ලූනා – Luna
“අපි එහෙම්මම සාලේ බිම, අල්පාව කාපට් එක උඩ හාන්සි වෙලා, තව සනීපෙට කිස් කරන්න ගත්තා. මං පළවෙනි වතාවට ඇමරිකානු මහ පොළොව මත වැතිරුණේ එහෙමයි. දුග් අහසක් වගේ මගේ උඩින් හිටියා.” “ඉ……… අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි කරනවා.” එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වලාකුළුවල එයා පාවෙන තරමට අහස්යානා කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳත් නරකත් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.” “වයිල්ඩ් බෙරිවල පැණි ටී ෂර්ට් එකේ හැලිලා. ළාපාට දම් පාට හින්න පෙතිලා වගේ බොටි බොටි හැමතැනම. මම දුග්ට ෆොටෝ එකක් අරන් යැව්වා. ‘ඉක්මනට එන්න මගේ බෙරි ගෙඩිය. මට ඔයාව ලෙවකන්න ඕනි’ දුග් එවපු ඉමෝජියකුත් එව්වා.” “ගෑණියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ගෑණියකට වැඩිපුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ සතුට වෙනුවෙන් දුක විඳින එකම තමයි ගෑණියගේ සතුට.”
කලම්බො – colombo
මොහාන් රාජ් මඩවල ඇය එලිසබෙත් උපන් දවසේම උපත ලැබූ එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එලිසබෙත් ලෙස එංගලන්තයේ රැජින බවට පත් වූවාය. එකුන් දහස් නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එලිසබෙත්ට, එලිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.
I.D.
You think you know me. Think again. ඔබ මා හඳුනන බව සිතයි. නැවත සිතන්න.” සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුන් තේරුම් ගත්හ. එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වෙන්නට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට නැමදුම ගිනි ඇවිළීමෙන් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුන් තේරුම් ගත්හ.