ඩබ්ලියු.ඒ. අබේසිංහ
මේ පොත සාහිත්‍ය විචාර කෘතියක් නොවේ. චරිත කථා එකතුවක්ද නොවේ. ඒ දෙකේම එකතුවෙන් බිහි වුණු අමුතුම මාදිලියේ කෘතියකි. මේ වූකලී, ලෝක සාහිත්‍යයේ ගමන් මග වෙනස් කොට, ඒ මත ස්වකීය මුද්‍රාව දීප්තිමත් ලෙස තැබූ ලියෝ තෝල්ස්තෝයි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ඇන්ටන් චෙකොව්, මැක්සිම් ගෝර්කි, ඩී.එච්. ලෝරන්ස්, මිහායිල් ෂොලොහොව්, නිකොලායි ඔස්ත්‍රොව්ස්කි සහ නජීබ් මහෆුස් ද, අපේම මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක සහ ගුණපාල මලලසේකර ද යන අපූරු මිනිසුන්ගේ ජීවිතයත් කලාවත් පිළිබඳව ලියවුණු විත්ති පොතකි.
ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ මනහර ගද්‍ය රීතියෙන් ඒ විත්ති කියවන විට දැනෙන්නේ, අමුතුම ආශ්වාදයකි.

