මින්සර ළමා ගී – 4
“පෙර පාසල් වියේ දරු දැරියන්ගේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සිසු සිසුවියන් දක්වා ඔවුන් තුළ රස වින්දනය, පරිකල්පනය, සහ යහගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් ලියවුණු ළමා ගී පොත් පෙළකි.
සතුන් සහ පරිසරය පිළිබඳව සංවේදීතාව හා අවබෝධය වර්ධනයට, ඔවුන්ගේ හැඟීම් හා චිත්තරූප අවදි කිරීමට කුතුහලය වැඩෙන පරිදි ලියවුණු ගීත ගණනාවක් මෙම පොත් පෙළට අඩංගුය.
දරුවන්ගේ ගායන කුසලතාවයන් වර්ධනයට මෙන්ම සෞන්දර්ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහාද යොදා ගත හැකිය. දෙවන බස වන ඉංග්‍රීසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාසයන් ලෙස යොදා ගත හැකි ගීත කිහිපයක්ද මෙම පොත් පෙළට ඇතුළත්ය.
දරු දැරියන්ට පමණක් නොව දෙමාපිය වැඩිහිටියන් මෙන්ම පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන් සඳහා උපකාරක අත්පොත් පෙළක් ලෙසද වැදගත් වේ.”

