අබාසාත්ති – Abasaththi

රු1,000.00

“මට මැරෙන්න දීපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනම් දැන් මගේ බෙල්ල මිරිකපං!”

“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සේ, මිනී නොමරා!”

“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සර්වාංගෙම පිළිකුල්…”

“නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්න කලින්!”

කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.

“මට යන්ඩ දිහාවක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”

කාගේ හරි බයිසිකලයක් එපිටින් ගියා. ගෝපාල දැක්කේ නෑ. සිරි……ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.

ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුට්ටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?

Out of stock

Out of stock

SKU: 11636459-1 Category:
Shopping Cart
Scroll to Top