඉකුත් කාලය තුළදී, අතු ඉති ලමින් නැවත වැඩෙන්නට වූ අපගේ කෙටිකතාව, මල්පලබර අවධියකට අවතීර්ණ වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. අපගේ අධ්‍යාතන සාහිත්‍යයේ එකී ඉෂ්ටදායක ප්‍රවණතාව රැකගත හැකි වනුයේ, ප්‍රවීණ නවීන ලේඛක දෙපිරිසේම කෙටිකතා පාඨකයින් අතරට පත් කිරීමෙන් සහ ඒ නිර්මාණ විචාරක අවධානයට ලක් කිරීමෙන් පමණි. “මින්සර” ප්‍රකාශකයන්ගේ අනුග්‍රහයෙන්, ප්‍රවීණ ලේඛක නිව්ටන් ගුණසේකර මහතා විසින් සම්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන මෙම කෙටිකතා සංග්‍රහය, පැසසුම් කටයුතු සාහිත්‍ය ව්‍යායාමයක් සේ හැඳින්විය යුතු වන්නේ, එකී හේතුවද නිසාය. නොමඳ පාඨක සහාද ප්‍රසාදයට පාත්‍රව සිටින ප්‍රවීණයන් රැසකගේ මෙන්ම, නිර්මාණ ශක්තියෙන් හෙබි නවකයින් කිහිපදෙනෙකුගේද කෙටිකතා විසිඑකකින් පරිමිත මෙම නිර්මාණ සමුච්චය, අතිශයින්ම කාලෝචිත සාහිත්‍ය සංග්‍රහයක් හැටියට හඳුන්වා දීමට මම කැමැත්තෙමි. – ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

Original price was: රු290.00.Current price is: රු232.00.

දේදුන්නක් පායලා –

Original price was: රු120.00.Current price is: රු96.00.
24රු

දේදුන්නක් පායලා –

සුන්දර ළමා මනසට ආමන්ත්‍රණය කරමින් විතානගේ කතුවරයා විසින් රචිත “දේදුන්නක් පායලා” නමැති සිඟිති කාව්‍ය සංග්‍රහය ඉතා ආශාවෙන් කියවීමි. එහි ඇතුළත් වන බොහෝමයක් රචනා ඉතා සරලය. සමහර රචනා ගීතවත්ය. ඔහු සමහර නිර්මාණවලදී හසුරුවා ඇත්තේ ශූර සිත්තරකරුවෙකු ලෙසිනි. ළමා කාව්‍යයක අන්තර්ගත විය යුතු රමණීය බස රිද්මය පරිකල්පනය වඩාත් හොඳින් උද්දීපනය වන නිර්මාණ අතර “තපස් රකින කොක් නයිදේ, ටිකිරිලියා, අම්බලමේ පිනා, අම්මා, උදයක ලස්සන, ගුණ සුවඳ” යන කවි පන්ති වඩාත් කැපී පෙනේ. පොඩි දරුවන් මෙම රසැති කවි පොත කියවා උපරිම සතුටක් හා රසයක් විඳින බවට කිසිදු සැකයක් නැත. – නිව්ටන් ගුණසේකර –

Original price was: රු120.00.Current price is: රු96.00.

දුඹුරු පෝච්චිය Dumburu

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

දුඹුරු පෝච්චිය Dumburu

⭕ කවුද ඔයා මම ඔයාගේ නැන්ද මගේ නැන්ද නැති වෙලා නෑ ලීසා, මම හිටියෙ දුඹුරු පෝච්චිය ඇතුලෙ හිරවෙලා. ආ….. දුඹුරු පෝච්චිය ඇතුලෙ හිරවුනු කථාකරන හෙවනැල්ලක්

Original price was: රු390.00.Current price is: රු312.00.

