පිල්ලම් පොත 1, ඔබේ දරුවාට පිල්ලම් කියලා දුන්නේ ගුරුවරයෙක් වගේ. පියවරෙන් පියවර – පිල්ලම් යොදාගෙන වචන හැදෙන හැටි පෙන්වා දුන්නා. දැන් ඔබේ දරුවාට පිල්ලම් කියවන්න පුළුවන්. ඒත්, පිල්ලම් ලියන්නත් ඕන නේ. ඒකත් හරිම ලේසියි. දරුවා ඉගෙනගත් – පිල්ලම් පමණක් ආධාරකරගෙන වචන ලිවීමට හුරු වෙනවා.
පිල්ලම් ලිවීම අරඹන දරුවන් උදෙසා ‘පිල්ලම් පොත 2’ සියලු පාඩම් ගොනුකර තිබෙන්නේ, දරුවාට ආත්ම විශ්වාසය ගොඩ නගාගනිමින් පිල්ලම් ලිවීමට හුරුවීම සඳහා යි.
ඔබේ දරුවා පිල්ලම් ලිවීමට මේ පොතින් හුරුවේවි. නිවැරදිව කියවීම සඳහා පිල්ලම් පොත 1 අරගෙන දෙන්න.


