කසුන්ගේ සිනි මුරක්කු කෙටි කතා සංග්‍රහය 2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩිම අලෙවි වුණු කෙටි කතා සංග්‍රහය ලෙස වාර්තා තැබූ බව අපට සැලවුණා. ඒ පොත මිලදී ගන්නත්, ඊට කසුන්ගේ අත්සන ලබාගන්නත් සෑහෙන පෝලිමක් හිටපු හැටි අපි දැක්කා. – සමන් අතාවුදහෙට්ටි
කසුන්ගේ ලියවිලි කාරුණිකයි. විවෘතයි. – ජැක්සන් ඇන්තනි (ජීවත්ව සිටියදී වට්සැප් කළ පණිවිඩයක්)
කසුන් එයාගෙ කතාවල ගේන බොහෝ චරිත මේ සමාජයේ වැඩි අවධානයක් නොදෙන චරිත. සමාජයෙන් කොන් කරපු චරිත. සමාජය නරකයට ලේබල් කරපු චරිත. කසුන් හරි ලස්සනට ඒ මිනිස්සුන්ගේ හිතේ පතුලේ ජීවිතයත් ආදරයත් වටිනාකමත් තියෙනවා කියලා පෙන්නනවා. – ආචාර්ය සෝමරත්න දිසානායක
කසුන්ගේ කතාවන්හි කාර්මිකත්වයට ඔහු විසින් භාවිතා කරන භාෂා උපක්‍රමයන් බෙහෙවින් ඉවහල් වෙයි. විශේෂයෙන් දෙබස් රචනයේදී ඔහු චරිතවල සැබෑ ස්වරූපය මෙන්ම ඒවායේ සංකීර්ණත්වය මෙන්ම ගැඹුරු පාඨකයා හට දැනී යන ආකාරයෙන් දෙබස් නසුරුවන්නට සමත් වෙයි. සමාජයේ පවත්නා ආකල්ප සහ සීමාවන් බිඳුවන්නට නොහැකි වන ඉතා සෘජු ලෙස සිය භාෂා භාවිතය හරහා චරිතය තියුණු ලෙස මතුකරන්නට වෑයම් කරයි. කසුන්ගේ කතා කලාවේ කාර්මිකත්වයට මේ උත්සාහය බෙහෙවින් ඉවහල් වෙයි. – චූලානන්ද සමරනායක
කසුන් කියන්නෙ අපි වගේ එකෙක්. අපිටත් තරුණ වයසෙදි තිබුණේ මුගේ පිස්සුවමයි. මේ තරුණයාගෙන් මට අහිතේ දන්න මාව පේනවා. – වසන්ත දුග්ගන්නාරාළ
කෙළින්ම වැරදියි. ඒත් ඒ සිද්ධියෙන් පස්සෙ තමයි මමත් මේ තරුණයා කවුද කියලා දැනගත්තෙ. – මහාචාර්ය ලියනගේ අමරකීර්ති (ෆේස්බුක් කෙටි සටහනක්)
කසුන් මහේන්ද්‍ර හිනටිගල මට නම් හරිම විශේෂයි. වැදගත්ම දේ හුඟක් ලියන්නො නොදන්න භාෂාවෙ මාකටින් කොටස කසුන් හරියටම දන්නවා. ඒක මාරයි. – අකිල විමංග සෙනෙවිරත්න
මෑත කාලෙදි මාකටින් කියන දේ හොඳටම පාවිච්චි කරපු මනුස්සයා තමයි කසුන් මහේන්ද්‍ර හිනටිගල. ඇත්තටම මට නං ඒ ගැන ආඩම්බරයි. – මොහාන් රාජ් මඩවල
මට හරියට ආස හිතුණා පොතේ හෙඩි භාවිතය දැක්කම. මං ඉස්සර ලියද්දි අප්පච්චි මට හැම වෙලේම කියනවා උඹේ වාක්‍ය දිග වැඩියිනෙ බං කියලා. කසුන්ගෙ ලියවිල්ලෙ මං දකින්නෙ මට කවදාවත් කරන්න බැරිවෙච්ච මගෙ අප්පච්චි ආස වෙච්ච සරල වචන ක්‍රමයයි. – සජිත ඇන්තනි
කසුන්ට තියෙන්නෙ විසිතුරු මනසක්. මං ආදරේ ඒකට. – මාධවී ඇන්තනි