දිවි සුරකින දිව

Original price was: රු590.00.Current price is: රු472.00.
Out of stock

දිවි සුරකින දිව

බටහිර ඖෂධ පිළිබඳ තොරතුරු සංග්‍රහය පාලිත ෆොන්සේකා BSc. (Hons.) MSc., M.I.. Biol., MIEPSL, L.I. Chem. C., MPS., (SL) රෝගී වූ විටෙක අසරණ වන අපට වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම මත විවිධාකාරයේ ඖෂධවල පිහිට පතන්නට සිදු වේ. එවන් අවස්ථාවක බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනා ගන්නේ බටහිර හෙවත් ඇලෝපති (Allopathy) වෛද්‍ය ක්‍රමයට අයත් ඖෂධයි. පවතින රෝගාබාධය, ඒ වෙනුවෙන් නිර්දේශිත ඖෂධය හෝ ඖෂධ මෙන්ම ඒවා සබුද්ධික අයුරින් භාවිත කළ යුතු ආකාරය හා හැකි අයුරින් එකී රෝග නිවාරණය කිරීමේ උපාය මාර්ග ආදිය, පිළිබඳව මූලික අවබෝධයක් හෝ ලබා තිබීම රෝගී නිරෝගී සැමගේ කාලීන අවශ්‍යතාවයකි. ඉහත අරමුණ වෙනුවෙන් බටහිර ඖෂධ පිළිබඳව සිංහල පාඨකයා වෙත සරළ හා සාරවත් අයුරින් තොරතුරු රැගෙන අප හමුවට එන ප්‍රවීණ දේශකවරයෙක් මෙන්ම ගම්පහ ඖෂධවේදී අධ්‍යයන මධ්‍යස්ථානාධිපති පාලිත ෆොන්සේකා මහතා අප කාගේත් නොමඳ ප්‍රශංසාවට ලක් විය යුතුය.

Original price was: රු590.00.Current price is: රු472.00.

දිවි මගට කිතුනු

Original price was: රු750.00.Current price is: රු600.00.
150රු

දිවි මගට කිතුනු

⭕ පෙර දවස ඉමහත් වටිනාකමට හා සැලකිල්ලට බදුන් වූ බොහෝ වටිනාකම් මිනිස් ජීවිතයෙන් ගිලිහී යන ආතර ඒ තත්ත්වයෙන් කිතුනු ජනතාව යහමගට ගැනීම පිණීස සම්පාදිත වටිනා ග්‍රන්ථයකි.

Original price was: රු750.00.Current price is: රු600.00.

දැලි පිහියෙන් පැළූ

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.
260රු

දැලි පිහියෙන් පැළූ

⭕ ඇසිලියෝ මට ඇත්ත කියාපන්. උබ චන්ද පොළේ අලියෙකුගේ තියා අලි නැට්ටක සලකුණවත් ඇහැට දැක්කෙ නෑනේද? මංනං හාමිනේගේ කීමට පිටින් කටයුතු කලේ නැ. එහෙම කලානම් මට බැල්ලියේ ඉජු ඉජු කියලා කතා කලත් මක්වෙනවාද ?

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

තිරිඟු යායේ ගීතය

Original price was: රු650.00.Current price is: රු520.00.
130රු

තිරිඟු යායේ ගීතය

THOMAS HARDY MAYOR OF CASTERBRIDGE මයිකල් හෙන්චාඩ් තිරිඟු යායන්හි පිදුරු මිටි බඳින්නෙකි. දිනක් ඔහු බීමතින් සුසෑන් නම් වූ තම තරුණ බිරිඳ සහ සිඟිති දියණිය වෙළඳ කුඩාරමකදී වෙන්දේසි කරයි. ඇයව නැවියෙක් මිලදී ගනියි. දැඩි සිත් වේදනාවෙන් මංගල මුදුව ගලවා විසිකළ සුසෑන් නැවියා සමග යයි. පසු දින පියවි සිහිය ලද හෙන්චාඩ් තමා කළ දේ ගැන පසුතැවිලිව ඇයව සෙවීමට දස දෙස යමින් ඉහමත් ප්‍රයත්නයක යෙදෙයි. විසි වසරකට පසු සුසෑන් ද යොවුන් වියට පත් දියණිය සමග නැවත හෙන්චාඩ්ව සොයයි. මෙසේ විසි වසරක් තුළ ඔවුන් දෙදෙනාගේ එකිනෙකා සෙවීමේ චාරිකාවේ චමත්කාර සිදුවීම් වලින් වර්ණවත් වූ මෙම නව කතාව තෝමස් හාඩි නම් වූ ශ්‍රේෂ්ඨ ගත්කරුවගේ නිර්මාණයකි. “The Mayor of Casterbridge” නම් වූ මෙම ලෝක පූජිත නවකතාව ලාංකික සාහිත්‍ය රසයට උචිත සරල බස් වහරෙන් “තිරිඟු යායේ ගීතය” නමින් මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු විසින් සංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත.

