ලීලැක් – Lilak

රු750.00

යේෂා නර්නාන්දු


ඔව් මේක සුන්දර යක්ෂ ලිවිමක්! මේක මායාකාර ලීලක් මල් මිටක්! උරේ ලිවීම පලාශ සාර දාර සික් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති මලක්! Amali Anupma Mallawaarachchi


ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්ථවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලීලක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝටිමය මත් බවක මා සිරකළේ නොසිතූ විරූ අයුරිනි. ඒ ප්‍රගන්ධයෙන් මත්ව අඩි තාප්පුගත තැනෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේෂාව, ගර්නාන්දෝ ඔබේ මේ ලීලක් මායාව සදාකල් නොනැසී පවතීවා. Gihan Sachintha


නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නේ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්. විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අත්දැකීම් මං වැළඳගන්නේ හරිම ලෝබකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගේ හිත මත සම්පාතවන හිතක් මට හමුවෙනවා. යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ම දවස්වල මා ලියූ වචනයක් දෙකක් “ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දවයි, මද්දහනක උනත් ජනේලෙට එපිටින් හිම වට්ටවයි.” Damindri K. Colambage


ප්‍රේමයෙහි වඩාත්ම අසම්පූර්ණ ගැඹුරක, විඳීම් යට සැඟවුණු විඳවීම්ද, විඳවීම් තුළින් උපදින විඳීම්ද ගැන කිසිදා පරිපූර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියන්නිය ඇය ය. ඒ සිහිනමය ලිවීමෙන් රිදවෙන ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය “ලීලක්” ය. ඒ තුළ මැවුණු මායාකාරී වංගගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ. Nilan Rangana Bandara

Out of stock

Out of stock

SKU: 12050058-2 Category: Brand:
Shopping Cart
Scroll to Top