අසුර ධ්‍යානවේදයේ මහා නිමවුම්කරු – Asura Dhyanawedaye Maha Nimewumkaru Mo Dao Zu Shi-1

රු2,350.00

වෙයි වූෂියන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනෙන ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව, දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බලසම්පන්න, කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනιδැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී, අසුර ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදියාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ වූ ගෞරවයම, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මියයයි! ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති; ජය පාන් බොති.

වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර, මියගිය වෙයි වූෂියන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ, තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන, යළිත් මෙලොවට පැමිණෙන වෙයි වූෂියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුවාන්-ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.

සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳාගැනීමට වෙයි වූෂියන් සමත් වනු ඇතිද?

ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව, පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?

Out of stock

Out of stock

SKU: 11513355-2 Category: Brand:
Shopping Cart
Scroll to Top