Original price was: රු650.00.Current price is: රු520.00.

තිමිරෙන් එතෙරට –

Original price was: රු590.00.Current price is: රු472.00.
118රු

තිමිරෙන් එතෙරට –

බටහිර අප්‍රිකානු එබෝලා වසංගතය පසුබිම් කරගත් නොඇසූවිරූ කතාවක්… ගිනියාව, ලයිබීරියාව සහ සියෙරාලියොන් දේශසීමා එකිනෙක හමුවන ‘ලෝමා’ නම් සුන්දර කලාපයේ ‘කිසි’ නම් ග්‍රාමයේ ජීවත්වූ ‘ටම්බා’ නම් අභියෝගාත්මක තරුණයාට තම ගම් බිම් හැරදා පලා යාමට සිදුවූයේ වසංගත තත්ත්වයක් හේතුවෙනි. එයින් තම පියා ඇතුළු ඥාතීන් අහිමි වන ඔහුට මොන්රෝවියාවට යාමට හැකි වන අතර එහිදී අමිනාටා නම් පියකරු යුවතියක් මුණ ගැසේ. එහිදී තම ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහවන්ත වන ඔහුට දෛවයේ සරදමක් මෙන් ‘එබෝලා’ වෛරසය ආසාදනය වේ. ඔහු එයින් දිවි බේරාගත්තද ඔහුට සිය බිරිඳ සහ සුරතල් දියණිය අහිමි වේ. ඔහුගේ පුතුන් දෙදෙනා සමග නැවතත් ඔහු ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණ දෙයි. ඒ අතර ඔහුට තම පළමු ආදරවන්තිය ‘කුම්බා’ ව මුණගැසේ. ඒ වන විටත් එබෝලා වසංගතය නිසා ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් සිටියේ ඇයගේ දියණිය වන ‘සයේමා’ ගේ රැකවරණය ඔහුට හිමිකර දෙමිනි. ‘තිමිරෙන් එතෙරට’ නවකතාවෙන් විස්තර වන්නේ ‘ටම්බා’ නම් වූ නොසැලෙන පෞරුෂයකින් යුත් මිනිසාගේ ජීවිත වෘත්තාන්තයයි. පොතේ නම: තිමිරෙන් එතෙරට (පරිවර්තන නවකතාව) මුල් කෘතිය: ප්‍රමුදිත ඩී. රූපසිංහගේ “Behind the Eclipse” නම් ඉංග්‍රීසි නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය. පරිවර්තනය: රෝහණ කලුආරච්චි

Original price was: රු590.00.Current price is: රු472.00.

ජීවිතයේ සතුට වැඩි

Original price was: රු260.00.Current price is: රු208.00.
Out of stock

ජීවිතයේ සතුට වැඩි

ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනකුව පරාජය කරනවා නොවේ. අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න. විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර රාජයන්ට පුළුවන්ද? සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි. ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා. ඔබ අනුන්ගේ වැරදි වලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?

Original price was: රු260.00.Current price is: රු208.00.

ජීවිතයේ අසරණම මොහොත

Original price was: රු260.00.Current price is: රු208.00.
Out of stock

ජීවිතයේ අසරණම මොහොත

වියපත් වීම කලකිරීමට හේතුවක් විය යුතු ද? අනුන් පරදවන්නේ නැතිව අපි හැමෝටම ජයග්‍රාහකයින් විය හැකියි. ඔබේ ජීවිතය සාර්ථක ජීවිතයක් කියලා ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්ද? සිහින මවන්න පුළුවන් නම් ඒවා සැබෑ කරගන්නත් බැරිකමක් නෑ. ඔබ තර්කානුකූලව ජයග්‍රහණය කළත් ඇත්ත වශයෙන්ම පරාජිතයෙක් ද? විවාහය කියන්නේ අභාවයට යමින් තිබෙන සංකල්පයක් ද?

Original price was: රු260.00.Current price is: රු208.00.

චොකලට් ලන්තය –

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

චොකලට් ලන්තය –

මින්සර ළමා ගී – 4   “පෙර පාසල් වියේ දරු දැරියන්ගේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සිසු සිසුවියන් දක්වා ඔවුන් තුළ රස වින්දනය, පරිකල්පනය, සහ යහගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් ලියවුණු ළමා ගී පොත් පෙළකි. සතුන් සහ පරිසරය පිළිබඳව සංවේදීතාව හා අවබෝධය වර්ධනයට, ඔවුන්ගේ හැඟීම් හා චිත්තරූප අවදි කිරීමට කුතුහලය වැඩෙන පරිදි ලියවුණු ගීත ගණනාවක් මෙම පොත් පෙළට අඩංගුය. දරුවන්ගේ ගායන කුසලතාවයන් වර්ධනයට මෙන්ම සෞන්දර්ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහාද යොදා ගත හැකිය. දෙවන බස වන ඉංග්‍රීසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාසයන් ලෙස යොදා ගත හැකි ගීත කිහිපයක්ද මෙම පොත් පෙළට ඇතුළත්ය. දරු දැරියන්ට පමණක් නොව දෙමාපිය වැඩිහිටියන් මෙන්ම පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන් සඳහා උපකාරක අත්පොත් පෙළක් ලෙසද වැදගත් වේ.”

Original price was: රු390.00.Current price is: රු312.00.

චිප්පි Chippi

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

චිප්පි Chippi

⭕ මොනර හාමි ඇයි මේ… කරදරයක්ද? කෑ ගහනව ඇහුන නිසායි ආවේ. අනේ සමාවෙන්න මුවහාමි, මේ දරුවා නොතේරුම් කමටයි කෑ ගැහුවෙ…

Original price was: රු390.00.Current price is: රු312.00.

ගොවිපලේ රාජාලියා –

Original price was: රු220.00.Current price is: රු176.00.
44රු

ගොවිපලේ රාජාලියා –

“ඒත් තමා රාජාලියෙකු බව නොදන්න නිසා පියාඹන්න හිතුවෙවත් නෑ.” “අපි හැමෝතුළම දක්ශකම් තියෙනවා. ඒවා අඳුන ගත්තොත් ගොඩක් ඉහළට යන්න පුළුවන්.”

Original price was: රු220.00.Current price is: රු176.00.

ගුරු මුෂ්ටිය Guru

Original price was: රු695.00.Current price is: රු556.00.
139රු

ගුරු මුෂ්ටිය Guru

⭕සතුන්ගේ හැසිරීම්, ජීවන තලය, ඔවුන්ගේ ගැටුම් හා කැළයේ ජීවිත ගැන මනා පරිචයකින් රචනා කර ඇත. ළමා මනසට ගැලපෙන අයුරින් රසවත් සරල භාෂාවෙන් ලියා ඇති අගනා පොතකි. වයස අවු. 06 – 16 දක්වා දරුවනට විශේෂයි   ISBN 978-624-5536-24-5

Original price was: රු695.00.Current price is: රු556.00.

ගුණ කිරීම හා

Original price was: රු450.00.Current price is: රු360.00.
Out of stock

ගුණ කිරීම හා

ගණිතය ගුණ කිරීම හා බෙදීම වැඩ පොත 3 ශ්‍රේණිය 3 ශ්‍රේණියේදී සිසුන්ට දෙකේ, පහේ හා දහයේ ගුණන වගු හඳුන්වා දෙනු ලබන අතර මෙම පොතෙන් එම ගුණන වගු පියවරෙන් පියවර ගොඩනඟන ආකාරය ඉතාමත් සරලව හඳුන්වා දෙන අතර අමතර අභ්‍යාස හා ගැටලු දෙකෙන් බෙදීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ද ඇතුළත් වේ. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු450.00.Current price is: රු360.00.

ගණිතය ගුණ කිරීම

Original price was: රු450.00.Current price is: රු360.00.
90රු

ගණිතය ගුණ කිරීම

ගණිතය – ගුණ කිරීම හා බෙදීම වැඩ පොත (4 ශ්‍රේණිය) 3 ශ්‍රේණියේ දී ඉගෙන ගත් ගුණන වගු ඇසුරෙන් විවිධ පුනරීක්ෂණ අභ්‍යාස මෙහි ඇතුළත් වන අතර 4 ශ්‍රේණියේ දී හඳුන්වා දෙන තුනේ, හතරේ ගුණන වගු ආශ්‍රිත ගැටලුද දෙකෙන්, තුනෙන් හා හතරෙන් බෙදීමට අදාළ අමතර අභ්‍යාස ගණනාවක් ද ඇතුළත් ය. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිලි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු450.00.Current price is: රු360.00.

ගණිතය එකතු කිරීම

Original price was: රු330.00.Current price is: රු264.00.
66රු

ගණිතය එකතු කිරීම

1 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීමේ සහ අඩුකිරීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ඇතුළත් වී ඇති බැවින් 1 ශ්‍රේණියේ දරුවන්ට මහත් අත්වැලක් වනු ඇත. කතෘ පිළිබඳ විස්තර: ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු330.00.Current price is: රු264.00.

ගණිත විනෝදය –

Original price was: රු250.00.Current price is: රු200.00.
Out of stock

ගණිත විනෝදය –

4-5 ශ්‍රේණි සඳහා චන්ද්‍ර වික්‍රමාරච්චි පරිසරයේ සුන්දරත්වය තුළින් ඉගෙනුම් ක්‍රියාවලියේදී බුද්ධිමය සංකල්පනා අවදි වෙයි. මෙහිදී පිබිදෙන ළමා මනස නව අත්දැකීම් වෙත හොඳින් සමීප වෙයි. එහි සංඛ්‍යාත්මක විග්‍රහයක යෙදෙන ගණිතය විශ්ව භාෂාවකි. එදිනෙදා ජීවිතයට අදාළ වන සේ පරිසරය අත්විඳිමින් දරුවා පැහැදිලිව ගණිත විෂය හඳුනා ගනියි. පන්ති කාමරයේදී ගණිතය මූර්තිමත් නොවන නිසා දරුවාට එය නීරස විෂයක් බවට පත්වෙයි. එහෙත් මෙම පොත මගින් ළමා සිතට ගණිතය සිය ජීවිතයේම විසිතුරු පැති කඩක් ලෙස දැකීමට හුරු කරවයි. මෙම ග්‍රන්ථය සකස් කරන චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගණිතය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අත්දැකීම් ඇති එම විෂය සම්බන්ධ විශේෂඥයෙකි. ඇයගේ සරල සුගම බස් වහර නිසා මෙම ග්‍රන්ථය තව තවත් ඔපවත් වෙයි. සිසු දරුවන්ට පමණක් නොව ගුරු මහත්ම මහත්මීන්ගේ පරිශීලනයටද මෙය මහඟු අත්වැලකි. තව තවත් මෙවැනි ග්‍රන්ථ චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගෙන් පාඨකයා බලාපොරොත්තු වනු ඇතැයි සිතමි.

Original price was: රු250.00.Current price is: රු200.00.
Shopping Cart
Scroll to Top